චූළසඞ්ගාමො අට්ඨකථා
චූළසඞ්ගාමො
අනුවිජ්ජකස්ස පටිපත්තිවණ්ණනා
අනුවිජ්ජකස්ස පටිපත්තිවණ්ණනා
චූළසඞ්ගාමෙ සඞ්ගාමාවචරෙන භික්ඛුනාති සඞ්ගාමො වුච්චති අධිකරණවිනිච්ඡයත්ථාය සඞ්ඝසන්නිපාතො. තත්ර හි අත්තපච්චත්ථිකා චෙව සාසනපච්චත්ථිකා ච උද්ධම්මං උබ්බිනයං සත්ථු සාසනං දීපෙන්තා සමොසරන්ති වෙසාලිකා වජ්ජිපුත්තකා විය. යො භික්ඛු තෙසං පච්චත්ථිකානං ලද්ධිං මද්දිත්වා සකවාදදීපනත්ථාය තත්ථ අවචරති, අජ්ඣොගාහෙත්වා විනිච්ඡයං පවත්තෙති, සො සඞ්ගාමාවචරො නාම යසත්ථෙරො විය. තෙන සඞ්ගාමාවචරෙන භික්ඛුනා සඞ්ඝං උපසඞ්කමන්තෙන නීචචිත්තෙන සඞ්ඝො උපසඞ්කමිතබ්බො. නීචචිත්තෙනාති මානද්ධජං නිපාතෙත්වා නිහතමානචිත්තෙන. රජොහරණසමෙනාති පාදපුඤ්ඡනසමෙන; යථා රජොහරණස්ස සංකිලිට්ඨෙ වා අසංකිලිට්ඨෙ වා පාදෙ පුඤ්ඡියමානෙ නෙව රාගො න දොසො; එවං ඉට්ඨානිට්ඨෙසු අරජ්ජන්තෙන අදුස්සන්තෙනාති අත්ථො. යථාපතිරූපෙ ආසනෙති යථාපතිරූපං ආසනං ඤත්වා අත්තනො පාපුණනට්ඨානෙ ථෙරානං භික්ඛූනං පිට්ඨිං අදස්සෙත්වා නිසීදිතබ්බං. අනානාකථිකෙනාති නානාවිධං තං තං අනත්ථකථං අකථෙන්තෙන. අතිරච්ඡානකථිකෙනාති දිට්ඨසුතමුතම්පි රාජකථාදිකං තිරච්ඡානකථං අකථෙන්තෙන. සාමං වා ධම්මො භාසිතබ්බොති සඞ්ඝසන්නිපාතට්ඨානෙ කප්පියාකප්පියනිස්සිතා වා රූපාරූපපරිච්ඡෙදසමථාචාරවිපස්සනාචාරට්ඨානනිසජ්ජවත්තාදිනිස්සිතා වා කථා ධම්මො නාම. එවරූපො ධම්මො සයං වා භාසිතබ්බො, පරො වා අජ්ඣෙසිතබ්බො. යො භික්ඛු තථාරූපිං කථං කථෙතුං පහොති, සො වත්තබ්බො – “ආවුසො සඞ්ඝමජ්ඣම්හි පඤ්හෙ උප්පන්නෙ ත්වං කථෙය්යාසී”ති. අරියො වා තුණ්හීභාවො නාතිමඤ්ඤිතබ්බොති අරියා තුණ්හී නිසීදන්තා න බාලපුථුජ්ජනා විය නිසීදන්ති. අඤ්ඤතරං කම්මට්ඨානං ගහෙත්වාව නිසීදන්ති. ඉති කම්මට්ඨානමනසිකාරවසෙන තුණ්හීභාවො අරියො තුණ්හීභාවො නාම, සො නාතිමඤ්ඤිතබ්බො, කිං කම්මට්ඨානානුයොගෙනාති නාවජානිතබ්බො; අත්තනො පතිරූපං කම්මට්ඨානං ගහෙත්වාව නිසීදිතබ්බන්ති අත්ථො.
