යෙදුමෙන් කියවන්න

කම‍්මවග‍්ගවණ‍්ණනා අට‍්ඨකථා

කම‍්මවග‍්ගවණ‍්ණනා

කම්මවග්ගවණ්ණනා

කම‍්මවග‍්ගෙ චතුන‍්නං කම‍්මානං නානාකරණං සමථක‍්ඛන්‍ධකෙ වුත‍්තමෙව. කිඤ‍්චාපි වුත‍්තං, අථ ඛො අයං කම‍්මවිනිච‍්ඡයො නාම ආදිතො පට‍්ඨාය වුච‍්චමානො පාකටො හොති, තස‍්මා ආදිතො පට‍්ඨායෙවෙත්‍ථ වත‍්තබ‍්බං වදිස‍්සාම. චත‍්තාරීති කම‍්මානං ගණනපරිච‍්ඡෙදවචනමෙතං. කම‍්මානීති පරිච‍්ඡින‍්නකම‍්මනිදස‍්සනං. අපලොකනකම‍්මං නාම සීමට‍්ඨකසඞ‍්ඝං සොධෙත්‍වා ඡන්‍දාරහානං ඡන්‍දං ආහරිත්‍වා සමග‍්ගස‍්ස සඞ‍්ඝස‍්ස අනුමතියා තික‍්ඛත‍්තුං සාවෙත්‍වා කත‍්තබ‍්බං කම‍්මං. ඤත‍්තිකම‍්මං නාම වුත‍්තනයෙනෙව සමග‍්ගස‍්ස සඞ‍්ඝස‍්ස අනුමතියා එකාය ඤත‍්තියා කත‍්තබ‍්බං කම‍්මං. ඤත‍්තිදුතියකම‍්මං නාම වුත‍්තනයෙනෙව සමග‍්ගස‍්ස සඞ‍්ඝස‍්ස අනුමතියා එකාය ඤත‍්තියා එකාය ච අනුස‍්සාවනායාති එවං ඤත‍්තිදුතියාය අනුස‍්සාවනාය කත‍්තබ‍්බං කම‍්මං. ඤත‍්තිචතුත්‍ථකම‍්මං නාම වුත‍්තනයෙනෙව සමග‍්ගස‍්ස සඞ‍්ඝස‍්ස අනුමතියා එකාය ඤත‍්තියා තීහි ච අනුස‍්සාවනාහීති එවං ඤත‍්තිචතුත්‍ථාහි තීහි අනුස‍්සාවනාහි කත‍්තබ‍්බං කම‍්මං.

කර්‍මවර්‍ගයෙහි - චතුර්විධ කර්‍මයන්ගේ නානාකරණය සමථක්‍ඛන්‍ධකයෙහි කියන ලද්දේමය. එසේ කියනලද්දේ නමුත් මේ කර්‍ම විනිශ්චය නම් මුලපටන් කියනු ලබන්නේ ප්‍රකට වේ. එහෙයින් මුලපටන්ම මෙහි කියයුත්ත කියන්නෙමු. “චත්තාරි” යන මෙය කර්‍මයන්ගේ ගණන් පිරිසිඳීමෙහි වචනයි. “කම්මානි” යනු පිරිසිඳින ලද කර්‍මයන්ගේ දැක්වීමය. අපලොකනකර්‍ම නම්, සීමාවෙහි සිටි සඞ්ඝයා අත්පසට ගෙන්වීම් වසයෙන් ශුද්ධකොට ඡන්‍දාර්‍හයන්ගේ ඡන්‍දයගෙණ සමගි සඞ්ඝයාගේ අනුමතියෙන් කැමැත්තෙන් තුන්යලක් අස්වා කටයුතු කර්‍මයයි. ඤත්තිකර්‍ම නම්, කියූනයින්ම සමගි සඞ්ඝයාගේ අනුමතියෙන් එක් ඤත්තියකින් කටයුතු කර්‍මයයි. ඤත්තිදුතියකර්‍ම නම් කියූනයින්ම සමගි සඞ්ඝයාගේ අනුමතියෙන් එක් ඤත්තියකින්ද එක් අනුසාවණයකින්දැයි මෙසේ ඤත්තිය දෙවැනිකොට ඇති අනුසාවණයකින් කටයුතු කර්‍මයයි. ඤත්තිචතුත්‍ථකර්‍ම නම් කියූනයින්ම සමගි සඞ්ඝයාගේ අනුමතියෙන් එක් ඤත්තියකින්ද අනුසාවණ තුනකින්දැ’යි මෙසේ ඤත්තිය සතරවැනිකොට ඇති අනුසාවණ තුනකින් කළයුතු කර්‍මයයි.

තත්‍ථ අපලොකනකම‍්මං අපලොකෙත්‍වාව කාතබ‍්බං, ඤත‍්තිකම‍්මාදිවසෙන න කාතබ‍්බං. ඤත‍්තිකම‍්මම‍්පි එකං ඤත‍්තිං ඨපෙත්‍වාව කාතබ‍්බං, අපලොකනකම‍්මාදිවසෙන න කාතබ‍්බං. ඤත‍්තිදුතියකම‍්මං පන අපලොකෙත්‍වා කාතබ‍්බම‍්පි අත්‍ථි, අකාතබ‍්බම‍්පි අත්‍ථි.

එහි අපලොකනකර්‍මය අපලොකනයකොටම කටයුතුය. ඤත්ති කර්‍මාදීන්ගේ වසයෙන් නොකටයුතුය. ඤත්තිකර්‍මයද එක් ඤත්තියක් තබාම කටයුතුය. අපලොකන කර්‍මාදීන්ගේ වසයෙන් නොකටයුතුය. ඤත්තිදුතියකර්‍මය වනාහි අපලොකනය කොට කටයුත්තේද ඇත්තේය.

තත්‍ථ සීමාසම‍්මුති, සීමාසමූහනනං, කථිනදානං, කථිනුද‍්ධාරො, කුටිවත්‍ථුදෙසනා, විහාරවත්‍ථුදෙසනාති ඉමානි ඡ කම‍්මානි ගරුකානි අපලොකෙත්‍වා කාතුං න වට‍්ටන‍්ති, ඤත‍්තිදුතියකම‍්මවාචං සාවෙත්‍වාව කාතබ‍්බානි. අවසෙසා තෙරස සම‍්මුතියො සෙනාසනග‍්ගාහකමතකචීවරදානාදිසම‍්මුතියො චාති එතානි ලහුකකම‍්මානි අපලොකෙත්‍වාපි කාතුං වට‍්ටන‍්ති, ඤත‍්තිකම‍්ම-ඤත‍්තිචතුත්‍ථකම‍්මවසෙන පන න කාතබ‍්බමෙව. ඤත‍්තිචතුත්‍ථකම‍්මවසෙන කයිරමානං දළ‍්හතරං හොති, තස‍්මා කාතබ‍්බන‍්ති එකච‍්චෙ වදන‍්ති. එවං පන සති කම‍්මසඞ‍්කරො හොති, තස‍්මා න කාතබ‍්බන‍්ති පටික‍්ඛිත‍්තමෙව. සචෙ පන අක‍්ඛරපරිහීනං වා පදපරිහීනං වා දුරුත‍්තපදං වා හොති , තස‍්ස සොධනත්‍ථං පුනප‍්පුනං වත‍්තුං වට‍්ටති. ඉදං අකුප‍්පකම‍්මස‍්ස දළ‍්හීකම‍්මං හොති, කුප‍්පකම‍්මෙ කම‍්මං හුත්‍වා තිට‍්ඨති.

සීමාසම්මුති - සීමාසමූහනය - කඨිනදාන - කඨිනුද්ධාර - කුටිවත්‍ථුදෙසනා - විහාරවත්‍ථුදෙසනා යන මේ කර්‍මසය ගරුකයහ. අපලොකනය කොට කිරීම නොවටිත්. ඤත්තිදුතිය කර්‍මවාක්‍ය අස්වාම කටයුත්තාහ. සෙසු තෙළෙස් සම්මුතීහුද සෙනාසනග්ගාහක. මතකචීවරදානාදි සම්මුතීහුදැයි යන මොවුහු ලහුකකර්‍මයහ. අපලොකනය කොටද කිරීම වටිත්. ඤත්තිකර්‍ම වශයෙන් කරනු ලබන්නේ ඉතා දැඩිවේ. එහෙයින් කටයුතුයයි ඇතැම් කෙනෙක් කියත්. මෙසේ ඇති කල්හි වනාහි කර්‍මසඞ්කර වේ. එහෙයින් නොකටයුතු යයි ප්‍රතික්‍ෂෙප කරන ලද්දේමය. ඉදින් වනාහි අක්‍ෂරයන්ගේ පිරිහීමෙක් හෝ පදයන්ගේ පිරිහීමෙක් හෝ වැරදි ලෙසට කියූ පදයෙක් හෝ වේනම්, එහි ශුද්ධිය පිණිස නැවත නැවත කීම වටියි. මෙය අකොප්‍යකර්‍මයට දළ්හීකර්‍මය වේ. කොප්‍යකර්‍මයෙහි කර්‍මය වී සිටියි.

ඤත‍්තිචතුත්‍ථකම‍්මං ඤත‍්තිඤ‍්ච තිස‍්සො ච කම‍්මවාචායො සාවෙත්‍වාව කාතබ‍්බං, අපලොකනකම‍්මාදිවසෙන න කාතබ‍්බං. පඤ‍්චහාකාරෙහි විපජ‍්ජන‍්තීති පඤ‍්චහි කාරණෙහි විපජ‍්ජන‍්ති.

ඤත්තිචතුර්‍ත්‍ථකර්‍මය ඤත්තියද කර්‍මවාක්‍යතුනද අස්වාම කටයුතුය. අපලොකන කර්‍මාදීන්ගේ වසයෙන් නොකටයුත්තේය. “පඤ්චහාකාරෙහි විපජ්ජන්ති” කරුණු පසකින් විපත්තිය පැමිණේ.

සම‍්මුඛාකරණීයං කම‍්මං අසම‍්මුඛා කරොති, වත්‍ථුවිපන‍්නං අධම‍්මකම‍්මන‍්ති එත්‍ථ අත්‍ථි කම‍්මං සම‍්මුඛාකරණීයං; අත්‍ථි අසම‍්මුඛාකරණීයං; තත්‍ථ අසම‍්මුඛාකරණීයං නාම දූතෙනුපසම‍්පදා, පත‍්තනික‍්කුජ‍්ජනං, පත‍්තුක‍්කුජ‍්ජනං, උම‍්මත‍්තකස‍්ස භික‍්ඛුනො උම‍්මත‍්තකසම‍්මුති, සෙක‍්ඛානං කුලානං සෙක‍්ඛසම‍්මුති, ඡන‍්නස‍්ස භික‍්ඛුනො බ්‍රහ‍්මදණ‍්ඩො, දෙවදත‍්තස‍්ස පකාසනීයකම‍්මං, අප‍්පසාදනීයං දස‍්සෙන‍්තස‍්ස භික‍්ඛුනො භික‍්ඛුනිසඞ‍්ඝෙන කාතබ‍්බං අවන්‍දනීයකම‍්මන‍්ති අට‍්ඨවිධං හොති, තං සබ‍්බං තත්‍ථ තත්‍ථ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං. ඉදං අට‍්ඨවිධම‍්පි කම‍්මං අසම‍්මුඛා කතං සුකතං හොති අකුප‍්පං.

“සම්මුඛා කරණීයං කම්මං අසම්මුඛා කරොති වත්‍ථුවිපන්නං අධම්මකම්මං” යන මෙහි හමුවෙහි කටයුතු කර්‍මයෙක් ඇත්තේය. නොහමුවෙහි කටයුතු කර්‍මයෙක් ඇත්තේය. එහි නොහමුවෙහි කටයුතු කර්‍මනම් දුතෙනුපසම්පදා - පත්තනික්කුජ්ජන - පත්තුක්කුජ්ජන - උමතු මහණහුට දියයුතු උම්මත්තකසම්මුති - සෙඛකුලයන්ට දියයුතු සෙක්‍ඛසම්මුති, ඡන්න භික්‍ෂූහට දෙනලද බ්‍රහ්මදණ්ඩ - දෙව්දත්හටමෙන් පකාසනීය කර්‍මය නොපැහැදියයුත්ත දක්වන මහණහට භික්‍ෂුසඞ්ඝයා විසින් කටයුතු අවන්‍දනීය කර්‍මයයි අටවැදෑරුම් වේ. ඒ සියල්ල ඒ ඒ තන්හි කියූනයින්ම දතයුත්තේය. මේ අටවැදෑරුම්වූද කර්‍මය නො හමුවෙහි කරණලද්දේ මැනැවින් කරන ලද්දේ අකොප්‍ය වේ.

සෙසානි සබ‍්බකම‍්මානි සම‍්මුඛා එව කාතබ‍්බානි – සඞ‍්ඝසම‍්මුඛතා, ධම‍්මසම‍්මුඛතා, විනයසම‍්මුඛතා, පුග‍්ගලසම‍්මුඛතාති ඉමං චතුබ‍්බිධං සම‍්මුඛාවිනයං උපනෙත්‍වාව කාතබ‍්බානි. එවං කතානි හි සුකතානි හොන‍්ති. එවං අකතානි පනෙතානි ඉමං සම‍්මුඛාවිනයසඞ‍්ඛාතං වත්‍ථුං විනා කතත‍්තා වත්‍ථුවිපන‍්නානි නාම හොන‍්ති. තෙන වුත‍්තං – “සම‍්මුඛාකරණීයං කම‍්මං අසම‍්මුඛා කරොති, වත්‍ථුවිපන‍්නං අධම‍්මකම‍්ම”න‍්ති.

සෙසු සියලු කර්‍මයෝ හමුවෙහිම කටයුත්තාහ. සඞ්ඝසම්මුඛතා - ධම්මසම්මුඛතා - විනයසම්මුඛතා - පුග්ගලසම්මුඛතා යන මේ සිව්වැදෑරුම්වූ සම්මුඛාවිනයට එළවාම කටයුත්තාහ. මෙසේ කරණලද ඒ කර්‍මයෝ වනාහි මනාව කරණලද්දාහු වෙත්. මෙසේ නොකරණලද ඒ කර්‍මයෝ මේ සම්මුඛාවිනය සඞ්ඛ්‍යාත වස්තුව හැර කළ බැවින් වත්‍ථුවිපන්න නම් වෙත්. “සම්මුඛාකරණීයං කම්මං අසම්මුඛා කරොති, වත්‍ථුවිපන්නං අධම්මකම්මං”යි එහෙයින් කියනලදී.

පටිපුච‍්ඡාකරණීයාදීසුපි පටිපුච‍්ඡාදිකරණමෙව වත්‍ථු, තං වත්‍ථුං විනා කතත‍්තා තෙසම‍්පි වත්‍ථුවිපන‍්නතා වෙදිතබ‍්බා. ඉදං පනෙත්‍ථ වචනත්‍ථමත‍්තං. පටිපුච‍්ඡා කරණීයං අප‍්පටිපුච‍්ඡා කරොතීති පුච‍්ඡිත්‍වා චොදෙත්‍වා සාරෙත්‍වා කාතබ‍්බං අපුච‍්ඡිත්‍වා අචොදෙත්‍වා අසාරෙත්‍වා කරොති. පටිඤ‍්ඤාය කරණීයං අප‍්පටිඤ‍්ඤාය කරොතීති පටිඤ‍්ඤං ආරොපෙත්‍වා යථාදින‍්නාය පටිඤ‍්ඤාය කාතබ‍්බං අප‍්පටිඤ‍්ඤාය කරොන‍්තස‍්ස විප‍්පලපන‍්තස‍්ස බලක‍්කාරෙන කරොති. සතිවිනයාරහස‍්සාති දබ‍්බමල‍්ලපුත‍්තත්‍ථෙරසදිසස‍්ස ඛීණාසවස‍්ස. අමූළ‍්හවිනයාරහස‍්සාති ගග‍්ගභික‍්ඛුසදිසස‍්ස උම‍්මත‍්තකස‍්ස. තස‍්සපාපියසිකකම‍්මාරහස‍්සාති උපවාළභික‍්ඛුසදිසස‍්ස උස‍්සන‍්නපාපස‍්ස. එස නයො සබ‍්බත්‍ථ.

පටිපුච්ඡාකරණීයාදීන් අතුරෙහිද ප්‍රතිපෘච්ඡාකරණයම වස්තුනම. ඒ වස්තුව හැර කළ බැවින් ඔවුන්ගේද වස්තු විපන්නභාවය දතයුතුය. මේ මෙහි වචනාර්‍ත්‍ථමාත්‍රයයි. “පටිපුච්ඡාකරණීයං අප්පටිපුච්ඡා කරොති” විචාරා චොදනාකොට දොෂය සිහිකරවා කටයුත්ත නොවිචාරා චොදනා නොකොට දොෂය සිහි නොකරවා කරයි. “පටිඤ්ඤාය කරණීයං අප්පටිඤ්ඤාය කරොති” ප්‍රතිඥාවට නගා දෙනලද ප්‍රතිඥාව පරිදි කටයුත්ත අප්‍රතිඥාවෙන් හඬන්නහුට විලාප කියන්නහුට බලාත්කාරයෙන් කරයි. “සතිවිනයාරහස්ස” දබ්බමල්ලපුත් තෙරුන් වැනි ක්‍ෂීණාස්‍රවයක්හට. “අමූළ්හවිනයාරහස්ස” ගර්‍හභික්‍ෂුව සමාන උමතුවූවක්හට, “තස්සපාපිය්‍යසිකා කම්මාරහස්ස” උපචාල භික්‍ෂුව සමාන උත්සන්න වූ පව් ඇත්තක්හට සියලුතන්හි මේනය වේ.

