සෙදමොචනගාථා අට්ඨකථා
සෙදමොචනගාථා
(1) අවිප්පවාසපඤ්හාවණ්ණනා
(1) අවිප්පවාසපඤ්හාවණ්ණනා
සෙදමොචනගාථාසු අසංවාසොති උපොසථපවාරණාදිනා සංවාසෙන අසංවාසො. සම්භොගො එකච්චො තහිං න ලබ්භතීති අකප්පියසම්භොගො න ලබ්භති, නහාපනභොජනාදිපටිජග්ගනං පන මාතරායෙව කාතුං ලබ්භති. අවිප්පවාසෙන අනාපත්තීති සහගාරසෙය්යාය අනාපත්ති. පඤ්හා මෙසා කුසලෙහි චින්තිතාති එසා පඤ්හා කුසලෙහි පණ්ඩිතෙහි චින්තිතා. අස්සා විස්සජ්ජනං දාරකමාතුයා භික්ඛුනියා වෙදිතබ්බං, තස්සා හි පුත්තං සන්ධායෙතං වුත්තන්ති.
සෙදමොචන ගාථාවන්හි - “අසංවාසො” උපෞෂථපවාරණාදි සංවාසයෙන් සංවාසයක් නැත්තේය. “සම්භොගො එකච්චො තහිං න ලබ්හති” අකැප සම්භොගය නොලැබේ. නෑවීම් කැවීම් ආදීවූ පොෂණය මව විසින්ම කරන්නට ලැබේ. “අවිප්පවාසෙන අනාපත්ති” සහාගාරශෙය්යාවෙන් ඇවැත් නොවේ. “පඤ්හොමෙසා කුසලෙහි චින්තිතා” මේ ප්රශ්නය දක්ෂවූ පණ්ඩිතයන් විසින් සිතන ලද්දේය. මේ ප්‍රශ්න විසර්ජනය ලදරුවාගේ මවවූ මෙහෙණ කෙරෙහි දතයුතුය. ඇයගේ පුත්‍රයා සඳහාම මෙය කියන ලද්දේය.
අවිස්සජ්ජිතගාථා ගරුභණ්ඩං සන්ධාය වුත්තා, අත්ථො පනස්සා ගරුභණ්ඩවිනිච්ඡයෙ වුත්තොයෙව.
අවිස්සජ්ජික ගාථාතොමෝ ගරුබඩුවකින් ගරුබඩුවක් පරිවර්තනය කිරීම සඳහා කියනලදී. මෙහි අර්ත්ථය ගරුභාණ්ඩ විනිශ්චයෙහි කියන ලද්දේමය.
දස පුග්ගලෙ න වදාමීති සෙනාසනක්ඛන්ධකෙ වුත්තෙ දස පුග්ගලෙ න වදාමි. එකාදස විවජ්ජියාති යෙ මහාඛන්ධකෙ එකාදස විවජ්ජනීයපුග්ගලා වුත්තා, තෙපි න වදාමි. අයං පඤ්හා නග්ගං භික්ඛුං සන්ධාය වුත්තා.
“දස පුග්ගලෙ න වදාමි” සෙනාසනක්‍ඛන්‍ධකයෙහි වදාරණ ලද දශ පුද්ගලයන් නොකියමි. “එකාදස වජ්ජියා” මහාක්ඛන්ධකයෙහි යම් දුරු කටයුතු එකොළොස් පුද්ගල කෙනෙක් වදාරණ ලද්දාහුද, ඔවුන්ද නොකියමි. මේ ප්රශ්නය නග්න මහණහු සඳහා කියනලදී.
කථං නු සික්ඛාය අසාධාරණොති පඤ්හා නහාපිතපුබ්බකං භික්ඛුං සන්ධාය වුත්තා. අයඤ්හි ඛුරභණ්ඩං පරිහරිතුං න ලභති, අඤ්ඤෙ ලභන්ති; තස්මා සික්ඛාය අසාධාරණො.
“කථන්නු සික්ඛාය අසාධාරණො” යන ප්රශ්නය පෙර කරනෑවැමිවූ මහණහු සඳහා කියනලදී. මෙතෙමේ වනාහි කරබඩු පරිහරණය කරන්නට නොලබයි. අන්‍යයෝ ලබත්. එහෙයින් ශික්ෂාවෙහි අසාධාරණය වේ.
තං පුග්ගලං කතමං වදන්ති බුද්ධාති අයං පඤ්හා නිම්මිතබුද්ධං සන්ධාය වුත්තා.
“තං පුග්ගලං කතමං වදන්ති බුද්ධා” යන මේ ප්රශ්නය නිර්මිත කළ බුදුන් සඳහා කියන ලදී.
අධොනාභිං විවජ්ජියාති අධොනාභිං විවජ්ජෙත්වා. අයං පඤ්හා යං තං අසීසකං කබන්ධං, යස්ස උරෙ අක්ඛීනි චෙව මුඛඤ්ච හොති, තං සන්ධාය වුත්තා.
