අනුවිජ‍්ජකස‍්ස අනුයොගො
අනුවිජ‍්ජකස‍්ස අනුයොගො
අනුවිජ්ජකානුයෝගය
1. අනුවිජ‍්ජකෙ චොදකො පුච‍්ඡිතබ‍්බො “යං ඛො ත්‍වං ආවුසො ඉමං භික‍්ඛුං චොදෙසි, කිම‍්හි නං චොදෙසි, සීලවිපත‍්තියා චොදෙසි, ආචාරවිපත‍්තියා චොදෙසි, දිට‍්ඨිවිපත‍්තියා චොදෙසී”ති.
1. අනුවිජ්ජක විසින් ඇවැත්නි, තෙපි යම්හෙයකින් මේ මහණහට චෝදනා කරනු ද, කවර ඇවැතක් නිමිතිකොට ඔහුට චෝදනා කරනු ද, ශීල විපත්තියෙන් චෝදනා කරහු ද, ආචාර විපත්තියෙන් චෝදනා කරහු ද, දෘෂ්ටි විපත්තියෙන් චෝදනා කරනුදැයි චෝදකයා විචාළ යුතු යි.
2. සො චෙ එවං වදෙය්‍ය : “සීලවිපත‍්තියා වා චොදෙමි, ආචාරවිපත‍්තියා වා චොදෙමි, දිට‍්ඨිවිපත‍්තියා වා චොදෙමී”ති. සො එවමස‍්ස වචනීයො : “ජානාසි පනායස‍්මා සීලවිපත‍්තිං, ජානාසි ආචාරවිපත‍්තිං, ජානාසි දිට‍්ඨිවිපත‍්ති”න‍්ති.
2. ඉදින් හේ “ශීල විපත්තියෙන් හෝ චෝදනා කරමි, ආචාර විපත්තියෙන් හෝ චෝදනා කරමි, දෘෂ්ටි විපත්තියෙන් හෝ චෝදනා කරමි”යි මෙසේ කියන්නේ නම් “ආයුෂ්මත්නි, තෙපි ශීලවිපත්තිය දන්නහු ද, ආචාර විපත්තිය දන්නහු ද, දෘෂ්ටි විපත්තිය දන්නහු දැයි” ඔහුට මෙසේ කිය යුතු යැ.
3. සො චෙ එවං වදෙය්‍ය : “ජානාමි ඛො අහං ආවුසො සීලවිපත‍්තිං, ජානාමි ආචාරවිපත‍්තිං. ජානාමි දිට‍්ඨිවිපත‍්ති”න‍්ති. සො එවමස‍්ස වචනීයො : “කතමා පනාවුසො සීලවිපත‍්ති, කතමා ආචාරවිපත‍්ති, කතමා දිට‍්ඨිවිපත‍්තී”ති.
3. ඉදින් හේ “ඇවැත්නි මම ශීලවිපත්තිය දනිමි, ආචාරවිපත්තිය දනිමි, දෘෂ්ටි විපත්තිය දනිමි” යි මෙසේ කියන්නේ නම් “ඇවැත්නි ශීල විපත්තිය කවර ද, ආචාර විපත්තිය කවර ද, දෘෂ්ටි විපත්තිය කවර දැයි ඔහුට මෙසේ කිය යුතු යැ.
4. සො චෙ එවං වදෙය්‍ය : “චත‍්තාරි ච පාරාජිකානි තෙරස සඞ‍්ඝාදිසෙසා, අයං සීලවිපත‍්ති. ථුල‍්ලච‍්චයං පාචිත‍්තියං පාටිදෙසනීයං දුක‍්කටං දුබ‍්භාසිතං, අයං ආචාරවිපත‍්ති. මිච‍්ඡාදිට‍්ඨි අන‍්තග‍්ගාහිකා දිට‍්ඨි, අයං දිට‍්ඨිවිපත‍්තී”ති, සො එවමස‍්ස වචනීයො : “යං ඛො ත්‍වං ආවුසො ඉමං භික‍්ඛුං චොදෙසි, දිට‍්ඨෙන චොදෙසි සුතෙන චොදෙසි පරිසඞ‍්කාය චොදෙසී”ති.