අනුපොසථෙ උපොසථං කරොතීති අනුපොසථදිවසෙ උපොසථං කරොති. උපොසථදිවසො නාම ඨපෙත්‍වා කත‍්තිකමාසං අවසෙසෙසු එකාදසසු මාසෙසු භින‍්නස‍්ස සඞ‍්ඝස‍්ස සාමග‍්ගිදිවසො ච යථාවුත‍්තචාතුද‍්දසපන‍්නරසා ච. එතං තිප‍්පකාරම‍්පි උපොසථදිවසං ඨපෙත්‍වා අඤ‍්ඤස‍්මිං දිවසෙ උපොසථං කරොන‍්තො අනුපොසථෙ උපොසථං කරොති නාම. යත්‍ර හි පත‍්තචීවරාදීනං අත්‍ථාය අප‍්පමත‍්තකෙන කාරණෙන විවදන‍්තා උපොසථං වා පවාරණං වා ඨපෙන‍්ති, තත්‍ථ තස‍්මිං අධිකරණෙ විනිච‍්ඡිතෙ “සමග‍්ගා ජාතාම‍්හා”ති අන‍්තරා සාමග‍්ගිඋපොසථං කාතුං න ලභන‍්ති, කරොන‍්තෙහි අනුපොසථෙ උපොසථො කතො නාම හොති.

“අනුපොසථෙ උපොසථං කරොති” අනුපොසථ දිනයෙහි උපෞෂථය කරයි. උපෞෂථදිනය නම් ඉල්මස හැර සෙසු එකොළොස් මාසයන්හි භින්න වූ සඞ්ඝයාගේ සාමග්‍රිදිනයද, යථොක්ත චතුර්දශී පෞර්‍ණමීහුද, මෙසේ තුන්ආකාරවූද උපෞෂථ දිනය හැර අනික් දිනයෙක්හි පොහොය කරන්නේ අනුපොසථයෙහි පොහොය කෙරේ නම. යම්තැනෙක්හි පාසිවුරු ආදිය පිණිස ස්වල්පමාත්‍ර කාරණයක් නිසා විවාද කරන්නාහු උපෞෂථය හෝ පවාරණය හෝ තබත්ද, එහි ඒ අධිකරණය විනිශ්චය කළ කල්හි සමගිවූම්හයි අතර සමගි පොහොය කරන්නට නොලබත්. කරන්නවුන් විසින් අනුපොසථයෙහි උපොසථය කරණලද්දේ නම් වේ.

අපවාරණාය පවාරෙතීති අපවාරණාදිවසෙ පවාරෙති; පවාරණාදිවසො නාම එකස‍්මිං කත‍්තිකමාසෙ භින‍්නස‍්ස සඞ‍්ඝස‍්ස සාමග‍්ගිදිවසො ච පච‍්චුක‍්කඩ‍්ඪිත්‍වා ඨපිතදිවසො ච ද‍්වෙ ච පුණ‍්ණමාසියො. එවං චතුබ‍්බිධම‍්පි පවාරණාදිවසං ඨපෙත්‍වා අඤ‍්ඤස‍්මිං දිවසෙ පවාරෙන‍්තො අපවාරණාය පවාරෙති නාම. ඉධාපි අප‍්පමත‍්තකස‍්ස විවාදස‍්ස වූපසමෙ සාමග‍්ගිපවාරණං කාතුං න ලභන‍්ති, කරොන‍්තෙහි අපවාරණාය පවාරණා කතා හොති. අපිච ඌනවීසතිවස‍්සං වා අන‍්තිමවත්‍ථුං අජ‍්ඣාපන‍්නපුබ‍්බං වා එකාදසසු වා අභබ‍්බපුග‍්ගලෙසු අඤ‍්ඤතරං උපසම‍්පාදෙන‍්තස‍්සපි වත්‍ථුවිපන‍්නං අධම‍්මකම‍්මං හොති. එවං වත්‍ථුතො කම‍්මානි විපජ‍්ජන‍්ති.

“අප්පවාරණාය පවාරෙනි” නොපැවරිය යුතු දිනයෙහි පවරයි. පවාරණ දිනය නම්, එක් ඉල්මසෙක්හි භින්න සඞ්ඝයාගේ සමගිදිනයද ඉදිරියට ඇද තැබූ දිනයද පූර්‍වකාර්තික පෞණිමිය හා පශ්චිම කාර්තික පෞණිමියද යන දෙකදැයි මෙසේ චතුර්විධ පවාරණ දිනය හැර අන් දිනයෙක්හි පවරන්නේ පවාරණ නොකටයුතු දිනයෙක්හි පවාරණය කෙරේ නම. මෙහිද ස්වල්පමාත්‍ර විවාදයක්හුගේ සන්සිඳීමෙහි සමගි පවාරණය කරන්නට නොලබත්. කරන්නවුන් විසින් පවාරණය නොකටයුතු දිනයෙහි පවාරණය කරණලද්දේ වේ. තවද උනුවිසිවයස් ඇත්තකු හෝ පෙර අන්තිම වස්තුවට පැමිණියකු හෝ එකොළොස් අභව්‍යපුද්ගලයන් අතුරෙහි එක්තරා උපසපන් කරන්නහුගේද, වස්තුවිපන්න අධර්‍මකර්‍ම වේ. මෙසේ වස්තුවෙන් කර්‍මයෝ විපත්තියට පැමිණෙත්.

ඤත‍්තිතො විපත‍්තියං පන වත්‍ථුං න පරාමසතීති යස‍්ස උපසම‍්පදාදිකම‍්මං කරොති, තං න පරාමසති, තස‍්ස නාමං න ගණ‍්හාති. “සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො, අයං ධම‍්මරක‍්ඛිතො ආයස‍්මතො බුද‍්ධරක‍්ඛිතස‍්ස උපසම‍්පදාපෙක‍්ඛො”ති වත‍්තබ‍්බෙ “සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො, ආයස‍්මතො බුද‍්ධරක‍්ඛිතස‍්ස උපසම‍්පදාපෙක‍්ඛො”ති වදති; එවං වත්‍ථුං න පරාමසති.

ඤත්තියෙන් විපත්තියෙහි වනාහි “වත්‍ථුං න පරාමසති” යමක්හට උපසම්පදාදිකර්‍ම කෙරේද, ඔහු පරාමර්‍ශනය නොකෙරෙයි. ඔහුගේ නාමය නොගණියි. “සුණතු මෙ භන්තෙ සඞ්ඝො අයං ධම්මරක්‍ඛිතො බුද්ධරක්‍ඛිතස්ස උපසම්පදාපෙඛො”යි කියයුත්තෙහි “සුණතු මෙ භන්තෙ සඞ්ඝො ආයස්මතො බුද්ධරක්‍ඛිතස්ස උපසම්පදාපෙඛො”යි කියානම් මෙසේ වස්තුව පරාමර්‍ශනය නොකරයි.

සඞ‍්ඝං න පරාමසතීති සඞ‍්ඝස‍්ස නාමං න ගණ‍්හාති. “සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො, අයං ධම‍්මරක‍්ඛිතො”ති වත‍්තබ‍්බෙ “සුණාතු මෙ භන‍්තෙ, අයං ධම‍්මරක‍්ඛිතො”ති වදති; එවං සඞ‍්ඝං න පරාමසති.

“සඞ්ඝං න පරාමසති” සඞ්ඝයාගේ නම නොගණියි. “සුණාතු මෙ භන්තෙ සඞ්ඝො අයං ධම්මරක්‍ඛිතො”යි කියයුත්තෙහි “සුණතු මෙ භන්තෙ අයං ධම්මරක්‍ඛිතො”යි කියා නම් මෙසේ සඞ්ඝයා පරාමර්‍ශනය නොකරයි.

පුග‍්ගලං න පරාමසතීති යො උපසම‍්පදාපෙක‍්ඛස‍්ස උපජ‍්ඣායො, තං න පරාමසති, තස‍්ස නාමං න ගණ‍්හාති. “සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො, අයං ධම‍්මරක‍්ඛිතො ආයස‍්මතො බුද‍්ධරක‍්ඛිතස‍්ස උපසම‍්පදාපෙක‍්ඛො”ති වත‍්තබ‍්බෙ “සුණාතු මෙ, භන‍්තෙ සඞ‍්ඝො, අයං ධම‍්මරක‍්ඛිතො උපසම‍්පදාපෙක‍්ඛො”ති වදති; එවං පුග‍්ගලං න පරාමසති.

“පුග්ගලං න පරාමසති” යමෙක් උපසම්පදාපෙක්‍ෂකයාගේ උපාද්ධ්‍යාය වේද, ඔහු පරාමර්‍ශනය නොකරයි. ඔහුගේ නාමය නොගණියි. “සුණාතු මෙ භන්තෙ සඞ්ඝො අයං ධම්මරක්‍ඛිතො ආයස්මතො බුද්ධරක්‍ඛිතස්ස උපසම්පදාපෙඛො”යි කියයුත්තෙහි “සුණාතු මෙ භන්තෙ සඞ්ඝො අයං ධම්මරක්‍ඛිතො උපසම්පදාපෙඛො”යි කියානම් මෙසේ පුද්ගලයා පරාමර්‍ශනය නොකරයි.

ඤත‍්තිං න පරාමසතීති සබ‍්බෙන සබ‍්බං ඤත‍්තිං න පරාමසති. ඤත‍්තිදුතියකම‍්මෙ ඤත‍්තිං අට‍්ඨපෙත්‍වා ද‍්වික‍්ඛත‍්තුං කම‍්මවාචාය එව අනුස‍්සාවනකම‍්මං කරොති. ඤත‍්තිචතුත්‍ථකම‍්මෙපි ඤත‍්තිං අට‍්ඨපෙත්‍වා චතුක‍්ඛත‍්තුං කම‍්මවාචාය එව අනුස‍්සාවනකම‍්මං කරොති; එවං ඤත‍්තිං න පරාමසති.

“ඤත්තිං න පරාමසති” සියල්ලෙන් සියල්ල ඤත්තිය පරාමර්‍ශනය නොකරයි. ඤත්තිදුතිය කර්‍මයෙහි ඤත්තිය නොතබා දෙවරක් කර්‍මවාක්‍යයෙන්ම අනුශ්‍රාවණකර්‍මය කරයි. ඤත්තිචතුත්‍ථ කර්‍මයෙහි ඤත්තිය නොතබා සිවුවරක් කර්‍ම වාක්‍යයෙන්ම අනුශ්‍රාවණ කර්‍මය කරයි. මෙසේ ඤත්තිය පරාමර්‍ශනය නොකරයි.

පච‍්ඡා වා ඤත‍්තිං ඨපෙතීති පඨමං කම‍්මවාචාය අනුස‍්සාවනකම‍්මං කත්‍වා “එසා ඤත‍්තී”ති වත්‍වා “ඛමති සඞ‍්ඝස‍්ස තස‍්මා තුණ‍්හී එවමෙතං ධාරයාමී”ති වදති; එවං පච‍්ඡා ඤත‍්තිං ඨපෙති. ඉති ඉමෙහි පඤ‍්චහාකාරෙහි ඤත‍්තිතො කම‍්මානි විපජ‍්ජන‍්ති.

“පච්ඡා වා ඤත්තිං ඨපෙති” පළමුකොට කර්‍මවාක්‍යයෙන් අනුශ්‍රාවණ කර්‍මය කොට “එසා ඤත්ති”යි කියා “ඛමති සඞ්ඝස්ස, තස්මා තුණ්හී එවමෙතං ධාරයාමි” කියා නම්, මෙසේ පසුව ඤත්තිය තබයි. මෙසේ මේ පස්අයුරෙන් ඤත්තියෙන් කර්‍මයෝ විපත්තියට පැමිණෙත්.

අනුස‍්සාවනතො විපත‍්තියං පන වත්‍ථුආදීනි වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බානි. එවං පන නෙසං අපරාමසනං හොති – “සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො”ති පඨමානුස‍්සාවනෙ “දුතියම‍්පි එතමත්‍ථං වදාමි, තතියම‍්පි එතමත්‍ථං වදාමි, සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො”ති දුතියතතියානුස‍්සාවනාසු වා “අයං ධම‍්මරක‍්ඛිතො ආයස‍්මතො බුද‍්ධරක‍්ඛිතස‍්ස උපසම‍්පදාපෙක‍්ඛො”ති වත‍්තබ‍්බෙ “සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො, ආයස‍්මතො බුද‍්ධරක‍්ඛිතස‍්සා”ති වදන‍්තො වත්‍ථුං න පරාමසති නාම. “සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො, අයං ධම‍්මරක‍්ඛිතො”ති වත‍්තබ‍්බෙ “සුණාතු මෙ භන‍්තෙ, අයං ධම‍්මරක‍්ඛිතො”ති වදන‍්තො සඞ‍්ඝං න පරාමසති නාම. “සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො, අයං ධම‍්මරක‍්ඛිතො ආයස‍්මතො බුද‍්ධරක‍්ඛිතස‍්සා”ති වත‍්තබ‍්බෙ “සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො, අයං ධම‍්මරක‍්ඛිතො උපසම‍්පදාපෙක‍්ඛො”ති වදන‍්තො පුග‍්ගලං න පරාමසති නාම.

අනුශ්‍රාවණයෙන් විපත්තියෙහි වනාහි වස්තු ආදීහු කියූනයින්ම දතයුත්තාහ. මෙසේ වනාහි ඔවුන්ගේ අපරාමර්‍ශනය වේ. “සුණාතු මෙ භන්තෙ සඞ්ඝො”යි ප්‍රථමානුශ්‍රාවණයෙහිද, “දුතියම්පි එකමත්‍ථං වදාමි, තතියම්පි එකමත්‍ථං වදාමි, සුණතු මෙ භන්තෙ සඞ්ඝො”යි ද්විතීය තෘතීය අනුශ්‍රාවණයන්හි හෝ “අයං ධම්මරක්‍ඛිතො ආයස්මතො බුද්ධරක්‍ඛිතස්ස උපසම්පදාපෙඛො”යි කියයුත්තෙහි “සුණාතු මෙ භන්තෙ සඞ්ඝො ආයස්මතො බුද්ධරක්‍ඛිතස්ස”යි කියන්නේ වස්තුව පරාමර්‍ශනය නොකෙරේ නම. “සුණාතු මෙ භන්තෙ සඞ්ඝො අයං ධම්මරක්‍ඛිතො”යි කිය යුත්තෙහි “සුණාතු මෙ භන්තෙ අයං ධම්මරක්‍ඛිතො”යි කියන්නේ සඞ්ඝයා පරාමර්‍ශනය කොකෙරේ නම. “සුණාතු මෙ භන්තෙ සඞ්ඝො අයං ධම්මරක්‍ඛිතො ආයස්මතො බුද්ධරක්‍ඛිතස්ස”යි කියයුත්තෙහි “සුණාතු මෙ භන්තෙ සඞ්ඝො අයං ධම්මරක්‍ඛිතො උපසම්පදාපෙඛො”යි කියන්නේ පුද්ගලයා පරාමර්‍ශනය නොකෙරේ නම.

සාවනං හාපෙතීති සබ‍්බෙන සබ‍්බං කම‍්මවාචාය අනුස‍්සාවනං න කරොති, ඤත‍්තිදුතියකම‍්මෙ ද‍්වික‍්ඛත‍්තුං ඤත‍්තිමෙව ඨපෙති, ඤත‍්තිචතුත්‍ථකම‍්මෙ චතුක‍්ඛත‍්තුං ඤත‍්තිමෙව ඨපෙති; එවං අනුස‍්සාවනං හාපෙති . යොපි ඤත‍්තිදුතියකම‍්මෙ එකං ඤත‍්තිං ඨපෙත්‍වා එකං කම‍්මවාචං අනුස‍්සාවෙන‍්තො අක‍්ඛරං වා ඡඩ‍්ඩෙති, පදං වා දුරුත‍්තං කරොති, අයම‍්පි අනුස‍්සාවනං හාපෙතියෙව. ඤත‍්තිචතුත්‍ථකම‍්මෙ පන එකං ඤත‍්තිං ඨපෙත්‍වා සකිමෙව වා ද‍්වික‍්ඛත‍්තුං වා කම‍්මවාචාය අනුස‍්සාවනං කරොන‍්තොපි අක‍්ඛරං වා පදං වා ඡඩ‍්ඩෙන‍්තොපි දුරුත‍්තං කරොන‍්තොපි අනුස‍්සාවනං හාපෙතියෙවාති වෙදිතබ‍්බො.

“අනුසාවණං හාපෙති” සියල්ලෙන් සියල්ල කර්‍මවාක්‍යයෙන් අනුශ්‍රාවණය නොකෙරෙයි. ඤත්තිදුතියකර්‍මයෙහි දෙවරක් ඤත්තියම තබයි. චතුර්‍ත්‍ථ කර්‍මයෙහි සතරවරක් ඤත්තියම තබයි. මෙසේ අනුශ්‍රාවණය පිරිහෙළයි. යමෙක් තෙමේ ඤත්තිදුතිය කර්‍මයෙහි එක් ඤත්තියක් තබා එක් කර්‍මවාක්‍යයක් අනුශ්‍රාවණය කරන්නේ අකුරක් හෝ හරීද, පදයක් හෝ හරීද, දුරුක්ත හෝ කරයිද, මෙය අනුශ්‍රාවණය පිරිහෙළාමය. ඤත්ති චතුර්‍ත්‍ථකර්‍මයෙහි වනාහි එක් ඤත්තියක් තබා වරක්ම හෝ දෙවරක් හෝ කර්‍මවාක්‍යයෙන් අනුශ්‍රාවණය කරන්නේද අකුරක් හෝ පදයක් හෝ හරින්නේද, දුරුක්ත හෝ කරන්නේද, අනුශ්‍රාවණය පිරිහෙළාමය’යි දතයුතුය.

දුරුත‍්තං කරොතීති එත්‍ථ පන අයං විනිච‍්ඡයො – යො හි අඤ‍්ඤස‍්මිං අක‍්ඛරෙ වත‍්තබ‍්බෙ අඤ‍්ඤං වදති, අයං දුරුත‍්තං කරොති නාම. තස‍්මා කම‍්මවාචං කරොන‍්තෙන භික‍්ඛුනා ය‍්වායං –

“දුරුක්තං කරොති” යන මෙහි වනාහි මේ විනිශ්චය වේ. යමෙක් වනාහි අන් අකුරක් කියයුතු තන්හි අන් අකුරක් කියාද, මේ දුරුක්ත කෙරේ නම. එහෙයින් කර්‍මවාක්‍යය අස්වන්නා වූ මහණහු විසින් යම්මේ -

“සිථිලං ධනිතඤ‍්ච දීඝරස‍්සං, ගරුකං ලහුකඤ‍්ච නිග‍්ගහිතං; සම‍්බන්‍ධං වවත්‍ථිතං විමුත‍්තං, දසධා බ්‍යඤ‍්ජනබුද‍්ධියා පභෙදො”ති.

