අපරදුතියගාථාසඞ්ගණිකං අට්ඨකථා
අපරදුතියගාථාසඞ්ගණිකං
(1) කායිකාදිආපත්තිවණ්ණනා
(1) කායිකාදිආපත්තිවණ්ණනා
“කති ආපත්තියො කායිකා”තිආදිගාථානං විස්සජ්ජනෙ ඡ ආපත්තියො කායිකාති අන්තරපෙය්යාලෙ චතුත්ථෙන ආපත්තිසමුට්ඨානෙන ඡ ආපත්තියො ආපජ්ජති, “භික්ඛු මෙථුනං ධම්මං පටිසෙවති, ආපත්ති පාරාජිකස්සා”තිආදිනා නයෙන වුත්තාපත්තියො. කායද්වාරෙ සමුට්ඨිතත්තා හි එතා කායිකාති වුච්චන්ති. ඡ වාචසිකාති තස්මිංයෙව අන්තරපෙය්යාලෙ පඤ්චමෙන ආපත්තිසමුට්ඨානෙන ඡ ආපත්තියො ආපජ්ජති, “භික්ඛු පාපිච්ඡො ඉච්ඡාපකතො”තිආදිනා නයෙන වුත්තාපත්තියො. ඡාදෙන්තස්ස තිස්සොති වජ්ජපටිච්ඡාදිකාය භික්ඛුනියා පාරාජිකං, භික්ඛුස්ස සඞ්ඝාදිසෙසපටිච්ඡාදනෙ පාචිත්තියං, අත්තනො දුට්ඨුල්ලාපත්තිපටිච්ඡාදනෙ දුක්කටං. පඤ්ච සංසග්ගපච්චයාති භික්ඛුනියා කායසංසග්ගෙ පාරාජිකං, භික්ඛුනො සඞ්ඝාදිසෙසො, කායෙන කායපටිබද්ධෙ ථුල්ලච්චයං, නිස්සග්ගියෙන කායපටිබද්ධෙ දුක්කටං, අඞ්ගුලිපතොදකෙ පාචිත්තියන්ති ඉමා කායසංසග්ගපච්චයා පඤ්චාපත්තියො.
“කති ආපත්තියො කායිකා” යනාදි ගාථාවන් විසඳීමෙහිදී “ඡ ආපත්තියො කායිකා” යන අන්තරපෙය්යාලයෙහි සිවුවැනි ආපත්ති සමුට්ඨානයෙන් ඇවැත් සයකට පැමිණේ. “භික්ඛු මෙථුනං ධම්මං පතිසෙවති, ආපත්ති පාරාජිකස්ස” යනාදිනයින් කියන ලද ආපත්තීහුය. කායද්වාරයෙහි උපන්බැවින්ම මොවුහු කායිකයි කියනුලබත්. “ඡ වාචසිකා” ඒ අන්තරපෙය්යාලයෙහිම පස්වැනි ආපත්තිසමුට්ඨානයෙන් ඇවැත් සයකට පැමිණේ. “භික්ඛු පාපිච්ඡො ඉච්ඡාපකතො” යනාදිනයින් කියනලද ආපත්තීහුය. “ඡාදෙන්තස්ස තිස්සො” පාරාජිකවරද වසන මෙහෙණහට පාරාජිකය. මහණහුට සඞ්ඝාදිසෙසය වැසීමෙහි පාචිත්තියයි. තමන්ගේ දුට්ඨුල්ලාපත්තිය වැසීම නිමිතිකොට දුක්කටය. “පඤ්ච සංසග්ග පච්චයා” මෙහෙණහට කායසංසර්‍ගය නිමිතිකොට පාරාජිකය. මහණහුට සඞ්ඝාදිසෙසය. කයින් කය ප්‍රතිබද්ධයෙහි ථුල්ලච්චයය. නිසගියකින් කය පිළිබඳයෙහි දුක්කටය. අඞ්ගුලිපතොදකයෙහි පාචිත්තිය, යන මේ ඇවැත්හු කායසංසර්ගප්රත්යයයෙන් වෙත්.
අරුණුග්ගෙ තිස්සොති එකරත්තඡාරත්තසත්තාහදසාහමාසාතික්කමවසෙන නිස්සග්ගියං පාචිත්තියං, භික්ඛුනියා රත්තිවිප්පවාසෙ සඞ්ඝාදිසෙසො, “පඨමම්පි යාමං ඡාදෙති, දුතියම්පි තතියම්පි යාමං ඡාදෙති, උද්ධස්තෙ අරුණෙ ඡන්නා හොති ආපත්ති, යො ඡාදෙති සො දුක්කටං දෙසාපෙතබ්බො”ති ඉමා අරුණුග්ගෙ තිස්සො ආපත්තියො ආපජ්ජති. ද්වෙ යාවතතියකාති එකාදස යාවතතියකා නාම, පඤ්ඤත්තිවසෙන පන ද්වෙ හොන්ති භික්ඛූනං යාවතතියකා භික්ඛුනීනං යාවතතියකාති. එකෙත්ථ අට්ඨවත්ථුකාති භික්ඛුනීනංයෙව එකා එත්ථ ඉමස්මිං සාසනෙ අට්ඨවත්‍ථුකා නාම. එකෙන සබ්බසඞ්ගහොති “යස්ස සියා ආපත්ති, සො ආවිකරෙය්යා”ති ඉමිනා එකෙන නිදානුද්දෙසෙන සබ්බසික්ඛාපදානඤ්ච සබ්බපාතිමොක්ඛුද්දෙසානඤ්ච සඞ්ගහො හොති.
“අරුණුග්ගෙ තිස්සො” එක් රැයක් ස රැයක් සත්දවසක් දසදවසක් මාසයක් යන මොවුන්ගේ ඉක්මීම් වසයෙන් නිස්සග්ගිය පාචිත්තියය, මෙහෙණහට රාත්රිවිප්රවාසයෙහි සඞ්ඝාදිසෙසය, ‘ප්‍රථමයාමයෙහි වසාද, දෙවැනි-තෙවැනි යාමයෙහි වසාද, අරුණ නැගි කල්හි ඇවැත වසන ලද්දී වේ, යමෙක් තෙමේ වසාද, හෙතෙමේ දුක්කටය දෙසවිය යුත්තේය’යි අරුණ නැගි කල්හි මේ තුන් ඇවැතට පැමිණේ. “දූවෙ යාවතතියකා” එකොළොස් යාවතතියකයෝ නම් ප්රඥප්ති වශයෙන් භික්ෂූන් පිළිබඳ යාවතතියකය. භික්ෂුණීන්ගේ යාවතතියකයයි දෙකක් වෙත්. “එකෙත්ථ අට්ඨවත්‍ථුකා” භික්ෂුණීන්හටම මේ ශාසනයෙහි එක් අෂ්ටවස්තුකා නම් පාරාජිකාය. “එකෙන සබ්බසඞ්ගහො” “යස්ස සියා ආපත්ති සො ආවීකරෙය්ය” යන මේ එක් නිදානොද්දෙශයෙන් සියලු ශික්ෂාපදයන්ගේද, සියලු ප්රාතිමොක්ෂාද්දෙශයන්ගේද, සඞ්ග්‍රහය වේ.
විනයස්ස ද්වෙ මූලානීති කායො චෙව වාචා ච. ගරුකා ද්වෙ වුත්තාති පාරාජිකසඞ්ඝාදිසෙසා . ද්වෙ දුට්ඨුල්ලච්ඡාදනාති වජ්ජපටිච්ඡාදිකාය පාරාජිකං සඞ්ඝාදිසෙසං පටිච්ඡාදකස්ස පාචිත්තියන්ති ඉමා ද්වෙ දුට්ඨුල්ලච්ඡාදනාපත්තියො නාම.
“විනයස්ස ද්වෙ මූලානි” කයද වචනයද වේ. “ගරුකා ද්වෙ වුත්තා” පාරාජිකසඞ්ඝාදිසෙසයෝය. “ද්වෙ දුට්ඨුල්ලච්ඡාදනා” වරද වසාලන මෙහෙණට පාරාජිකය. සඞ්ඝාදිසෙසය මහණහට පාචිත්තියයි. මේ දෙක දුට්ඨුල්ලාච්ඡාදනාපත්තීහු නම්වෙත්.
ගාමන්තරෙ චතස්සොති “භික්ඛු භික්ඛුනියා සද්ධිං සංවිදහති, දුක්කටං; අඤ්ඤස්ස ගාමස්ස උපචාරං ඔක්කමති, පාචිත්තියං; භික්ඛුනියා ගාමන්තරං ගච්ඡන්තියා පරික්ඛිත්තෙ ගාමෙ පඨමපාදෙ ථුල්ලච්චයං, දුතියපාදෙ සඞ්ඝාදිසෙසො; අපරික්ඛිත්තස්ස පඨමපාදෙ උපචාරොක්කමනෙ ථුල්ලච්චයං, දුතියපාදෙ සඞ්ඝාදිසෙසො”ති ඉමා ගාමන්තරෙ දුක්කටපාචිත්තියථුල්ලච්චයසඞ්ඝආදිසෙසවසෙන චතස්සො ආපත්තියො. චතස්සො නදිපාරපච්චයාති “භික්ඛු භික්ඛුනියා සද්ධිං සංවිදහති, දුක්කටං; නාවං අභිරුහති, පාචිත්තියං; භික්ඛුනියා නදිපාරං ගච්ඡන්තියා උත්තරණකාලෙ පඨමපාදෙ ථුල්ලච්චයං, දුතියපාදෙ සඞ්ඝාදිසෙසො”ති ඉමා චතස්සො. එකමංසෙ ථුල්ලච්චයන්ති මනුස්සමංසෙ. නවමංසෙසු දුක්කටන්ති සෙසඅකප්පියමංසෙසු.
“ගාමන්තරෙ චතස්සො” මහණතෙමේ මෙහෙණ හා සංවිධානය කෙරේ නම් දුක්කටය වේ. අන්ගමක උපචාරයට බසින්නේ නම් පාචිත්තිය වේ. ගාමාන්තරයට යන මෙහෙණට වටකරණලද ගමෙහි ප්‍රථම පාදයෙහි ථුල්ලච්චය වේ. දෙවැනි පාදයෙහි සඞ්ඝාදිසෙසය වේ. නොවටකළ ගමෙහි ප්රථමපාදයෙන් උපචාරයට බැසීමෙහි ථුල්ලච්චය වේ. දෙවැනි පාදයෙහි සඞ්ඝාදිසෙසය වේ, මොවුහු දුක්කට - පාචිත්තිය - ථුල්ලච්චය -සඞ්ඝාදිසෙස වසයෙන් සිවුඇවතක් වේ. “චතස්සො නදීපාරප්පච්චයා” මහණ, මෙහෙණ හා සංවිධානය කෙරේනම් දුක්කටය වේ. නැවට නැගේ නම් පාචිත්තිය වේ. ගඟ එතෙර යන මෙහෙණට එතෙර වන කල්හි ප්‍රථම පාදයෙහි ථුල්ලච්චයද දෙවැනි පාදයෙහි සඞ්ඝාදිසෙසයයි මේ සතර වෙත්. “එකමංසෙ ථුල්ලච්චයං” මිනීමසෙහි ථුල්ලච්චයය. නව මාංසයෙහි දුක්කටය යනු සෙසු අකැප මාංසයන්හි දුක්කටය වේ.