4. ඉදින් හෙතෙම සතර පරිජි යැ තෙළෙස් සඟවෙසෙස් දැයි මෙය ශීල විපත්ති යි ද ථුලැසි යැ පචිති යැ පිළිදෙස්නී යැ දුකුළා යැ දුබැසි යැයි මෙය ආචාර විපත් ති යි ද අන්ත ග්‍රාහික මිථ්‍යාදෘෂ්ටි දෘෂ්ටි විපත්ති යි ද මෙසේ කියන්නේ නම් “ඇවැත්නි, යම් හෙයෙකින් තෙපි මෙ මහණ හට චෝදනා කරනු ද, දක්නා ලද්දෙන් චෝදනා කරනු ද, අසන ලද්දෙන් චෝදනා කරනු ද, සැකයෙන් චෝදනා කරනු දැ” යි ඔහුට මෙසේ කිය යුතු යැ.
5. සො චෙ එවං වදෙය්‍ය : “දිට‍්ඨෙන වා චොදෙමි, සුතෙන වා චොදෙමි, පරිසඞ‍්කාය වා චොදෙමී”ති, සො එවමස‍්ස වචනීයො : “යං ඛො ත්‍වං ආවුසො ඉමං භික‍්ඛුං චොදෙසි, දිට‍්ඨෙන චොදෙසි, කින‍්තෙ දිට‍්ඨං, කින‍්ති තෙ දිට‍්ඨං, කදා තෙ දිට‍්ඨං, කත්‍ථ තෙ දිට‍්ඨං, පාරාජිකං අජ‍්ඣාපජ‍්ජන‍්තො දිට‍්ඨො, සඞ‍්ඝාදිසෙසං අජ‍්ඣාපජ‍්ජන‍්තො දිට‍්ඨො, ථුල‍්ලච‍්චයං -පෙ- පාචිත‍්තියං -පෙ- පාටිදෙසනීයං -පෙ- දුක‍්කටං -පෙ- දුබ‍්භාසිතං අජ‍්ඣාපජ‍්ජන‍්තො දිට‍්ඨො. කත්‍ථ ච ත්‍වං අහොසි, කත්‍ථ චායං භික‍්ඛු අහොසි, කිඤ‍්ච ත්‍වං කරොසි, කිඤ‍්චායං භික‍්ඛු කරොතී”ති.
5. ඉදින් හේ “දක්නා ලද්දෙන් හෝ චෝදනා කෙරෙමි, අසන ලද්දෙන් හෝ චෝදනා කෙරෙමි, සැකයෙන් හෝ චෝදනා කෙරෙමි” යි මෙසේ කියන්නේ නම් ඔහුට මෙසේ කිය යුතුය: ඇවැත්නි තෙපි යම්හෙයෙකින් මේ මහණහට දක්නා ලද්දෙන් චෝදනා කරනු නම් තොප විසින් කුමක් දක්නා ලද ද, තොප විසින් කුමකැයි දක්නා ලද ද, තොප විසින් කවර කලෙකැ දක්නා ලද ද, තොප විසින් කොතැන්හි දක්නා ලද ද, පරිජියට අවදනේ දක්නා ලද ද, සඟවෙසෙසට අවදනේ දක්නා ලද ද, ථුලැසියට ... පචිතියට ... පිළිදෙස්නියට ... දුකුළාවට ... දුබැසියට අවදනේ දක්නා ලද ද, තෙපි කොහි වූවහු ද, මේ මහණ කොහි වී ද, තෙපි කුමක් නම් කළහු ද, මේ මහණ කුමක් නම් කෙළේ දැයි කියා යි.