චූලසඞ්ග්රාමයෙහි - “සඞ්ගාමාවචරෙන භික්ඛුනා” අධිකරණ විනිශ්චය පිණිස සඞ්ඝසන්නිපාතය සඞ්ග්රාමයි කියනු ලැබේ. එහි තමන්ගේ සතුරෝද, ශාසනයට සතුරෝද ධර්මයෙන් පහවූවක් කොට විනයයෙන් පහවූවක් කොට ශාසනය දක්වමින් රැස්වෙත්. විශාලා නුවරවැසි වජ්ජිපුත්රකයන් මෙනි. ඒ මහණතෙමේ ඒ සතුරන්ගේ ලබ්ධිය මැඩ ස්වකීයවාදය දක්වනු පිණිස එහි හැසිරෙයි. වැද විනිශ්චය පවත්වයි. හෙතෙමේ සඞ්ගාමාවචර නම. යස ස්ථවිරයන් මෙනි. ඒ සඞ්ගාමාවචර මහණහු විසින් සඞ්ඝයා වෙත එළැඹෙන්නහු නීච සිතින් සඞ්ඝයා වෙත එළැඹිය යුතුය. “නීච චිත්තෙන” මානද්ධජය හෙළ පහවූ මානය ඇති සිතින්. “රජොහරණ සමෙන” පාපිස්නක් සමව රජස් හරණ පාපිස්නට කිලිටිවූ හෝ නොකිලිටිවූ හෝ පය පිස්නා කල්හි රාගයක් නොමවේද ද්වෙෂයක් නොඋපදීද, එසේ ඉෂ්ටානිෂ්ට වස්තූන්හි නොඇලෙන්නහු විසින් දූෂිත නොවන්නහු විසින්ය යන අර්‍ත්‍ථයි. “යථා පතිරූපෙ ආසනෙ” සුදුසු අසුනක් දැන තමාට පැමිණෙන තැන ස්ථවිර භික්ෂූන්ට පිටු නොපා හිඳිය යුතුය. “අනානාකථිකෙන” නන්වැදෑරුම් වූ ඒ ඒ අනර්‍ත්‍ථකථා නොකියන්නහු විසින්. “අතිරච්ඡානකථිකෙන” දිට්ඨ-සුත-මුතවූද රාජකථාදිකවූ තිරච්ඡානකථා නොකියන්නහු විසින්. “සාමං වා ධම්මො භාසිතබ්බො” සඞ්ඝසන්නිපාතස්ථානයෙහි කප්පියාකප්පිය නිඃශ්‍රිත වූ හෝ රූපාරූප පරිච්ඡෙද සමථාචාර විදර්ශනාචාර ස්ථානනිෂද්යා දී නිඃශ්රිතවූ හෝ කථාතොමෝ ධර්ම නම. මෙබඳු වූ ධර්මය තෙමේ තමන් විසින් හෝ බිණිය යුතුය. “පරො වා අජ්ඣෙසිතබ්බො” යම් මහණෙක් තෙමේ එබඳු කථා කියන්නට පොහොනේද, ‘ඇවැත’ සඟමැද ප්‍රශ්නයක් උපන්කල්හි ඔබ කියව’යි හෙතෙමේ කියයුතුය. “අරියො වා තුණ්හීභාවො නාතිමඤ්ඤිතබ්බො” නොබැණ හිඳින ආර්‍ය්‍යයෝ බාලපෘථග්ජනයන් මෙන් නොහිඳිත්. එක්තරා කර්මස්ථානයක් ගෙණම හිඳිත්. මෙසේ කමටහන් මෙනෙහි කිරීම් වසයෙන් තුණ්හීභාවය. ආර්ය්යතුෂ්ණීම්භාව නම. එය ඉක්මවා නොසිතිය යුතුය. ‘කර්මස්ථානානුයොගයෙන් කිමැ’යි අවමන් නොකටයුතුය. තමන්ට සුදුසුවූ කර්මස්ථානයක් ගෙණම හිඳිය යුතුය, යන අර්‍ත්‍ථයි.
න උපජ්ඣායො පුච්ඡිතබ්බොති “කො නාමො තුය්හං උපජ්ඣායො”ති න පුච්ඡිතබ්බො. එස නයො සබ්බත්ථ. න ජාතීති “ඛත්තියජාතියො ත්වං බ්රාහ්මණජාතියො”ති එවං ජාති න පුච්ඡිතබ්බා. න ආගමොති “දීඝභාණකොසි ත්වං මජ්ඣිමභාණකො”ති එවං ආගමො න පුච්ඡිතබ්බො. කුලපදෙසොති ඛත්තියකුලාදිවසෙනෙව වෙදිතබ්බො. අත්රස්ස පෙමං වා දොසො වාති අත්ර පුග්ගලෙ එතෙසං කාරණානං අඤ්ඤතරවසෙන පෙමං වා භවෙය්ය දොසො වා.
“න උපජ්ඣායො පුච්ඡිතබ්බො” ‘තාගේ උපාද්ධ්‍යාය තෙමේ කිනම්දැ’යි නොවිචාළ යුතුය. හැමතන්හි මේනය වේ. “න ජාති” ‘තෝ ක්ෂත්රියජාති ඇතියෙහිද, බ්රාහ්මණජාති ඇතියෙහිදැ’යි මෙසේ ජාතිය නොවිචාළ යුතුය. “න ආගමො” තෝ දීඝභාණකයෙහි ද, මජ්ඣිමභාණකයෙහිදැ’යි මෙසේ ආගම නොවිචාළ යුතුය. “කුලප්පදෙසො” ක්ෂත්රිය කුලාදීන්ගේ වසයෙන් දතයුතුය. “අත්රස්ස පෙමං වා දොසො වා” මේ පුද්ගලයා කෙරෙහි මේ කරුණු අතුරෙහි එක්තරා එකක්හුගේ වසයෙන් ප්‍රේමය හෝ ද්වෙෂය හෝ වන්නේය.