ද්වෙ වාචසිකා රත්තින්ති භික්ඛුනී රත්තන්ධකාරෙ අප්පදීපෙ පුරිසෙන සද්ධිං හත්ථපාසෙ ඨිතා සල්ලපති , පාචිත්තියං; හත්ථපාසං විජහිත්වා ඨිතා සල්ලපති, දුක්කටං. ද්වෙ වාචසිකා දිවාති භික්ඛුනී දිවා පටිච්ඡන්නෙ ඔකාසෙ පුරිසෙන සද්ධිං හත්ථපාසෙ ඨිතා සල්ලපති, පාචිත්තියං; හත්ථපාසං විජහිත්වා සල්ලපති, දුක්කටං. දදමානස්ස තිස්සොති මරණාධිප්පායො මනුස්සස්ස විසං දෙති, සො චෙ තෙන මරති, පාරාජිකං; යක්ඛපෙතානං දෙති, තෙ චෙ මරන්ති, ථුල්ලච්චයං; තිරච්ඡානගතස්ස දෙති, සො චෙ මරති, පාචිත්තියං; අඤ්ඤාතිකාය භික්ඛුනියා චීවරදානෙ පාචිත්තියන්ති එවං දදමානස්ස තිස්සො ආපත්තියො. චත්තාරො ච පටිග්ගහෙති හත්ථග්ගාහ-වෙණිග්ගාහෙසු සඞ්ඝාදිසෙසො, මුඛෙන අඞ්ගජාතග්ගහණෙ පාරාජිකං, අඤ්ඤාතිකාය භික්ඛුනියා චීවරපටිග්ගහණෙ නිස්සග්ගියං පාචිත්තියං, අවස්සුතාය අවස්සුතස්ස හත්ථතො ඛාදනීයං භොජනීයං පටිග්ගණ්හන්තියා ථුල්ලච්චයං; එවං පටිග්ගහෙ චත්තාරො ආපත්තික්ඛන්ධා හොන්ති.
“දුවෙ වාචසිකා රත්තිං” මෙහෙණ තොමෝ පහන්ඵලිය නැති අඳුරෙහි පුරුෂයකු හා අත්පසෙහි සිටියා කථාකෙරේ නම් පාචිත්තියටද අත්පස හැර සිටියා කථාකෙරේනම් දුක්කටයටද පැමිණේ. “දුවෙ වාචසිකා දිවා” මෙහෙණ තොමෝ දහවල පිළිසන් අවකාශයෙහි පුරුෂයකු සමග අත්පසෙහි සිටියා කථා කෙරේනම් පාචිත්තියටද අත්පස හැර කථාකෙරේනම් දුක්කටයටද පැමිණේ. “දදමානස්ස තිස්සො” මරණ අදහස් ඇතිව මිනිසකුට විෂයක් දෙයි. හෙතෙමේ එයින් මැරේනම් පාරාජිකයටද, යක්ෂප්රේතාදීන්ට දෙයි. ඔවුහු එයින් මැරෙත්නම් ථුල්ලච්චයටද, තිරිසන්ගියක්හට දෙයි. හෙතෙමේ එයින් මැරේනම් පාචිත්තියටද පැමිණේ. නොනෑමෙහෙණක්හට සිවුරක් දේනම් පාචිත්තියට පැමිණේය’යි මෙසේ දෙන්නහුට තුන් ඇවැතක් වේ. “චත්තාරො ච පටිග්ගහෙ” හස්තග්රහණ ගෙතූ නොගෙතූ කෙශග්රහණයන්හි සඞ්ඝාදිසෙසය වේ. මුඛයෙන් අඞ්ගජාතය ගැණීමෙහි පාරාජිකයද වේ. නොනෑමෙහෙණක අතින් සිවුරු පිළිගැනීමෙහි නිස්සග්ගිය පාචිත්තිය වේ. රාගරක්ත පුරුෂයකු අතින් කෑයුත්තක් හෝ බිඳියයුත්තක් හෝ පිළිගන්නා රාගරක්ත මෙහෙණහට ථුල්ලච්චය වේ. මෙසේ පිළිගැණීමෙහි ඇවැත් කඳු සතරෙක් වේ.
(2) දෙසනාගාමිනියාදිවණ්ණනා
(2) දෙසනාගාමිනියාදිවණ්ණනා
පඤ්ච දෙසනාගාමිනියොති ලහුකා පඤ්ච. ඡ සප්පටිකම්මාති පාරාජිකං ඨපෙත්වා අවසෙසා. එකෙත්ථ අප්පටිකම්මාති එකා පාරාජිකාපත්ති.
“පඤ්ච දෙසනා ගාමිනියො” ලහුකවූ ඇවැත් කඳුපසය. “ඡ සප්පටිකම්මා” පාරාජිකාපත්තිය හැර සෙසු ආපත්තීහුය. “එකෙත්ථ අප්පටිකම්මා” පාරාජිකාපත්තියය.
විනයගරුකා ද්වෙ වුත්තාති පාරාජිකඤ්චෙව සඞ්ඝාදිසෙසඤ්ච. කායවාචසිකානි චාති සබ්බානෙව සික්ඛාපදානි කායවාචසිකානි, මනොද්වාරෙ පඤ්ඤත්තං එකසික්ඛාපදම්පි නත්ථි. එකො විකාලෙ ධඤ්ඤරසොති ලොණසොවීරකං. අයමෙව හි එකො ධඤ්ඤරසො විකාලෙ වට්ටති. එකා ඤත්තිචතුත්ථෙන සම්මුතීති භික්ඛුනොවාදකසම්මුති. අයමෙව හි එකා ඤත්තිචතුත්ථකම්මෙන සම්මුති අනුඤ්ඤාතා.
“විනයගරුකා ද්වෙ වුත්තා” පාරාජිකයද සඞ්ඝාදිසෙසයද, “කායවාචසිකානිච” සියලුම ශික්ෂාපදයෝ කායවාචසිකයහ. මනොද්වාරයෙහි පැණවූ එකද ශික්‍ෂාපදයෙක් නැත්තේය. “එකො විකාලෙ ධඤ්ඤරසො” ලොණසොවීරකය. මේ එක්ම ධාන්යරසය විකාලයෙහි වටියි. “එකා ඤත්තිචතුත්ථෙන සම්මුති” භික්ඛුනොවාදකසම්මුතියය. ඤත්තිචතුර්ත්ථකර්මයෙන් අනුදත් එකම සම්මුතිය මේමය.
පාරාජිකා කායිකා ද්වෙති භික්ඛූනං මෙථුනපාරාජිකං භික්ඛුනීනඤ්ච කායසංසග්ගපාරාජිකං. ද්වෙ සංවාසභූමියොති අත්තනා වා අත්තානං සමානසංවාසකං කරොති, සමග්ගො වා සඞ්ඝො උක්ඛිත්තං ඔසාරෙති. කුරුන්දියං පන “සමානසංවාසකභූමි ච නානාසංවාසකභූමි චා”ති එවං ද්වෙ සංවාසභූමියො වුත්තා. ද්වින්නං රත්තිච්ඡෙදොති පාරිවාසිකස්ස ච මානත්තචාරිකස්ස ච පඤ්ඤත්තා. ද්වඞ්ගුලා දුවෙති ද්වෙ ද්වඞ්ගුලපඤ්ඤත්තියො, “ද්වඞ්ගුලපබ්බපරමං ආදාතබ්බ”න්ති අයමෙකා, “ද්වඞ්ගුලං වා ද්වෙමාසං වා”ති අයමෙකා.
“පාරාජිකා කායිකා ද්වෙ” මහණුන්හට මෛථුනධර්මපාරාජිකාය. මෙහෙණන්හට කායසංසර්ග පාරාජිකාය. “ද්වෙ සංවාස භූමියො” තෙමේම තමන් සමානසංවාසය කරයි. සමග්‍ර සඞ්ඝතෙමේ හෝ උක්ෂිප්තකයා ඇතුළත් කරයි. කුරුන්දියෙහි වනාහි සමානසංවාසික භූමියද, නානසංවාසභූමියදැයි මෙසේ සංවාස භූමි දෙකක් කියන ලද්දේය. “ද්වින්නං රත්තිච්ඡෙදො” “පරිවාසිකයාහටද, මානත්තචාරිකයාහටද පණවනලද රාත්රිච්ඡෙදයය. “පඤ්ඤත්තා ද්වඞ්ගුලා දෙව” “ද්වඞ්ගුලපබ්බපරමං ආදාතබ්බං” යන මේ එකෙක. ද්වඞ්ගුලා වා ද්වෙ මාසං වා” යන මේ එකෙකැයි ද්වඞ්ගුලප්රඥප්තීහු දෙකක් වෙත්.
දුතියගාථාසඞ්ගණිකා වර්ණනා තොමෝ නිමි
ද්වෙ අත්තානං වධිත්වානාති භික්ඛුනී අත්තානං වධිත්වා ද්වෙ ආපත්තියො ආපජ්ජති; වධති රොදති, ආපත්ති පාචිත්තියස්ස; වධති න රොදති, ආපත්ති දුක්කටස්ස. ද්වීහි සඞ්ඝො භිජ්ජතීති කම්මෙන ච සලාකග්ගාහෙන ච. ද්වෙත්ථ පඨමාපත්තිකාති එත්ථ සකලෙපි විනයෙ ද්වෙ පඨමාපත්තිකා උභින්නං පඤ්ඤත්තිවසෙන. ඉතරථා පන නව භික්ඛූනං නව භික්ඛුනීනන්ති අට්ඨාරස හොන්ති. ඤත්තියා කරණා දුවෙති ද්වෙ ඤත්තිකිච්චානි – කම්මඤ්ච කම්මපාදකා ච. නවසු ඨානෙසු කම්මං හොති, ද්වීසු කම්මපාදභාවෙන තිට්ඨති.
“ද්වෙ අත්තානං වධිත්වාන” මෙහෙණ තොමෝ තමන්ට පහරදී ඇවැත් දෙකකට පැමිණේ. පහරදේද, අඩඅඩාද පාචිත්තියාපත්තිය වේ. පහරදේද, නොඅඩාද, දුක්කටාපත්තිය වේ. “ද්වීහි සඞ්ඝො භිජ්ජති” කර්මයෙන්ද, සලාක ගැන්වීමෙන්ද. “ද්වෙත්ථ පඨමාපත්තිකා” මෙහි සියලු විනය පිටකයෙහි උභයප්රඥප්තීන්ගේ වසයෙන් ප්රථමාපත්ති දෙකෙක අන් අයුරකින් වනාහි මහණුන්හට නවයෙක. මෙහෙණන්හට නවයෙකැයි අටළොසක් වෙත්. “ඤත්තියා කරණා ද්වෙ” කර්මයද කර්මාපාදකයදැයි ඤත්ති කෘත්‍ය දෙකක් වේ. නවතැනෙක කර්මය වේ. දෙතැනෙක කර්මයට පාදකභාවයෙන් සිටියි.