6. සො චෙ එවං වදෙය්‍ය : “න ඛො අහං ආවුසො ඉමං භික‍්ඛුං දිට‍්ඨෙන චොදෙමි, අපි ච සුතෙන චොදෙමී”ති. සො එවමස‍්ස වචනීයො : “යං ඛො ත්‍වං ආවුසො ඉමං භික‍්ඛුං සුතෙන චොදෙසි, කින‍්තෙ සුතං, කින‍්ති තෙ සුතං, කදා තෙ සුතං, කත්‍ථ තෙ සුතං, පාරාජිකං අජ‍්ඣාපන‍්නොති සුතං, සඞ‍්ඝාදිසෙසං -පෙ- ථුල‍්ලච‍්චයං -පෙ- පාචිත‍්තියං -පෙ- පාටිදෙසනීයං -පෙ- දුක‍්කටං -පෙ- දුබ‍්භාසිතං අජ‍්ඣාපන‍්නොති සුතං, භික‍්ඛුස‍්ස සුතං, භික‍්ඛුනියා සුතං, සික‍්ඛමානාය සුතං, සාමණෙරස‍්ස සුතං, සාමණෙරියා සුතං, උපාසකස‍්ස සුතං, උපාසිකාය සුතං, රාජූනං සුතං, රාජමහාමත‍්තානං සුතං, තිත්‍ථියානං සුතං, තිත්‍ථියසාවකානං සුත”න‍්ති.
6. ඉදින් හේ “ඇවැත්නි, මම මේ මහණහට දක්නා ලද්දෙන් නො ම චෝදනා කරමි, එහෙත් අසන ලද්දෙන් චෝදනා කරමි” යි මෙසේ කියන්නේ නම් ඔහුට මෙසේ කිය යුතු ය: “ඇවැත්නි, තෙපි යම් හෙයෙකින් මේ මහණහට අසන ලද්දෙන් චෝදනා කරනු නම් තොප විසින් කුමක් අසන ලද ද, තොප විසින් කුමකැ යි අසන ලද ද, තොප විසින් කවර කලෙකැ අසන ලද ද, තොප විසින් කොතැන්හි අසන ලද ද, පරිජියට අවනැයි අසන ලද ද, සඟවෙසෙසට ... ථුලැසියට ... පචිතියට ... පිළිදෙස්නියට ... දුකුළාවට ... දුබැසියට අවනැයි අසන ලද ද, මහණක්හුගෙන් අසන ලද ද, මෙහෙණකගෙන් අසන ලද ද, සික්මනුවකගෙන් අසන ලද ද, හෙරණකුගෙන් අසන ලද ද, හෙරණක ගෙන් අසන ලද ද, උවසුවකුගෙන් අසන ලද ද, උවැසියකගෙන් අසන ලද ද, රජුන්ගෙන් අසන ලද ද, රජමහ ඇමතියන්ගෙන් අසන ලද ද, තොටුවන්ගෙන් අසන ලද ද, තොටුසව්වන්ගෙන් අසනලද දැ” යි කියා යි.
7. සො චෙ එවං වදෙය්‍ය : “න ඛො අහං ආවුසො ඉමං භික‍්ඛුං සුතෙන චොදෙමි, අපි ච පරිසඞ‍්කාය චොදෙමී”ති සො එවමස‍්ස වචනීයො : “යං ඛො ත්‍වං ආවුසො ඉමං භික‍්ඛුං පරිසඞ‍්කාය චොදෙසි, කිං පරිසඞ‍්කසි, කින‍්ති පරිසඞ‍්කසි, කදා පරිසඞ‍්කසි, කත්‍ථ පරිසඞ‍්කසි, පාරාජිකං අජ‍්ඣාපන‍්නොති පරිසඞ‍්කසි, සඞ‍්ඝාදිසෙසං -පෙ- ථුල‍්ලච‍්චයං -පෙ- පාචිත‍්තියං -පෙ- පාටිදෙසනීයං -පෙ- දුක‍්කටං -පෙ- දුබ‍්භාසිතං අජ‍්ඣාපන‍්නොති පරිසඞ‍්කසි, භික‍්ඛුස‍්ස සුත්‍වා පරිසඞ‍්කසි, භික‍්ඛුනියා -පෙ- සික‍්ඛමානාය -පෙ- සාමණෙරස‍්ස -පෙ- සාමණෙරියා -පෙ- උපාසකස‍්ස -පෙ- උපාසිකාය -පෙ- රාජූනං -පෙ- රාජමහාමත‍්තානං -පෙ- තිත්‍ථියානං -පෙ- තිත්‍ථියසාවකානං සුත්‍වා පරිසඞ‍්කසී”ති.