නො පරිසකප්පිකෙනාති පරිසකප්පකෙන පරිසානුවිධායකෙන න භවිතබ්බං; යං පරිසාය රුච්චති, තදෙව චෙතෙත්වා කප්පෙත්වා න කථෙතබ්බන්ති අත්ථො. න හත්ථමුද්දා දස්සෙතබ්බාති කථෙතබ්බෙ ච අකථෙතබ්බෙ ච සඤ්ඤාජනනත්ථං හත්ථවිකාරො න කාතබ්බො.
“නොපරිසකප්පියෙන” පිරිස ගැණ කල්පනා කරන්නකු, පිරිසට අනුව විධාන කරන්නකු නොවිය යුතුය. පිරිසට යමක් රුස්නේද, එයම සිතා කල්පනාකොට නොකියයුතුය යන අර්‍ත්‍ථයි. “න හත්ථ මුද්දා දස්සෙතබ්බො” කියයුත්තෙහිද, නොකියයුත්තෙහිද හැඟීම උපදවනු පිණිස හස්තවිකාරය නොකටයුතුය.
අත්ථං අනුවිධියන්තෙනාති විනිච්ඡයපටිවෙධමෙව සල්ලක්ඛෙන්තෙන “ඉදං සුත්තං උපලබ්භති, ඉමස්මිං විනිච්ඡයෙ ඉදං වක්ඛාමී”ති එවං පරිතුලයන්තෙන නිසීදිතබ්බන්ති අත්ථො. න ච ආසනා වුට්ඨාතබ්බන්ති න ආසනා වුට්ඨාය සන්නිපාතමණ්ඩලෙ විචරිතබ්බං, විනයධරෙ උට්ඨිතෙ සබ්බා පරිසා උට්ඨහති. න වීතිහාතබ්බන්ති න විනිච්ඡයො හාපෙතබ්බො. න කුම්මග්ගො සෙවිතබ්බොති න ආපත්ති දීපෙතබ්බා. අසාහසිකෙන භවිතබ්බන්ති න සහසාකාරිනා භවිතබ්බං; සහසා දුරුත්තවචනං න කථෙතබ්බන්ති අත්ථො. වචනක්ඛමෙනාති දුරුත්තවාචං ඛමනසීලෙන. හිතපරිසක්කිනාති හිතෙසිනා හිතගවෙසිනා කරුණා ච කරුණාපුබ්බභාගො ච උපට්ඨාපෙතබ්බොති අයං පදද්වයෙපි අධිප්පායො. අනසුරුත්තෙනාති න අසුරුත්තෙන. අසුරුත්තං වුච්චති විග්ගාහිකකථාසඞ්ඛාතං අසුන්දරවචනං; තං න කථෙතබ්බන්ති අත්ථො. අත්තා පරිග්ගහෙතබ්බොති “විනිච්ඡිනිතුං වූපසමෙතුං සක්ඛිස්සාමි නු ඛො නො”ති එවං අත්තා පරිග්ගහෙතබ්බො; අත්තනො පමාණං ජානිතබ්බන්ති අත්ථො. පරො පරිග්ගහෙතබ්බොති “ලජ්ජියා නු ඛො අයං පරිසා, සක්කා සඤ්ඤාපෙතුං උදාහු නො”ති එවං පරො පරිග්ගහෙතබ්බො.
“අත්ථං අනුවිධියන්තෙන” විනිශ්චය ප්රතිවෙධයම සලකන්නහු විසින් ‘මේ සූත්‍රය ලැබේ, මේ විනිශ්චයයෙහි මෙය කියන්නෙමි’යි තීරණය කරන්නහු විසින් හිඳිය යුතුය යන අර්‍ත්‍ථයි. “න ච ආසනා වුට්ඨාතබ්බං” අසුනෙන් නැගිට රැස්වන මඩුල්ලෙහි නොහැසිරිය යුතුය. විනයධරයා නැගිටිකල්හි සියලු පිරිස නැගිටියි. “න වීතිහාතබ්බං” විනිශ්චය නොපිරිහෙළිය යුතුය. “න කුමග්ගො සෙවිතබ්බො” ඇවැත නොදැක්විය යුතුය. “අසාහසිකෙන භවිතබ්බං” වහාකරණ සුල්ලකු නොවිය යුතුය. වහා නොමනා වචන නොකිය යුතුය, යන අර්‍ත්‍ථයි. “වචනක්ඛමෙන” නොමනා වචන ඉවසන සුල්ලහු විසින් “හිතපරිසඞ්කිතා” හිත සොයන්නහු විසින්, හිතගවෙෂණය කරන්නහු විසින් කරුණාවද කරුණා පූර්වභාගයද එළවිය යුතුය යනු මේ පදදෙක්හිද මේ අභිප්රායය. “අනසුරුත්තෙන” සුදුසු වචන නොකියන්නහු විසින්, විග්‍රාහික කථා සඞ්ඛ්‍යාත වූ අයහපත් වචනය අසුරුත්තයි කියනු ලැබේ. එය නොකිය යුතුය යන අර්‍ත්‍ථයි. “අත්තා පරිග්ගහෙතබ්බො” ‘විනිශ්චය කරන්නට සන්සිඳවන්නට හැකිවන්නෙම්ද, නොහැකිවන්නෙම්දැ’යි මෙසේ ආත්ම පරිග්‍රහය කටයුතුය. තමාගේ පමණ දැනගත යුතුය, යන අර්‍ත්‍ථයි. “පරො පරිග්ගහෙතබ්බො” මේ පිරිස ලජ්ජීද, හඟවන්නට හැක්කීද, නොහොත් නොහැක්කීදැ’යි මෙසේ අන්‍ය තෙමේ පරිග්‍රහ කටයුතුය.