පාණාතිපාතෙ තිස්සොති “අනොදිස්ස ඔපාතං ඛණති, සචෙ මනුස්සො මරති, පාරාජිකං; යක්ඛපෙතානං මරණෙ ථුල්ලච්චයං; තිරච්ඡානගතස්ස මරණෙ පාචිත්තිය”න්ති ඉමා තිස්සො හොන්ති. වාචා පාරාජිකා තයොති වජ්ජපටිච්ඡාදිකාය උක්ඛිත්තානුවත්තිකාය අට්ඨවත්ථුකායාති. කුරුන්දියං පන “ආණත්තියා අදින්නාදානෙ, මනුස්සමරණෙ, උත්තරිමනුස්සධම්මඋල්ලපනෙ චා”ති එවං තයො වුත්තා. ඔභාසනා තයොති වච්චමග්ගං පස්සාවමග්ගං ආදිස්ස වණ්ණාවණ්ණභාසනෙ සඞ්ඝාදිසෙසො, වච්චමග්ගං පස්සාවමග්ගං ඨපෙත්වා අධක්ඛකං උබ්භජාණුමණ්ඩලං ආදිස්ස වණ්ණාවණ්ණභණනෙ ථුල්ලච්චයං, උබ්භක්ඛකං අධොජාණුමණ්ඩලං ආදිස්ස වණ්ණාවණ්ණභණනෙ දුක්කටං. සඤ්චරිත්තෙන වා තයොති පටිග්ගණ්හාති වීමංසති පච්චාහරති , ආපත්ති සඞ්ඝාදිසෙසස්ස; පටිග්ගණ්හාති වීමංසති න පච්චාහරති, ආපත්ති ථුල්ලච්චයස්ස; පටිග්ගණ්හාති න වීමංසති න පච්චාහරති, ආපත්ති දුක්කටස්සාති ඉමෙ සඤ්චරිත්තෙන කාරණභූතෙන තයො ආපත්තික්ඛන්ධා හොන්ති.
“පාණාතිපාතෙ තිස්සො” නොඋදෙසා වළක් කණීද, ඉදින් මිනිසෙක් මැරේද, පාරාජිකය. යක්ෂප්රෙතයන්ගේ මරණයෙහි ථුල්ලච්චයය. තිරිසන් ගියහුගේ මරණයෙහි පාචිත්තියය යන මේ තුන වෙත්. “වාචා පාරාජිකා තයො” වරද වසන්නියට උක්ඛිත්තයාහට, අනුව පවතින්නියට, අෂ්ටවස්තුකාවට. කුරුන්දියෙහි වනාහි ඇණවීමෙන් සොරකම්හි, මිනීමැරුම්හි, උතුරු මිනිස්දම් උල්ලපනයෙහි’යි මෙසේ තුනක් කියනලදහ. “ඔභාසනා තයො” වසමග පසමග උදෙසා ගුණාගුණ කීමෙහි සඞ්ඝාදිසෙසය. වසමග පසමග හැර අකුයෙන් යට දණමඩලින් උඩ උදෙසා ගුණාගුණ කීමෙහි ථුල්ලච්චය. අකුයෙන් උඩ දණමඩලින් යට උදෙසා ගුණාගුණ කීමෙහි දුක්කටය. “සඤ්චරිත්තෙන වා තයො” පිළිගණියි. විමසයි. නැවත ගෙණඑයි. සඞ්ඝාදිසෙසාපත්තිය වේ. පිළිගණියි විමසයි. නැවත නොගෙණෙයි. ථුල්ලච්චයාපත්තිය වේ. පිළිගනියි. නොවිමසයි. නැවත නොගෙණයි. දුක්කටාපත්තිය වේය’යි මෙසේ සඤ්චරිත්තය කරුණුකොට ආපත්ති ස්කන්ධ තුනක් වෙත්.
තයො පුග්ගලා න උපසම්පාදෙතබ්බාති අද්ධානහීනො අඞ්ගහීනො වත්ථුවිපන්නො ච තෙසං නානාකරණං වුත්තමෙව. අපිචෙත්ථ යො පත්තචීවරෙන අපරිපූරො, පරිපූරො ච න යාචති, ඉමෙපි අඞ්ගහීනෙනෙව සඞ්ගහිතා. මාතුඝාතකාදයො ච කරණදුක්කටකා පණ්ඩකඋභතොබ්යඤ්ජනකතිරච්ඡානගතසඞ්ඛාතෙන වත්ථුවිපන්නෙනෙව සඞ්ගහිතාති වෙදිතබ්බා. එස නයො කුරුන්දියං වුත්තො. තයො කම්මානං සඞ්ගහාති ඤත්තිකප්පනා, විප්පකතපච්චත්තං, අතීතකරණන්ති. තත්ථ “දදෙය්ය කරෙය්යා”තිආදිභෙදා ඤත්තිකප්පනා; “දෙති කරොතී”තිආදිභෙදං විප්පකතපච්චත්තං; “දින්නං කත”න්තිආදිභෙදං අතීතකරණං නාමාති ඉමෙහි තීහි කම්මානි සඞ්ගය්හන්ති. අපරෙහිපි තීහි කම්මානි සඞ්ගය්හන්ති – වත්ථුනා, ඤත්තියා, අනුස්සාවනායාති. වත්ථුසම්පන්නඤ්හි ඤත්තිසම්පන්නං අනුස්සාවනසම්පන්නඤ්ච කම්මං නාම හොති, තෙන වුත්තං “තයො කම්මානං සඞ්ගහා”ති. නාසිතකා තයො නාම මෙත්තියං භික්ඛුනිං නාසෙථ, දූසකො නාසෙතබ්බො, දසහඞ්ගෙහි සමන්නාගතො සාමණෙරො නාසෙතබ්බො, කණ්ටකං සමණුද්දෙසං නාසෙථාති එවං ලිඞ්ගසංවාසදණ්ඩකම්මනාසනාවසෙන තයො නාසිතකා වෙදිතබ්බා. තිණ්ණන්නං එකවාචිකාති “අනුජානාමි භික්ඛවෙ ද්වෙ තයො එකානුස්සාවනෙ කාතු”න්ති වචනතො තිණ්ණං ජනානං එකුපජ්ඣායෙන නානාචරියෙන එකානුස්සාවනා වට්ටති.
“තයො පුග්ගලා න උපසම්පාදෙතබ්බා” උනුවිසිවයස් ඇත්තේය. අවයව හීන වූයේය. අභව්‍ය තෙමේය යන තිදෙන උපසපන් නොකටයුත්තේය. ඔවුන්ගේ වෙනස කියන ලද්දේමය. තවද මෙහි යමෙක් පාසිවුරෙන් සම්පූර්ණ නොවූයේද, පරිපූර්ණවූයේ යාඥා නොකෙරේද, මොවුහුද අඞ්ගහීන වචනයෙන්ම සඞ්ග්‍රහ කරණ ලදහ. මාතෘඝාතකාදීහුද, ක්රියාදුෂ්කෘතයෝය, පණ්ඩක උභතොබ්‍යඤ්ජනක තිරච්ඡානගත සඞ්ඛ්යාතවූ වස්තුවිපත්තියන් හා ම සඞ්ග්‍රහ කරණ ලදහ’යි දතයුත්තාහ. මෙම කුරුන්දියෙහි කියනලද්දේය. “තයො කම්මානං සඞ්ගහා” ඤත්තිකප්පනාය විප්පකතපච්චත්තය - අතීතකරණයයි. එහි “දදෙය්ය කරෙය්ය” යනාදිභෙදයෝ ඤත්තිකප්පනාය. “දෙති කරොති” යනාදි භෙදය විප්පකතපච්චත්තයයි. “දින්නං කතං” යනාදි භෙදය අතීතකරණ නම. මේ තුනෙන් කර්මයෝ සඞ්ග්‍රහ කරණු ලබත්. අන් තුනකින්ද කර්මයෝ සඞ්ග්‍රහ කරණු ලබත්. වස්තුවෙන්ද ඤත්තියෙන්ද අනුශ්රාවණයෙන්ද යන මෙයිනි. වස්තු සම්පූර්ණවූයේ ඤත්ති සම්පූර්ණ වූයේ අනුශ්‍රාවණ සම්පූර්ණවූයේ කර්මනම් වේ. “තයො කම්මානං සඞ්ගහා”යි එහෙයින් කියනලදී. නාසිතකයෝ තිදෙන නම් “මෙත්තියං භික්ඛුණිං නාසෙථ, දූසකො නාසෙතබ්බො, දසභඞ්ගෙහි සමන්නාගතො සාමණෙරො නාසෙතබ්බො, කණ්ටකං සාමණෙරං නාසෙථ” මෙසේ ලිඞ්ගනාශන - දණ්ඩකර්මනාශන - සංවාසනාශන යන මොවුන්ගේ වසයෙන් නැසිය යුතු තිදෙන දතයුත්තාහ. “තිණ්ණන්නං එකවාචිකා” “අනුජානාමි භික්ඛවෙ ද්වෙ තයො එකානුසාවණෙ කාතුං”යි වදාළ වචනයෙන් තුන් දෙනකුන්ට එක් උපාද්ධ්‍යායයා විසින් වෙන් වෙන් ආචාර්‍ය්‍යයා විසින් එක් අනුශ්‍රාවණය වටියි.
අදින්නාදානෙ තිස්සොති පාදෙ වා අතිරෙකපාදෙ වා පාරාජිකං, අතිරෙකමාසකෙ ථුල්ලච්චයං, මාසකෙ වා ඌනමාසකෙ වා දුක්කටං. චතස්සො මෙථුනපච්චයාති අක්ඛයිතෙ පාරාජිකං, යෙභුය්යෙන ඛයිතෙ ථුල්ලච්චයං, විවටකතෙ මුඛෙ දුක්කටං, ජතුමට්ඨකෙ පාචිත්තියං. ඡින්දන්තස්ස තිස්සොති වනප්පතිං ඡින්දන්තස්ස පාරාජිකං, භූතගාමෙ පාචිත්තියං, අඞ්ගජාතෙ ථුල්ලච්චයං. පඤ්ච ඡඩ්ඩිතපච්චයාති අනොදිස්ස විසං ඡඩ්ඩෙති, සචෙ තෙන මනුස්සො මරති, පාරාජිකං; යක්ඛපෙතෙසු ථුල්ලච්චයං; තිරච්ඡානගතෙ පාචිත්තියං; විස්සට්ඨිඡඩ්ඩනෙ සඞ්ඝාදිසෙසො; සෙඛියෙසු හරිතෙ උච්චාරපස්සාවඡඩ්ඩනෙ දුක්කටං – ඉමා ඡඩ්ඩිතපච්චයා පඤ්චාපත්තියො හොන්ති.