ශිථිල ධනිතයද දීර්‍ඝභ්‍රස්වයද ගරුකලහුකයද නිග්ගහීතයද සම්බන්‍ධයද ව්‍යවස්ථිකයද විමුක්තයදැයි දශප්‍රකාරයෙන් අක්‍ෂරොත්පාදක චිත්තයාගේ ප්‍රභෙදය වේයි

වුත‍්තො, අයං සුට‍්ඨු උපලක‍්ඛෙතබ‍්බො. එත්‍ථ හි “සිථිලං” නාම පඤ‍්චසු වග‍්ගෙසු පඨමතතියං. “ධනිතං” නාම තෙස‍්වෙව දුතියචතුත්‍ථං. “දීඝ”න‍්ති දීඝෙන කාලෙන වත‍්තබ‍්බං ආකාරාදි. “රස‍්ස”න‍්ති තතො උපඩ‍්ඪකාලෙන වත‍්තබ‍්බං අකාරාදි. “ගරුක”න‍්ති දීඝමෙව. යං වා ආයස‍්මතො බුද‍්ධරක‍්ඛිතත්‍ථෙරස‍්ස යස‍්ස නක‍්ඛමතීති එවං සංයොගපරං කත්‍වා වුච‍්චති. “ලහුක”න‍්ති රස‍්සමෙව. යං වා ආයස‍්මතො බුද‍්ධරක‍්ඛිතථෙරස‍්ස යස‍්ස න ඛමතීති එවං අසංයොගපරං කත්‍වා වුච‍්චති. “නිග‍්ගහිත”න‍්ති යං කරණානි නිග‍්ගහෙත්‍වා අවිස‍්සජ‍්ජෙත්‍වා අවිවටෙන මුඛෙන සානුනාසිකං කත්‍වා වත‍්තබ‍්බං. “සම‍්බන්‍ධ”න‍්ති යං පරපදෙන සම‍්බන්‍ධිත්‍වා “තුණ‍්හිස‍්සා”ති වා “තුණ‍්හස‍්සා”ති වා වුච‍්චති. “වවත්‍ථිත”න‍්ති යං පරපදෙන අසම‍්බන්‍ධං කත්‍වා විච‍්ඡින්‍දිත්‍වා “තුණ‍්හී අස‍්සා”ති වා “තුණ‍්හ අස‍්සා”ති වා වුච‍්චති. “විමුත‍්ත”න‍්ති යං කරණානි අනිග‍්ගහෙත්‍වා විස‍්සජ‍්ජෙත්‍වා විවටෙන මුඛෙන අනුනාසිකං අකත්‍වා වුච‍්චති.

කියන ලද්දේ ද මේ අක්‍ෂරප්‍රභෙදය මනාකොට සැලකිය යුත්තේය. එහි කවර්‍ගාදි වර්‍ගපසෙහි ප්‍රථම-තෘතීය අක්‍ෂර සිථිල නම. ඒ වර්‍ගයන්හිම ද්විතීය-චතුර්‍ත්‍ථාක්‍ෂර ධනිත නම. මාත්‍රා දෙකක් පමණ දීර්‍ඝකාලයෙන් කියයුතු ආකාරාදිය දීර්‍ඝ නම. එයින් අඩකලකින් කියයුතු අකාරාදිය භ්‍රස්ව නම. දීර්‍ඝයම ගරුක නම. යමක් “ආයස්මතො බුද්ධරක්‍ඛිතත්‍ථෙරස්ස” “යස්ස න ක්‍ඛමති”යි මෙසේ සංයොගය පරකොට කියනු ලැබේ, එද දීර්‍ඝනම. භ්‍රස්වයම ලහුකයයි. යමක් “ආයස්මතො බුද්ධරක්‍ඛිතත්‍ථෙරස්ස, යස්ස න ක්‍ඛමති”යි මෙසේ අසංයොග පරකොට කියනු ලැබේද, එද භ්‍රස්වයයි. යමක් කරණය පෙළා නොහැර විවෘතනොවූ මුඛයෙන් අනුනාසිකකොට කියයුත්තේද ඒ නිග්ගහීතයය. යමක් පරපදය හා සම්බන්‍ධකොට “තුණ්හිස්ස”යි හෝ “තුණ්හිස්ස”යි හෝ කියනු ලැබේද ඒ සම්බන්‍ධයය. යමක් පරපදය හා සම්බන්‍ධ නොකොට විසඳ වෙන්කොට “තුණ්හී අස්ස”යි හෝ “තුණ්හ අස්ස”යි හෝ කියනු ලැබේද, ඒ ව්‍යවස්ථිනයය. යමක් අකුරු උපදින තැන් නිග්‍රහ නොකොට විසඳා විවෘත මුඛයෙන් අනුනාසික නොකොට කියනු ලැබේද, ඒ විමුක්තයය.

තත්‍ථ “සුණාතු මෙ”ති වත‍්තබ‍්බෙ ත-කාරස‍්ස ථ-කාරං කත්‍වා “සුණාථු මෙ”ති වචනං සිථිලස‍්ස ධනිතකරණං නාම. තථා “පත‍්තකල‍්ලං, එසා ඤත‍්තී”ති වත‍්තබ‍්බෙ “පත්‍ථකල‍්ලං, එසා ඤත්‍ථී”තිආදිවචනඤ‍්ච. “භන‍්තෙ සඞ‍්ඝො”ති වත‍්තබ‍්බෙ භ-කාර ඝ-කාරානං බ-කාර ග-කාරෙ කත්‍වා “බන‍්තෙ සඞ‍්ගො”ති වචනං ධනිතස‍්ස සිථිලකරණං නාම. “සුණාතු මෙ”ති විවටෙන මුඛෙන වත‍්තබ‍්බෙ පන “සුණංතු මෙ”ති වා “එසා ඤත‍්තී”ති වත‍්තබ‍්බෙ “එසං ඤත‍්තී”ති වා අවිවටෙන මුඛෙන අනුනාසිකං කත්‍වා වචනං විමුත‍්තස‍්ස නිග‍්ගහිතවචනං නාම. “පත‍්තකල‍්ල”න‍්ති අවිවටෙන මුඛෙන අනුනාසිකං කත්‍වා වත‍්තබ‍්බෙ “පත‍්තකල‍්ලා”ති විවටෙන මුඛෙන අනුනාසිකං අකත්‍වා වචනං නිග‍්ගහිතස‍්ස විමුත‍්තවචනං නාම.

එහි “සුණාතු මෙ”යි කියයුත්තෙහි ත කාරයට ථකාරය කොට “සුණාථු මෙ”යි කීම සිථිලයට ධනිතය කිරීම නම. එසේ “පත්තකල්ලං, එසා ඤත්ති”යි කියයුත්තෙහි “පත්‍ථකාලා එසා ඤත්‍ථි”යි යනාදිය කීමද “භන්තෙ සඞ්ඝෙ”යි කියයුත්තෙහි භකාරඝකාරයන්ට, බකාරගකාරයන්කොට “බන්තෙ සඞ්ගො”යි කීමද ධනිතයට සිථිලය කිරීම නම. “සුණාතු මෙ”යි විවෘත මුඛයෙන් කියයුත්තෙහි “සුණංතුමෙ”යි හෝ” “එසා ඤත්ති”යි කියයුත්තෙහි “එසං ඤත්ති”යි හෝ විවෘතනොවූ මුඛයෙන් අනුනාසිකකොට කීම විමුක්තයට නිග්ගහීතය කීම නම. “පත්තකල්ලං”යි විවෘත නොවූ මුඛයෙන් අනුනාසිකකොට කියයුත්තෙහි “පත්තකල්ලා”යි විවෘතමුඛයෙන් අනුනාසික නොකොට කීම නිග්ගහීතයට විමුක්තය කීම නම.

ඉති සිථිලෙ කත‍්තබ‍්බෙ ධනිතං, ධනිතෙ කත‍්තබ‍්බෙ සිථිලං, විමුත‍්තෙ කත‍්තබ‍්බෙ නිග‍්ගහිතං, නිග‍්ගහිතෙ කත‍්තබ‍්බෙ විමුත‍්තන‍්ති ඉමානි චත‍්තාරි බ්‍යඤ‍්ජනානි අන‍්තොකම‍්මවාචාය කම‍්මං දූසෙන‍්ති. එවං වදන‍්තො හි අඤ‍්ඤස‍්මිං අක‍්ඛරෙ වත‍්තබ‍්බෙ අඤ‍්ඤං වදති, දුරුත‍්තං කරොතීති වුච‍්චති. ඉතරෙසු පන දීඝරස‍්සාදීසු ඡසු බ්‍යඤ‍්ජනෙසු දීඝට‍්ඨානෙ දීඝමෙව, රස‍්සට‍්ඨානෙ ච රස‍්සමෙවාති එවං යථාඨානෙ තං තදෙව අක‍්ඛරං භාසන‍්තෙන අනුක‍්කමාගතං පවෙණිං අවිනාසෙන‍්තෙන කම‍්මවාචා කාතබ‍්බා. සචෙ පන එවං අකත්‍වා දීඝෙ වත‍්තබ‍්බෙ රස‍්සං, රස‍්සෙ වා වත‍්තබ‍්බෙ දීඝං වදති; තථා ගරුකෙ වත‍්තබ‍්බෙ ලහුකං, ලහුකෙ වා වත‍්තබ‍්බෙ ගරුකං වදති; සම‍්බන්‍ධෙ වා පන වත‍්තබ‍්බෙ වවත්‍ථිතං, වවත්‍ථිතෙ වා වත‍්තබ‍්බෙ සම‍්බන්‍ධං වදති; එවං වුත‍්තෙපි කම‍්මවාචා න කුප‍්පති. ඉමානි හි ඡ බ්‍යඤ‍්ජනානි කම‍්මං න කොපෙන‍්ති.

මෙසේ සිථිලය කියයුත්තෙහි ධනිතය, ධනිතය කියයුත්තෙහි සිථිලය, විමුක්තය කියයුත්තෙහි නිග්ගහීතය, නිග්ගහීතය කියයුත්තෙහි විමුක්තය”යි මේ බ්‍යඤ්ජන සතර කර්‍මවාක්‍යය තුළ කර්‍මය දූෂණය කරත්. මෙසේ කියන්නේ අන් අකුරක් කිය යුත්තෙහි අන් අකුරක් කියාද, දුරුක්ත කෙරේය’යි කියනු ලැබේ. අන්‍ය වූ දීර්‍ඝභ්‍රස්වාදි ෂට් බ්‍යඤ්ජනයන්හි දීර්‍ඝ ස්ථානයෙහි දීර්‍ඝයමය. භ්‍රස්වස්ථානයෙහි භ්‍රස්වයමයයි මෙසේ යථාස්ථානයෙහි ඒ ඒ අක්‍ෂරයම කියන්නහු විසින් පාල්‍යර්‍ත්‍ථ කථාවන්හි පිළිවෙළින් පැමිණි ප්‍රවෙණිය නොනස්නහු කර්‍මවාක්‍යය කටයුතුය. ඉදින් වනාහි මෙසේ නොකොට දීර්‍ඝය කියයුත්තෙහි භ්‍රස්වය, භ්‍රස්වය කියයුත්තෙහි දීර්‍ඝය කියානම්, එසේ ගරුකය කියයුත්තෙහි ලහුකය. ලහුකය හෝ කියයුත්තෙහි ගරුකය. කියාද, සම්බන්‍ධය හෝ කියයුත්තෙහි ව්‍යවස්ථිතය, ව්‍යවස්ථිතය හෝ කියයුත්තෙහි සම්බන්‍ධය කියාද, මෙසේ කියූ කල්හිද, කර්‍මවාක්‍යය කොප්‍ය නොවේ. මේ ෂට් බ්‍යඤ්ජනයෝ කර්‍මය කොප්‍ය නොකරත්.

යං පන සුත‍්තන‍්තිකත්‍ථෙරා “ද-කාරො ත-කාරමාපජ‍්ජති, ත-කාරො ද-කාරමාපජ‍්ජති, ච-කාරො ජ-කාරමාපජ‍්ජති, ජ-කාරො ච-කාරමාපජ‍්ජති, ය-කාරො ක-කාරමාපජ‍්ජති, ක-කාරො ය-කාරමාපජ‍්ජති; තස‍්මා ද-කාරාදීසු වත‍්තබ‍්බෙසු ත-කාරාදිවචනං න විරුජ‍්ඣතී”ති වදන‍්ති, තං කම‍්මවාචං පත්‍වා න වට‍්ටති. තස‍්මා විනයධරෙන නෙව ද-කාරො ත-කාරො කාතබ‍්බො…පෙ… න ක-කාරො ය-කාරො. යථාපාළියා නිරුත‍්තිං සොධෙත්‍වා දසවිධාය බ්‍යඤ‍්ජනනිරුත‍්තියා වුත‍්තදොසෙ පරිහරන‍්තෙන කම‍්මවාචා කාතබ‍්බා. ඉතරථා හි සාවනං හාපෙති නාම.

සෞත්‍රාන්තික ස්ථවිරවරු දකාරය තකාරයට පැමිණේ, තකාරය දකාරයට පැමිණේ. චකාරය ජකාරයට පැමිණේ. ජකාරය චකාරයට පැමිණේ. යකාරය කකාරයට පැමිණේ. කකාරය යකාරයට පැමිණේ, එහෙයින් දකාරාදීන් කියයුත්තෙහි තකාරාදිය කීම විරුද්ධ නොවේයයි යමක් කියත්ද, එය කර්‍මවාක්‍යයට පැමිණ නොවටියි. එහෙයින් විනයධරයා විසින් දකාරය තකාරය නොමකටයුතුය. -පෙ- කකාරය යකාරයද නොකටයුතුය. පෙළපරිදි නිරුක්තිය ශුද්ධකොට දශවිධ ව්‍යඤ්ජන නිරුක්තියෙහි කියූ දොස් දුරු කරන්නන් විසින් කර්‍මවාක්‍යය කටයුතුය. අන් පරිද්දෙකින් වනාහි ශ්‍රාවණය පිරිහෙළා නම.

අකාලෙ වා සාවෙතීති සාවනාය අකාලෙ අනොකාසෙ ඤත‍්තිං අට‍්ඨපෙත්‍වා පඨමංයෙව අනුස‍්සාවනකම‍්මං කත්‍වා පච‍්ඡා ඤත‍්තිං ඨපෙති. ඉති ඉමෙහි පඤ‍්චහාකාරෙහි අනුස‍්සාවනතො කම‍්මානි විපජ‍්ජන‍්ති.

“අකාලෙ වා සාවෙති” ඇස්වීමට නොකල්හි අනවකාශයෙහි ඤත්තිය නොතබා පළමුකොටම අනුශ්‍රාවණ කර්‍මයකොට පසුව ඤත්තිය තබයි. මෙසේ මේ පස් ආකාරයෙන් අනුශ්‍රාවණයෙන් කර්‍මයෝ විපත්තියට පැමිණෙත්.

සීමතො විපත‍්තියං පන අතිඛුද‍්දකසීමා නාම යා එකවීසති භික‍්ඛූ න ගණ‍්හාති. කුරුන්‍දියං පන “යත්‍ථ එකවීසති භික‍්ඛූ නිසීදිතුං න සක‍්කොන‍්තී”ති වුත‍්තං. තස‍්මා යා එවරූපා සීමා, අයං සම‍්මතාපි අසම‍්මතා, ගාමඛෙත‍්තසදිසාව හොති, තත්‍ථ කතං කම‍්මං කුප‍්පති. එස නයො සෙසසීමාසුපි. එත්‍ථ පන අතිමහතී නාම යා කෙසග‍්ගමත‍්තෙනාපි තියොජනං අතික‍්කාමෙත්‍වා සම‍්මතා හොති. ඛණ‍්ඩනිමිත‍්තා නාම අඝටිතනිමිත‍්තා වුච‍්චති. පුරත්‍ථිමාය දිසාය නිමිත‍්තං කිත‍්තෙත්‍වා අනුක‍්කමෙනෙව දක‍්ඛිණාය පච‍්ඡිමාය උත‍්තරාය දිසාය කිත‍්තෙත්‍වා පුන පුරත්‍ථිමාය දිසාය පුබ‍්බකිත‍්තිතං නිමිත‍්තං පටිකිත‍්තෙත්‍වාව ඨපෙතුං වට‍්ටති; එවං අඛණ‍්ඩනිමිත‍්තා හොති. සචෙ පන අනුක‍්කමෙන ආහරිත්‍වා උත‍්තරාය දිසාය නිමිත‍්තං කිත‍්තෙත්‍වා තත්‍ථෙව ඨපෙති, ඛණ‍්ඩනිමිත‍්තා හොති. අපරාපි ඛණ‍්ඩනිමිත‍්තා නාම යා අනිමිත‍්තුපගං තචසාරරුක‍්ඛං වා ඛාණුකං වා පංසුපුඤ‍්ජවාලිකාපුඤ‍්ජානං වා අඤ‍්ඤතරං අන‍්තරා එකං නිමිත‍්තං කත්‍වා සම‍්මතා හොති. ඡායානිමිත‍්තා නාම යා පබ‍්බතච‍්ඡායාදීනං යංකිඤ‍්චි ඡායං නිමිත‍්තං කත්‍වා සම‍්මතා හොති. අනිමිත‍්තා නාම යා සබ‍්බෙන සබ‍්බං නිමිත‍්තානි අකිත‍්තෙත්‍වා සම‍්මතා හොති.