චොදකො පරිග්ගහෙතබ්බොති “ධම්මචොදකො නු ඛො නො”ති එවං පරිග්ගහෙතබ්බො. චුදිතකො පරිග්ගහෙතබ්බොති “ධම්මචුදිතකො නු ඛො නො”ති එවං පරිග්ගහෙතබ්බො. අධම්මචොදකො පරිග්ගහෙතබ්බොති තස්ස පමාණං ජානිතබ්බං. සෙසෙසුපි එසෙව නයො. වුත්තං අහාපෙන්තෙනාති චොදකචුදිතකෙහි වුත්තවචනං අහාපෙන්තෙන. අවුත්තං අපකාසෙන්තෙනාති අනොසටං වත්ථුං අප්පකාසෙන්තෙන. මන්දො හාසෙතබ්බොති මන්දො මොමූහො පග්ගණ්හිතබ්බො, “නනු ත්වං කුලපුත්තො”ති උත්තෙජෙත්වා අනුයොගවත්තං කථාපෙත්වා තස්ස අනුයොගො ගණ්හිතබ්බො. භීරූ අස්සාසෙතබ්බොති යස්ස සඞ්ඝමජ්ඣං වා ගණමජ්ඣං වා අනොසටපුබ්බත්තා සාරජ්ජං උප්පජ්ජති, තාදිසො “මා භායි, විස්සට්ඨො කථෙහි, මයං තෙ උපත්ථම්භා භවිස්සාමා”ති වත්වාපි අනුයොගවත්තං කථාපෙතබ්බො. චණ්ඩො නිසෙධෙතබ්බොති අපසාදෙතබ්බො තජ්ජෙතබ්බො. අසුචි විභාවෙතබ්බොති අලජ්ජිං පකාසෙත්වා ආපත්තිං දෙසාපෙතබ්බො. උජුමද්දවෙනාති යො භික්ඛු උජු සීලවා කායවඞ්කාදිරහිතො, සො මද්දවෙනෙව උපචරිතබ්බො. ධම්මෙසු ච පුග්ගලෙසු චාති එත්ථ යො ධම්මගරුකො හොති න පුග්ගලගරුකො, අයමෙව ධම්මෙසු ච පුග්ගලෙසු ච මජ්ඣත්තොති වෙදිතබ්බො.
“චොදකො පරිග්ගහෙතබ්බො” ධර්මචොදකයෙක් වේද, නොවේදැ’යි මෙසේ චොදක තෙමේ පරිග්‍රහ කටයුතුය. “චුදිතකො පරිග්ගහෙතබ්බො” ධර්මචුදිතකයෙක් වේද, නොවේදැ’යි මෙසේ චුදිතකතෙමේ පරිග්‍රහ කටයුතුය. “අධම්මචොදකා පරිග්ගහෙතබ්බො” යනු ඔහුගේ පමණ දැනගත යුතුය යනුයි. සෙස්සෙහි මේනයම වේ. “වුත්තං අහාපෙන්තෙන” චොදක-චුදිතකයන් විසින් කියන ලද වචනය නොපිරිහෙළන්නහු විසින්. “අවුත්තං අප්පකාසෙන්තෙන” නොබට වස්තුව ප්‍රකාශ නොකරන්නහු විසින් “මන්දො පහාසෙතබ්බො” මඳවූ මුළාවූ මහණතෙමේ උපස්තම්හ කටයුතුය. ‘යුෂ්මත්තෙමේ කුලපුත්‍රයෙක් නොවෙහිදැ’යි තෙද ගන්වා අනුයොගවත ඔහු ලවා කියවා ඔහුගේ අනුයොගය ගතයුතුය. “භීරු අස්සාසෙතබ්බො” සඟමැදට හෝ ගණයා මැදට පෙර නොබට බැවින් යමක්හට තැතිගැන්මෙක් උපදීද, එබඳු තෙමේ ‘බිය නොවෙව, නොසැකව කියව, අපි තට උපස්තම්භක වන්නෙමු’යි අනුයොගවත කියවිය යුතුය. “චණ්ඩො නිසෙධෙතබ්බො” චණ්ඩතෙමේ වැළකිය යුතුය, පහකටයුතුය. තැතිගැන්විය යුතුය. “අසුචි විභාවෙ තබ්බො” අලජ්ජියා ප්‍රකාශකොට ඇවැත දෙසවිය යුතුය. “උජු මද්දවෙන” යම් මහණෙක් තෙමේ සෘජුවේද, සිල්වත් වේද, කායවකාදියෙන් තොර වේද, හෙතෙමේ මොළොක්වූවහු විසින්ම හැසිරිය යුතුය. “ධම්මෙසු ච පුග්ගලෙසු ච” යන මෙහි යමෙක් ධර්මගරුක වේද, පුද්ගලගරුක නොවේද, මෙතෙම ධර්මයෙහිද, පුද්ගලයන් කෙරෙහිද, මැදහත්යයි දතයුතුය.