“අදින්නාදානෙ තිස්සො” පාදයෙහි හෝ අතිරෙකපාදයෙහි හෝ පාරාජිකය. මස්සකට වැඩියෙහි ථුල්ලච්චයය. මස්සෙහි හෝ අඩුමස්සෙහි හෝ දුක්කටය. “චතස්සො මෙථුනපච්චයා” ක්ෂය නොවූ නිමිත්තෙහි පාරාජිකය. සිවු කොටසින් තුන්කොටසක් ක්ෂයවූ නිමිත්තෙහි ථුල්ලච්චයය. විවෘත කළ මුවෙහි දුක්කටය. ජතුමට්ටකයෙහි පාචිත්තියය. “ජින්දන්තස්ස තිස්සො” මෙරමා අයත් වනදෙටු රුකක් සිඳින්නහුට පාරාජිකය. භූතගාමයෙහි පාචිත්තියය. අඞ්ගජාතය සිඳීමෙහි ථුල්ලච්චයය. “පඤ්ච ඡඩ්ඩිතපච්චයා” නොඋදෙසා විෂයක් දමාද, ඉඳින් එයින් මිනිසෙක් මැරේද, පාරාජිකයය. යක්ෂප්රේතයන් කෙරෙහි ථුල්ලච්චයය. තිරිසනකු මළකල්හි පාචිත්තියය. සුක්කවිසට්ඨියෙහි සඞ්ඝාදිසෙසය. ශෛක්ෂ්යයන්හි නිල් තණමතුවෙහි මලමූ දැමීමෙහි දුක්කටය යන මොවුහු දැමූ හෙතුවෙන්වූ පඤ්චාපත්තීහුය.
පාචිත්තියෙන දුක්කටා කතාති භික්ඛුනොවාදකවග්ගස්මිං දසසු සික්ඛාපදෙසු පාචිත්තියෙන සද්ධිං දුක්කටා කතා එවාති අත්ථො. චතුරෙත්ථ නවකා වුත්තාති පඨමසික්ඛාපදම්හියෙව අධම්මකම්මෙ ද්වෙ, ධම්මකම්මෙ ද්වෙති එවං චත්තාරො නවකා වුත්තාති අත්ථො. ද්වින්නං චීවරෙන චාති භික්ඛූනං සන්තිකෙ උපසම්පන්නාය චීවරං දෙන්තස්ස පාචිත්තියං, භික්ඛුනීනං සන්තිකෙ උපසම්පන්නාය දෙන්තස්ස දුක්කටන්ති එවං ද්වින්නං භික්ඛුනීනං චීවරං දෙන්තස්ස චීවරෙන කාරණභූතෙන ආපත්ති හොතීති අත්ථො.
“පාචිත්තියෙන දුක්කටා කතා” භික්ඛුනොවාදක වර්ගයෙහි දස ශික්ෂාපදයන් අතුරෙහි පාචිත්තිය සමග දුක්කටාපත්තීහු ප්‍රකාශ කරණලද්දාහුමය යන අර්‍ත්‍ථයි. “චතුරෙත්ථ නවකා වුත්තා” ප්රථමශික්ෂාපදයෙහිම අධර්‍මකර්‍මයෙහි දෙකෙක, ධර්‍මකර්‍මයෙහි දෙකෙකැ’යි මෙසේ නවක සතරක් කියනලද්දාහුය, යන අර්‍ත්‍ථයි. “ද්වින්නං චීවරෙන” මහණුන් හමුවෙහි උපසපන් මෙහෙණක්හට සිවුරු දෙන්නහුට පාචිත්තියය. මෙහෙණන් හමුවෙහි උපසපන් මෙහෙණක්හට සිවුරු දෙන්නහුටදැයි මෙසේ මෙහෙණින් දෙදෙනකුට සිවුරු දෙන මහණහුට සිවුර කරණකොට ඇවැත් වේය, යන අර්‍ත්‍ථයි.
අට්ඨ පාටිදෙසනීයාති පාළියං ආගතා එව. භුඤ්ජන්තාමකධඤ්ඤෙන පාචිත්තියෙන දුක්කටා කතාති ආමකධඤ්ඤං විඤ්ඤාපෙත්වා භුඤ්ජන්තියා පාචිත්තියෙන සද්ධිං දුක්කටා කතායෙව.
“අට්ඨ පාටිදෙසනීයා” පෙළෙහි ආවාහුමය. “භුඤ්ජන්තාමකධඤ්ඤෙන පාචිත්තියෙන දුක්කටා කතා” අමුධාන්යය විණවා අනුභව කරන්නියට අනුභවයෙහි පාචිත්තිය හා පූර්වප්රයොගයෙහි දුක්කට වදාරණ ලද්දාහුමය.
ගච්ඡන්තස්ස චතස්සොති භික්ඛුනියා වා මාතුගාමෙන වා සද්ධිං සංවිධාය ගච්ඡන්තස්ස දුක්කටං, ගාමූපචාරොක්කමනෙ පාචිත්තියං, යා භික්ඛුනී එකා ගාමන්තරං ගච්ඡති, තස්සා ගාමූපචාරං ඔක්කමන්තියා පඨමපාදෙ ථුල්ලච්චයං, දුතියපාදෙ සඞ්ඝාදිසෙසොති ගච්ඡන්තස්ස ඉමා චතස්සො ආපත්තියො හොන්ති. ඨිතස්ස චාපි තත්තකාති ඨිතස්සපි චතස්සො එවාති අත්ථො. කථං? භික්ඛුනී අන්ධකාරෙ වා පටිච්ඡන්නෙ වා ඔකාසෙ මිත්තසන්ථවවසෙන පුරිසස්ස හත්ථපාසෙ තිට්ඨති, පාචිත්තියං; හත්ථපාසං විජහිත්වා තිට්ඨති, දුක්කටං; අරුණුග්ගමනකාලෙ දුතියිකාය හත්ථපාසං විජහන්තී තිට්ඨති, ථුල්ලච්චයං; විජහිත්වා තිට්ඨති, සඞ්ඝාදිසෙසොති නිසින්නස්ස චතස්සො ආපත්තියො. නිපන්නස්සාපි තත්තකාති සචෙපි හි සා නිසීදති වා නිපජ්ජති වා, එතායෙව චතස්සො ආපත්තියො ආපජ්ජති.
“ගච්ඡන්තස්ස චතස්සො” මෙහෙණක සමග හෝ මාගමක සමග හෝ සංවිධානයකොට යන්නහුට දුක්කටය. ග්රාමොපචාරයට බැසීමෙහි පාචිත්තියය. යම් මෙහෙණක් තොමෝ එකලාව අන් ගමකට යේ නම්, ග්රාමොපචාරයට බස්නා වූ ඒ මෙහෙණහට ප්‍රථම පාදයෙහි ථුල්ලච්චයය. දෙවැනි පාදයෙහි සඞ්ඝාදිසෙසයයි යන්නහුට මේ සිවු ඇවැත්හු වෙත්. “ඨිතස්ස චාපි තත්තිකා” සිටියහුටද මේ ඇවැත් සතර වෙත්මය යන අර්‍ත්‍ථයි. කීයේය, යත්:- මෙහෙණ තොමෝ අඳුර ඇත්තාවු හෝ පිළිසන්වූ හෝ අවකාශයෙහි මිත්‍රසන්ථව වශයෙන් පුරුෂයකුගේ අත්පස සිටීද, පාචිත්තියය. අත්පස හැර සිටීද දුක්කටය. අරුණ නගින කල්හි දෙවැන්නකගේ අත්පස හරිමින් සිටීද, ථුල්ලච්චයය. හැරසිටීද සඞ්ඝාදිසෙසයයි. “නිසින්නස්ස චතස්සො ආපත්තියො නිපන්නස්සාපි තත්තිකා” ඉදින්වනාහි ඕතොමෝ හිඳියි හෝ නිදයි හෝ මේ ඇවැත් සතරට පැමිණේ.
(3) පාචිත්තියවණ්ණනා
(3) පාචිත්තියවණ්ණනා
පඤ්ච පාචිත්තියානීති පඤ්ච භෙසජ්ජානි පටිග්ගහෙත්වා නානාභාජනෙසු වා එකභාජනෙ වා අමිස්සෙත්වා ඨපිතානි හොන්ති, සත්තාහාතික්කමෙ සො භික්ඛු පඤ්ච පාචිත්තියානි සබ්බානි නානාවත්ථුකානි එකක්ඛණෙ ආපජ්ජති, “ඉමං පඨමං ආපන්නො, ඉමං පච්ඡා”ති න වත්තබ්බො.
“පඤ්ච පාචිත්තියානි” ගිතෙල් ආදි පස් බෙහෙත් පිළිගෙණ නන් බඳුන්හි හෝ එක් බඳුනෙක හෝ එක් නොකොට තබනලද්දාහු වෙත්ද, සත්දවස ඉක්මීමෙහි ඒ මහණතෙමේ සියලු නානාවස්තුක වූ ඇවැත් පසකට එකවිට පැමිණේ. ‘මෙයට පළමු පැමිණියේය, මෙයට පසුව පැමිණියේය’යි නොකියයුතුය.
නව පාචිත්තියානීති යො භික්ඛු නව පණීතභොජනානි විඤ්ඤාපෙත්වා තෙහි සද්ධිං එකතො එකං කබළං ඔමද්දිත්වා මුඛෙ පක්ඛිපිත්වා පරගළං අතික්කාමෙති, අයං නව පාචිත්තියානි සබ්බානි නානාවත්ථුකානි එකක්ඛණෙ ආපජ්ජති “ඉමං පඨමං ආපන්නො, ඉමං පච්ඡා”ති න වත්තබ්බො. එකවාචාය දෙසෙය්යාති “අහං, භන්තෙ, පඤ්ච භෙසජ්ජානි පටිග්ගහෙත්වා සත්තාහං අතික්කාමෙත්වා පඤ්ච ආපත්තියො ආපන්නො, තා තුම්හමූලෙ පටිදෙසෙමී”ති එවං එකවාචාය දෙසෙය්ය, දෙසිතාව හොන්ති, ද්වීහි තීහි වාචාහි කිච්චං නාම නත්ථි. දුතියවිස්සජ්ජනෙපි “අහං, භන්තෙ, නව පණීතභොජනානි විඤ්ඤාපෙත්වා භුඤ්ජිත්වා නව ආපත්තියො ආපන්නො, තා තුම්හමූලෙ පටිදෙසෙමී”ති වත්තබ්බං.
“නව පාචිත්තියානි” යම් මහණෙක්තෙමේ, නව ප්‍රණීත භොජනයන් විණවා ඔවුන් සමග එකට එක් පිඩක් මැඩ මුවෙහි බහා ගෙලෙන් පහළ ඉක්මවා නම් මෙතෙමේ නානාවස්තුක වූ පාචිත්තිය නවයකට එකවිට පැමිණේ. “මෙයට පළමුව පැමිණියේය, මෙයට පසුව පැමිණියේය’යි නොකියයුතුය. “එකවාචාය දෙසෙය්ය” “අහම්භන්තෙ පඤ්ච භෙසජ්ජානි පටිග්ගහෙත්වා සත්තාහං අතික්කමිත්වා පඤ්ච ආපත්තියො ආපන්නො, තා තුම්හමූලෙ පටිදෙසෙමි”යි මෙසේ එක්වචනයෙන් දෙසන්නේ නම් දෙසනලද්දාහුම වෙති. වචන දෙකකින් තුනකින් කෘත්‍යයෙක් නම් නැත්තේය. ද්විතීය විසර්ජනයෙහිද “අහම්භන්තෙ නව පණීතභොජනානි විඤ්ඤාපෙත්වා භුඤ්ජිත්වා නව ආපත්තියො ආපන්නො, තා තුම්හමූලෙ පටිදෙසෙමි”යි කියයුතුය.