සීමාවෙන් වන විපත්තියෙහි වනාහි, අතිඛුද්දකසීමා නම් යම් සීමාවක් තොමෝ එක් විසිනමක් භික්‍ෂූන් නොගණීද, ඕතොමෝය. කුරුන්‍දියෙහි වනාහි ‘යම්තැනක එක්විසිනමක් භික්‍ෂූහු හිඳින්නට නොහැකිවෙත්ද, ඕතොමෝයයි කියන ලදී. එහෙයින් මෙබඳු යම් සීමාවක් තොමෝ සම්මතකරණ ලද්දීත් අසම්මතය. ග්‍රාමක්‍ෂෙත්‍රය සමාන වන්නීය. එහි කළ කර්‍මය කොප්‍ය වේ. සෙසු සීමාවන්හිද මේනය වේ. මෙහි වනාහි අතිමහත් සීමානම් යම්සීමාවක් තොමෝ කෙසගක් පමණකුදු තුන්යොදුන ඉක්මවා සම්මත කරන ලද්දීවේද, ඕතොමෝය. ඛණ්ඩනිමිත්ත සීමා නම් නොගැටූ නිමිති නිමිත්ත ඇති සීමාය කියනුලැබේ. පූර්‍වදිශාවෙහි පළමු කීර්තනය කළ නිමිත්ත නැවත කීර්තනය කොට තැබීම වටියි. මෙසේ කළ කල්හි අඛණ්ඩනිමිත්තා නම් වන්නීය. ඉදින්වනාහි පිළිවෙළින් ගෙණ අවුත් උතුරුදිග නිමිත්ත කීර්තනය කොට එහිම තබා නම් ඛණ්ඩනිමිත්තා නම් වන්නීය. අනිකුදු ඛණ්ඩනිමිත්තාවක් නම් යම් සීමාවක් නිමිත්ත යට නොසුදුසු තචසාර රුකක් හෝ කණුවක් හෝ පස්රැස වැලිරැස යන මොවුන්ගෙන් එක්තරා හෝ එකක් අතර එකක් නිමිත්තකොට සම්මත කරණලද්දී වේද, ඕතොමෝය. ඡායානිමිත්තසීමා නම් යම් සීමාවක් තොමෝ කඳු සෙවනැලි ආදීන් අතුරෙහි යම්කිසි ඡායාවක් නිමිත්තකොට සම්මත කරණලද්දීවේද, ඕතොමෝය. අනිමිත්තසීමා නම් යම් සීමාවක් තොමෝ සියල්ලෙන් සියල්ල නිමිත්තයන් කීර්තනය නොකොට සම්මත කරණලද්දී වේද, ඕතොමෝය.

බහිසීමෙ ඨිතො සීමං සම‍්මන‍්නති නාම නිමිත‍්තානි කිත‍්තෙත්‍වා නිමිත‍්තානං බහි ඨිතො සම‍්මන‍්නති. නදියා සමුද‍්දෙ ජාතස‍්සරෙ සීමං සම‍්මන‍්නතීති එතෙසු නදිආදීසු යං සම‍්මන‍්නති, සා එවං සම‍්මතාපි “සබ‍්බා, භික‍්ඛවෙ, නදී අසීමා, සබ‍්බො සමුද‍්දො අසීමො, සබ‍්බො ජාතස‍්සරො අසීමො”ති (මහාව· 147) වචනතො අසම‍්මතාව හොති. සීමාය සීමං සම‍්භින්‍දතීති අත‍්තනො සීමාය පරෙසං සීමං සම‍්භින්‍දති. අජ‍්ඣොත්‍ථරතීති අත‍්තනො සීමාය පරෙසං සීමං අජ‍්ඣොත්‍ථරති. තත්‍ථ යථා සම‍්භෙදො ච අජ‍්ඣොත්‍ථරණඤ‍්ච හොති, තං සබ‍්බං උපොසථක‍්ඛන්‍ධකෙ වුත‍්තමෙව. ඉති ඉමා එකාදසපි සීමා අසීමා ගාමඛෙත‍්තසදිසා එව, තාසු නිසීදිත්‍වා කතං කම‍්මං කුප‍්පති. තෙන වුත‍්තං “ඉමෙහි එකාදසහි ආකාරෙහි සීමතො කම‍්මානි විපජ‍්ජන‍්තී”ති.

“බහිසීමෙ ඨිතො සීමං සම්මන්නති” නම් නිමිත්තයන් කීර්තනය කොට නිමිත්තයන්ගේ පිටත සිටියේ සම්මත කෙරේද ඕතොමෝය. “නදියා, සමුද්දෙ, ජාතස්සරෙ, සීමං සම්මන්නති” මේ නදී ආදියෙහි යම් සීමාවක් සම්මත කෙරේද, ඕතොමෝ මෙසේ සම්මතකරණ ලද්දීද, “සබ්බා භික්‍ඛවෙ නදීඅසීමා, සබ්බො සමුද්දො අසීමො, සබ්බො ජාතස්සරො අසීමො”යි වදාළ බැවින් සම්මත නොකරණ ලද්දීම වේ. “සීමාය සීමං සම්භින්‍දති” තමගේ සීමාවෙන් අනුන්ගේ සීමාව බිඳියි. “අජ්ඣොත්‍ථරති” තමන්ගේ සීමාව අනුන්ගේ සීමාව යටපත්කරයි. එහි සම්භෙදයද අජ්ඣොත්‍ථරණයද යම්සේවේද, ඒ සියල්ල උපොසථක්‍ඛන්‍ධකයෙහි කියනලද්දේමය. මෙසේ මේ එකොළොස් සීමාවෝද අසීමාවෝය. ග්‍රාමක්‍ෂෙත්‍රය සමානමයහ. ඒ සීමාවන්හි හිඳ කළ කර්‍මය කොප්‍ය වේ. “ඉමෙහි එකාදසහි ආකාරෙහි සීමතො කම්මානි විපජ්ජන්ති”යි එහෙයින් කියන ලදී.

පරිසතො කම‍්මවිපත‍්තියං පන කිඤ‍්චි අනුත‍්තානං නාම නත්‍ථි. යම‍්පි තත්‍ථ කම‍්මප‍්පත‍්තඡන්‍දාරහලක‍්ඛණං වත‍්තබ‍්බං සියා, තම‍්පි පරතො “චත‍්තාරො භික‍්ඛූ පකතත‍්තා කම‍්මප‍්පත‍්තා”තිආදිනා නයෙන වුත‍්තමෙව. තත්‍ථ පකතත‍්තා කම‍්මප‍්පත‍්තාති චතුවග‍්ගකරණෙ කම‍්මෙ චත‍්තාරො පකතත‍්තා අනුක‍්ඛිත‍්තා අනිස‍්සාරිතා පරිසුද‍්ධසීලා චත‍්තාරො භික‍්ඛූ කම‍්මප‍්පත‍්තා කම‍්මස‍්ස අරහා අනුච‍්ඡවිකා සාමිනො. න තෙහි විනා තං කම‍්මං කයිරති, න තෙසං ඡන්‍දො වා පාරිසුද‍්ධි වා එති. අවසෙසා පන සචෙපි සහස‍්සමත‍්තා හොන‍්ති, සචෙ සමානසංවාසකා, සබ‍්බෙ ඡන්‍දාරහාව හොන‍්ති. ඡන්‍දපාරිසුද‍්ධිං දත්‍වා ආගච‍්ඡන‍්තු වා මා වා, කම‍්මං පන තිට‍්ඨති. යස‍්ස පන සඞ‍්ඝො පරිවාසාදිකම‍්මං කරොති, සො නෙව කම‍්මප‍්පත‍්තො, නාපි ඡන්‍දාරහො. අපිච යස‍්මා තං පුග‍්ගලං වත්‍ථුං කත්‍වා සඞ‍්ඝො කම‍්මං කරොති, තස‍්මා “කම‍්මාරහො”ති වුච‍්චති. සෙසකම‍්මෙසුපි එසෙව නයො.

පිරිස් විසින් කර්‍මවිපත්තියෙහි වනාහි කිසිත් අප්‍රකටයක් නම් නැත්තේය. එහි යම් කර්‍මප්‍රාප්ත ඡන්‍දාර්‍හ ලක්‍ෂණයෙන් කියයුතුවන්නේද, එද පසුභාගයෙහි “චත්තාරො භික්‍ඛූ පකතත්තා කම්මප්පත්තා” යනාදිනයින් කියන ලද්දේමය. එහි “පකතත්තා කම්මප්පත්තා”යනු චතුවග්ගික සඞ්ඝයා විසින් කටයුතු කර්‍මයෙහි පියවි සැහැවි ඇති උත්ක්‍ෂෙපනීය කර්‍මය නොකළ බැහැර නොකළ පිරිසිදු සිල් ඇති භික්‍ෂූහු සතර නමක් කර්‍මයට පැමිණියාහු කර්‍මයට අර්‍හ වෙති. සුදුසු සහ ස්වාමීහුය. ඔවුන්හැර ඒ කර්‍මය කරණු නොලැබේ. ඔවුන්ගේ ඡන්‍දය හෝ පාරිශුද්ධිය හෝ නොඑයි. සෙස්සෝ වනාහි දහසක් පමණ වූවාහු වෙත්ද, ඉදින් සමානසංවාසකයෝ, සියල්ලෝ ඡන්‍දාර්‍හයෝ වෙත්. ඡන්‍දපාරිශුද්ධියදී එත්වා, හෝ නොඑත්වා හෝ කර්‍මය සිටියි. සඞ්ඝතෙමේ යමක්හට පිරිවෙස් ආදිකර්‍මයක් කෙරේද, හෙතෙමේ කර්‍මයට නොම පැමිණියේය. ඡන්‍දය ගෙන්වීමටද සුදුසු නොවේ. තවද යම්හෙයකින් ඒ පුද්ගලයා වස්තුවකොට කර්‍මය කරයි නම්, කර්‍මාර්‍හයයි කියනු ලැබේ. සෙසු කර්‍මයන්හිද මේනයම වේ.

පුන චත‍්තාරි කම‍්මානීතිආදිකො නයො පණ‍්ඩකාදීනං අවත්‍ථුභාවදස‍්සනත්‍ථං වුත‍්තො. සෙසමෙත්‍ථ උත‍්තානමෙව.

නැවැත “චත්තාරි කම්මානි” යනාදිය තෙමේ පණ්ඩකාදීන්ගේ අවස්තුකභාවය දක්වනු පිණිස කියන ලද්දේය. මෙහි සෙස්ස ප්‍රකටමය.

අපලොකනකම‍්මකථා

ඉදානි තෙසං කම‍්මානං පභෙදදස‍්සනත්‍ථං “අපලොකනකම‍්මං කති ඨානානි ගච‍්ඡතී”තිආදිමාහ. තත්‍ථ “අපලොකනකම‍්මං පඤ‍්ච ඨානානි ගච‍්ඡති – ඔසාරණං, නිස‍්සාරණං, භණ‍්ඩුකම‍්මං, බ්‍රහ‍්මදණ‍්ඩං, කම‍්මලක‍්ඛණඤ‍්ඤෙව පඤ‍්චම”න‍්ති එත්‍ථ “ඔසාරණං නිස‍්සාරණ”න‍්ති පදසිලිට‍්ඨතායෙතං වුත‍්තං. පඨමං පන නිස‍්සාරණා හොති, පච‍්ඡා ඔසාරණා. තත්‍ථ යා කණ‍්ටකසාමණෙරස‍්ස දණ‍්ඩකම‍්මනාසනා, සා “නිස‍්සාරණා”ති වෙදිතබ‍්බා. තස‍්මා එතරහි සචෙපි සාමණෙරො බුද‍්ධස‍්ස වා ධම‍්මස‍්ස වා සඞ‍්ඝස‍්ස වා අවණ‍්ණං භණති, “අකප‍්පියං කප‍්පිය”න‍්ති දීපෙති, මිච‍්ඡාදිට‍්ඨිකො හොති අන‍්තග‍්ගාහිකාය දිට‍්ඨියා සමන‍්නාගතො, සො යාවතතියං නිවාරෙත්‍වා තං ලද‍්ධිං නිස‍්සජ‍්ජාපෙතබ‍්බො. නො චෙ විස‍්සජ‍්ජෙති, සඞ‍්ඝං සන‍්නිපාතෙත්‍වා “විස‍්සජ‍්ජෙහී”ති වත‍්තබ‍්බො. නො චෙ විස‍්සජ‍්ජෙති, බ්‍යත‍්තෙන භික‍්ඛුනා අපලොකනකම‍්මං කත්‍වා නිස‍්සාරෙතබ‍්බො. එවඤ‍්ච පන කම‍්මං කාතබ‍්බං –

දැන් ඒ කර්‍මයන්ගේ ප්‍රභෙදය දක්වනු පිණිස “අපලොකනකම්මං කති ඨානානි ගච්ඡති” යනාදිය වදාළසේක. එහි “අපලොකනකම්මං පඤ්ච ඨානානි ගච්ඡති, ඔසාරණං, නිස්සාරණං, භණ්ඩුකම්මං, බ්‍රහ්මදණ්ඩං කම්මලක්‍ඛණඤ්ඤෙව පඤ්චමං” යන මෙහි “ඔසාරණං නිස්සාරණං” මෙය පදයන්ගේ සිලුටුබව පිණිස කියනලදී. පළමුකොට වනාහි නිස්සාරණය වේ. පසුව ඔසාරණය වේ. එහි කණ්ටක සාමණේරයාගේ යම් දණ්ඩකර්‍ම නාශනයෙක් වීද, එය “නිස්සාරණා”යි දතයුතුය. එහෙයින් දැන් ඉදිනුදු හෙරණක් තෙමේ බුදුන්ගේ හෝ ධර්‍මයෙහි හෝ සඞ්ඝයාගේ හෝ අගුණ කියාද, අකැපය කැපය’යි දක්වාද, මිත්‍ථ්‍යාදෘෂ්ටික වේද, අන්තග්‍රාහික දෘෂ්ටියෙන් යුක්තවේද, හෙතෙමේ තුන්යල තෙක් වළකා ඒ ලබ්ධිය හැරවිය යුත්තේය. ඉදින් නොහරී නම් සඞ්ඝයා රැස්කරවා “හරුව”යි කියයුතුය. නොහරීනම්, ව්‍යක්ත භික්‍ෂූන් විසින් අපලොකනකර්‍මය කොට සඟමැදින් පහකටයුතුය. මෙසේ වනාහි කර්‍මය කටයුත්තේය.

“සඞ‍්ඝං, භන‍්තෙ, පුච‍්ඡාමි – ‘අයං ඉත්‍ථන‍්නාමො සාමණෙරො බුද‍්ධස‍්ස ධම‍්මස‍්ස සඞ‍්ඝස‍්ස අවණ‍්ණවාදී මිච‍්ඡාදිට‍්ඨිකො, යං අඤ‍්ඤෙ සාමණෙරා ලභන‍්ති, දිරත‍්තතිරත‍්තං භික‍්ඛූහි සද‍්ධිං සහසෙය්‍යං, තස‍්ස අලාභාය නිස‍්සාරණා රුච‍්චති සඞ‍්ඝස‍්සා’ති. දුතියම‍්පි… තතියම‍්පි, භන‍්තෙ, සඞ‍්ඝං පුච‍්ඡාමි – ‘අයං ඉත්‍ථන‍්නාමො සාමණෙරො බුද‍්ධස‍්ස…පෙ… රුච‍්චති සඞ‍්ඝස‍්සා’ති චර පිරෙ විනස‍්සා”ති.

“සඞ්ඝං භන්තෙ පුච්ඡාමි, අයං ඉත්‍ථන්නාමො සාමණෙරො බුද්ධස්ස ධම්මස්ස සඞ්ඝස්ස අවණ්ණවාදී මිච්ඡාදිට්ඨිකො, යං අඤ්ඤෙ සාමණෙරා ලභන්ති දිරත්තතිරත්තං භික්‍ඛූහි සද්ධිං සහසෙය්‍යං, තස්ස අලාභාය නිස්සාරණා රුච්චති සඞ්ඝස්සාති. දුතියම්පි -පෙ- තතියම්පි භන්තෙ සඞ්ඝං පුච්ඡාමි - අයං ඉත්‍ථන්නාමො සාමණෙරො බුද්ධස්ස -පෙ- රුච්චති සඞ්ඝස්සති චර පරෙ විනස්ස”යි.

සො අපරෙන සමයෙන “අහං, භන‍්තෙ, බාලතාය අඤ‍්ඤාණතාය අලක‍්ඛිකතාය එවං අකාසිං, ස‍්වාහං සඞ‍්ඝං ඛමාපෙමී”ති ඛමාපෙන‍්තො යාවතතියං යාචාපෙත්‍වා අපලොකනකම‍්මෙනෙව ඔසාරෙතබ‍්බො . එවං පන ඔසාරෙතබ‍්බො, සඞ‍්ඝමජ‍්ඣෙ බ්‍යත‍්තෙන භික‍්ඛුනා සඞ‍්ඝස‍්ස අනුමතියා සාවෙතබ‍්බං –

ඒ හෙරණතෙමේ අන්කලෙක්හි “අහම්භන්තෙ බාලතාය අඤ්ඤාණතාය. අලක්‍ඛිකතාය එවං අකාසිං, ස්වාහං සඞ්ඝං ඛමාපෙමි”යි කමාකරවන්නේ තුන්යල තෙක් යාඥා කරවා අපලොකන කර්‍මයෙන්ම ඇතුළත් කටයුතුය. මෙසේ වනාහි ඇතුළත් කටයුතුය:-

“සඞ‍්ඝං, භන‍්තෙ, පුච‍්ඡාමි – අයං ඉත්‍ථන‍්නාමො සාමණෙරො බුද‍්ධස‍්ස ධම‍්මස‍්ස සඞ‍්ඝස‍්ස අවණ‍්ණවාදී මිච‍්ඡාදිට‍්ඨිකො, යං අඤ‍්ඤෙ සාමණෙරා ලභන‍්ති, භික‍්ඛූහි සද‍්ධිං දිරත‍්තතිරත‍්තං සහසෙය්‍යං, තස‍්ස අලාභාය නිස‍්සාරිතො, ස‍්වායං ඉදානි සොරතො නිවාතවුත‍්ති ලජ‍්ජිධම‍්මං ඔක‍්කන‍්තො හිරොත‍්තප‍්පෙ පතිට‍්ඨිතො කතදණ‍්ඩකම‍්මො අච‍්චයං දෙසෙති, ඉමස‍්ස සාමණෙරස‍්ස යථා පුරෙ කායසම‍්භොගසාමග‍්ගිදානං රුච‍්චති සඞ‍්ඝස‍්සා”ති.