සුත්තං සංසන්දනත්ථායාතිආදීසු තෙන ච පන එවං සබ්රහ්මචාරීනං පියමනාපගරුභාවනීයෙන අනුවිජ්ජකෙන සමුදාහටෙසු සුත්තාදීසු සුත්තං සංසන්දනත්ථාය; ආපත්තානාපත්තීනං සංසන්දනත්ථන්ති වෙදිතබ්බං. ඔපම්මං නිදස්සනත්ථායාති ඔපම්මං අත්ථදස්සනත්ථාය. අත්ථො විඤ්ඤාපනත්ථායාති අත්ථො ජානාපනත්ථාය. පටිපුච්ඡා ඨපනත්ථායාති පුච්ඡා පුග්ගලස්ස ඨපනත්ථාය. ඔකාසකම්මං චොදනත්ථායාති වත්ථුනා වා ආපත්තියා වා චොදනත්ථාය. චොදනා සාරණත්ථායාති දොසාදොසං සරාපනත්ථාය. සාරණා සවචනීයත්ථායාති දොසාදොසසාරණා සවචනීයකරණත්ථාය. සවචනීයං පලිබොධත්ථායාති සවචනීයං “ඉමම්හා ආවාසා පරං මා පක්කමී”ති එවං පලිබොධත්ථාය. පලිබොධො විනිච්ඡයත්ථායාති විනිච්ඡයං පාපනත්ථාය. විනිච්ඡයො සන්තීරණත්ථායාති දොසාදොසං සන්තීරණත්ථාය තුලනත්ථාය. සන්තීරණං ඨානාට්ඨානගමනත්ථායාති ආපත්තිඅනාපත්තිගරුකලහුකාපත්තිජානනත්ථාය . සඞ්ඝො සම්පරිග්ගහසම්පටිච්ඡනත්ථායාති විනිච්ඡයසම්පටිග්ගහණත්ථාය ච; සුවිනිච්ඡිතදුබ්බිනිච්ඡිතභාවජානනත්ථාය චාති අත්ථො. පච්චෙකට්ඨායිනො අවිසංවාදකට්ඨායිනොති ඉස්සරියාධිපච්චජෙට්ඨකට්ඨානෙ ච අවිසංවාදකට්ඨානෙ ච ඨිතා; න තෙ අපසාදෙතබ්බාති අත්ථො.
“සුත්තං සංසන්දනත්ථාය” යනාදිතන්හි මෙසේ සබ්‍රහ්මචාරීන්ට ප්රියමනාපගරුභාවනීය වූ ඒ අනුවිජ්ජකයා විසින් සූත්‍රාදිය එළවන ලද කල්හි සූත්‍රය සසඳනු පිණිස, ආපත්ති අනාපත්තීන්ගේ සංසන්දනය පිණිසැයි දතයුතුය. “ඔපම්මං නිදස්සනත්ථාය” උපමාව අර්ත්ථය දක්වනු පිණිසය. “අත්ථො විඤ්ඤාපනත්ථාය” අර්ත්ථය තෙමේ දැන්වීම පිණිසය. “පටිපුච්ඡා ඨපනත්ථාය” පෘච්ඡාතොමෝ පුද්ගලයාගේ පිහිටුවීම පිණිසය. “ඔකාසකම්මං චොදනත්ථාය” වස්තුවෙන් හෝ ඇවැතින් හෝ චොදනා කිරීම පිණිසය. “චොදනා සාරණත්ථාය” දොස් නිදොස් සිහිකරවනු පිණිසය. “සාරණා සච්චනීයත්ථාය” දොසාදොස සිහිකරවීම සවචනය කරණු පිණිසය. “සච්චනීයං පළිබොධත්ථාය” සවචනීය ‘මේ ආවාසයෙන් පියවරකුත් නොයව’යි මෙසේ පළිබොධය පිණිසය. “පළිබොධො විනිච්ඡයත්ථාය” පළිබොධය විනිශ්චයට පැමිණවීම පිණිසය. “විනිච්ඡයො සන්තීරණත්ථාය” විනිශ්චය දොසාදොස සන්තීරණය පිණිසය. තුලනය පිණිසය. “සන්තීරණං ඨානාඨාන ගමනත්ථාය” සන්තීරණය ආපත්ති අනාපත්ති ගරුකලහුක ආපත්ති දැනීම පිණිසය. “සඞ්ඝො සම්පරිග්ගහ -පෙ- සම්පටිච්ඡනත්ථාය”, මනාවූ විනිශ්චය පිළිගැනීම පිණිස, මනානොමනා විනිශ්චය දැන ගන්නා පිණිසය යන අර්‍ත්‍ථයි. “පච්චෙකට්ඨායිනො අවිසංවාදකට්ඨායිනො” ඓශ්චර්ය්යාධිපත්ය ජ්යෙෂ්ඨකස්ථානයෙහිද, අවිසංවාදක ස්ථානයෙහිද සිටියාවූ ඔවුහු පහනොකොට යුත්තාහ යන අර්‍ත්‍ථයි.