වත්ථුං කිත්තෙත්වා දෙසෙය්යාති “අහං, භන්තෙ, පඤ්ච භෙසජ්ජානි පටිග්ගහෙත්වා සත්තාහං අතික්කාමෙසිං, යථාවත්ථුකං තං තුම්හමූලෙ පටිදෙසෙමී”ති එවං වත්ථුං කිත්තෙත්වා දෙසෙය්ය, දෙසිතාව හොන්ති ආපත්තියො, ආපත්තියා නාමග්ගහණෙන කිච්චං නත්ථි. දුතියවිස්සජ්ජනෙපි “අහං, භන්තෙ, නව පණීතභොජනානි විඤ්ඤාපෙත්වා භුත්තො, යථාවත්ථුකං තං තුම්හමූලෙ පටිදෙසෙමී”ති වත්තබ්බං.
“වත්ථූං කිත්තෙත්වා දෙසෙය්ය” අහම්භන්තෙ පඤ්ච භෙසජ්ජානි පටිග්ගහෙත්වා සත්තාහං අතික්කමෙසිං යථා වත්ථුකං තං තුම්හමූලෙ පටිදෙසෙමි”යි මෙසේ වස්තු කීර්තනයකොට දෙන්නේනම්, ඇවැත් දෙසන ලද්දාහුම වෙත්. ඇවතෙහි නම ගැණීමෙන් වැඩෙක් නැත්තේය. ද්විතීය විසර්ජනයෙහිද “අහම්භන්තෙ නව පණීතභොජනානි විඤ්ඤාපෙත්වා භුත්තො, යථා වත්ථුකං තා තුම්හමූලෙ පටිදෙසෙමි”යි කියයුතුය.
යාවතතියකෙ තිස්සොති උක්ඛිත්තානුවත්තිකාය පාරාජිකං භෙදකානුවත්තකානං කොකාලිකාදීනං සඞ්ඝාදිසෙසං, පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ චණ්ඩකාළිකාය ච භික්ඛුනියා පාචිත්තියන්ති ඉමා යාවතතියකා තිස්සො ආපත්තියො. ඡ වොහාරපච්චයාති පයුත්තවාචාපච්චයා ඡ ආපත්තියො ආපජ්ජතීති අත්ථො. කථං? ආජීවහෙතු ආජීවකාරණා පාපිච්ඡො ඉච්ඡාපකතො අසන්තං අභූතං උත්තරිමනුස්සධම්මං උල්ලපති, ආපත්ති පාරාජිකස්ස. ආජීවහෙතු ආජීවකාරණා සඤ්චරිත්තං සමාපජ්ජති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. ආජීවහෙතු ආජීවකාරණා යො තෙ විහාරෙ වසති සො අරහාති වදති, ආපත්ති ථුල්ලච්චයස්ස. ආජීවහෙතු ආජීවකාරණා භික්ඛු පණීතභොජනානි අත්තනො අත්ථාය විඤ්ඤාපෙත්වා භුඤ්ජති, ආපත්ති පාචිත්තියස්ස. ආජීවහෙතු ආජීවකාරණා භික්ඛුනී පණීතභොජනානි අත්තනො අත්ථාය විඤ්ඤාපෙත්වා භුඤ්ජති, ආපත්ති පාටිදෙසනීයස්ස. ආජීවහෙතු ආජීවකාරණා සූපං වා ඔදනං වා අගිලානො අත්තනො අත්ථාය විඤ්ඤාපෙත්වා භුඤ්ජති, ආපත්ති දුක්කටස්සාති.
“යාවතතියකා තිස්සො” උක්ඛිත්තානුවර්තක භික්ෂුණියට පාරාජිකය භෙදානුවර්තක කොකාලිකාදීන්ට සඞ්ඝාදිසෙසය. ලාමක දෘෂ්ටිය නොදුරලීමෙහි චණ්ඩකාලිකා භික්ෂුණියටද පාචිත්තියයි මොවුහු තෙවනවර කීම් අවසානයෙහි ඇවැත්හු වෙත්. “ඡ වොහාරප්පච්චයා” ප්රයුක්තවාක්ප්රත්යයයෙන් ඇවැත් සයකට පැමිණේය, යන අර්‍ත්‍ථයි. යත්:- ආජීවය හෙතුකොට ආජීවය කරුණුකොට පාප්සො ඇතියේ ඊප්සාවෙන් මඩනා ලද්දේ අවිද්යාමානවූ නොවූ උතුරුමිනිස්දම් පවසාද, පාරාජිකාපත්තියට පැමිණීම වේ. ආජීවය හෙතුකොට ආජීවය කරුණුකොට සඤ්චරණයට පැමිණේද, සඞ්ඝාදිසෙසාපත්තියට පැමිණීම වේ. ආජීවය හෙතුකොට ආජීවය කරුණුකොට ‘තාගේ විහාරයෙහි යමෙක් වෙසේද -පෙ- ථුල්ලච්චයාපත්තියට පැමිණීම වේ. ආජීවය හෙතුකොට ආජීවය කරුණුකොට මහණතෙමේ තමන් පිණිස ප්‍රණීත භොජනයන් විනවා වළඳාද, පාචිත්තියාපත්තියට පැමිණීම වේ. ආජීවය හෙතුකොට ආජීවය කරුණුකොට මෙහෙණතොමෝ ප්රණිතභොජනයන් තමන් පිණිස විනවා වළඳාද, පාටිදෙසනීයාපත්තියට පැමිණීම වේ. ආජීවය හෙතුකොට ආජීවය කරුණුකොට නොගිලන්ව තමන් පිණිස සූපයක් හෝ ඔදනයක් හෝ විනවා වළඳාද දුක්කටාපත්තියට පැමිණීම වේ.
ඛාදන්තස්ස තිස්සොති මනුස්සමංසෙ ථුල්ලච්චයං, අවසෙසෙසු අකප්පියමංසෙසු දුක්කටං, භික්ඛුනියා ලසුණෙ පාචිත්තියං. පඤ්ච භොජනපච්චයාති අවස්සුතා අවස්සුතස්ස පුරිසස්ස හත්ථතො භොජනං ගහෙත්වා තත්ථෙව මනුස්සමංසං ලසුණං අත්තනො අත්ථාය විඤ්ඤාපෙත්වා ගහිතපණීතභොජනානි අවසෙසඤ්ච අකප්පියමංසං පක්ඛිපිත්වා වොමිස්සකං ඔමද්දිත්වා අජ්ඣොහරමානා සඞ්ඝාදිසෙසං, ථුල්ලච්චයං, පාචිත්තියං, පාටිදෙසනීයං, දුක්කටන්ති ඉමා පඤ්ච ආපත්තියො භොජනපච්චයා ආපජ්ජති.
“ඛාදන්තස්ස තිස්සො” මිනීමසෙහි ථුල්ලච්චයය. සෙසු අකැපමසෙහි දුක්කටය. මෙහෙණට ලූණු කෑමෙහි පාචිත්තියය. “පඤ්චභොජනප්පච්චයා” තොමෝ කෙලෙසුන්ගෙන් තෙත්ව කෙලෙසුන්ගෙන් තෙත්වූ පුරුෂයකු අතින් බොජුන් පිළිගෙණ එහිම මිනීමස් සුදුලූණු තමන් පිණිස විනවාගෙණ, ගත් ප්‍රණීත භොජනද සෙසු අකැපමස්ද බහා මිශ්‍රකොට මැඩ බුදින්නී සඞ්ඝාදිසෙස, ථුල්ලච්චය, පාචිත්තිය, පාටිදෙසනීය, දුක්කට යන මේ පස් ඇවැතුන්ට භොජන හෙතුවෙන් පැමිණෙන්නීය.
පඤ්ච ඨානානීති “උක්ඛිත්තානුවත්තිකාය භික්ඛුනියා යාවතතියං සමනුභාසනාය අප්පටිනිස්සජ්ජන්තියා ඤත්තියා දුක්කටං, ද්වීහි කම්මවාචාහි ථුල්ලච්චයං, කම්මවාචාපරියොසානෙ ආපත්ති පාරාජිකස්ස, සඞ්ඝභෙදාය පරක්කමනාදීසු සඞ්ඝාදිසෙසො, පාපිකාය දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ පාචිත්තිය”න්ති එවං සබ්බා යාවතතියකා පඤ්ච ඨානානි ගච්ඡන්ති. පඤ්චන්නඤ්චෙව ආපත්තීති ආපත්ති නාම පඤ්චන්නං සහධම්මිකානං හොති, තත්ථ ද්වින්නං නිප්පරියායෙන ආපත්තියෙව, සික්ඛාමානසාමණෙරිසාමණෙරානං පන අකප්පියත්තා න වට්ටති. ඉමිනා පරියායෙන තෙසං ආපත්ති න දෙසාපෙතබ්බා, දණ්ඩකම්මං පන තෙසං කාතබ්බං. පඤ්චන්නං අධිකරණෙන චාති අධිකරණඤ්ච පඤ්චන්නමෙවාති අත්ථො. එතෙසංයෙව හි පඤ්චන්නං පත්තචීවරාදීනං අත්ථාය විනිච්ඡයවොහාරො අධිකරණන්ති වුච්චති, ගිහීනං පන අඩ්ඩකම්මං නාම හොති.
“පඤ්ච ඨානානි” තුන් යලක් සමනුභාසනය තෙක් නොහරින්නාවූ උක්ඛිත්තානුවත්තක භික්ෂුණියට ඤත්තියෙන් දුක්කටය. කර්මවාක්ය දෙකින් ථුල්ලච්චයය. කර්මවාක්යයාගේ අවසානයෙහි පාරාජිකාපත්තිය වන්නීය. සඞ්ඝභෙදයට උත්සාහ කිරීම් ආදියෙහි සඞ්ඝාදිසෙසය. ලාමක දෘෂ්ටිය නොහැරීමෙහි පාචිත්තිය’යි මෙසේ සියලු යාවතතියකයෝ පස්තැනකට යෙත්. “පඤ්චන්නඤ්චෙව ආපත්ති” ආපත්තිය නම් පස්සහ දැහැමියන්ට වේ. එහි භික්ෂු - භික්ෂුණී දෙදෙනාහට නිෂ්පර්‍ය්‍යායයෙන් ඇවැත්මය. සික්ඛමානා-සාමණේර-සාමණෙරීන්ට වනාහි අකැප බැවින් නොවටියි. මේ පර්‍ය්‍යායයෙන් ඔවුන්ගේ ඇවැත් නොදෙසවිය යුත්තීය. ඔවුන්ට දඬුවම් කටයුතුය. “පඤ්චන්නං අධිකරණෙන ච” අධිකරණයද පස්දෙනකුන්හටය, යන අර්‍ත්‍ථයි. මේ පස්දෙනාගේම පාසිවුරු ආදිය පිණිස විනිශ්චය ව්‍යවහාරය අධිකරණයයි කියනු ලැබේ. ගිහින්ගේ වනාහි අට්ටකර්ම නම් වේ.