“සඞ්ඝං භන්තෙ පුච්ඡාමි අයං ඉත්‍ථන්නාමො සාමණෙරො බුද්ධස්ස ධම්මස්ස සඞ්ඝස්ස අවණ්ණවාදී මිච්ඡාදිට්ඨිකො, යං අඤ්ඤෙ සාමණෙරා ලභන්ති භික්‍ඛූහි සද්ධිං ද්විරත්තතිරත්තං සහසෙය්‍ය, තස්ස අලාභාය නිස්සාරිතො, ස්වායං ඉදානි සොරතො නිවාතවුත්ති ලජ්ජීධම්මං ඔක්කන්තො හිරොත්තප්පෙ පතිට්ඨිතො කතදණ්ඩකම්මො අච්චයං දෙසෙති, ඉමස්ස සාමණෙරස්ස යථාපුරෙ කායසම්භොගසාමග්ගිදානං රුච්චති සඞ්ඝස්ස”යි

එවං තික‍්ඛත‍්තුං වත‍්තබ‍්බං. එවං අපලොකනකම‍්මං ඔසාරණඤ‍්ච නිස‍්සාරණඤ‍්ච ගච‍්ඡති. භණ‍්ඩුකම‍්මං මහාඛන්‍ධකවණ‍්ණනායං වුත‍්තමෙව. බ්‍රහ‍්මදණ‍්ඩො පඤ‍්චසතිකක‍්ඛන්‍ධකෙ වුත‍්තොයෙව. න කෙවලං පනෙස ඡන‍්නස‍්සෙව පඤ‍්ඤත‍්තො, යො අඤ‍්ඤොපි භික‍්ඛු මුඛරො හොති, භික‍්ඛූ දුරුත‍්තවචනෙහි ඝට‍්ටෙන‍්තො ඛුංසෙන‍්තො වම‍්භෙන‍්තො විහරති, තස‍්සපි දාතබ‍්බො. එවඤ‍්ච පන දාතබ‍්බො, සඞ‍්ඝමජ‍්ඣෙ බ්‍යත‍්තෙන භික‍්ඛුනා සඞ‍්ඝස‍්ස අනුමතියා සාවෙතබ‍්බං –

මෙසේ අපලොකන කර්‍මය ඔසාරණයටද, නිස්සාරණයටද යයි. භණ්ඩුකර්‍මය මහාක්‍ඛන්‍ධක වර්‍ණනාවෙහි කියනලද්දේමය. බ්‍රහ්මදණ්ඩය පඤ්චසතිකක්‍ඛන්‍ධකයෙහි කියනලද්දේමය. හුදෙක් මේ බ්‍රහ්මදණ්ඩය ඡන්නස්ථවිරයන්ටම පණවන ලද්දේ නොවේ. යම් අන් මහණෙක් තෙමේද, දොඩමලුවේද, මහණුන්ට දුරුත්තවචනයෙන් ගටමින් ආක්‍රොශ කරමින් ගර්‍හාකරමින් වෙසේද, ඔහුටද දියයුත්තේය. මෙසේද වනාහි දියයුතුය:- -පෙ- සඟමැද ව්‍යක්ත භික්‍ෂූන් විසින් සඞ්ඝයාගේ අනුමැතියෙන් ඇස්විය යුතුය.

“භන‍්තෙ, ඉත්‍ථන‍්නාමො භික‍්ඛු මුඛරො, භික‍්ඛූ දුරුත‍්තවචනෙහි ඝට‍්ටෙන‍්තො විහරති. සො භික‍්ඛු යං ඉච‍්ඡෙය්‍ය, තං වදෙය්‍ය. භික‍්ඛූහි ඉත්‍ථන‍්නාමො භික‍්ඛු නෙව වත‍්තබ‍්බො, න ඔවදිතබ‍්බො, න අනුසාසිතබ‍්බො. සඞ‍්ඝං, භන‍්තෙ, පුච‍්ඡාමි – ‘ඉත්‍ථන‍්නාමස‍්ස භික‍්ඛුනො බ්‍රහ‍්මදණ‍්ඩස‍්ස දානං, රුච‍්චති සඞ‍්ඝස‍්සා’ති. දුතියම‍්පි පුච‍්ඡාමි, තතියම‍්පි පුච‍්ඡාමි – ‘ඉත්‍ථන‍්නාමස‍්ස, භන‍්තෙ, භික‍්ඛුනො බ්‍රහ‍්මදණ‍්ඩස‍්ස දානං, රුච‍්චති සඞ‍්ඝස‍්සා’”ති.

“භන්තෙ ඉත්‍ථන්නාමො භික්‍ඛු මුඛරො භික්‍ඛු දුරුත්තවචනෙහි ඝට්ටෙන්තො විහරති, සො භික්‍ඛු යං ඉච්ඡෙය්‍ය, තං වදෙය්‍ය, භික්‍ඛූහි ඉත්‍ථන්නාමො භික්‍ඛු නෙව වත්තබ්බො න ඔවදිතබ්බො න අනුසාසිතබ්බො සඞ්ඝං භන්තෙ පුච්ඡාමි ඉත්‍ථන්නාමස්ස භික්‍ඛුනො බ්‍රහ්මදණ්ඩස්ස දානං, රුච්චති සඞ්ඝස්ස”යි “දුතියම්පි පුච්ඡාමි -පෙ- තතියම්පි පුච්ඡාමි -පෙ ඉත්‍ථන්නාමස්ස භන්තෙ භික්‍ඛුනො බ්‍රහ්මදණ්ඩස්ස දානං, රුච්චති සඞ්ඝස්ස”යි.

තස‍්ස අපරෙන සමයෙන සම‍්මා වත‍්තිත්‍වා ඛමාපෙන‍්තස‍්ස බ්‍රහ‍්මදණ‍්ඩො පටිප‍්පස‍්සම‍්භෙතබ‍්බො. එවඤ‍්ච පන පටිප‍්පස‍්සම‍්භෙතබ‍්බො, බ්‍යත‍්තෙන භික‍්ඛුනා සඞ‍්ඝමජ‍්ඣෙ සාවෙතබ‍්බං –

ඉන් මෑත කාලයෙහි මොනවට පැවැත්මෙන් කමාකරවන්නාවූ ඔහුට බ්‍රහ්මදණ්ඩය සන්සිඳවිය යුතුය:- ව්‍යක්ත භික්‍ෂූන් විසින් සඟමැද ඇස්විය යුතුය.

“භන‍්තෙ, භික‍්ඛුසඞ‍්ඝො අසුකස‍්ස භික‍්ඛුනො බ්‍රහ‍්මදණ‍්ඩං අදාසි, සො භික‍්ඛු සොරතො නිවාතවුත‍්ති ලජ‍්ජිධම‍්මං ඔක‍්කන‍්තො හිරොත‍්තප‍්පෙ පතිට‍්ඨිතො, පටිසඞ‍්ඛා ආයතිං සංවරෙ තිට‍්ඨති, සඞ‍්ඝං, භන‍්තෙ, පුච‍්ඡාමි, තස‍්ස භික‍්ඛුනො බ්‍රහ‍්මදණ‍්ඩස‍්ස පටිප‍්පස‍්සද‍්ධි, රුච‍්චති සඞ‍්ඝස‍්සා”ති.

“භන්තෙ භික්‍ඛුසඞ්ඝො අසුකස්ස භික්‍ඛුනො බ්‍රහ්මදණ්ඩං අදාසි. සො භික්‍ඛු සොරතො නිවාතවුත්තී ලජ්ජිධම්මං ඔක්කන්තො හිරොත්තප්පෙ පතිට්ඨිතො, පටිසඞ්ඛා ආයතිං සංවරෙ තිට්ඨති. සඞ්ඝං භන්තෙ පුච්ඡාමි තස්ස භික්‍ඛුනො බ්‍රහ්මදණ්ඩස්ස පටිප්පස්සද්ධිං, රුච්චති සඞ්ඝස්ස”යි.

එවං යාවතතියං වත්‍වා අපලොකනකම‍්මෙනෙව බ්‍රහ‍්මදණ‍්ඩො පටිප‍්පස‍්සම‍්භෙතබ‍්බොති.

මෙසේ තුන්යල තෙක් කියා අපලොකන කර්‍මයෙන්ම බ්‍රහ්මදණ්ඩය සන්සිඳවිය යුත්තේය.

කම‍්මලක‍්ඛණඤ‍්ඤෙව පඤ‍්චමන‍්ති යං තං භගවතා භික‍්ඛුනික‍්ඛන්‍ධකෙ “තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ භික‍්ඛුනියො කද‍්දමොදකෙන ඔසිඤ‍්චන‍්ති, ‘අප‍්පෙව නාම අම‍්හෙසු සාරජ‍්ජෙය්‍යු’න‍්ති, කායං විවරිත්‍වා භික‍්ඛුනීනං දස‍්සෙන‍්ති , ඌරුං විවරිත්‍වා භික‍්ඛුනීනං දස‍්සෙන‍්ති, අඞ‍්ගජාතං විවරිත්‍වා භික‍්ඛුනීනං දස‍්සෙන‍්ති, භික‍්ඛුනියො ඔභාසෙන‍්ති, භික‍්ඛුනීහි සද‍්ධිං සම‍්පයොජෙන‍්ති, ‘අප‍්පෙව නාම අම‍්හෙසු සාරජ‍්ජෙය්‍යු’න‍්ති. ඉමෙසු වත්‍ථූසු තෙසං භික‍්ඛූනං දුක‍්කටං පඤ‍්ඤපෙත්‍වා ‘අනුජානාමි භික‍්ඛවෙ තස‍්ස භික‍්ඛුනො දණ‍්ඩකම‍්මං කාතු’න‍්ති. අථ ඛො භික‍්ඛුනීනං එතදහොසි – ‘කිං නු ඛො දණ‍්ඩකම‍්මං කාතබ‍්බ’න‍්ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං – ‘අවන්‍දියො සො භික‍්ඛවෙ භික‍්ඛු භික‍්ඛුනිසඞ‍්ඝෙන කාතබ‍්බො’”ති එවං අවන්‍දියකම‍්මං අනුඤ‍්ඤාතං, තං කම‍්මලක‍්ඛණඤ‍්ඤෙව පඤ‍්චමං ඉමස‍්ස අපලොකනකම‍්මස‍්ස ඨානං හොති. තස‍්ස හි කම‍්මඤ‍්ඤෙව ලක‍්ඛණං, න ඔසාරණාදීනි; තස‍්මා “කම‍්මලක‍්ඛණ”න‍්ති වුච‍්චති. තස‍්ස කරණං තත්‍ථෙව වුත‍්තං. අපිච නං පටිප‍්පස‍්සද‍්ධියා සද‍්ධිං විත්‍ථාරතො දස‍්සෙතුං ඉධාපි වදාම, භික‍්ඛුනුපස‍්සයෙ සන‍්නිපතිතස‍්ස භික‍්ඛුනිසඞ‍්ඝස‍්ස අනුමතියා බ්‍යත‍්තාය භික‍්ඛුනියා සාවෙතබ‍්බං –

“කම්මලක්‍ඛණඤ්ඤෙව පඤ්චමං” භාග්‍යවතුන් වහන්සේ විසින් භික්‍ඛුණීක්‍ඛන්‍ධකයෙහි “තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්‍ඛු භික්‍ඛුණියො කද්දමොදකෙන ඔසිඤ්චන්ති, අප්පෙවනාම අම්හෙසු සාරජ්ජෙයුන්ති, කායං විවරිත්‍වා භික්‍ඛුණීනං දස්සෙන්ති, ඌරුං විවරිත්‍වා භික්‍ඛුණීනං දස්සෙන්ති, අඞ්ගජාතං විවරිත්‍වා භික්‍ඛුණීනං දස්සෙන්ති, භික්‍ඛුණියො ඔභාසෙන්ති, භික්‍ඛුණීහි සද්ධිං සම්පයොජෙන්ති, අප්පෙවනාම අම්හෙසු සාරජ්ජෙය්‍යුං” යන මේ වස්තූන්හි ඒ භික්‍ෂූන්ට දුක්කටය පණවා, “අනුජානාමි භික්‍ඛවෙ තස්ස භික්‍ඛුනො දණ්ඩකම්මං කාතුං” යම් ඒ දණ්ඩකර්‍මයක් පණවන ලද්දේ ද, එකල්හි මෙහෙණන්ට දණ්ඩකර්‍මය කෙසේ කටයුතුදැයි මෙබඳු සිතෙක් වූයේය. භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළ කළහ. එකල්හි “අවන්‍දියො සො භික්‍ඛවෙ භික්‍ඛු භික්‍ඛුණී සඞ්ඝෙන කාතබ්බො”යි මෙසේ අවන්‍දිය කර්‍මය අනුදන්නා ලද්දේය. ඒ පස්වැනිකොට ඇති කර්‍මලක්‍ෂණයම මේ අපලොකන කර්‍මයට ස්ථාන වේ. ඒ අපලොකන කර්‍මයට වනාහි කර්‍මයම ලක්‍ෂණය වේ. ඔසරණාදීහු ලක්‍ෂණ නොවෙත්. එහෙයින් කර්‍මය ලක්‍ෂණකොට ඇත්තේයයි කියනු ලැබේ. ඒ අවන්‍දිය කර්‍මය කරණ සැටි එහිම කියනලදී. එසේද වුවත් එය සන්සිඳීම සමග විස්තර විසින් දක්වන්නට මෙහිද කියම්හ. මෙහෙණවරෙහි රැස්වූ භික්‍ෂුණී සඞ්ඝයාගේ අනුමතියෙන් ව්‍යක්ත භික්‍ෂුණියක විසින් ඇස්විය යුතුය.

“අය්‍යෙ අසුකො නාම අය්‍යො භික‍්ඛුනීනං අපාසාදිකං දස‍්සෙති, එතස‍්ස අය්‍යස‍්ස අවන්‍දියකරණං රුච‍්චතීති භික‍්ඛුනිසඞ‍්ඝං පුච‍්ඡාමි, දුතියම‍්පි… තතියම‍්පි භික‍්ඛුනිසඞ‍්ඝං පුච‍්ඡාමී”ති.

“අය්‍යෙ අසුකො නාම අය්‍යො භික්‍ඛුණීනං අපසාදිකං දස්සෙති, එතස්ස අය්‍යස්ස අවන්‍දියකරණං රුච්චතීති භික්‍ඛුණීසඞ්ඝං පුච්ඡාමි. දුතියම්පි -පෙ- තතියම්පි භික්‍ඛුණිසඞ්ඝං පුච්ඡාමි”යි

එවං තික‍්ඛත‍්තුං සාවෙත්‍වා අපලොකනකම‍්මෙන අවන්‍දියකම‍්මං කාතබ‍්බං.

මෙසේ තෙවරක් අස්වා අපලොන කර්‍මයෙන් අවන්‍දිය කර්‍මය කටයුතුය.

තතො පට‍්ඨාය සො භික‍්ඛු භික‍්ඛුනීහි න වන්‍දිතබ‍්බො. සචෙ අවන්‍දියමානො හිරොත‍්තප‍්පං පච‍්චුපට‍්ඨපෙත්‍වා සම‍්මා වත‍්තති, තෙන භික‍්ඛුනියො ඛමාපෙතබ‍්බා. ඛමාපෙන‍්තෙන භික‍්ඛුනුපස‍්සයං අගන‍්ත්‍වා විහාරෙයෙව සඞ‍්ඝං වා ගණං වා එකං භික‍්ඛුං වා උපසඞ‍්කමිත්‍වා උක‍්කුටිකං නිසීදිත්‍වා අඤ‍්ජලිං පග‍්ගහෙත්‍වා “අහං භන‍්තෙ පටිසඞ‍්ඛා ආයතිං සංවරෙ තිට‍්ඨාමි, න පුන අපාසාදිකං දස‍්සෙස‍්සාමි, භික‍්ඛුනිසඞ‍්ඝො මය‍්හං ඛමතූ”ති ඛමාපෙතබ‍්බං. තෙන සඞ‍්ඝෙන වා ගණෙන වා එකං භික‍්ඛුං පෙසෙත්‍වා එකභික‍්ඛුනා වා සයමෙව ගන‍්ත්‍වා භික‍්ඛුනියො වත‍්තබ‍්බා – “අයං භික‍්ඛු පටිසඞ‍්ඛා ආයතිං සංවරෙ ඨිතො, ඉමිනා අච‍්චයං දෙසෙත්‍වා භික‍්ඛුනිසඞ‍්ඝො ඛමාපිතො, භික‍්ඛුනිසඞ‍්ඝො ඉමං වන්‍දියං කරොතූ”ති. සො වන්‍දියො කාතබ‍්බො. එවඤ‍්ච පන කාතබ‍්බො, භික‍්ඛුනුපස‍්සයෙ සන‍්නිපතිතස‍්ස භික‍්ඛුනිසඞ‍්ඝස‍්ස අනුමතියා බ්‍යත‍්තාය භික‍්ඛුනියා සාවෙතබ‍්බං –

එතැන්පටන් ඒ මහණතෙමේ මෙහෙණන් විසින් නොවැඳිය යුතුය. ඉදින් නොවඳිනු ලබන්නේ හිරිඔතප් උපදවා මනාව පවතීද, ඔහු විසින් මෙහෙණෝ කමා කරවිය යුත්තාහ. කමා කරවන්නහු විසින් මෙහෙණවරට නොගොස් විහාරයෙහිම සඞ්ඝයා හෝ ගණයා හෝ එක්මහණකු කරා හෝ එළැඹ උක්කුටිකයෙන් හිඳ ඇඳිලිබැඳ “අහං භන්තෙ පටිසඞ්ඛා ආයතිං සංවරෙ තිට්ඨාමි, න පුන අපසාදිකං දස්සෙස්සාමි, භික්‍ඛුණීසඞ්ඝො මය්හං ඛමතු”යි කමාකරවිය යුතුය. ඒ සඞ්ඝයා විසින් හෝ ගණයා විසින් හෝ එක් මහණහු විසින් හෝ තමාම ගොස් මෙහෙණන්ට කියයුතුය:- “අයං භික්‍ඛු පටිසඞ්ඛා ආයතිං සංවරෙ ඨිතො, ඉමිනා අච්චයං දෙසෙත්‍වා භික්‍ඛුණීසඞ්ඝො ඛමාපිතො, භික්‍ඛුණීසඞ්ඝො ඉමං වන්‍දියං කරොතු”යි ඒ මහණ වැඳියයුත්තෙක් කටයුතුය. මෙසේද වනාහි කටයුතුය:- මෙහෙණවරෙහි රැස්වූ භික්‍ෂුණී සඞ්ඝයාගේ අනුමතියෙන් ව්‍යක්ත භික්‍ෂුණියක විසින් ඇස්විය යුතුය:-

“අයං අය්‍යෙ අසුකො නාම අය්‍යො භික‍්ඛුනීනං අපාසාදිකං දස‍්සෙතීති භික‍්ඛුනිසඞ‍්ඝෙන අවන්‍දියො කතො, සො ලජ‍්ජිධම‍්මං ඔක‍්කමිත්‍වා පටිසඞ‍්ඛා ආයතිං සංවරෙ ඨිතො අච‍්චයං දෙසෙත්‍වා භික‍්ඛුනිසඞ‍්ඝං ඛමාපෙසි, තස‍්ස අය්‍යස‍්ස වන්‍දියකරණං රුච‍්චතීති භික‍්ඛුනිසඞ‍්ඝං පුච‍්ඡාමී”ති –

“අයං අය්‍යෙ අසූකොනාම අය්‍යො භික්‍ඛුණීනං අපසාදිකං දස්සෙතීති භික්‍ඛුණීසඞ්ඝෙන අවන්‍දියො කතො, සො ලජ්ජිධම්මං ඔක්කමිත්‍වා පටිසඞ්ඛා ආයතිං සංවරෙ ඨිතො, අච්චයං දෙසෙත්‍වා භික්‍ඛුණීසඞ්ඝං පුච්ඡාමි”යි

තික‍්ඛත‍්තුං වත‍්තබ‍්බං එවං අපලොකනකම‍්මෙනෙව වන්‍දියො කාතබ‍්බො.