“අධොනාභි විවජ්ජිය” නාභියෙන් යටහැර. මේ ප්රශ්නය තෙමේ හිස නැති යම් කවන්ධයක්වේද, යමක්හුගේ ලයෙහි ඇස්ද මුඛයද වේද, ඔහු සඳහා කියනලදී.
භික්ඛු සඤ්ඤාචිකාය කුටින්ති අයං පඤ්හා තිණච්ඡාදනං කුටිං සන්ධාය වුත්තා. දුතියපඤ්හා සබ්බමත්තිකාමයං කුටිං සන්ධාය වුත්තා.
“භික්ඛු සඤ්ඤාචිකාය කුටිං” යන මේ ප්රශ්නය තණසෙවෙණි කිළිය සඳහා කියනලදී. ද්විතීය ප්රශ්නය සියල්ල මැටිමුවා කිළිය සඳහා කියනලදී.
ආපජ්ජෙය්ය ගරුකං ඡෙජ්ජවත්ථුන්ති අයං පඤ්හා වජ්ජපටිච්ඡාදිකං භික්ඛුනිං සන්ධාය වුත්තා. දුතියපඤ්හා පණ්ඩකාදයො අභබ්බපුග්ගලෙ සන්ධාය වුත්තා. එකාදසපි හි තෙ ගිහිභාවෙයෙව පාරාජිකං පත්තා.
“ආපජ්ජෙය්ය ගරුකං ඡෙජ්ජවත්ථුං” යන මේ ප්රශ්නය වරද වසන මෙහෙණ සඳහා කියනලදී. ද්විතීය ප්රශ්නය පණ්ඩකාදි අභව්‍ය පුද්ගලයන් සඳහා කියනලදී. ඒ එකොළොස් දෙන ගිහිභාවයෙහිදීම පාරාජිකයට පැමිණියෝය.
වාචාති වාචාය අනාලපන්තො. ගිරං නො ච පරෙ භණෙය්යාති “ඉති ඉමෙ සොස්සන්තී”ති පරපුග්ගලෙ සන්ධාය සද්දම්පි න නිච්ඡාරෙය්ය. අයං පඤ්හා “සන්තිං ආපත්තිං නාවිකරෙය්ය, සම්පජානමුසාවාදස්ස හොතී”ති ඉමං මුසාවාදං සන්ධාය වුත්තා. තස්ස හි භික්ඛුනො අධම්මිකාය පටිඤ්ඤාය තුණ්හීභූතස්ස නිසින්නස්ස මනොද්වාරෙ ආපත්ති නාම නත්ථි. යස්මා පන ආවිකාතබ්බං න ආවිකරොති, තෙනස්ස වචීද්වාරෙ අකිරියතො අයං ආපත්ති සමුට්ඨාතීති වෙදිතබ්බා.
“වාචා” වචනයෙන් නොකියමින් “ගිරං නො ච පරෙ භණෙය්ය” ‘මොවුහු මෙසේ අසත්‍ය’යි පරපුද්ගලයන් සඳහා ශබ්දයකුදු නොපතුරු වන්නේය, යන මේ ප්රශ්නය “සන්තිං ආපත්තිං නාවීකරෙය්ය සම්පජාන මුසාවාදස්ස හොති” යන මුසාවාදය සඳහා කියන ලදී. අධාර්මික ප්‍රතිඥාවෙන් නොබැණහුන් ඒ මහණහුට වනාහි මනොද්වාරයෙහි ඇවැතක් නම් නැත්තේය. යම්හෙයකින් ප්රකාශකටයුත්ත ප්‍රකාශ නොකෙරේද, එයින් මොහුගේ වාග්ද්වාරයෙහි අක්රියාවෙන් මේ ඇවැත උපදීය’යි දතයුතුය.
සඞ්ඝාදිසෙසා චතුරොති අයං පඤ්හා අරුණුග්ගෙ ගාමන්තරපරියාපන්නං නදිපාරං ඔක්කන්තභික්ඛුනිං සන්ධාය වුත්තා, සා හි සකගාමතො පච්චූසසමයෙ නික්ඛමිත්වා අරුණුග්ගමනකාලෙ වුත්තප්පකාරං නදිපාරං ඔක්කන්තමත්තාව රත්තිවිප්පවාසගාමන්තරනදිපාරගණම්හාඔහීයනලක්ඛණෙන එකප්පහාරෙනෙව චතුරො සඞ්ඝාදිසෙසෙ ආපජ්ජති.