පඤ්චන්නං විනිච්ඡයො හොතීති පඤ්චන්නං සහධම්මිකානංයෙව විනිච්ඡයො නාම හොති. පඤ්චන්නං වූපසමෙන චාති එතෙසංයෙව පඤ්චන්නං අධිකරණං විනිච්ඡිතං වූපසන්තං නාම හොතීති අත්ථො. පඤ්චන්නඤ්චෙව අනාපත්තීති එතෙසංයෙව පඤ්චන්නං අනාපත්ති නාම හොතීති අත්ථො. තීහි ඨානෙහි සොභතීති සඞ්ඝාදීහි තීහි කාරණෙහි සොභති. කතවීතික්කමො හි පුග්ගලො සප්පටිකම්මං ආපත්තිං සඞ්ඝමජ්ඣෙ ගණමජ්ඣෙ පුග්ගලසන්තිකෙ වා පටිකරිත්වා අබ්භුණ්හසීලො පාකතිකො හොති, තස්මා තීහි ඨානෙහි සොභතීති වුච්චති.
“පඤ්චන්නං විනිච්ඡයො හොති” පස්සහ දැහැමියන්ගේම විනිශ්චය නම් වේ. “පඤ්චන්නං වූපසමෙන ච” මේ පස්සහ දැහැමියන්ගේම අධිකරණය විනිශ්චය කරණලද්දේ සන්සිඳුනේ නම් වේය යන අර්‍ත්‍ථයි. “පඤ්චන්නං එව අනාපත්ති” මේ පස් දෙනාහටම ඇවැතක්නම් නොවේය, යන අර්‍ත්‍ථයි. “තීහි ඨානෙහි සොභති” සඞ්ඝ-ගණ-පුද්ගල යන තුන් කරුණින් හොබියි. කළ ව්යතික්රම ඇති පුද්ගල තෙමේ ප්රතිකර්මසහිත ඇවැත සඟමැද හෝ ගණමැද හෝ පුද්ගලයකු වෙත හෝ ප්‍රකාශකොට අලුතින් උපන් සිල් ඇත්තේ වේ. නැවත ප්‍රකෘතිමත් වේ. එහෙයින් තුන් කරුණෙන් හොබීයයි කියනු ලැබේ.
ද්වෙ කායිකා රත්තින්ති භික්ඛුනී රත්තන්ධකාරෙ පුරිසස්ස හත්ථපාසෙ ඨානනිසජ්ජසයනානි කප්පයමානා පාචිත්තියං, හත්ථපාසං විජහිත්වා ඨානාදීනි කප්පයමානා දුක්කටන්ති ද්වෙ කායද්වාරසම්භවා ආපත්තියො රත්තිං ආපජ්ජති. ද්වෙ කායිකා දිවාති එතෙනෙව උපායෙන දිවා පටිච්ඡන්නෙ ඔකාසෙ ද්වෙ ආපත්තියො ආපජ්ජති. නිජ්ඣායන්තස්ස එකා ආපත්තීති “න ච, භික්ඛවෙ, සාරත්තෙන මාතුගාමස්ස අඞ්ගජාතං උපනිජ්ඣායිතබ්බං . යො උපනිජ්ඣායෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති (පාරා· 266) නිජ්ඣායන්තස්ස අයමෙකා ආපත්ති. එකා පිණ්ඩපාතපච්චයාති “න ච, භික්ඛවෙ, භික්ඛාදායිකාය මුඛං ඔලොකෙතබ්බ”න්ති (චූළව· 366) එත්ථ දුක්කටාපත්ති, අන්තමසො යාගුං වා බ්යඤ්ජනං වා දෙන්තස්ස සාමණෙරස්සාපි හි මුඛං උල්ලොකයතො දුක්කටමෙව. කුරුන්දියං පන “එකා පිණ්ඩපාතපච්චයාති භික්ඛුනිපරිපාචිතං පිණ්ඩපාතං භුඤ්ජන්තස්ස පාචිත්තිය”න්ති වුත්තං.
“ද්වෙ කායිකා රත්තිං” මෙහෙණ තොමෝ රෑ අඳුරෙහි පුරුෂයකුගේ අත්පස සිටීමි හිඳීම් නිදීම් කරන්නී පාචිත්තියටද අත්පස හැර සිටීම් ආදිය කරන්නී දුක්කටයටදැයි කායද්වාරයෙහි උපදින ඇවැත් දෙකට රාත්‍රියෙහි පැමිණෙන්නීය. “ද්වෙ කායිකා දිවා” මේ උපායයෙන්ම දාවල පිළිසන් අවකාශයෙහි ඇවැත් දෙකට පැමිණෙන්නීය. “නිජ්ඣායන්තස්ස එකා ආපත්ති” “න ච භික්ඛවෙ සාරත්තෙන මාතුගාමස්ස අඞ්ගජාතං උපනිජ්ඣායිතබ්බං යො උපනිජ්ඣායෙය්ය, ආපත්ති දුක්කටස්ස” වදාළ බැවින් අසුවල් තැන ඇතැයි බලන්නහුට මේ එක් දුක්කටයෙක් වේ. “එකා පිණ්ඩපාතපච්චයා” “න ච භික්ඛවෙ පිණ්ඩපාතදායිකාය මුඛං ඔලොකෙතබ්බං” යන මෙහි වදාළ දුක්කටාපත්තිය වේ. යටත් පිරිසයින් කැඳ හෝ ව්‍යඤ්ජන හෝ දෙන හෙරණහුගේ මූණ බලන මහණහුට දුක්කටයම වේ. කුරුන්දියෙහි වනාහි “එකා පිණ්ඩපාතපච්චයා”යි මෙහෙණ විසින් පිසූ පිණ්ඩපාතය වළඳන මහණහට පාචිත්තියයි කියන ලදී.
අට්ඨානිසංසෙ සම්පස්සන්ති කොසම්බකක්ඛන්ධකෙ වුත්තානිසංසෙ. උක්ඛිත්තකා තයො වුත්තාති ආපත්තියා අදස්සනෙ අප්පටිකම්මෙ පාපිකාය ච දිට්ඨියා අප්පටිනිස්සග්ගෙති. තෙචත්තාලීස සම්මාවත්තනාති තෙසංයෙව උක්ඛිත්තකානං එත්තකෙසු වත්තෙසු වත්තනා.
“අට්ඨානිසංසෙ සම්පස්සං” කොසම්බකක්ඛන්ධකයෙහි වදාළ එකට පොහොය කිරීම් ආදීවූ අනුසස් “උක්ඛිත්තකා තයො වුත්තා” ඇවිත් නොදැක්මෙහි පිළියම් නොකිරීමෙහි ලාමකදෘෂ්ටිය නොහැරීමෙහි “තෙ චත්තාළීස සම්මා වත්තනා” ඒ උක්ඛිත්තකයන්ගේම මෙපමණ වත්හි පැවැත්මයි.
පඤ්චඨානෙ මුසාවාදොති පාරාජිකසඞ්ඝාදිසෙසථුල්ලච්චයපාචිත්තියදුක්කටසඞ්ඛාතෙ පඤ්චට්ඨානෙ මුසාවාදො ගච්ඡති. චුද්දස පරමන්ති වුච්චතීති දසාහපරමාදිනයෙන හෙට්ඨා වුත්තං. ද්වාදස පාටිදෙසනීයාති භික්ඛූනං චත්තාරි භික්ඛුනීනං අට්ඨ. චතුන්නං දෙසනාය චාති චතුන්නං අච්චයදෙසනායාති අත්ථො. කතමා පන සාති? දෙවදත්තෙන පයොජිතානං අභිමාරානං අච්චයදෙසනා, අනුරුද්ධත්ථෙරස්ස උපට්ඨායිකාය අච්චයදෙසනා, වඩ්ඪස්ස ලිච්ඡවිනො අච්චයදෙසනා, වාසභගාමියත්ථෙරස්ස උක්ඛෙපනීයකම්මං කත්වා ආගතානං භික්ඛූනං අච්චයදෙසනාති අයං චතුන්නං අච්චයදෙසනා නාම.
“පඤ්චට්ඨානෙ මුසාවාදො” පාරාජික-සඞ්ඝාදිසෙස-ථුල්ලච්චය-පාචිත්තිය-දුක්කට සඞ්ඛ්යාතවූ පස්තැනට මුසාවාදය යෙයි. “චුද්දස පරමන්ති වුච්චති” දසාහපරමාදි නයින් යටකියනලදී. “ද්වාදස පාටිදෙසනිකා” භික්ෂූන්ට සතරෙක. භික්ෂූණීන්ට අටෙක. “චතුන්නං දෙසනාය ච” සිවුදෙනකුන්ගේ වරද දෙසීමෙන්, යන අර්‍ත්‍ථයි. ඕ කවරීද, යත්:- දෙව්දත්හු විසින් යොදනලද දුනුගත්තවුන්ගේ වරද දෙසීම. අනුරුද්ධ තෙරුන් උපස්ථායිකාවගේ වරද දෙසීම. වඩ්ඪ ලිච්ඡවිහුගේ වරද දෙසීම. වාසභගාමීය තෙරුන්ට උත්ක්‍ෂෙපණීය කර්මයකොට ආවාවූ භික්ෂූන්ගේ වරද දෙසීම සිවුදෙනාගේ වරද දෙසීම නම.
අට්ඨඞ්ගිකො මුසාවාදොති “පුබ්බෙවස්ස හොති මුසා භණිස්ස”න්ති ආදිං කත්වා “විනිධාය සඤ්ඤ”න්ති පරියොසානෙහි (පාචි· 4-5; පරි· 459) අට්ඨහි අඞ්ගෙහි අට්ඨඞ්ගිකො. උපොසථඞ්ගානිපි පාණං න හනෙතිආදිනා නයෙන වුත්තානෙව. අට්ඨ දූතෙය්යඞ්ගානීති “ඉධ, භික්ඛවෙ, භික්ඛු සොතා ච හොති සාවෙතා චා”තිආදිනා (චූළව· 347) නයෙන සඞ්ඝභෙදකෙ වුත්තානි. අට්ඨ තිත්ථියවත්තානි මහාඛන්ධකෙ වුත්තානි.
“අට්ඨඞ්ගිකො මුසාවාදො” “පුබ්බෙවස්ස හොති මුසාභණිස්සං” යනු ආදිකොට “විනිධාය සඤ්ඤං” යනු කෙළවරකොට ඇති අටඟින් අඞ්ග අටක් ඇත්තේය. “උපොසථඞ්ගානි” “පාණං නහානෙ” යනාදි නයින් වදාරණ ලද්දාහුමය. “අට්ඨ දූතෙය්යඞ්ගානි” “ඉධ භික්ඛවෙ භික්ඛු සොතා ච හොති සාවෙතා ච” යනාදිනයින් සඞ්ඝභෙදකක්ඛන්ධකයෙහි වදාරණ ලද්දාහුය. තීර්ථකවත් අට මහාක්ඛන්ධකයෙහි වදාරණ ලද්දාහුය.