තෙවරක් කියයුතුය. මෙසේ අපලොකන කර්‍මයෙන්ම වැඳියයුත්තෙක් කටයුතුය.

අයං පනෙත්‍ථ පාළිමුත‍්තකොපි කම‍්මලක‍්ඛණවිනිච‍්ඡයො. ඉදඤ‍්හි කම‍්මලක‍්ඛණං නාම භික‍්ඛුනිසඞ‍්ඝමූලකං පඤ‍්ඤත‍්තං, භික‍්ඛුසඞ‍්ඝස‍්සාපි පනෙතං ලබ‍්භතියෙව. යඤ‍්හි භික‍්ඛුසඞ‍්ඝො සලාකග‍්ගයාගග‍්ගභත‍්තග‍්ගඋපොසථග‍්ගෙසු අපලොකනකම‍්මං කරොති, එතම‍්පි කම‍්මලක‍්ඛණමෙව. අච‍්ඡින‍්නචීවරජිණ‍්ණචීවරනට‍්ඨචීවරානඤ‍්හි සඞ‍්ඝං සන‍්නිපාතෙත්‍වා බ්‍යත‍්තෙන භික‍්ඛුනා යාවතතියං සාවෙත්‍වා අපලොකනකම‍්මං කත්‍වා චීවරං දාතුං වට‍්ටති. අප‍්පමත‍්තකවිස‍්සජ‍්ජකෙන පන චීවරං කරොන‍්තස‍්ස සෙනාසනක‍්ඛන්‍ධකවණ‍්ණනායං වුත‍්තප‍්පභෙදානි සූචිආදීනි අනපලොකෙත්‍වාපි දාතබ‍්බානි. තෙසං දානෙ සොයෙව ඉස‍්සරො, තතො අතිරෙකං දෙන‍්තෙන අපලොකෙත්‍වා දාතබ‍්බං. තතො හි අතිරෙකදානෙ සඞ‍්ඝො සාමී. ගිලානභෙසජ‍්ජම‍්පි තත්‍ථ වුත‍්තප‍්පකාරං සයමෙව දාතබ‍්බං. අතිරෙකං ඉච‍්ඡන‍්තස‍්ස අපලොකෙත්‍වා දාතබ‍්බං. යොපි ච දුබ‍්බලො වා ඡින‍්නිරියාපථො වා පච‍්ඡින‍්නභික‍්ඛාචාරපථො වා මහාගිලානො, තස‍්ස මහාවාසෙසු තත්‍රුප‍්පාදතො දෙවසිකං නාළි වා උපඩ‍්ඪනාළි වා එකදිවසංයෙව වා පඤ‍්ච වා දස වා තණ‍්ඩුලනාළියො දෙන‍්තෙන අපලොකනකම‍්මං කත්‍වාව දාතබ‍්බා. පෙසලස‍්ස භික‍්ඛුනො තත්‍රුප‍්පාදතො ඉණපලිබොධම‍්පි බහුස‍්සුතස‍්ස සඞ‍්ඝභාරනිත්‍ථාරකස‍්ස භික‍්ඛුනො අනුට‍්ඨාපනීයසෙනාසනම‍්පි සඞ‍්ඝකිච‍්චං කරොන‍්තානං කප‍්පියකාරකාදීනං භත‍්තවෙතනම‍්පි අපලොකනකම‍්මෙන දාතුං වට‍්ටති.

මෙහි වනාහි මේ පාලිමුක්තවූද, කර්‍මලක්‍ෂණ විනිශ්චයය:- මේ කර්‍මලක්‍ෂණය වනාහි භික්‍ෂුණී සඞ්ඝයා මුල්කොට පණවන ලද්දේය. භික්‍ෂු සඞ්ඝයාහටද මේ ලැබේමය. භික්‍ෂුසඞ්ඝතෙමේ සලාකදෙන තැන කැඳ බත් දෙන තැන පොහොය කරන තැන යන මෙතන්හි යම් අපලොකන කර්‍මයක් කෙරේද, මෙද කර්‍මලක්‍ෂණයමය. අසිඳගත් සිවුරු දිරූසිවුරු නටසිවුරු ඇත්තන්හටද සඞ්ඝයා රැස්කරවා ව්‍යක්ත භික්‍ෂූන් විසින් තුන්යල තෙක් අස්වා අපලොකන කර්‍මයකොට සිවුරක් දීම වටියි. සඟසතු සුලුදෙය සුදුසු පරිදි දීමෙහි සම්මතය ලද්දහු විසින් වනාහි සිවුරක් කරන මහණහට සෙනාසනක්‍ඛන්‍ධක වර්‍ණනාවෙහි උක්තප්‍රභෙද ඇති හිඳිආදිය අපලොකනය නොකොටද දියයුතුය. ඔවුන් දීමෙහි හෙතෙමේම ඉසුරුය. ඉන් වැඩියක් දෙන්නහු විසින් අපලොකනයකොට දියයුතුය. එයින් වැඩියක් දීමෙහි සඞ්ඝ තෙමේ ඉසුරුය. ගිලන් බෙහෙත්ද එහි කියූ ලෙසින් තමන්ම දියයුතුය. වැඩියක් කැමැත්තහුට අපලොකනය කොටදියයුතුය. දුර්‍වලවූ හෝ සුන් ඉරියවු ඇත්තාවූ හෝ සුන් පිඬුපිණිස හැසිරීමෙහි මං ඇත්තාවූ හෝ මහත් සේ ගිලන්වූ හෝ යමෙක් වේද, ඔහුට මහා ආවාසයන්හි එහි උපන්ගෙයින් දිනපතා නැළියක් හෝ අඩනැළියක් හෝ එක්දවසකටම හෝ පසක් හෝ දසයක් හෝ සහල්නැළි දෙන්නහු විසින් අපලොකන කර්‍මයකොටම දියයුතුය. පෙසල භික්‍ෂූහුහට එහි උපන්දෙයින් ඉණපළිබොධයටද, බහුශ්‍රැත වූ සඞ්ඝයාගේ බර උසුලන භික්‍ෂූන්හටද, නොනැගිටවියයුතු සෙනසුනද, සඞ්ඝකෘත්‍යය කරන කප්පිය කාරකාදීන්ට බත්වැටුප්ද අපලොකන කර්‍මයෙන් දීම වටියි.

චතුපච‍්චයවසෙන දින‍්නතත්‍රුප‍්පාදතො සඞ‍්ඝිකං ආවාසං ජග‍්ගාපෙතුං වට‍්ටති. “අයං භික‍්ඛු ඉස‍්සරවතාය විචාරෙතී”ති කථාපච‍්ඡින්‍දනත්‍ථං පන සලාකග‍්ගාදීසු වා අන‍්තරසන‍්නිපාතෙ වා සඞ‍්ඝං පුච‍්ඡිත්‍වාව ජග‍්ගාපෙතබ‍්බො. චීවරපිණ‍්ඩපාතත්‍ථාය ඔදිස‍්සදින‍්නතත්‍රුප‍්පාදතොපි අපලොකෙත්‍වා ආවාසො ජග‍්ගාපෙතබ‍්බො. අනපලොකෙත්‍වාපි වට‍්ටති. “සූරො වතායං භික‍්ඛු චීවරපිණ‍්ඩපාතත්‍ථාය දින‍්නතො ආවාසං ජග‍්ගාපෙතී”ති එවං උප‍්පන‍්නකථාපච‍්ඡෙදනත්‍ථං පන අපලොකනකම‍්මමෙව කත්‍වා ජග‍්ගාපෙතබ‍්බො.

සිවුපසයෙන් දුන් එහි උපන් දෙයින් සඞ්ඝික ආවාසය පිළිදැගුම් කිරීම වටියි. ‘මේ මහණතෙමේ ඉසුරුමත් බැවින් විචාරය කෙරේය’යි කථාව සිඳිනු පිණිස සලාක බෙදන තැන් ආදියෙහි හෝ අතර රැස්වීමෙහි හෝ සඞ්ඝයා විචාරා දැගුම් කරවිය යුතුය. චීවර පිණ්ඩපාතය පිණිස උදෙසා දුන් එහි උපන් දෙයින්ද අපලොකනයකොට ආවාසය දැගුම් කරවිය යුතුය. අපලොකනය නොකොටද වටියි. ‘මේ මහණතෙමේ එකාන්තයෙන් ශුරයෙක, චීවර පිණ්ඩපාතය පිණිස දුන් දෙයින් ආවාසය දැගුම් කරවාය’යි මෙසේ උපදින කථාව පසිඳිනු පිණිස අපලොකන කර්‍මයමකොට දැගුම් කරවියයුතුය.

චෙතියෙ ඡත‍්තං වා වෙදිකං වා බොධිඝරං වා ආසනඝරං වා අකතං වා කරොන‍්තෙන ජිණ‍්ණං වා පටිසඞ‍්ඛරොන‍්තෙන සුධාකම‍්මං වා කරොන‍්තෙන මනුස‍්සෙ සමාදපෙත්‍වා කාතුං වට‍්ටති. සචෙ කාරකො නත්‍ථි, චෙතියස‍්ස උපනික‍්ඛෙපතො කාරෙතබ‍්බං. උපනික‍්ඛෙපෙපි අසති අපලොකනකම‍්මං කත්‍වා තත්‍රුප‍්පාදතො කාරෙතබ‍්බං, සඞ‍්ඝිකෙනපි. සඞ‍්ඝිකෙන හි අපලොකෙත්‍වා චෙතියකිච‍්චං කාතුං වට‍්ටති. චෙතියස‍්ස සන‍්තකෙන අපලොකෙත්‍වාපි සඞ‍්ඝිකකිච‍්චං කාතුං න වට‍්ටති. තාවකාලිකං පන ගහෙත්‍වා පාකතිකං කාතුං වට‍්ටති.

සෑයෙහි සතක් හෝ සෑයෙහි සිවුරැස් කොටුව හෝ බෝගෙය හෝ අසුන්ගෙය හෝ නොකරණලද්දක් හෝ කරන්නහු විසින් දිරණලද්දක් හෝ පිළිසකර කරන්නහු විසින් සුණුකම් හෝ කරන්නහු විසින් මිනිසුන් සමාදම් කරවා කිරීම වටියි. ඉදින් කරන්නෙක් නැත්තේ නම්, සෑයෙහි නවකම් පිණිස එළවා තුබූ සෑය සතු දෙයින් කරවිය යුතුය. සෑසතුදෙයක්ද නැති කල්හි අපලොකනකර්‍මය කොට එහි උපන් දෙයින් කරවිය යුතුය. සඞ්ඝිකයෙන්ද අපලොකනයකොට සෑකම් කිරීම වටියි. සෑසතු දෙයින් අපලොකනය කොටද සඞ්ඝකෘත්‍යය කිරීම නොවටියි. තාවකාලික කොටගෙණ වනාහි ප්‍රකෘතිමත් කිරීම වටියි.

චෙතියෙ සුධාකම‍්මාදීනි කරොන‍්තෙහි පන භික‍්ඛාචාරතො වා සඞ‍්ඝතො වා යාපනමත‍්තං අලභන‍්තෙහි චෙතියසන‍්තකතො යාපනමත‍්තං ගහෙත්‍වා පරිභුඤ‍්ජන‍්තෙහි වත‍්තං කාතුං වට‍්ටති, “වත‍්තං කරොමා”ති මච‍්ඡමංසාදීහි සඞ‍්ඝභත‍්තං කාතුං න වට‍්ටති. යෙ විහාරෙ රොපිතා ඵලරුක‍්ඛා සඞ‍්ඝෙන පරිග‍්ගහිතා හොන‍්ති, ජග‍්ගනකම‍්මං ලභන‍්ති, යෙසං ඵලානි ඝණ‍්ටිං පහරිත්‍වා භාජෙත්‍වා පරිභුඤ‍්ජන‍්ති, තෙසු අපලොකනකම‍්මං න කාතබ‍්බං. යෙ පන අපරිග‍්ගහිතා, තෙසු අපලොකනකම‍්මං කාතබ‍්බං. තං පන සලාකග‍්ගයාගග‍්ගභත‍්තග‍්ගඅන‍්තරසන‍්නිපාතෙසුපි කාතුං වට‍්ටති, උපොසථග‍්ගෙ පන වට‍්ටතියෙව. තත්‍ථ හි අනාගතානම‍්පි ඡන්‍දපාරිසුද‍්ධි ආහරියති, තස‍්මා තං සුවිසොධිතං හොති.

සෑයෙහි සුණුකම් ආදිය කරන්නවුන් විසින් වනාහි භික්‍ෂාචාරයෙන් හෝ සඞ්ඝයාගෙන් හෝ යැපෙන පමණක් නොලබන්නවුන් විසින් සෑසතු දෙයින් යැපෙන පමණක් ගෙණ පරිභොග කරන්නවුන් විසින් වත්කිරීම වටියයි. ‘වත් කරමු’යි මත්ස්‍යමාංශාදිය සමග සඟබත් කිරීම නොවටියි. විහාරයෙහි රොපිත ඵලවෘක්‍ෂයෝ සඞ්ඝයා විසින් පරිගෘහීත වෙත්නම්, දැගුම්කම් ලබත්. යම් වෘක්‍ෂයන්ගේ ඵල ගෙඩිය ගසා බෙදාගෙණ වළඳත් නම්, ඒ වෘක්‍ෂයන්හි අපලොකන කර්‍මය නොකටයුතුය. යම් වෘක්‍ෂයෝ පරිගෘහීත නොවෙත්ද, ඒ වෘක්‍ෂයන්හි අපලොකන කර්‍මය කටයුතුය. ඒ වනාහි සලාක බෙදන තැන කැඳ බෙදන තැන බත් බෙදන තැන අතර රැස්වන තැන යන මෙතන්හිද කිරීම වටියි. පොහෝකරන තන්හිදී වටීමය. එහි වනාහි නොආවුන්ගේද ඡන්‍දපාරිශුද්ධිය ගෙනෙනු ලැබේ. එහෙයින් ඒ මනාකොට ශුද්ධ කරණලද්දේ වේ.

එවඤ‍්ච පන කාතබ‍්බං, බ්‍යත‍්තෙන භික‍්ඛුනා භික‍්ඛුසඞ‍්ඝස‍්ස අනුමතියා සාවෙතබ‍්බං –

මෙසේද වනාහි කටයුතුය. ව්‍යක්ත භික්‍ෂූන් විසින් භික්‍ෂු සඞ්ඝයාගේ අනුමැතියෙන් ඇස්විය යුතුය:

“භන‍්තෙ, යං ඉමස‍්මිං විහාරෙ අන‍්තොසීමාය සඞ‍්ඝසන‍්තකං මූලතචපත‍්තඅඞ‍්කුරපුප‍්ඵඵලඛාදනීයාදි අත්‍ථි, තං සබ‍්බං ආගතාගතානං භික‍්ඛූනං යථාසුඛං පරිභුඤ‍්ජිතුං රුච‍්චතීති සඞ‍්ඝං පුච‍්ඡාමී”ති තික‍්ඛත‍්තුං පුච‍්ඡිතබ‍්බං.

“භන්තෙයං ඉමස්මිං විහාරෙ අන්තොසීමාය. සඞ්ඝසන්තකං මූලතචපත්තඅඞ්කුර පුප්ඵඵලඛාදනීයාදි අත්‍ථි තං සබ්බං ආගතාගතානං භික්‍ඛූනං යථා සුඛං පරිභුඤ්ජිතුං රුච්චතීති සඞ්ඝං පුච්ඡාමි”යි තෙවරක් විචාළයුතුය.

චතූහි පඤ‍්චහි භික‍්ඛූහි කතං සුකතමෙව. යස‍්මිං විහාරෙ ද‍්වෙ තයො ජනා වසන‍්ති, තෙහි නිසීදිත්‍වා කතම‍්පි සඞ‍්ඝෙන කතසදිසමෙව. යස‍්මිං පන විහාරෙ එකො භික‍්ඛු හොති, තෙන භික‍්ඛුනා උපොසථදිවසෙ පුබ‍්බකරණපුබ‍්බකිච‍්චං කත්‍වා නිසින‍්නෙන කතම‍්පි කතිකවත‍්තං සඞ‍්ඝෙන කතසදිසමෙව හොති.

සතරපස් නමක් විසින් කරන ලද්දේද, මැනැවින් කරණලද්දේමය. යම් විහාරයෙක දෙතුන් දෙනෙක් වසත්ද, ඔවුන් හිඳ කරණලද්දේ ද සඞ්ඝයා විසින් කරණලද්ද සමානම වේ. යම් විහාරයක එක් භික්‍ෂුනමක් වේද, ඒ මහණහු විසින් පොහොය දවසෙහි පූර්‍වකරණ පූර්‍වකෘත්‍යය කොට හුන්නහු කළ කතිකාවතද සඞ්ඝයා විසින් කරණලද සමානම වේ.