“සඞ්ඝාදිසෙසා චතුරො” මේ ප්රශ්නය අරුණ නගින කල්හි ග්රාමාන්තරයට ඇතුළත් ගඟඑතෙරට බස්නාවූ මෙහෙණ සඳහා කියනලදී. ඕතොමෝ වනාහි සියගමින් අලුයම් කාලයෙහි නික්ම අරුණනගින කල්හි කියූ ආකාරවූ ගඟඑතෙරට බැසීම පමණ ඇත්තීම රත්තිවිප්පවාස - ගාමන්තරනදීපාර - ගණම්හාඔහී යන යන චතුර්විධ ලක්ෂණයෙන් එකවිටම සඞ්ඝාදිසෙස සතරකට පැමිණෙන්නීය.
සියා ආපත්තියො නානාති අයං පඤ්හා එකතොඋපසම්පන්නා ද්වෙ භික්ඛුනියො සන්ධාය වුත්තා. තාසු හි භික්ඛූනං සන්තිකෙ එකතොඋපසම්පන්නාය හත්ථතො ගණ්හන්තස්ස පාචිත්තියං, භික්ඛුනීනං සන්තිකෙ එකතොඋපසම්පන්නාය හත්ථතො ගණ්හන්තස්ස දුක්කටං.
“සියා ආපත්තියො නානා” මේ ප්රශ්නය එකට උපසපන් වූ මෙහෙණන් දෙදෙනක සඳහා කියනලදී. ඔවුන් අතුරෙහි මහණුන් වෙත එක් පක්ෂයෙන් උපසපන්වූ මෙහෙණක අතින් ගන්නහුට පාචිත්තිය වේ. මෙහෙණන් වෙත එක් පක්ෂයකින් උපසපන්වූ මෙහෙණක අතින් ගන්නහුට දුක්කටය වේ.
චතුරො ජනා සංවිධායාති ආචරියො ච තයො ච අන්තෙවාසිකා ඡමාසකං භණ්ඩං අවහරිංසු, ආචරියස්ස සාහත්ථිකා තයො මාසකා, ආණත්තියාපි තයොව තස්මා ථුල්ලච්චයං ආපජ්ජති , ඉතරෙසං සාහත්ථිකො එකෙකො, ආණත්තිකා පඤ්චාති තස්මා පාරාජිකං ආපජ්ජිංසු. අයමෙත්ථ සඞ්ඛෙපො. විත්ථාරො පන අදින්නාදානපාරාජිකෙ සංවිදාවහාරවණ්ණනායං වුත්තො.
“චතුරො ජනා සංවිධාය” ආචාර්ය්ය තෙමේද, අතැවැසියන් තිදෙනද මසුහයක් වටිනා බඩුවක් සොරාගත්හ. ආචාර්‍ය්‍යයාහට මසුතුනක් සාහත්ථිකය. ඇණවීමෙන්ද තුනක්ම වෙති. එහෙයින් ථුල්ලච්චයට පැමිණේ. අන්‍යයන්හට සාහත්ථික එකෙක, ආණත්තික පසෙක එහෙයින් පාරාජිකයට පැමිණියහ. මේ මෙහි සඞ්ක්ෂෙපයය. විස්තරය වනාහි අදින්නාදාන පාරාජිකයෙහි සංවිධාවහාර වර්ණනාවෙහි කියන ලදී.
(2) පාරාජිකාදිපඤ්හාවණ්ණනා
(2) පාරාජිකාදිපඤ්හාවණ්ණනා
ඡිද්දං තස්මිං ඝරෙ නත්ථීති අයං පඤ්හා දුස්සකුටිආදීනි සන්ථතපෙය්යාලඤ්ච සන්ධාය වුත්තා.
“ඡිද්දං තස්මිං ඝරෙ නත්ථි” යන මේ ප්රශ්නය වස්ත්රකුටි ආදියද සත්ථතපෙය්යාලයද සඳහා කියනලදී.
තෙලං මධුං ඵාණිතන්ති ගාථා ලිඞ්ගපරිවත්තං සන්ධාය වුත්තා.
“තෙලං මධු ඵාණිතං” යන ගාථාව ලිඞ්ග පරිවර්තනය සඳහා කියනලදී.
නිස්සග්ගියෙනාති ගාථා පරිණාමනං සන්ධාය වුත්තා. යො හි සඞ්ඝස්ස පරිණතලාභතො එකං චීවරං අත්තනො, එකං අඤ්ඤස්සාති ද්වෙ චීවරානි “එකං මය්හං, එකං තස්ස දෙහී”ති එකපයඔගෙන පරිණාමෙති, සො නිස්සග්ගියපාචිත්තියඤ්චෙව සුද්ධිකපාචිත්තියඤ්ච එකතො ආපජ්ජති.
“නිස්සග්ගියෙන” යන ගාථාව පිරිනැමීම සඳහා කියනලදී. යමෙක් තෙමේ සඞ්ඝයාහට පිරිනැමූ ලාභයෙන් එක් සිවුරක් තමන්හටය, එක් සිවුරක් අන්හටැයි සිවුරු දෙකක්, ‘එකක් මටය, එකක් ඔහුට දෙව’යි එක් ප්‍රයොගයකින් පිරිනම්වාද, හෙතෙමේ නිස්සග්ගිය පාචිත්තියටද, ශුද්ධිකපාචිත්තියටද එකවිට පැමිණේ.