ඉදානි යෙ මන්දා මන්දබුද්ධිනො එවං වදෙය්යුං “විනයො නාම කිමත්ථායා”ති තෙසං වචනොකාසපිදහනත්ථමත්තං දස්සෙතුං විනයො සංවරත්ථායාතිආදිමාහ. තත්ථ විනයො සංවරත්ථායාති සකලාපි විනයපඤ්ඤත්ති කායවචීද්වාරසංවරත්ථාය. ආජීවවිසුද්ධිපරියොසානස්ස සීලස්ස උපනිස්සයො හොති; පච්චයො හොතීති අත්ථො. එස නයො සබ්බත්ථ. අපිචෙත්ථ අවිප්පටිසාරොති පාපපුඤ්ඤානං කතාකතවසෙන චිත්තවිප්පටිසාරාභාවො. පාමුජ්ජන්ති දුබ්බලා තරුණපීති. පීතීති බලවා බහලපීති. පස්සද්ධීති කායචිත්තදරථපටිප්පස්සද්ධි. සුඛන්ති කායිකචෙතසිකසුඛං. තඤ්හි දුවිධම්පි සමාධිස්ස උපනිස්සයපච්චයො හොති. සමාධීති චිත්තෙකග්ගතා. යථාභූතඤාණදස්සනන්ති තරුණවිපස්සනා; උදයබ්බයඤාණස්සෙතං අධිවචනං. චිත්තෙකග්ගතා හි තරුණවිපස්සනාය උපනිස්සයපච්චයො හොති. නිබ්බිදාති සිඛාපත්තා වුට්ඨානගාමිනිබලවවිපස්සනා. විරාගොති අරියමග්ගො. විමුත්තීති අරහත්තඵලං. චතුබ්බිධොපි හි අරියමග්ගො අරහත්තඵලස්ස උපනිස්සයපච්චයො හොති. විමුත්තිඤාණදස්සනන්ති පච්චවෙක්ඛණාඤාණං. විමුත්තිඤාණදස්සනං අනුපාදාපරිනිබ්බානත්ථායාති අපච්චයපරිනිබ්බානත්ථාය. අපච්චයපරිනිබ්බානස්ස හි තං පච්චයො හොති, තස්මිං අනුප්පත්තෙ අවස්සං පරිනිබ්බායිතබ්බතොති. එතදත්ථා කථාති අයං විනයකථා නාම එතදත්ථා. මන්තනාති විනයමන්තනා එව. උපනිසාති අයං “විනයො සංවරත්ථායා”තිආදිකා පරම්පරපච්චයතාපි එතදත්ථාය. සොතාවධානන්ති ඉමිස්සා පරම්පරපච්චයකථාය සොතාවධානං. ඉමං කථං සුත්වා යං උප්පජ්ජති ඤාණං, තම්පි එතදත්ථාය. යදිදං අනුපාදා චිත්තස්ස විමොක්ඛොති යො අයං චතූහි උපාදානෙහි අනුපාදියිත්වා චිත්තස්ස අරහත්තඵලසඞ්ඛාතො විමොක්ඛො, සොපි එතදත්ථාය; අපච්චයපරිනිබ්බානත්ථාය එවාති අත්ථො.
දැන් යම් කෙනෙක් තුමූ මදනුවණැත්තාහුද, ඔවුහු ‘විනය නම් කවර ප්‍රයොජනයක් පිණිසදැ’යි මෙසේ කියන්නාහු නම් ඔවුන්ගේ වචනාවකාශය වසාලනු පිණිස අර්ත්ථය දක්වන්නට “විනයො සංවරත්ථාය” යනාදිය වදාළසේක. එහි “විනයො සංවරත්ථාය” සියලු විනයප්රඥප්ති තොමෝ කායවාග්ද්වාර සංවරය පිණිස ආජීව විශුද්ධිය කෙළවර කොට සිටි ශීලයට උපනිශ්‍රය වේ. ප්රත්යයවේය, යන අර්‍ත්‍ථයි. සියලු තන්හි මේනය වේ. තවද මෙහි “අවිප්පටිසාරො” පව්පින් කළ නොකළ වසයෙන් සිත්හි විපිළිසර නැතිබව. “පාමොජ්ජං” දුර්වලවූ තරුණ ප්‍රීතිය. “පීති” බලවත් බහලප්රීතිය. “පස්සද්ධි” කායචිත්තදාහයන්ගේ සන්සිඳීම. “සුඛං” කායික චෛතසික සුඛය. එය දෙවැදෑරුම් වූයේ සමාධියට උපනිඃශ්‍රය ප්‍රත්‍යය වේ. “සමාධි” සිතෙහි එකඟබව. “යථාභූතඤාණදස්සනං” තරුණ විදර්ශනාය. උදයව්යයඥානයට මේ නමෙකි. සිතෙහි එකඟබව තරුණ විදර්ශනාවට ප්‍රත්‍යය වේ. “නිබ්බිදා” කෙළපැමිණි වුට්ඨානගාමිනී බලවත් විදර්ශනාය. “විරාගො” ආර්‍ය්‍ය මාර්ගය. “විමුත්ති” අර්හත්ඵලය. සිවුවැදෑරුම්වූද, ආර්යමාර්ගය අර්හත්වයට උපනිඃශ්‍රය ප්‍රත්‍යය