කරොන‍්තෙන පන ඵලවාරෙන කාතුම‍්පි චත‍්තාරො මාසෙ ඡ මාසෙ එකසංවච‍්ඡරන‍්ති එවං පරිච‍්ඡින්‍දිත්‍වාපි අපරිච‍්ඡින්‍දිත්‍වාපි කාතුං වට‍්ටති. පරිච‍්ඡින‍්නෙ යථාපරිච‍්ඡෙදං පරිභුඤ‍්ජිත්‍වා පුන කාතබ‍්බං. අපරිච‍්ඡින‍්නෙ යාව රුක‍්ඛා ධරන‍්ති තාව වට‍්ටතියෙව. යෙපි තෙසං රුක‍්ඛානං බීජෙහි අඤ‍්ඤෙ රුක‍්ඛා රොපිතා හොන‍්ති, තෙසම‍්පි සා එව කතිකා.

කරන්නහු විසින් වනාහි ඵලවාරයෙන් කරන්නටද සිවුමස් සමස් එක් අවුරුද්දක්යි මෙසේ පිරිසිඳද නොපිරිසිඳද කරන්නට වටියි. පිරිසිඳ කල්හි පිරිසිඳි සේ පරිභොගකොට නැවත කටයුතුය. නොපිරිසිඳි කල්හි වෘක්‍ෂයෝ දරත්ද ඒතාක් වටීමය. ඒ වෘක්‍ෂයන්ගේ බීජයෙන් යම් අන්‍යවෘක්‍ෂයෝ රෝපණය කරණලද්දාහු වෙත්ද, ඒ රුක්වලටද ඒ කතිකාමය.

සචෙ පන අඤ‍්ඤස‍්මිං විහාරෙ රොපිතා හොන‍්ති, තෙසං යත්‍ථ රොපිතා, තස‍්මිංයෙව විහාරෙ සඞ‍්ඝො සාමී. යෙපි අඤ‍්ඤතො බීජානි ආහරිත්‍වා පුරිමවිහාරෙ පච‍්ඡා රොපිතා, තෙසු අඤ‍්ඤා කතිකා කාතබ‍්බා. කතිකාය කතාය පුග‍්ගලිකට‍්ඨානෙ තිට‍්ඨන‍්ති, යථාසුඛං ඵලාදීනි පරිභුඤ‍්ජිතුං වට‍්ටති. සචෙ පනෙත්‍ථ තං තං ඔකාසං පරික‍්ඛිපිත්‍වා පරිවෙණානි කත්‍වා ජග‍්ගන‍්ති, තෙසං භික‍්ඛූනං පුග‍්ගලිකට‍්ඨානෙ තිට‍්ඨන‍්ති. අඤ‍්ඤෙ පරිභුඤ‍්ජිතුං න ලභන‍්ති, තෙහි පන සඞ‍්ඝස‍්ස දසභාගං දත්‍වා පරිභුඤ‍්ජිතබ‍්බානි. යොපි මජ‍්ඣෙවිහාරෙ රුක‍්ඛං සාඛාහි පරිවාරෙත්‍වා රක‍්ඛති, තස‍්සාපි එසෙව නයො.

ඉදින් වනාහි අන් විහාරයක රොපණය කරණලද්දාහු වෙත්ද, ඔවුන්ගේ බිජුවට යම් විහාරයෙක රොපණය කරණලද්දාහු වෙත්ද, ඒ විහාරයෙහි සඞ්ඝ තෙමේ ස්වාමි වේ. අනික් තැනකින් යම් බිජුවට ගෙණවුත් පළමු විහාරයෙහි පසුව රොපණය කරණලද්දාහුද, ඒ වෘක්‍ෂයන්හි අන්‍යකතිකාවක් කටයුත්තීය. කතිකාව කළකල්හි පෞද්ගලික ස්ථානයෙහි සිටිත්. සුවසේ ඵලාදිය පරිභොග කිරීම වටියි. ඉදින් වනාහි මෙහි ඒ ඒ අවකාශය වටකොට පිරිවෙන්කොට දැගුම් කෙරෙත්ද, ඒ මහණුන්ට පෞද්ගලික ස්ථානයෙහි සිටිත්. අන්‍යයෝ පරිභොග කරන්නට නොලබත්. ඒ දැගුම් කළවුන් විසින් සඞ්ඝයාහට දසවන කොටසදී පරිභොග කටයුත්තාහ. යමෙක් තෙමේ විහාරය මැද රුක් අතුවලින් වටකොට රකීද, එයටද මෙම නයවේ.

පොරාණවිහාරං ගතස‍්ස සම‍්භාවනීයභික‍්ඛුනො “ථෙරො ආගතො”ති ඵලාඵලං ආහරන‍්ති, සචෙ තත්‍ථ මූලෙ සබ‍්බපරියත‍්තිධරො බහුස‍්සුතභික‍්ඛු විහාසි, “අද‍්ධා එත්‍ථ දීඝා කතිකා කතා භවිස‍්සතී”ති නික‍්කුක‍්කුච‍්චෙන පරිභුඤ‍්ජිතබ‍්බං. විහාරෙ ඵලාඵලං පිණ‍්ඩපාතිකානම‍්පි වට‍්ටති, ධුතඞ‍්ගං න කොපෙති. සාමණෙරා අත‍්තනො ආචරියුපජ‍්ඣායානං බහූනි ඵලානි දෙන‍්ති, අඤ‍්ඤෙ භික‍්ඛූ අලභන‍්තා ඛිය්‍යන‍්ති, ඛිය්‍යනමත‍්තමෙව චෙතං හොති.

පුරාණ විහාරයකට ගිය සම්භාවනීයවූ මහණක්හුහට ‘ස්ථවිර තෙමේ ආයේය’යි කුදුමහත් ඵල ගෙණඑත්ද, ඉදින් එහි එම විහාරයෙහි ආදිකාලයෙහි පර්‍ය්‍යාප්තිධර බහුශ්‍රැත භික්‍ෂුනමක් වාසය කළේය. මෙහි ‘එකාන්තයෙන් දිග කතිකාවක් කරණලද්දී වන්නීය’යි කුකුස් නැතිව පරිභොග කටයුතුය. විහාරයෙහි කුදුමහත්ඵල පිණ්ඩපාතිකයන්ටද වටියි. ධුතාඞ්ගය කොප්‍ය නොකරයි. සාමණේරයෝ තමන්ගේ ආචාර්‍ය්‍යොපාද්ධ්‍යායයන්ට බොහෝ ඵලදෙත්. අන්‍ය භික්‍ෂූහු නොලබන්නාහු නුගුණ කියත්ද, මෙය නුගුණ කීම් පමණෙක්ම වේ.

සචෙ පන දුබ‍්භික‍්ඛං හොති, එකං පනසරුක‍්ඛං නිස‍්සාය සට‍්ඨිපි ජනා ජීවන‍්ති, තාදිසෙ කාලෙ සබ‍්බෙසං සඞ‍්ගහකරණත්‍ථාය භාජෙත්‍වා ඛාදිතබ‍්බං, අයං සාමීචි. යාව පන කතිකවත‍්තං න පටිප‍්පස‍්සම‍්භති, තාව තෙහි ඛායිතං සුඛායිතමෙව. කදා පන කතිකවත‍්තං පටිප‍්පස‍්සම‍්භති? යදා සමග‍්ගො සඞ‍්ඝො සන‍්නිපතිත්‍වා “ඉතො පට‍්ඨාය භාජෙත්‍වා ඛාදන‍්තූ”ති සාවෙති. එකභික‍්ඛුකෙ පන විහාරෙ එකෙන සාවිතෙපි පුරිමකතිකා පටිප‍්පස‍්සම‍්භතියෙව. සචෙ පටිප‍්පස‍්සද‍්ධාය කතිකාය සාමණෙරා නෙව රුක‍්ඛතො පාතෙන‍්ති, න භූමිතො ගහෙත්‍වා භික‍්ඛූනං දෙන‍්ති, පතිතඵලානි පාදෙහි පහරන‍්තා විචරන‍්ති, තෙසං දසභාගතො පට‍්ඨාය යාව උපඩ‍්ඪඵලභාගෙන ඵාතිකම‍්මං කාතබ‍්බං. අද‍්ධා ඵාතිකම‍්මලොභෙන ආහරිත්‍වා දස‍්සන‍්ති. පුන සුභික‍්ඛෙ ජාතෙ කප‍්පියකාරකෙසු ආගන‍්ත්‍වා සාඛාපරිවාරාදීනි කත්‍වා රුක‍්ඛෙ රක‍්ඛන‍්තෙසු සාමණෙරානං ඵාතිකම‍්මං න දාතබ‍්බං, භාජෙත්‍වා පරිභුඤ‍්ජිතබ‍්බං.

ඉදින් වනාහි දුර්භික්‍ෂයෙක් වේනම්, එක් කොස්ගසක් නිසා සැටදෙනෙක් ජීවත් වෙත්ද, එබඳු කාලයෙහි සියල්ලන්ට සඞ්ග්‍රහ කරනු පිණිස බෙදාගෙන කෑයුතුය. මේවතය. යම්තාක් කතිකාවත නොසන්සිඳේද, ඒතාක් යම් කෙනකුන් විසින් කන ලද්දේ ද, මැනැවින් කන ලද්දේ වේමය. කවදා වනාහි කතිකාවත සන්සිඳේද, යත්:- යම් කලෙක සමග්‍ර වූ සඞ්ඝතෙමේ රැස්වී ‘මෙතැන් පටන් බෙදාගෙණ කත්වා’යි අස්වාද, එක් මහණකු ඇති විහාරයෙහි එකකු විසින් අස්වනලද කල්හි පළමු කතිකාව සන්සිඳේමය. ඉදින් කතිකාව සන්සිඳුනු කල්හි සාමණේරයෝ රුකෙන් නොම හෙළත්ද, බිම වැටුනක් ගෙණ භික්‍ෂූන්ට නොදෙත්ද, බිමවැටුනු ගෙඩිවලට පයින් ගසමින් හැසිරෙත්ද, ඔවුන්ට දසවන කොටස පටන් යම්තාක් ගෙඩි අඩ කොටසකින් වැඩීම කටයුතුය. එකාන්තයෙන් වැඩීමෙහි ලොභයෙන් ගෙණ අවුත් දෙත්ද, නැවැත සුභික්‍ෂය වූ කල්හි කැපකරුවන් අවුත් ශාකාපරිවාරාදියකොට රුක් රකිනකල්හි හෙරණුන්ට ඵාතිකර්‍මය නොදියයුතුය. බෙදා පරිභොග කටයුතුය.

“විහාරෙ ඵලාඵලං අත්‍ථී”ති සාමන‍්තගාමෙහි මනුස‍්සා ගිලානානං වා ගබ‍්භිනීනං වා අත්‍ථාය ආගන‍්ත්‍වා “එකං නාළිකෙරං දෙථ, අම‍්බං දෙථ, ලබුජං දෙථා”ති යාචන‍්ති, දාතබ‍්බං න දාතබ‍්බන‍්ති? දාතබ‍්බං. අදීයමානෙ හි තෙ දොමනස‍්සිකා හොන‍්ති, දෙන‍්තෙන පන සඞ‍්ඝං සන‍්නිපාතෙත්‍වා යාවතතියං සාවෙත්‍වා අපලොකනකම‍්මං කත්‍වාව දාතබ‍්බං, කතිකවත‍්තං වා කත්‍වා ඨපෙතබ‍්බං, එවඤ‍්ච පන කාතබ‍්බං, බ්‍යත‍්තෙන භික‍්ඛුනා සඞ‍්ඝස‍්ස අනුමතියා සාවෙතබ‍්බං –

විහාරයෙහි කුදුමහත්ඵල ඇත්තේයයි අසල ගම්වලින් මිනිස්සු අවුත් ගිලනුන්ට හෝ ගැබිනියන්ට හෝ ප්‍රයොජනය පිණිස ‘එක් පොල්ගෙඩියක් දුනමැනැවි, අඹගෙඩියක් දුන මැනැවි, දෙල්ගෙඩියක් දුන මැනැවැ’යි ඉල්ලත් නම්, දියයුතුද, නොදියයුතුද, යත්:- දියයුතුය. නොදෙනුකල්හි ඔවුහු නොසතුටුවෙත්, දෙන්නහු විසින් වනාහි සඞ්ඝයා රැස්කරවා තුන්යල තෙක් අස්වා අපලොකන කර්‍මය කොටම දියයුතුය. කතිකාවත හෝ කොට හෝ තැබිය යුතුය. මෙසේද කටයුතුය: ව්‍යක්ත භික්‍ෂූන් විසින් සඞ්ඝයාගේ අනුමතියෙන් ඇස්විය යුතුය:-

“සාමන‍්තගාමෙහි මනුස‍්සා ආගන‍්ත්‍වා ගිලානාදීනං අත්‍ථාය ඵලාඵලං යාචන‍්ති, ද‍්වෙ නාළිකෙරානි, ද‍්වෙ තාලඵලානි, ද‍්වෙ පනසානි, පඤ‍්ච අම‍්බානි, පඤ‍්ච කදලිඵලානි ගණ‍්හන‍්තානං අනිවාරණං, අසුකරුක‍්ඛතො ච අසුකරුක‍්ඛතො ච ඵලං ගණ‍්හන‍්තානං අනිවාරණං රුච‍්චති භික‍්ඛුසඞ‍්ඝස‍්සා”ති තික‍්ඛත‍්තුං වත‍්තබ‍්බං.

“සාමන්තගාමෙහි මනුස්සා ආගනත්‍වා ගිලානං අත්‍ථාය ඵලාඵලං යාචන්ති, ද්වෙ නාලිකෙරානි, ද්වෙ තාලඵලානි, ද්වෙ පනසානි, පඤ්ච අම්බානී, පඤ්ච කදලීඵලානි ගණ්භන්තානං අනිවාරණං, අසුකරුක්‍ඛතොච, අසුකරුක්‍ඛතොච ඵලං ගණ්භන්තානං අනිවාරණං රුච්චති සඞ්ඝස්ස”යි තෙවරක් කියයුතුය.

තතො පට‍්ඨාය ගිලානාදීනං නාමං ගහෙත්‍වා යාචන‍්තා “ගණ‍්හථා”ති න වත‍්තබ‍්බා, වත‍්තං පන ආචික‍්ඛිතබ‍්බං – “නාළිකෙරාදීනි ඉමිනා නාම පරිච‍්ඡෙදෙන ගණ‍්හන‍්තානං අසුකරුක‍්ඛතො ච අසුකරුක‍්ඛතො ච ඵලං ගණ‍්හන‍්තානං අනිවාරණං කත”න‍්ති. අනුවිචරිත්‍වා පන “අයං මධුරඵලො අම‍්බො, ඉතො ගණ‍්හථා”තිපි න වත‍්තබ‍්බා. ඵලභාජනකාලෙ පන ආගතානං සම‍්මතෙන උපඩ‍්ඪභාගො දාතබ‍්බො, අසම‍්මතෙන අපලොකෙත්‍වා දාතබ‍්බං.

එතැන් පටන් ගිලන් ආදීන්ගේ නම් ගෙණ ඉල්ලන්නාහු ‘ගණිවු’යි නොකිය යුත්තාහ. වතම කියයුතුය:- නාලිකෙරාදිය වේනම් පරිච්ඡෙදයෙන් අසුවල් රුකින්ද අසුවල් රුකින්ද පලගන්නාවුන්ට නොවැළක්ම කරන ලද්දේය’යි පසු පසු හැසිර ‘මේ මිහිරිපල ඇති අඹරුකය, මෙයින් ගණිවු’යි නොකියයුතුය. පලබෙදන කාලයෙහි වනාහි ආවුන්ට සම්මතය ලද්දහු විසින් මහණහුට දියයුතු කොටසින් අඩ කොටසක් දියයුතුය. සම්මත නොකරණ ලද්දහු විසින් අපලොකනයකොට දියයුතුය.

ඛීණපරිබ‍්බයො වා මග‍්ගගමියසත්‍ථවාහො වා අඤ‍්ඤො වා ඉස‍්සරො ආගන‍්ත්‍වා යාචති, අපලොකෙත්‍වාව දාතබ‍්බං. බලක‍්කාරෙන ගහෙත්‍වා ඛාදන‍්තො න වාරෙතබ‍්බො. කුද‍්ධො හි සො රුක‍්ඛෙපි ඡින්‍දෙය්‍ය, අඤ‍්ඤම‍්පි අනත්‍ථං කරෙය්‍ය. පුග‍්ගලිකපරිවෙණං ආගන‍්ත්‍වා ගිලානස‍්ස ගාමෙන යාචන‍්තො “අම‍්හෙහි ඡායාදීනං අත්‍ථාය රොපිතං, සචෙ අත්‍ථි, තුම‍්හෙ ජානාථා”ති වත‍්තබ‍්බො. යදි පන ඵලභරිතාව රුක‍්ඛා හොන‍්ති, කණ‍්ටකෙ බන්‍ධිත්‍වා ඵලවාරෙන ඛාදන‍්ති, අපච‍්චාසීසන‍්තෙන හුත්‍වා දාතබ‍්බං. බලක‍්කාරෙන ගණ‍්හන‍්තො න වාරෙතබ‍්බො, පුබ‍්බෙ වුත‍්තමෙවෙත්‍ථ කාරණං.

ක්‍ෂයවූ මාර්‍ගොපකරණ ඇත්තෙක් හෝ මගයන සාර්‍ත්‍ථවාහකයෙක් හෝ අන් ඉසුරෙක් හෝ අවුත් ඉල්ලාද, අපලොකනයකොට දියයුතුය. බලාත්කාරයෙන් ගෙණ කන්නේ නොවැළකිය යුතුය. කිපියාවූ හෙතෙමේ රුක්ද සිඳින්නේය. අනිකුදු අනර්‍ත්‍ථ කරන්නේය. පෞද්ගලික පිරිවෙණකට අවුත් ගිලනක්හුගේ නාමයෙන් ඉල්වන්නේද, ‘අප විසින් සෙවන ආදිය පිණිස රොපණය කරණ ලද්දේය, ඉදින් තිබේනම්, තෙපිම දනිවු’යි කියයුතුය. ඉදින් රුක් පලබරවූවාහුම වෙත්ද, කටුබැඳ පලවාරයෙන් කත්ද, ඔවුන්ගෙන් යමක් බලාපොරොත්තු නොවන්නහු විසින් දියයුතුය. බලාත්කාරයෙන් ගන්නේ නොවැළකිය යුතුය. මෙහි කරුණ පෙර කියන ලද්දේමය.