කම්මඤ්ච තං කුප්පෙය්ය වග්ගපච්චයාති අයං පඤ්හා ද්වාදසයොජනපමාණෙසු බාරාණසිආදීසු නගරෙසු ගාමසීමං සන්ධාය වුත්තා.
“කම්මඤ්ච තං කුප්පෙය්ය වග්ගපච්චයා” යන මේ ප්රශ්නය දොළොස් යොදුන් පමණ වූ බාරාණාසී ආදි නගරයන්හි ග්රාමසීමාව සඳහා කියනලදී.
පදවීතිහාරමත්තෙනාති ගාථා සඤ්චරිත්තං සන්ධාය වුත්තා, අත්ථොපි චස්සා සඤ්චරිත්තවණ්ණනායමෙව වුත්තො.
“පදවීතිහාරමත්තෙන” යන ගාථාව සඤ්චරිත්තය සඳහා කියනලදී. මේ ගාථාවෙහි අර්ත්ථයද සඤ්චරිත්ත වර්‍ණනාවෙහිම කියනලදී.
සබ්බානි තානි නිස්සග්ගියානීති අයං පඤ්හා අඤ්ඤාතිකාය භික්ඛුනියා ධොවාපනං සන්ධාය වුත්තා. සචෙ හි තිණ්ණම්පි චීවරානං කාකඌහදනං වා කද්දමමක්ඛිතං වා කණ්ණං ගහෙත්වා භික්ඛුනී උදකෙන ධොවති, භික්ඛුස්ස කායගතානෙව නිස්සග්ගියානි හොන්ති.
“සබ්බානි තානි නිස්සග්ගියානි” මේ ප්රශ්නය නොනෑමෙහෙණක ලවා සිවුරු සේදවීම සඳහා කියනලදී. ඉදින් තුන් සිවුරෙහි කවුඩන් මල පැහැරූ හෝ මඩ තැවරුණු හෝ කොණක් ගෙණ මෙහෙණ තොමෝ ජලයෙන් සෝදාද, මහණහුගේ කායගතවූම නිසගීහු වෙත්.
සරණගමනම්පි න තස්ස අත්ථීති සරණගමනඋපසම්පදාපි නත්ථි. අයං පන පඤ්හා මහාපජාපතියා උපසම්පදං සන්ධාය වුත්තා.
“සරණගමනම්පි න ච තස්ස අත්ථි” සරණගමන උපසම්පදාවද ඔහුට නැත්තීය. මේ ප්රශ්නය වනාහි මහාප්රජාපතියගේ උපසම්පදාව සඳහා කියනලදී.
හනෙය්‍ය අනරියං මන්දොති තඤ්හි ඉත්ථිං වා පුරිසං වා අනරියං හනෙය්‍ය. අයං පඤ්හා ලිඞ්ගපරිවත්තෙන ඉත්ථිභූතං පිතරං පුරිසභූතඤ්ච මාතරං සන්ධාය වුත්තා.
“හනෙය්‍ය අනරියං මන්දො” ආර්‍ය්‍ය නොවූ ඒ ස්ත්‍රියක හෝ පුරුෂයකු හෝ නසන්නේය. මේ ප්රශ්නය ලිඞ්ගපරිවර්තනයෙන් ස්ත්‍රී වූ පියාද, පුරුෂ වූ මවද සඳහා කියනලදී.
න තෙනානන්තරං ඵුසෙති අයං පඤ්හා මිගසිඞ්ගතාපසසීහකුමාරාදීනං විය තිරච්ඡානමාතාපිතරො සන්ධාය වුත්තා.
“න තෙනානන්තරං ඵුසෙ” මේ ප්රශ්නය මෘගශෘඞ්ගතාපසසිංහ කුමාරාදීන්ගේ මෙන් තිරිසන් මවුපියන් සඳහා කියනලදී.
අචොදයිත්වාති ගාථා දූතෙනුපසම්පදං සන්ධාය වුත්තා. චොදයිත්වාති ගාථා පණ්ඩකාදීනං උපසම්පදං සන්ධාය වුත්තා. කුරුන්දියං පන “පඨමගාථා අට්ඨ අසම්මුඛාකම්මානි, දුතියා අනාපත්තිකස්ස කම්මං සන්ධාය වුත්තා”ති ආගතං.
“අචොදයිත්වා” යන ගාථාව පණ්ඩකාදීන්ගේ උපසම්පදාව සඳහා කියනලදී. කුරුන්දියෙහි වනාහි ප්රථමගාථාව අෂ්ට සම්මුඛාකර්මද දෙවන ගාථාව අනාපත්තිකයාහට කරන තර්ජනීයාදිකර්මද සඳහා කියන ලදැ’යි ආයේය.