අට්ඨවාචිකා උපසම්පදාති භික්ඛුනීනං උපසම්පදං සන්ධාය වුත්තං. අට්ඨන්නං පච්චුට්ඨාතබ්බන්ති භත්තග්ගෙ අට්ඨන්නං භික්ඛුනීනං ඉතරාහි පච්චුට්ඨාය ආසනං දාතබ්බං . භික්ඛුනොවාදකො අට්ඨහීති අට්ඨහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු භික්ඛුනොවාදකො සම්මන්නිතබ්බො.
“අට්ඨවාචිකා උපසම්පදා” භික්ෂුණීන්ගේ උපසම්පදාව සඳහා වදාරණ ලදී. “අට්ඨන්තං පච්චුට්ඨාතබ්බං” බත්හලෙහි මෙහෙණන් අටදෙනාහට අන්‍යයන් විසින් නැගිට අසුන දියයුතුය. “භික්ඛුනොවාදකො අට්ඨහි” අටඟින් යුත් භික්ෂුතෙමේ, භික්ෂුණීන්ට අවවාද කරන්නකු කොට සම්මත කටයුත්තේය.
එකස්ස ඡෙජ්ජන්ති ගාථාය නවසු ජනෙසු යො සලාකං ගාහෙත්වා සඞ්ඝං භින්දති, තස්සෙව ඡෙජ්ජං හොති, දෙවදත්තො විය පාරාජිකං ආපජ්ජති. භෙදකානුවත්තකානං චතුන්නං ථුල්ලච්චයං කොකාලිකාදීනං විය, ධම්මවාදීනං චතුන්නං අනාපත්ති. ඉමා පන ආපත්තියො ච අනාපත්තියො ච සබ්බෙසං එකවත්ථුකා සඞ්ඝභෙදවත්ථුකා එව.
“එකස්ස ඡෙප්පං” යන ගාථාවෙහි නවදෙනකුන් අතුරෙහි යමෙක් සලාක ගන්වා සඞ්ඝයා බිඳීද, ඔහුටම ඡෙද්යය වේ. දෙව්දත්හු මෙන් පාරාජිකයට පැමිණේ. භෙදානුවර්තිකවූ සිවුදෙනාහට කොකාලිකාදීන්ට මෙන් ථුල්ලච්චය වේ. ධර්මවාදීවූ සිවුදෙනාහට අනාපත්තිමය. මේ ඇවැත්හු වනාහි සියල්ලන්හට එකවස්තුකයහ. සඞ්ඝභෙදවස්තුකමයහ.
නව ආඝාතවත්ථූනීති ගාථාය නවහීති නවහි භික්ඛූහි සඞ්ඝො භිජ්ජති. ඤත්තියා කරණා නවාති ඤත්තියා කාතබ්බානි කම්මානි නවාති අත්ථො. සෙසං උත්තානමෙව.
“නව ආඝාතවත්ථුනි” යන ගාථාවෙහි භික්ෂූන් නවදෙනකුන් විසින් සඞ්ඝ තෙමේ බිඳේ. “ඤත්තියා කරණා නවා” ඤත්තියෙන් කටයුතුකර්ම නවයෙක, යන අර්‍ත්‍ථයි. සෙස්ස ප්‍රකටමය.
(4) අවන්දනීයපුග්ගලාදිවණ්ණනා
(4) අවන්දනීයපුග්ගලාදිවණ්ණනා
දස පුග්ගලා නාභිවාදෙතබ්බාති සෙනාසනක්ඛන්ධකෙ වුත්තා දස ජනා. අඤ්ජලි සාමීචෙන චාති සාමීචිකම්මෙන සද්ධිං අඤ්ජලි ච තෙසං න කාතබ්බො, නෙව පානීයාපුච්ඡනතාලවණ්ටග්ගහණාදි ඛන්ධකවත්තං තෙසං දස්සෙතබ්බං, න අඤ්ජලි පග්ගණ්හිතබ්බොති අත්ථො. දසන්නං දුක්කටන්ති තෙසංයෙව දසන්නං එවං කරොන්තස්ස දුක්කටං හොති. දස චීවරධාරණාති දස දිවසානි අතිරෙකචීවරස්ස ධාරණා අනුඤ්ඤාතාති අත්ථො.
“දස පුග්ගලා නාභිවාදෙතබ්බා” සෙනාසනක්‍ඛන්‍ධකයෙහි වදාළ දස දෙනය. “අඤ්ජලීසාමිචෙන ච” සාමීචිකර්මය සමග අඤ්ජලීකර්මයද ඔවුන්ට නොකටයුතුය. පැන් පිළිවිසීම් තල්වැට ගැණීම් ආදී වූ කඳුවත් ඔවුන්ට නොදැක්විය යුතුය. ඇඳිලි නොබැන්දයුතුය, යන අර්‍ත්‍ථයි. “දස්සනං දුක්කටං” ඒ දස දෙනාහටම මෙසේ කරන්නහුට දුක්කටය වේ. “දස චීවරධාරණං” දස දවසක් වැඩිසිවුරක් දැරීම අනුදන්නා ලදය, යන අර්‍ත්‍ථයි.
පඤ්චන්නං වස්සංවුට්ඨානං, දාතබ්බං ඉධ චීවරන්ති පඤ්චන්නං සහධම්මිකානං සම්මුඛාව දාතබ්බං. සත්තන්නං සන්තෙති දිසාපක්කන්තඋම්මත්තකඛිත්තචිත්තවෙදනාට්ටානං තිණ්ණඤ්ච උක්ඛිත්තකානන්ති ඉමෙසං සත්තන්නං සන්තෙ පතිරූපෙ ගාහකෙ පරම්මුඛාපි දාතබ්බං. සොළසන්නං න දාතබ්බන්ති සෙසානං චීවරක්ඛන්ධකෙ වුත්තානං පණ්ඩකාදීනං සොළසන්නං න දාතබ්බං.
“පඤ්චන්නං වස්සං වුත්ථානං දාතබ්බං ඉධ චීවරං” පස්සහ දැහැමියන්ට හමුවම දියයුතුය. “සත්තන්නං සන්තෙ” දිසාගියේය. උමතු වූයේය. විකලසිත් ඇත්තේය. වේදනාවෙන් පෙළුනේය. යන මොවුන්ටද, උක්ඛිත්තක තිදෙනාහටද යන මේ සත්දෙනාගෙන් සුදුසු ගන්වන්නකු ඇති කල්හි නොහමුවෙහිද දියයුතුය. “සොළසන්නං න දාතබ්බං” චීවරක්ඛන්ධකයෙහි වදාළ සෙසු පණ්ඩකාදී වූ සොළොස් දෙනාහට නොදිය යුතුය.
කතිසතං රත්තිසතං, ආපත්තියො ඡාදයිත්වානාති කතිසතං ආපත්තියො රත්තිසතං ඡාදයිත්වාන. දසසතං රත්තිසතං, ආපත්තියො ඡාදයිත්වානාති දසසතං ආපත්තියො රත්තිසතං ඡාදයිත්වාන. අයඤ්හෙත්ථ සඞ්ඛෙපත්ථො – යො දිවසෙ සතං සතං සඞ්ඝාදිසෙසාපත්තියො ආපජ්ජිත්වා දස දස දිවසෙ පටිච්ඡාදෙති, තෙන රත්තිසතං ආපත්තිසහස්සං පටිච්ඡාදිතං හොති, සො සබ්බාව තා ආපත්තියො දසාහපටිච්ඡන්නාති පරිවාසං යාචිත්වා දස රත්තියො වසිත්වාන මුච්චෙය්ය පාරිවාසිකොති.
“කති සතං රත්තිසතං ආපත්තියො ඡාදයිත්වාන” කොපමණ සිය ගණනක් ඇවැත් රාත්‍රි සිය ගණනක් වසා. “දසසතං රත්තිසතං ආපත්තියො ඡාදයිත්වාන” දහසක් ඇවැත් රෑ සියයක් වසා මේ මෙහි සඞ්ක්ෂෙපාර්ත්ථයයි: යමෙක් දවසක් දවසක් පාසා සියය සියය සඞ්ඝාදිසෙසාපත්තීන්ට පැමිණ දසදවසක් දසදවසක් වසාද, ඔහු විසින් රෑසියයක් ඇවැත් දහසක් වසන ලද්දේ වේ. හෙතෙමේ ඒ සියලු ඇවැත්ම “දසාහපටිච්ඡන්නා”යි පිරිවෙස යාඥාකොට දසරැයක් වැසම ඒ පාරිවාසිකතෙමේ මිදෙන්නේය.
ද්වාදස කම්මදොසා වුත්තාති අපලොකනකම්මං අධම්මෙනවග්ගං, අධම්මෙනසමග්ගං, ධම්මෙනවග්ගං, තථා ඤත්තිකම්මඤත්තිදුතියකම්මඤත්තිචතුත්ථකම්මානිපීති එවං එකෙකස්මිං කම්මෙ තයො තයො කත්වා ද්වාදස කම්මදොසා වුත්තා.
“ද්වාදස කම්මදොසා වුත්තා” අපලොකනකර්මය අධර්මයෙන් ව්යග්රය. අධර්මයෙන් සමග්රය. ධර්මයෙන් ව්යාග්රය. එසේ ඤත්තිකර්මය. ඤත්තිද්විතීය කර්මය - ඤත්තිචතුර්ත්ථකර්මය යන මොවුහුදැ’යි මෙසේ එක් එක් කර්මයෙහි තුන තුනකොට ද්වාදශ කර්ම දොෂයෝ කියන ලදහ.
චතස්සො කම්මසම්පත්තියොති අපලොකනකම්මං ධම්මෙනසමග්ගං, තථා සෙසානිපීති එවං චතස්සො කම්මසම්පත්තියො වුත්තා.
“චතස්සො කම්මසම්පත්තියො” අපලොකන කර්මය ධර්මයෙන් සමග්රය. සෙස්සෝද එසේය’යි මෙසේ කර්මසම්පත්තීහු සතරක් කියනලදහ.
ඡ කම්මානීති අධම්මෙනවග්ගකම්මං, අධම්මෙනසමග්ගකම්මං, ධම්මපතිරූපකෙනවග්ගකම්මං, ධම්මපතිරූපකෙනසමග්ගකම්මං, ධම්මෙනවග්ගකම්මං, ධම්මෙනසමග්ගකම්මන්ති එවං ඡ කම්මානි වුත්තානි. එකෙත්ථ ධම්මිකා කතාති එකං ධම්මෙන සමග්ගකම්මමෙවෙත්ථ ධම්මිකං කතන්ති අත්ථො. දුතියගාථාවිස්සජ්ජනෙපි එතදෙව ධම්මිකං.
“ඡ කම්මානි” අධර්මයෙන් ව්‍යග්‍රකර්‍මය, අධර්මයෙන් සමග්‍රකර්‍මය, ධර්‍මප්‍රතිරූපකයෙන් ව්‍යග්‍රකර්‍මය, ධර්මප්‍රතිරූපකයන් සමග්‍රකර්‍මය, ධර්මයෙන් ව්‍යග්‍රකර්‍මය, ධර්මයෙන් සමග්‍ර කර්මය’යි මෙසේ කර්මසයක් වදාරණ ලදහ. “එකෙත්ථ ධම්මිකා කතා” එක් කර්මයෙක් ධර්මයෙන් සමග්‍රකර්‍මය මැයි මෙහි ධාර්මිකය කරණ ලදැයි යන අර්‍ත්‍ථයි. ද්විතීයගාථා විසර්ජනයෙහිද මෙම ධාර්මිකය.