වේ. “විමුත්තිඤාණදස්සනං” ප්‍රත්‍යවෙක්ෂාඥානය. “විමුත්තිඤාණදස්සනංඅනුපාදාපරිනිබ්බාණත්ථාය” අප්‍රත්‍යය පරිනිර්වාණය පිණිස. අප්‍රත්‍යය පරිනිර්වාණයට ඒ ප්‍රත්‍යය වේ. එයට පැමිණි කල්හි ඒකාන්තයෙන් පිරිනිවියයුතු හෙයිනි. “එතදත්ථා කථා” මේ විනයකථා නම්. මේ අර්ත්ථය පිණිසය. “මන්තණා” විනයමන්ත්රණයමය. “උපනිසා” මේ “විනයො සංවරත්ථාය” යනාදිවූ පරම්පරප්රත්යයතාවද මේ අර්ත්ථය පිණිසය. “සොතාවධානං” මේ පරම්පරප්රත්යය කථාවට කන්යොමු කිරීමය. මේ කථාව අසා යම් ඥානයෙක් උපදීද, එද මේ පිණිසය. “යදිදං අනුපාදා චිත්තස්ස විමොක්ඛො” සිවුඋපාදානයන්ගෙන් අල්වානොගෙණ සිත පිළිබඳ අර්හත්ඵල සඞ්ඛ්‍යාත වූ යම් මේ විමොක්ෂයක් වේද, එද මේ පිණිසය. අප්‍රත්‍යය පරිනිර්වාණය පිණිසමය, යන අර්‍ත්‍ථයි.
අනුයොගවත්තගාථාසු පඨමගාථා වුත්තත්ථා එව.
අනුයොගවත්තගාථා අතුරෙහි ප්රථමගාථා තොමෝ කියූ අර්ත්ථ ඇත්තේමය.
වත්ථුං විපත්තිං ආපත්තිං, නිදානං ආකාරඅකොවිදො පුබ්බාපරං න ජානාතීති “වත්ථු”න්තිආදීනි “න ජානාතී”ති පදෙන සම්බන්ධො. “අකොවිදො”ති පදස්ස “ස වෙ තාදිසකො”ති ඉමිනා සම්බන්ධො. තස්මා අයමෙත්ථ යොජනා – යො භික්ඛු පාරාජිකාදීනං වත්ථුං න ජානාති, චතුබ්බිධං විපත්තිං න ජානාති, සත්තවිධං ආපත්තිං න ජානාති, “ඉදං සික්ඛාපදං අසුකස්මිං නාම නගරෙ පඤ්ඤත්ත”න්ති එවං නිදානං න ජානාති, “ඉදං පුරිමවචනං ඉදං පච්ඡිමවචන”න්ති පුබ්බාපරං න ජානාති, “ඉදං කතං ඉදං අකත”න්ති කතාකතං න ජානාති. සමෙන චාති තෙනෙව පුබ්බාපරං අජානනස්ස සමෙන අඤ්ඤාණෙන, “කතාකතං න ජානාතී”ති වුත්තං හොති; එවං තාව නජානාති-පදෙන සද්ධිං සම්බන්ධො වෙදිතබ්බො. යං පනෙතං “ආකාරඅකොවිදො”ති වුත්තං, තත්ථ ආකාරඅකොවිදොති කාරණාකාරණෙ අකොවිදො. ඉති ය්වායං වත්ථුආදීනිපි න ජානාති, ආකාරස්ස ච අකොවිදො, ස වෙ තාදිසකො භික්ඛු අපටික්ඛොති වුච්චති.
“වත්ථුං විපත්තිං ආපත්තිං නිදානං ආකාරඅකොවිදො පුබ්බාපරං න ජානාති” මෙහි “වත්ථුං” යනාදීන්ගේ. “න ජානානි” යන පදය හා සම්බන්ධ වේ. “අකොවිදො” යන පද “සචෙ තාදිසකො” යන මේ හා සම්බන්ධය වේ. එහෙයින් මෙහි මේ යොජනාය. යම්මහණෙක් තෙමේ පාරාජිකාදීන්ගේ වස්තුව නොදනීද, සිවුවැදෑරුම්වූ විපත්නිය නොදනීද, සත්වැදෑරුම් ආපත්තිය නොදනීද, ‘මේ ශික්ෂාපදය අසුවල් නම් නුවරෙහිදී පණවන ලදැ’යි මෙසේ නිදානය නොදනීද, ‘මේ ප්රථමවචනය, මේ පශ්චිමවචනය’යි පූර්වාපරය නොදනීද, ‘මෙය කරණලද්දේය, මෙය නොකරණ ලද්දේය’යි කතාකතය නොදනීද, “සමෙන ච” පූර්වාපරය නොදන්නහුගේ සමව පැවැති නොදැන්මෙන් කළනොකළ කථාව නොදනීයයි කියන ලද්දේ වේ. මෙසේ වනාහි “න ජානාති” යන පදය සමග සම්බන්ධය දතයුතුය. “ආකාර අකොවිදො” ඒ මේ යමක් කියන ලද්දේද, එහි “ආකාර අකොවිදො” කාරණාකාරණයෙහි අදක්ෂය. මෙසේ යම් ඒ මහණක් තෙමේ වස්තු ආදියත් නොදනීද, ආකාරය පිළිබඳ අදක්ෂ වේද, “ස චෙ තාදිසකො භික්ඛු අප්පටිපක්ඛො” එකාන්තයෙන් එබඳුවූ ඒ මහණතෙමේ නොබලා පිළිකෙව් කටයුතුය’යි කියනු ලැබේ.