ඡින්දන්තස්ස ආපත්තීති වනප්පතිං ඡින්දන්තස්ස පාරාජිකං, තිණලතාදිං ඡින්දන්තස්ස පාචිත්තියං, අඞ්ගජාතං ඡින්දන්තස්ස ථුල්ලච්චයං. ඡින්දන්තස්ස අනාපත්තීති කෙසෙ ච නඛෙ ච ඡින්දන්තස්ස අනාපත්ති. ඡාදෙන්තස්ස ආපත්තීති අත්තනො ආපත්තිං ඡාදෙන්තස්ස අඤ්ඤෙසං වා ආපත්තිං. ඡාදෙන්තස්ස අනාපත්තීති ගෙහාදීනි ඡාදෙන්තස්ස අනාපත්ති.
“ඡින්දන්තස්ස ආපත්ති” මෙරමා සතුවන දෙටුරුකක් සිඳින්නහුට පාරාජිකය වේ. තණවැල් ආදිය සිඳින්නහුට පාචිත්තිය වේ. අඞ්ගජාතය සිඳින්නහුට ථුල්ලච්චය වේ. “ඡින්දන්තස්ස අනාපත්ති” කෙස්ද නියද සිඳින්නහුට ඇවැත් නොවේ. “ඡාදෙන්තස්ස ආපත්ති” තමන්ගේ ඇවැත වසන්නහුට අන්‍යයන්ගේ හෝ ඇවැත් වසන්නහුට ඇවැත් වේ. “අනාපත්ති” ගෘහාදියෙහි වසන්නහුට ඇවැත් නොවේ.
සච්චං භණන්තොති ගාථාය “සිඛරණීසි උභතොබ්යඤ්ජනාසී”ති සච්චං භණන්තො ගරුකං ආපජ්ජති, සම්පජානමුසාවාදෙ පන මුසා භාසතො ලහුකාපත්ති හොති, අභූතාරොචනෙ මුසා භණන්තො ගරුකං ආපජ්ජති, භූතාරොචනෙ සච්චං භාසතො ලහුකාපත්ති හොතීති.
“සච්චං භනන්තො” යන ගාථාවෙහි පිටතට නිකුත් ඇතිමස ඇත්තීයෙහි, උභතොබ්යඤ්ජනයෙහි’යි සැබෑ බස් කියන්නේ ගරු ඇවැතට පැමිණේ. සම්පජානමුසාවාදයෙහි වනාහි බොරු කියන්නහුට ලහුකාපත්තිය වේ. අභූතාරොචනයෙහි බොරු කියන්නේ ගරු ඇවතට පැමිණේ. භූතාරොචනයෙහි සැබෑ කියන්නහුට ලහුකාපත්තිය වේ.
(3) පාචිත්තියාදිපඤ්හාවණ්ණනා
(3) පාචිත්තියාදිපඤ්හාවණ්ණනා
අධිට්ඨිතන්ති ගාථා නිස්සග්ගියචීවරං අනිස්සජ්ජිත්වා පරිභුඤ්ජන්තං සන්ධාය වුත්තා.
“අධිට්ඨිතං” යන ගාථාව නිසගිවූ සිවුර නොනිසදා පරිභොග කරන්නහු සඳහා කියනලදී.
අත්ථඞ්ගතෙ සූරියෙති ගාථා රොමන්ථකං සන්ධාය වුත්තා.
“අත්ථඞ්ගතෙ සුරියෙ” යන ගාථාව රවන්තලු නැගීම සඳහා කියනලදී.
න රත්තචිත්තොති ගාථාය අයමත්ථො – රත්තචිත්තො මෙථුනධම්මපාරාජිකං ආපජ්ජති. ථෙය්‍යචිත්තො අදින්නාදානපාරාජිකං, පරං මරණාය චෙතෙන්තො මනුස්සවිග්ගහපාරාජිකං, සඞ්ඝභෙදකො පන න රත්තචිත්තො න ච පන ථෙය්‍යචිත්තො න චාපි සො පරං මරණාය චෙතයි, සලාකං පනස්ස දෙන්තස්ස හොති ඡෙජ්ජං, පාරාජිකං හොති, සලාකං පටිග්ගණ්හන්තස්ස භෙදකානුවත්තකස්ස ථුල්ලච්චයං.