යං දෙසිතාති යානි දෙසිතානි වුත්තානි පකාසිතානි. අනන්තජිනෙනාතිආදීසු පරියන්තපරිච්ඡෙදභාවරහිතත්තා අනන්තං වුච්චති නිබ්බානං, තං භගවතා රඤ්ඤා සපත්තගණං අභිමද්දිත්වා රජ්ජං විය කිලෙසගණං අභිමද්දිත්වා ජිතං විජිතං අධිගතං සම්පත්තං, තස්මා භගවා “අනන්තජිනො”ති වුච්චති. ස්වෙව ඉට්ඨානිට්ඨෙසු නිබ්බිකාරතාය තාදි, වික්ඛම්භනතදඞ්ගසමුච්ඡෙදපටිපස්සද්ධිනිස්සරණවිවෙකසඞ්ඛාතං විවෙකපඤ්චකං අද්දසාති විවෙකදස්සී; තෙන අනන්තජිනෙන තාදිනා විවෙකදස්සිනා යානි ආපත්තික්ඛන්ධානි දෙසිතානි වුත්තානි. එකෙත්ථ සම්මති විනා සමථෙහීති අයමෙත්ථ පදසම්බන්ධො, යානි සත්ථාරා සත්ත ආපත්තික්ඛන්ධානි දෙසිතානි, තත්ථ එකාපි ආපත්ති විනා සමථෙහි න සම්මති, අථ ඛො ඡ සමථා චත්තාරි අධිකරණානීති සබ්බෙපිමෙ ධම්මා සම්මුඛාවිනයෙන සම්මන්ති, සමායොගං ගච්ඡන්ති. එත්ථ පන එකො සම්මුඛාවිනයොව විනා සමථෙහි සම්මති, සමථභාවං ගච්ඡති. න හි තස්ස අඤ්ඤෙන සමථෙන විනා අනිප්ඵත්ති නාම අත්ථි. තෙන වුත්තං – “එකෙත්ථ සම්මති විනා සමථෙහී”ති. ඉමිනා තාව අධිප්පායෙන අට්ඨකථාසු අත්ථො වුත්තො. මයං පන “විනා”ති නිපාතස්ස පටිසෙධනමත්තමත්ථං ගහෙත්වා “එකෙත්ථ සම්මති විනා සමථෙහී”ති එතෙසු සත්තසු ආපත්තික්ඛන්ධෙසු එකො පාරාජිකාපත්තික්ඛන්ධො විනා සමථෙහි සම්මතීති එතමත්ථං රොචෙය්යාම. වුත්තම්පි චෙතං “යා සා ආපත්ති අනවසෙසා, සා ආපත්ති න කතමෙන අධිකරණෙන කතමම්හි ඨානෙ න කතමෙන සමථෙන සම්මතී”ති.
“යං දෙසිතා” යමක්හු දෙසන ලද්දාහුද වදාරණ ලද්දාහුද ප්‍රකාශකරණ ලද්දාහුද. (ඔවුහුය) “අනන්තජිනෙන” යනාදි තන්හි පර්‍ය්‍යන්ත පරිච්ඡෙද භාවරහිත බැවින් නිවන අනන්තයි කියනු ලැබේ. භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ නිවන රජකු සතුරුසෙනග මැඩගත් රාජ්‍යය මෙන් ක්ලෙශ ගණය මැඩ දිනන ලද්දේය. වෙසෙසින් දිනන ලද්දේය. අවබොධ කරණ ලද්දේය. පැමිණෙන ලද්දේය. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ “අනන්තජින”යි කියනු ලැබෙත්. උන්වහන්සේම ඉෂ්ටානිෂ්ට වස්තූන්හි නිර්විකාර බැවින් තාදී සේක. වික්ඛම්භන-තදඞ්ග-සමුච්ඡෙද-පටිප්පස්සද්ධි-නිස්සරණවිවෙක සඞ්ඛ්‍යාත විවෙක පඤ්චකය දුටහයි විවෙකදස්සී සේක. අනන්තජිනවූ තාදීවූ විවෙකදර්ශීවූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් යම් ආපත්තිස්කන්ධ කෙනෙක් දෙසන ලද්දාහුද, “එකෙත්ථ සම්මති විනා සමථෙහි” යන මෙහි මේ පදසම්බන්ධයය:-ශාස්තෘන් වහන්සේ විසින් යම් සප්තාපත්ති ස්කන්ධ කෙනෙක් දෙසන ලද්දාහුද, එහි එකද ඇවැතකුදු සමථයන්ගෙන් වෙන්ව සමථයන් හැර නොසන්සිඳේ. එහෙත් සමථ සය, අධිකරණ සතර යන මේ සියලු ධර්මයෝ සම්මුඛා විනයයෙන් සන්සිඳෙත්. සමායොගයට පැණෙත්. මෙහි වනාහි එක් සම්මුඛාවිනයද සමථයන්ගෙන් වෙන්ව සන්සිඳේ. සන්සිඳීමට යයි. ඒ සමථයෙහි අන්සමථයකින් වෙන්ව නොනිපැත්මෙක් නම් නැත්තේය. “එකෙත්ථ සම්මති විනාසමථෙහි”යි එහෙයින් කියන ලදී. මේ අභිප්‍රායයෙන් අර්‍ත්‍ථකථාවන්හි අර්ත්ථය කියන ලද්දේය. අපි වනාහි “විනා” යන නිපාතයාගේ ප්රතිෂෙධමාත්ර අර්‍ත්‍ථයක් ගෙණ “එකෙත්ථ සම්මති විනාසමථෙහි” යනු මේ සප්තාපත්ති ස්කන්ධයන් අතුරෙහි එක් පාරාජිකාපත්ති ස්කන්ධය සමථයන්ගෙන් වෙන්ව සන්සිඳේය, යන මේ අර්ත්ථය රුචි කරම්හ. “යා සා ආපත්ති අනවස්සො, සා ආපත්ති න කතමෙන අධිකරණෙන කතම්මහි ඨානෙ න කතමෙන සමථෙන සම්මති”යි මෙද කියන ලද්දේය.
ඡඌනදියඩ්ඪසතාති “ඉධ, උපාලි, භික්ඛු අධම්මං ධම්මොති දීපෙති, තස්මිං අධම්මදිට්ඨි භෙදෙ අධම්මදිට්ඨි, තස්මිං අධම්මදිට්ඨි භෙදෙ ධම්මදිට්ඨි, තස්මිං අධම්මදිට්ඨි භෙදෙ වෙමතිකො, තස්මිං ධම්මදිට්ඨි භෙදෙ අධම්මදිට්ඨි, තස්මිං ධම්මදිට්ඨි භෙදෙ වෙමතිකො, තස්මිං වෙමතිකො භෙදෙ අධම්මදිට්ඨි, තස්මිං වෙමතිකො භෙදෙ ධම්මදිට්ඨි, තස්මිං වෙමතිකො භෙදෙ වෙමතිකො”ති එවං යානි අට්ඨාරසන්නං භෙදකරවත්ථූනං වසෙන අට්ඨාරස අට්ඨකානි සඞ්ඝභෙදකක්ඛන්ධකෙ වුත්තානි, තෙසං වසෙන ඡඌනදියඩ්ඪසතං ආපායිකා වෙදිතබ්බා.
“ඡ ඌනදියඩ්ඪසතා” “ඉධ උපාලි භික්ඛු අධම්මං ධම්මොති දීපෙති, තස්මිං අධම්මදිට්ඨිභෙදෙ අධම්මදිට්ඨි, තස්මිං අධම්මදිට්ඨිභෙදෙ ධම්මදිට්ඨි, තස්මිං අධම්මදිට්ඨිභෙදෙ වෙමතිකො, තස්මිං වෙමතිකභෙදෙ වෙමතිකො”යි මෙසේ අටළොස් අට්ඨක කෙනෙක් සඞ්ඝභෙදක්ඛන්ධකයෙහි වදාරණ ලද්දාහුද, ඔවුන්ගේ වසයෙන් සයක් අඩු එකසිය පණසක් ආපායිකයෝයි දතයුත්තාහ.
අට්ඨාරස අනාපායිකාති “ඉධ, උපාලි, භික්ඛු අධම්මං ධම්මොති දීපෙති, තස්මිං ධම්මදිට්ඨි භෙදෙ ධම්මදිට්ඨි අවිනිධාය දිට්ඨිං අවිනිධාය ඛන්තිං අවිනිධාය රුචිං අවිනිධාය භාවං අනුස්සාවෙති, සලාකං ගාහෙති ‘අයං ධම්මො, අයං විනයො, ඉදං සත්ථුසාසනං, ඉමං ගණ්හථ, ඉමං රොචෙථා’ති, අයම්පි ඛො, උපාලි, සඞ්ඝභෙදකො න ආපායිකො න නෙරයිකො න කප්පට්ඨො න අතෙකිච්ඡො”ති එවං එකෙකස්මිං වත්ථුස්මිං එකෙකං කත්වා සඞ්ඝභෙදකක්ඛන්ධකාවසානෙ වුත්තා අට්ඨාරස ජනා. අට්ඨාරස අට්ඨකා ඡඌනදියඩ්ඪසතවිස්සජ්ජනෙ වුත්තායෙව.
“අට්ඨාරස අනාපායිකා” “ඉධ උපාලි භික්ඛු අධම්මං අධම්මොති දීපෙති, තස්මිං ධම්මදිට්ඨිභෙදෙ ධම්මදිට්ඨි, අවිනිධාය දිට්ඨිං අවිනිධාය ඛන්තිං අවිනිධාය රුචිං අවිනිධාය භාවං අනුසාවෙති, සලාකං ගාහෙති, අයං ධම්මො, අයං විනයො, ඉදං සත්ථුසාසනං, ඉමං ගණථ, ඉමං රොචෙථාති, අයම්පි ඛො උපාලි සඞ්ඝභෙදකො න ආපායිකො න නෙරයිකො න කප්පට්ඨො න අතෙකිච්ඡො”යි මෙසේ එක් එක් වස්තුවෙහි එක එකකොට සඞ්ඝභෙදක්ඛන්ධකාවසානයෙහි වදාළ අටළොස් දෙන, අටළොස් අෂ්ටකයෝ සයක් අඩු එක්සියපණස විසඳීමෙහි කියනලද්දාහුමය.
(5) සොළසකම්මාදිවණ්ණනා
(5) සොළසකම්මාදිවණ්ණනා
කති කම්මානීතිආදීනං සබ්බගාථානං විස්සජ්ජනං උත්තානමෙවාති.
“කතිකම්මානි” යනාදී වූ සියලු ගාථාවන්ගේ විසර්ජනය ප්‍රකටමය.
අපරදුතියගාථාසඞ්ගණිකවණ්ණනා නිට්ඨිතා.
දුතියගාථාසඞ්ගණිකා වර්ණනාව නිමි