7. ඉදින් හේ “ඇවැත්නි, මම් මේ මහණහට අසන ලද්දෙන් නො ම චෝදනා කරමි, එහෙත් සැකයෙන් චෝදනා කරමි” යි මෙසේ කියන්නේ නම් ඔහුට මෙසේ කිය යුතු ය: ඇවැත්නි, තෙපි යම්හෙයෙකින් මේ මහණහට සැකයෙන් චෝදනා කරහු නම් කුමක් සැක කරහු ද, කුමකැයි සැක කරහු ද, කවර කලෙක සැක කරහු ද, කොතැන්හි සැක කරහු ද, පරිජියට අවනැයි සැක කරහු ද, සඟවෙසෙසට ... ථුලැසියට ... පචිතියට ... පිළිදෙස්නියට ... දුකුළාවට ... දුබැසියට අවනැයි සැක කරහු ද මහණක්හුගෙන් අසා සැක කරහු ද, මෙහෙණකගෙන් ... සික්මනුවකගෙන් .... හෙරණකුගෙන් .... හෙරණකගෙන් ... උවසුවකුගෙන් ... උවැසියකගෙන් ... රජුන්ගෙන් ... රජමහ ඇමතියන්ගෙන් ... තොටුවන්ගෙන් ... තොටුසව්වන්ගෙන් අසා සැක කරහු” දැයි කියා යි.
8. දිට‍්ඨං දිට‍්ඨෙන සමෙති දිට‍්ඨෙන සංසන්‍දතෙ දිට‍්ඨං, දිට‍්ඨං පටිච‍්ච න උපෙති අසුද‍්ධපරිසඞ‍්කිතො : සො පුග‍්ගලො පටිඤ‍්ඤාය කාරෙතබ‍්බො තෙනුපොසථො.
8. දක්නා ලද්ද දක්නා ලද්ද හා සම් වේද, දක්නා ලද්ද දක්නා ලද්ද හා සැසඳේ ද, දැකීම මැ නිසා පරිජිය පිළින නො කෙරේ ද, එබැවින් ඒ පුද්ගල තෙමේ අමූලක වැ අශුද්ධ යැ යි සැක කරණ ලද්දේ වෙයි. “මම ශුද්ධයෙමි”යි ඔහුගේ ප්‍රතිඥායෙන් ඔහු හා පොහෝ කටයුතු යැ.
9. සුතං සුතෙන සමෙති සුතෙන සංසන්‍දතෙ සුතං, සුතං පටිච‍්ච න උපෙති අසුද‍්ධපරිසඞ‍්කිතො; සො පුග‍්ගලො පටිඤ‍්ඤාය කාරෙතබ‍්බො තෙනුපොසථො.
9. අසන ලද්ද අසන ලද්ද හා සම වේ ද, අසන ලද්ද අසන ලද්ද හා සැසඳේ ද, ඇසීම මැ නිසා පරිජිය පිළින නො කෙරේ ද, එබැවින් ඒ පුද්ගල අමූලක වැ අශුද්ධ යැයි සැක කරණ ලද්දේ වෙයි. “මම ශුද්ධයෙමි” යි ඔහුගේ ප්‍රතිඥායෙන් ඔහු හා පොහෝ කටයුතු යැ.
10. මුතං මුතෙන සමෙති මුතෙන සංසන්‍දතෙ මුතං, මුතං පටිච‍්ච න උපෙති අසුද‍්ධපරිසඞ‍්කිතො; සො පුග‍්ගලො පටිඤ‍්ඤාය කාරෙතබ‍්බො තෙනුපොසථොති.
10. (ගන්‍ධ - රස - ස්පර්‍ශ) මුතය මුතය හා සම වේ ද, මුතය මුතය හා සැසඳේ ද, මුතය මැ නිසා පරිජිය පිළින නො කෙරේ ද, එබැවින් ඒ පුද්ගල අමූලක වැ අශුද්ධ යැයි සැක කරණ ලද්දේ වෙයි. “මම ශුද්ධයෙමි” යි ඔහුගේ ප්‍රතිඥායෙන් ඔහු හා පොහෝ කටයුතු යි.