“න රත්තචිත්තො” යන ගාථාවෙහි මේ අර්ත්ථය වේ. රාගයෙන් රත් සිත් ඇත්තේ මෛථුනධර්මපරාජිකයට පැමිණේ. සොරසිත් ඇත්තේ අදින්නාදානපාරාජිකයට පැමිණේ. මෙරමා නසනු පිණිස සිතන්නේ මනුෂ්‍යවිග්‍රහ පාරාජිකයට පැමිණේ. සඞ්ඝභෙදකතෙමේ වනාහි රාගයෙන් රත්වූ සිත් නැත්තේ සොරසිතද නැත්තේ මෙරමා නසනු පිණිසද නොසිතුයේය. සලාක දෙන ඒ මහණහුට ජෙද්ය පාරාජිකාපත්තිය වේ. සලාකය ගන්නාවූ භෙදානානුවර්තකයාහට ථුල්ලච්චය වේ.
ගච්ඡෙය්ය අඩ්ඪයොජනන්ති අයං පඤ්හා සුප්පතිට්ඨිතනිග්රොධසදිසං එකකුලස්ස රුක්ඛමූලං සන්ධාය වුත්තා.
“ගච්ඡෙය්ය අද්ධයොජනං” යන මේ ප්රශ්නය සුප්රතිෂ්ඨිත නිග්රොධ වෘක්ෂය වැනි එක් කුලයක රුක්මුලක් සඳහා කියන ලදී.
කායිකානීති අයං ගාථා සම්බහුලානං ඉත්ථීනං කෙසෙ වා අඞ්ගුලියො වා එකතො ගණ්හන්තං සන්ධාය වුත්තා.
“කායිකා” යන මේ ගාථාව බොහෝ ස්ත්රීන්ගේ කෙස් හෝ ඇඟිලි හෝ එකට ගන්නහු සඳහා කියනලදී.
වාචසිකානීති අයං ගාථා “සබ්බා තුම්හෙ සිඛරණියො”තිආදිනා නයෙන දුට්ඨුල්ලභාණිං සන්ධාය වුත්තා.
“වාචසිකා” යන මේ ගාථාව “සබ්බෙ තුම්හෙ සිඛරිණියො” යනාදි නයින් දුළුල් කියන්නහු සඳහා කියනලදී.
තිස්සිත්ථියො මෙථුනං තං න සෙවෙති තිස්සො ඉත්ථියො වුත්තා, තාසුපි යං තං මෙථුනං නාම, තං න සෙවති. තයො පුරිසෙති තයො පුරිසෙපි උපගන්ත්වා මෙථුනං න සෙවති. තයො අනරියපණ්ඩකෙති උභතොබ්යඤ්ජනසඞ්ඛාතෙ තයො අනරියෙ තයො ච පණ්ඩකෙති ඉමෙපි ඡ ජනෙ උපගන්ත්වා මෙථුනං න සෙවති. න චාචරෙ මෙථුනං බ්යඤ්ජනස්මින්ති අනුලොමපාරාජිකවසෙනපි මෙථුනං නාචරති. ඡෙජ්ජං සියා මෙථුනධම්මපච්චයාති සියා මෙථුනධම්මපච්චයා පාරාජිකන්ති. අයං පඤ්හා අට්ඨවත්ථුකං සන්ධාය වුත්තා, තස්සා හි මෙථුනධම්මස්ස පුබ්බභාගං කායසංසග්ගං ආපජ්ජිතුං වායමන්තියා මෙථුනධම්මපච්චයා ඡෙජ්ජං හොති.
“තිස්සිත්ථියො මෙථුනං” මිනිස් අමිනිස් තිරිසන් වසයෙන් යම් ස්ත්‍රීන් තිදෙනෙක් කියනලද්දාහුද, ඔවුන් අතුරෙහි යම් ඒ මෛථුනයෙක් වේද, එය සෙවනය නොකරයි. “තයො පුරිසෙ” මිනිස් නොමිනිස් තිරිසන් පුරුෂයන් තිදෙන කරා ගොස්ද, මෛථුනය සෙවනය නොකරයි. “තයො ච අනරියපණ්ඩකෙ” උභතො ඛ්යඤ්ජනකසඞ්ඛ්යාත අනාර්‍ය්‍යයන් තිදෙන හා පණ්ඩකයන් තිදෙනද මේ සදෙන කරාද ගොස් මෛථුනය සෙවනය නොකරයි. “න චාචරෙ මෙථුනං බ්යඤ්ජනස්මිං” ලම්බී මුදුපිට්ඨිකාදීවූ අනුලොම පාරාජිකා වසයෙන්ද මෛථුනයෙහි නොහැසිරෙයි. “ඡෙජ්ජං සියා මෙථුන ධම්ම පච්චයා” මෛථුනධර්මප්රත්යයයෙන් පාරාජික වන්නේය. මේ ප්රශ්නය අෂ්ටවස්තුකය සඳහා කියනලදී. මෛථුනධර්මයට පූර්වභාග කායසංසර්‍ගයට පැමිණෙන්නට ව්‍යායාම කරණ ඇයට ජෙද්යය වේ. පාරාජිකය වේ.