කම්මඤ්ච අධිකරණඤ්චාති ඉමෙසම්පි පදානං “න ජානාතී”ති පදෙනෙව සම්බන්ධො. අයං පනෙත්ථ යොජනා – තථෙව ඉති ය්වායං කම්මඤ්ච න ජානාති, අධිකරණඤ්ච න ජානාති, සත්තප්පකාරෙ සමථෙ චාපි අකොවිදො, රාගාදීහි පන රත්තො දුට්ඨො ච මූළ්හො ච, භයෙන භයා ගච්ඡති, සම්මොහෙන මොහා ගච්ඡති, රත්තත්තා පන දුට්ඨත්තා ච ඡන්දා දොසා ච ගච්ඡති, පරං සඤ්ඤාපෙතුං අසමත්ථතාය න ච සඤ්ඤත්තිකුසලො, කාරණාකාරණදස්සනෙ අසමත්ථතාය නිජ්ඣත්තියා ච අකොවිදො අත්තනො සදිසාය පරිසාය ලද්ධත්තා ලද්ධපක්ඛො, හිරියා පරිබාහිරත්තා අහිරිකො, කාළකෙහි කම්මෙහි සමන්නාගතත්තා කණ්හකම්මො, ධම්මාදරියපුග්ගලාදරියානං අභාවතො අනාදරො, ස වෙ තාදිසකො භික්ඛු අපටික්ඛොති වුච්චති, න පටික්ඛිතබ්බො න ඔලොකෙතබ්බො, න සම්මන්නිත්වා ඉස්සරියාධිපච්චජෙට්ඨකට්ඨානෙ ඨපෙතබ්බොති අත්ථො. සුක්කපක්ඛගාථානම්පි යොජනානයො වුත්තනයෙනෙව වෙදිතබ්බොති.
“කම්මඤ්ච අධිකරණඤ්ච” යන මේ පදයන්ගේ “න ජානාති” යන පදය හා ම සම්බන්ධ වේ. මේ මෙහි යොජනාය:- එහිම යම් මේ මහණෙක් තෙමේ කර්මයත් නොදනීද, අධිකරණයත් නොදනීද, සත්වැදෑරුම් වූ සමථයෙහිත් දක්ෂනොවේද, රාගාදියෙන් රත්වූයේද දූසිතවූයේද මුඪ වූයේද බියකරණකොට බියෙන් අගතියට යේද, මොහය කරණකොට මොහයෙන් අගතියටයේද, රාගයෙන් රත්වූ බැවින්ද, ද්වේෂයෙන් දූෂිත බැවින්ද ඡන්දයෙන් හා ද්වෙෂයෙන් අගතියට යේද, මෙරමාහට හඟවන්නට අවබොධ කරන්න නොසමත්බැවින් අන්හට දැන්වීමෙහි දක්ෂනොවේද, කරුණු නොකරුණු දැක්මෙහි නොසමත් බැවින් අවබොධ කරවීමෙහිත් දක්ෂ නොවේද, තමාට සමාන පිරිස් ලද බැවින් ලද පක්ෂ ඇත්තේ වේද, ලජ්ජාවෙන් පරිබාහිර බැවින් ලජ්ජානැත්තේද, කෘෂ්ණකර්මයන්ගෙන් යුක්තබැවින් කෘෂ්ණකර්ම ඇත්තේවේද, ධර්මාදරිය පුද්ගලාදරිය නැති බැවින් ආදරය නැත්තේ වේද, “සවෙ තාදිසකො භික්ඛු අප්පටික්ඛො”යි කියනු ලැබේ. නොබැලිය යුතුය. සම්මතකොට ඓශ්චර්ය්යාධිපත්ය ජ්යෙෂ්ඨස්ථානයෙහි නොතැබි යුතුය, යන අර්‍ත්‍ථයි. ශුක්ලපක්ෂ ගාථාවන්ගේද යෙදුම්ක්රමය කියූනයින්ම දතයුතුය.
චූළසඞ්ගාමවණ්ණනා නිට්ඨිතා.
චූලසඞ්ග්රාම වර්ණනාව නිමි.