11. චොදනාය කො ආදි, කිං මජ‍්ඣෙ, කිං පරියොසානං : චොදනාය ඔකාසකම‍්මං ආදි, කිරියා මජ‍්ඣෙ, සමථො පරියොසානං.
11. චෝදනාව පිළිබඳ ආදිය කවරේ ද, මද්ධ්‍යය කවරේ ද, අවසානය කවරේ ද යත්: අවසර ගැන්ම චෝදනාව පිළිබඳ ආදිය යි, චෝදනා කිරීම මද්ධ්‍යය යි, ශමථය අවසානයයි.
12. චොදනාය කති මූලානි, කති වත්‍ථූනි, කති භූමියො, කතිහාකාරෙහි චොදෙති : චොදනාය ද‍්වෙ මූලානි, තීණි වත්‍ථූනි, පඤ‍්ච භූමියො, ද‍්වීහාකාරෙහි චොදෙති.
12. චෝදනාව පිළිබඳ මුල් කෙතෙක් ද, වස්තු කෙතෙක් ද, භූමි කෙතෙක් ද, කෙතෙක් අයුරෙකින් චෝදනා කෙරේ ද යත්: චෝදනාව පිළිබඳ මුල් දෙකෙකැ. වස්තු තුණෙකැ. භූමි පසෙකැ. දෙ අයුරෙකින් චෝදනා කෙරේ.
13. චොදනාය කතමානි ද‍්වෙ මූලානි : සමූලිකා වා අමූලිකා වා : චොදනාය ඉමානි ද‍්වෙ මූලානි.
13. චෝදනාව පිළිබඳ මුල් දෙක කවරේ ද යත්: සමූලික යැ, අමූලික යැ යි චෝදනාවගේ මේ මුල් දෙක යි.
14. චොදනාය කතමානි තීණි වත්‍ථූනි : දිට‍්ඨෙන සුතෙන පරිසඞ‍්කාය : චොදනාය ඉමානි තීණි වත්‍ථූනි.
14. චෝදනාව පිළිබඳ වස්තු තුණ කවරේ ද යත්: දක්නා ලද්දෙන් යැ අසන ලද්දෙන් යැ සැකයෙන් යැයි චෝදනාව පිළිබඳ මේ වස්තු තුණයි.
15. චොදනාය කතමා පඤ‍්ච භූමියො : කාලෙන වක‍්ඛාමි නො අකාලෙන, භූතෙන වක‍්ඛාමි නො අභූතෙන, සණ‍්හෙන වක‍්ඛාමි නො ඵරුසෙන, අත්‍ථසංහිතෙන වක‍්ඛාමි නො අනත්‍ථසංහිතෙන, මෙත‍්තාචිත‍්තො වක‍්ඛාමි නො දොසන‍්තරොති, චොදනාය ඉමා පඤ‍්ච භූමියො.
15. චෝදනාව පිළිබඳ භූමි පස කවරේද යත්: සුදුසු කල්හි කියන්නෙමි නො සුදුසු කල්හි නො කියන්නෙමි, සත්‍යයෙන් කියන්නෙමි, අසත්‍යයෙන් නො කියන්නෙමි, මොළොක් බසින් කියන්නෙමි රළු බසින් නො කියන්නෙමි, අර්‍ත්‍ථසංහිතයෙන් කියන්නෙමි, අනර්‍ත්‍ථසංහිතයෙන් නො කියන්නෙමි, මෙත් සිත් ඇති වැ කියන්නෙමි, දූෂිත සිත් ඇති වැ නො කියන්නෙමි යි චෝදනාව පිළිබඳ මේ භූමි පස යි.
16. කතමෙහි ද‍්වීහාකාරෙහි චොදෙති : කායෙන වා චොදෙති, වාචාය වා චොදෙති. ඉමෙහි ද‍්වීහාකාරෙහි චොදෙති.
16. කවර දෙඅයුරෙකින් චෝදනා කෙරේ ද යත්: කයින් චෝදනා කෙරෙයි, වචනයෙන් චෝදනා කෙරෙයි, මේ දෙඅයුරෙන් චෝදනා කෙරේ.