මාතරං චීවරන්ති අයං ගාථා පිට්ඨිසමයෙ වස්සිකසාටිකත්ථං සතුප්පාදකරණං සන්ධාය වුත්තා. විනිච්ඡයො පනස්සා වස්සිකසාටිකසික්ඛාපදවණ්ණනායමෙව වුත්තො.
“මාතරං චීවරං” යන මේ ගාථාව ඉල්මස පසළොස්වක පටන් පොසොන් පසළොස්වක තෙක් ඇති සත්මස නම් වූ පිට්ඨිසමයයෙහි වැසිසළු සිවුර සඳහා සිහිය උපදවනු සඳහා කියන ලදී. මෙහි විනිශ්චය වනාහි වස්සිකසාටික ශික්ෂාපද වර්‍ණනාවෙහිම කියනලද්දේය.
කුද්ධො ආරාධකො හොතීති ගාථා තිත්ථියවත්තං සන්ධාය වුත්තා. තිත්ථියො හි වත්තං පූරයමානො තිත්ථියානං වණ්ණෙ භඤ්ඤමානෙ කුද්ධො ආරාධකො හොති, වත්ථුත්තයස්ස වණ්ණෙ භඤ්ඤමානෙ කුද්ධො ගාරය්හො හොතීති තත්ථෙවස්සා විත්ථාරො වුත්තො. දුතියගාථාපි තමෙව සන්ධාය වුත්තා.
“කුද්ධො ආරාධකො හොති” යන ගාථාව තීර්ථකවත සඳහා කියනලදී. තීර්ථක තෙමේ වනාහි වත පුරන්නේ තීර්ථකයන්ගේ ගුණය කියනු ලබන කල්හි කිපුනේ, ගර්හා කරන්නේ වේ. තෙරුවන් ගුණ කියනකල්හි සතුටු වේ. ඒ පිළිබඳ විස්තරය එහිම කියන ලද්දේ වේ. ද්විතීයගාථාවද ඒ සඳහාම කියනලද්දීය.
සඞ්ඝාදිසෙසන්තිආදි ගාථා යා භික්ඛුනී අවස්සුතාව අවස්සුතස්ස පුරිසස්ස හත්ථතො පිණ්ඩපාතං ගහෙත්වා මනුස්සමංසලසුණපණීතභොජනසෙසඅකප්පියමංසෙහි සද්ධිං ඔමද්දිත්වා අජ්ඣොහරති, තං සන්ධාය වුත්තා.
“සඞ්ඝාදිසෙසං” යනාදි ගාථාව යම් මෙහෙණක් තොමෝ රාගයෙන් තෙත්ව රාගයෙන් තෙත්වූ පුරුෂයකු අතින් පිණ්ඩපාතය ගෙණ මිනීමස් සුදුලූණු පිණිබොජුන් සෙසු අකැපමස් යන මොවුන් හා අනා අනුභව කෙරේනම්, එය සඳහා කියනලදී.
එකො උපසම්පන්නො එකො අනුපසම්පන්නොති ගාථා ආකාසගතං සන්ධාය වුත්තා. සචෙ හි ද්වීසු සාමණෙරෙසු එකො ඉද්ධියා කෙසග්ගමත්තම්පි පථවිං මුඤ්චිත්වා නිසින්නො හොති, සො අනුපසම්පන්නො නාම හොති. සඞ්ඝෙනාපි ආකාසෙ නිසීදිත්වා භූමිගතස්ස කම්මං න කාතබ්බං. සචෙ කරොති, කුප්පති.
“එකො උපසම්පන්නො එකො අනුපසම්පන්නො” යන ගාථාව අහස්ගතයා සඳහා කියනලදී. ඉදින් හෙරණුන් දෙදෙනකුන් අතුරෙහි එක් හෙරණෙක් සෘද්ධියෙන් කෙසගක් පමණකුදු පෘථිවිය හැර පෘථිවියෙන් ඉවත්ව හුන්නේ වේද, හෙතෙමේ, අනුපසම්පන්න නම් වේ. සඞ්ඝයා විසිනුදු අහසෙහි හිඳ භූමිගතයාහට කර්ම නොකටයුතුය. ඉදින් කෙරේනම් කර්මය කොප්ය වේ.
අකප්පකතන්ති ගාථා අච්ඡින්නචීවරකං භික්ඛුං සන්ධාය වුත්තා. තස්මිංයෙව චස්සා සික්ඛාපදෙ විත්ථාරෙන විනිච්ඡයොපි වුත්තො.
“අකප්පකතං” යන ගාථාව අසිඳගත් සිවුරු ඇති මහණහු සඳහා කියනලදී. ඒ ගාථාව පිළිබඳ විනිශ්චයද ඒ ශික්ෂාපදයෙහිම විස්තර විසින් කියන ලද්දේය.
න දෙති න පටිග්ගණ්හාතීති නාපි උය්යොජිකා දෙති, න උය්යොජිතා තස්සා හත්ථතො ගණ්හාති. පටිග්ගහො තෙන න විජ්ජතීති තෙනෙව කාරණෙන උය්යොජිකාය හත්ථතො උය්යොජිතාය පටිග්ගහො න විජ්ජති. ආපජ්ජති ගරුකන්ති එවං සන්තෙපි අවස්සුතස්ස හත්ථතො පිණ්ඩපාතග්ගහණෙ උය්යොජෙන්තී සඞ්ඝාදිසෙසාපත්තිං ආපජ්ජති. තඤ්ච පරිභොගපච්චයාති තඤ්ච පන ආපත්තිං ආපජ්ජමානා තස්සා උය්යොජිතාය පරිභොගපච්චයා ආපජ්ජති . තස්සා හි භොජනපරියොසානෙ උය්යොජිකාය සඞ්ඝාදිසෙසො හොතීති. දුතියගාථා තස්සායෙව උදකදන්තපොනග්ගහණෙ උය්යොජනං සන්ධාය වුත්තා.
“න දෙති න පටිගණ්හාති” මෙහෙයුණු මෙහෙණ තොමෝ නොදෙයි. මෙහෙයුණු මෙහෙණ තොමෝ ඒ පුරුෂයාගේ අතින් නොපිළිගණියි. “පටිග්ගහො තෙන න විජ්ජති” ඒ කාරණයෙන්ම මෙහෙයුණු මෙහෙණ අතින් මෙහෙයුණු මෙහෙණගේ පිළිගැන්මෙක් නැත්තේය. “ආපජ්ජති ගරුකං” මෙසේ ඇතිකල්භිද රාගයෙන් තෙත්වූවකු අතින් පිණ්ඩපාතය ගැණීමෙහි යෙදෙන්නී සඞ්ඝාදිසෙසාපත්තියට පැමිණේ. “තඤ්ච පරිභොගපච්චයා” ඒ ඇවතටද පැමිණෙන්නී ඒ මෙහෙයනලද මෙහෙණගේ පරිභොග හෙතුවෙන් පැමිණේ. බුදීම් කෙළවර ඒ මෙහෙයනලද මෙහෙණට සඞ්ඝාදිසෙසය වේ. ද්විතීය ගාථාවද ඇයගේම දියදැහැටි ගැණීමෙහි යෙදීම සඳහා කියනලදී.
න භික්ඛුනී නො ච ඵුසෙය්ය වජ්ජන්ති සත්තරසකෙසු හි අඤ්ඤතරං ආපත්තිං ආපජ්ජිත්වා අනාදරියෙන ඡාදයමානාපි භික්ඛුනී ඡාදනපච්චයා වජ්ජං න ඵුසති, අඤ්ඤං නවං ආපත්තිං නාපජ්ජති, පටිච්ඡන්නාය වා අප්පටිච්ඡන්නාය වා ආපත්තියා පක්ඛමානත්තමෙව ලභති. අයං පන භික්ඛුනීපි න හොති, සාවසෙසඤ්ච ගරුකං ආපජ්ජිත්වා ඡාදෙත්වා වජ්ජං න ඵුසති. පඤ්හා මෙසා කුසලෙහි චින්තිතාති අයං කිර පඤ්හා උක්ඛිත්තකභික්ඛුං සන්ධාය වුත්තා. තෙන හි සද්ධිං විනයකම්මං නත්ථි, තස්මා සො සඞ්ඝාදිසෙසං ආපජ්ජිත්වා ඡාදෙන්තො වජ්ජං න ඵුසතීති.
“න භික්ඛුණි නො ච ඵුසෙය්ය වජ්ජං” සතළොස් සඞ්ඝාදිසෙස අතුරෙහි එක්තරා ඇවැතකට පැමිණ අනාදරය හෙතුකොට වසන්නාවූද මෙහෙණ තොමෝ වැසීම් හෙතුවෙන් වරදට නොපැමිණේ. අන් අලුත් ඇවැතකට නොපැමිණේ. පිළිසන්වූ හෝ නොපිළිසන් වූ හෝ ඇවැතට පක්ෂමානන්තයම ලබයි. මෝතොමෝ මෙහෙණක්ද නොවේ. සාවසෙසවූද, ගරුඇවැතට පැමිණ වසා වරද නොපහසයි. “පඤ්හාමෙසා කුසලෙහි චින්තිතා” මේ ප්රශ්නය උක්ඛිත්තක භික්ෂුව සඳහා කියන ලදී. යම්හෙයකින් ඔහු සමග විනයකර්‍මයෙක් නැත්තේද, එහෙයින් යමෙක් සඞ්ඝාදිසෙසයට පැමිණ, වසන්නෝම වරද නොපහසයි.
සෙදමොචනගාථාවණ්ණනා නිට්ඨිතා.
සෙදමොචන ගාථාවර්ණනාව නිමි.