සඞ‍්ඝස‍්ස ඵලාරාමො හොති, පටිජග‍්ගනං න ලභති, සචෙ තං කොචි වත‍්තසීසෙන ජග‍්ගති, සඞ‍්ඝස‍්සෙව හොති. අථාපි කස‍්සචි පටිබලස‍්ස භික‍්ඛුනො “ඉමං සප‍්පුරිස ජග‍්ගිත්‍වා දෙහී”ති සඞ‍්ඝො භාරං කරොති, සො චෙ වත‍්තසීසෙන ජග‍්ගති, එවම‍්පි සඞ‍්ඝස‍්සෙව හොති. ඵාතිකම‍්මං පච‍්චාසීසන‍්තස‍්ස පන තතියභාගෙන වා උපඩ‍්ඪභාගෙන වා ඵාතිකම‍්මං කාතබ‍්බං. “භාරියං කම‍්ම”න‍්ති වත්‍වා එත‍්තකෙන අනිච‍්ඡන‍්තො පන සබ‍්බං තවෙව සන‍්තකං කත්‍වා “මූලභාගං දසභාගමත‍්තං දත්‍වා ජග‍්ගාහී”තිපි වත‍්තබ‍්බො. ගරුභණ‍්ඩත‍්තා පන මූලච‍්ඡෙජ‍්ජවසෙන න දාතබ‍්බං. සො මූලභාගං දත්‍වා ඛාදන‍්තො අකතාවාසං වා කත්‍වා කතාවාසං වා ජග‍්ගිත්‍වා නිස‍්සිතකානං ආරාමං නිය්‍යාදෙති, තෙහිපි මූලභාගො දාතබ‍්බොව. යදා පන භික‍්ඛූ සයං ජග‍්ගිතුං පහොන‍්ති, අථ තෙසං ජග‍්ගිතුඤ‍්ච න දාතබ‍්බං, ජග‍්ගිතකාලෙ ච න වාරෙතබ‍්බා, ජග‍්ගනකාලෙයෙව වාරෙතබ‍්බා. “බහුං තුම‍්හෙහි ඛායිතං, ඉදානි මා ජග‍්ගිත්‍ථ, භික‍්ඛුසඞ‍්ඝොයෙව ජග‍්ගිස‍්සතී”ති වත‍්තබ‍්බං.

සඞ්ඝයාගේ ඵලාරාමයෙක් වේ. පිළිදැගුම් නොලබයි. ඉදින් කිසිවෙක් එය වත්හිසින් පොෂණය කෙරේද, සඞ්ඝයාහටම වේ. නැවැතද කිසි ප්‍රතිබල භික්‍ෂුනමක් හට ‘සත්පුරුෂය, මේ ආරාමය දැගුම්කොට දෙව’යි සඞ්ඝතෙමේ භාරකෙරේද, හෙතෙමේ වත්හිසින් දැගුම් කෙරේද, මෙසේ ඇතිකල්හිද සඞ්ඝයාහටම වේ. ඵාතිකර්‍මය බලාපොරොත්තු වන්නහුට වනාහි තුන්වැනි කොටසින් හෝ අඩ කොටසින් හෝ ඵාතිකර්‍මය කටයුතුය. කර්‍මය බරයයි කියා මෙපමණකින් නොකැමැතිවන්නේ වනාහි සියල්ල ඔහුම සතුකොට ‘මුල් කොටස දසවැනි කොටස පමණදී දැගුම් කරව’යි කියයුතුය. ගරුභාණ්ඩයක් බැවින් මුල්සිඳීම් වසයෙන් නොදිය යුතුය. හෙතෙමේ මුල්කොටසදී කන්නේ එයින් උපන් අයෙක් නොකළ ආවාසයක් හෝ කොට, කළ ආවාසයක් හෝ දැගුම්කොට නිඃශ්‍රිතකයන්හට ආරාමය පාවාදේද, ඔවුන් විසිනුදු මුල්කොටස දියයුතුමය. යම්කලෙක භික්‍ෂූහු තුමූ පිළිදැගුම් කරන්නට සමර්‍ත්‍ථවෙත්ද, එසේ කල්හි ඔවුන්ට පිළිදැගුම් කරන්නට නොදිය යුතුය. පිළිදැගුම් කළ කාලයෙහිද නොවැළකිය යුතුය. පිළිදැගුම් කරණ කාලයෙහිම වැළක්විය යුතුය. ‘තොප විසින් බොහෝ කනලද්දේය, දැන් දැගුම් නොකරවු, භික්‍ෂුසඞ්ඝ තෙමේම දැගුම් කරන්නේයයි කියයුතුය.

සචෙ පන නෙව වත‍්තසීසෙන ජග‍්ගන‍්තො අත්‍ථි, න ඵාතිකම‍්මෙන, න සඞ‍්ඝො ජග‍්ගිතුං පහොති, එකො අනාපුච‍්ඡිත්‍වාව ජග‍්ගිත්‍වා ඵාතිකම‍්මං වඩ‍්ඪෙත්‍වා පච‍්චාසීසති, අපලොකනකම‍්මෙන ඵාතිකම‍්මං වඩ‍්ඪෙත්‍වා දාතබ‍්බං. ඉති ඉමං සබ‍්බම‍්පි කම‍්මලක‍්ඛණමෙව හොති. අපලොකනකම‍්මං ඉමානි පඤ‍්ච ඨානානි ගච‍්ඡති.

ඉදින් වනාහි වත්හිසින් දැගුම් කරන්නෙක් නොම ඇත්තේද, ඵාතිකර්‍ම විසින් රකින්නෙක් නැත්තේද, සඞ්ඝතෙමේ දැගුම් කරන්නට සමර්‍ත්‍ථනොවේද, එකෙක් නොවිචාරාම දැගුම්කොට දැගුම් කිරීම නිසා ගතයුතු කොටස වැඩිකොට බලාපොරොත්තුවේද, අපලොකන කර්‍මයෙන් ගොපනය නිසා දියයුතු කොටස වැඩි කොට දියයුත්තේය. මෙසේ මේ සියල්ල කර්‍මලක්‍ෂණයම වේ. අපලොකන කර්‍මය මෙසේ පස්තැනකට යයි.

ඤත‍්තිකම‍්මට‍්ඨානභෙදෙ පන “සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො, ඉත්‍ථන‍්නාමො ඉත්‍ථන‍්නාමස‍්ස ආයස‍්මතො උපසම‍්පදාපෙක‍්ඛො, අනුසිට‍්ඨො සො මයා. යදි සඞ‍්ඝස‍්ස පත‍්තකල‍්ලං, ඉත්‍ථන‍්නාමො ආගච‍්ඡෙය්‍යාති, ආගච‍්ඡාහීති වත‍්තබ‍්බො”ති එවං උපසම‍්පදාපෙක‍්ඛස‍්ස ඔසාරණා ඔසාරණා නාම.

ඤත්ති කර්‍මයාගේ ස්ථානභෙදයෙහි “සුණාතු මෙ භන්තෙ සඞ්ඝො, ඉත්‍ථන්නාමො ඉත්‍ථන්නාමස්ස ආයස්මතො උපසම්පදාපෙක්‍ඛො අනුසිට්ඨො සො මයා, යදිසඞ්ඝස්ස පත්තකල්ලං ඉත්‍ථන්නාමො ආගච්ඡෙය්‍ය, ආගච්ඡාහීති වත්තබ්බො”යි මෙසේ උපසම්පදාපෙක්‍ෂකයාගේ කැඳවීම ඔසාරණා නම.

“සුණන‍්තු මෙ ආයස‍්මන‍්තා, අයං ඉත්‍ථන‍්නාමො භික‍්ඛු ධම‍්මකථිකො ඉමස‍්ස නෙව සුත‍්තං ආගච‍්ඡති, නො සුත‍්තවිභඞ‍්ගො, සො අත්‍ථං අසල‍්ලක‍්ඛෙත්‍වා බ්‍යඤ‍්ජනච‍්ඡායාය අත්‍ථං පටිබාහති. යදායස‍්මන‍්තානං පත‍්තකල‍්ලං, ඉත්‍ථන‍්නාමං භික‍්ඛුං වුට‍්ඨාපෙත්‍වා අවසෙසා ඉමං අධිකරණං වූපසමෙය්‍යාමා”ති එවං උබ‍්බාහිකාවිනිච‍්ඡයෙ ධම‍්මකථිකස‍්ස භික‍්ඛුනො නිස‍්සාරණා නිස‍්සාරණා නාම.

“සුණාතු මෙ ආයස්මන්තො, අයං ඉත්‍ථන්නාමො භික්‍ඛු ධම්මකථිකො, ඉමස්ස නෙව සුත්තං ආගච්ඡති, නොසුත්තවිභඞ්ගො සො අත්‍ථං අසල්ලක්‍ඛෙත්‍වා බ්‍යඤ්ජනච්ඡායාය අත්‍ථං පටිබාහති, යදා යස්මන්තානං පත්තකල්ලං ඉත්‍ථන්නාමං භික්‍ඛුං වුට්ඨාපෙත්‍වා අවසෙසා ඉමං අධිකරණං වූපසමෙය්‍ය”යි මෙසේ උබ්බාහික විනිශ්චයෙහි ධර්‍මකථික භික්‍ෂුවගේ සඟමැදින් පහකිරීම නිස්සාරණ නම.

“සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො, අජ‍්ජුපොසථො පන‍්නරසො. යදි සඞ‍්ඝස‍්ස පත‍්තකල‍්ලං, සඞ‍්ඝො උපොසථං කරෙය්‍යා”ති එවං උපොසථකම‍්මවසෙන ඨපිතා ඤත‍්ති උපොසථො නාම.

“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො අජ්ජුපොසථො පණ්ණරසො, යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො උපොසථං කරෙය්‍ය”යි මෙසේ උපෞෂථකර්‍ම වශයෙන් තැබූ ඤත්තිතොමෝ උපොසථ නම.

“සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො, අජ‍්ජ පවාරණා පන‍්නරසී. යදි සඞ‍්ඝස‍්ස පත‍්තකල‍්ලං, සඞ‍්ඝො පවාරෙය්‍යා”ති එවං පවාරණාකම‍්මවසෙන ඨපිතා ඤත‍්ති පවාරණා නාම.

“සුණතු මෙ භන්තෙ සඞ්ඝො අජ්ජ පවාරණා පණ්ණරසී, යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො පවාරෙය්‍ය”යි මෙසේ පවාරණ කර්‍මවශයෙන් තැබූ ඤත්තිතොමෝ පවාරණ නම.

“සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො, ඉත්‍ථන‍්නාමො ඉත්‍ථන‍්නාමස‍්ස ආයස‍්මතො උපසම‍්පදාපෙක‍්ඛො. යදි සඞ‍්ඝස‍්ස පත‍්තකල‍්ලං, අහං ඉත්‍ථන‍්නාමං අනුසාසෙය්‍ය”න‍්ති. “යදි සඞ‍්ඝස‍්ස පත‍්තකල‍්ලං, ඉත්‍ථන‍්නාමො ඉත්‍ථන‍්නාමං අනුසාසෙය්‍යා”ති. “යදි සඞ‍්ඝස‍්ස පත‍්තකල‍්ලං, අහං ඉත්‍ථන‍්නාමං අන‍්තරායිකෙ ධම‍්මෙ පුච‍්ඡෙය්‍ය”න‍්ති. “යදි සඞ‍්ඝස‍්ස පත‍්තකල‍්ලං, ඉත්‍ථන‍්නාමො ඉත්‍ථන‍්නාමං අන‍්තරායිකෙ ධම‍්මෙ පුච‍්ඡෙය්‍යා”ති. “යදි සඞ‍්ඝස‍්ස පත‍්තකල‍්ලං, අහං ඉත්‍ථන‍්නාමං විනයං පුච‍්ඡෙය්‍ය”න‍්ති. “යදි සඞ‍්ඝස‍්ස පත‍්තකල‍්ලං, ඉත්‍ථන‍්නාමො ඉත්‍ථන‍්නාමං විනයං පුච‍්ඡෙය්‍යා”ති. “යදි සඞ‍්ඝස‍්ස පත‍්තකල‍්ලං, අහං ඉත්‍ථන‍්නාමෙන විනයං පුට‍්ඨො විස‍්සජ‍්ජෙය්‍ය”න‍්ති. “යදි සඞ‍්ඝස‍්ස පත‍්තකල‍්ලං, ඉත්‍ථන‍්නාමො ඉත්‍ථන‍්නාමෙන විනයං පුට‍්ඨො විස‍්සජ‍්ජෙය්‍යා”ති එවං අත‍්තානං වා පරං වා සම‍්මන‍්නිතුං ඨපිතා ඤත‍්ති සම‍්මුති නාම.

“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො ඉත්‍ථන්නාමො ඉත්‍ථන්නාමස්ස ආයස්මතො උපසම්පදාපෙක්‍ඛො, යදි සඞ්ඝස්ස පත්තකල්ලං, අහං ඉත්‍ථන්නාමං අනුසාසෙය්‍යං, “යදි සඞ්ඝස්ස පත්තකල්ල ඉත්‍ථන්නාමො ඉත්‍ථන්නාමං අනුසාසෙය්‍ය, “යදි සඞ්ඝස්ස පත්තකල්ලං අහං ඉත්‍ථන්නාමං අන්තරායිකෙ ධම්මෙ පුච්ඡෙය්‍යං,” යදි සඞ්ඝස්ස පත්තකල්ලං ඉත්‍ථන්නාමො ඉත්‍ථන්නාමං අන්තරායිකෙ ධම්මෙ පුච්ඡෙය්‍යං” “යදි සඞ්ඝස්ස පත්තකල්ලං අහං ඉත්‍ථන්නාමං විනයං පුච්ඡෙය්‍යංන්ති” “යදි සඞ්ඝස්ස පත්තකල්ලං ඉත්‍ථන්නාමො ඉත්‍ථන්නාමං විනයං පුච්ඡෙය්‍ය” “යදි සඞ්ඝස්ස පත්තකල්ලං අහං ඉත්‍ථන්නාමෙන විනයං පුට්ඨො විසජ්ජෙය්‍ය,” “යදි සඞ්ඝස්ස පත්තකල්ලං ඉත්‍ථන්නාමො ඉත්‍ථන්නාමෙන විනයං පුට්ඨො විස්සජ්ජෙය්‍ය” මෙසේ තමන් හෝ අන්හු හෝ සම්මත කිරීමට තැබූ ඤත්තිතොමෝ සම්මුති නම.

“සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො, ඉදං චීවරං ඉත්‍ථන‍්නාමස‍්ස භික‍්ඛුනො නිස‍්සග‍්ගියං සඞ‍්ඝස‍්ස නිස‍්සට‍්ඨං. යදි සඞ‍්ඝස‍්ස පත‍්තකල‍්ලං, සඞ‍්ඝො ඉමං චීවරං ඉත්‍ථන‍්නාමස‍්ස භික‍්ඛුනො දදෙය්‍යා”ති. “යදායස‍්මන‍්තානං පත‍්තකල‍්ලං, ආයස‍්මන‍්තා ඉමං චීවරං ඉත්‍ථන‍්නාමස‍්ස භික‍්ඛුනො දදෙය්‍යු”න‍්ති එවං නිස‍්සට‍්ඨචීවරපත‍්තාදීනං දානං දානං නාම.

“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො ඉදං චීවරං ඉත්‍ථන්නාමස්ස භික්‍ඛුනො නිස්සග්ගියං, සඞ්ඝස්ස නිස්සට්ඨං, යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො ඉමං චීවරං ඉත්‍ථන්නාමස්ස භික්‍ඛුනො දදෙය්‍ය, යදායසමන්තානං පත්තකල්ලං, ආයස්මන්තා ඉමං චීවරං ඉත්‍ථන්නාමස්ස භික්‍ඛුනො දදෙය්‍යුං” මෙසේ නිසදනලද පාසිවුරු ආදීන්ගේ දීම දාන නම.

“සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො, අයං ඉත්‍ථන‍්නාමො භික‍්ඛු ආපත‍්තිං සරති, විවරති, උත‍්තානිං කරොති, දෙසෙති. යදි සඞ‍්ඝස‍්ස පත‍්තකල‍්ලං, අහං ඉත්‍ථන‍්නාමස‍්ස භික‍්ඛුනො ආපත‍්තිං පටිග‍්ගණ‍්හෙය්‍යන‍්ති. යදායස‍්මන‍්තානං පත‍්තකල‍්ලං, අහං ඉත්‍ථන‍්නාමස‍්ස භික‍්ඛුනො ආපත‍්තිං පටිග‍්ගණ‍්හෙය්‍ය”න‍්ති. තෙන වත‍්තබ‍්බො “පස‍්සසී”ති. “ආම පස‍්සාමී”ති. ආයතිං සංවරෙය්‍යාසීති එවං ආපත‍්තිපටිග‍්ගහො පටිග‍්ගහො නාම.

“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො අයං ඉත්‍ථන්නාමො භික්‍ඛු ආපත්තිං සරති. විචරති. උත්තානී කරොති. දෙසෙති. යදිසඞ්ඝස්ස පත්තකල්ලං, අහං ඉත්‍ථන්නාමස්ස භික්‍ඛුනො ආපත්තිං පටිග්ගණ්හෙ” “යදායස්මාන්තානං පත්තකල්ලං, අහං ඉත්‍ථන්නාමස්ස භික්‍ඛුනො ආපත්තිං පටිග්ගණ්හෙය්‍යං”යි. ඔහු විසින් “පස්සසි”යි කියයුතුය. “ආම පස්සාමි”යිද “ආයතිං සංවරෙය්‍යාසි”යිද මෙසේ ඇවැත් පිළිගැණීම පටිග්ගහ නම.

“සුණන‍්තු මෙ, ආයස‍්මන‍්තා ආවාසිකා. යදායස‍්මන‍්තානං පත‍්තකල‍්ලං, ඉදානි උපොසථං කරෙය්‍යාම, පාතිමොක‍්ඛං උද‍්දිසෙය්‍යාම, ආගමෙ කාළෙ පවාරෙය්‍යාමා”ති. තෙ චෙ, භික‍්ඛවෙ, භික‍්ඛූ භණ‍්ඩනකාරකා කලහකාරකා විවාදකාරකා භස‍්සකාරකා සඞ‍්ඝෙ අධිකරණකාරකා තං කාළං අනුවසෙය්‍යුං, ආවාසිකෙන භික‍්ඛුනා බ්‍යත‍්තෙන පටිබලෙන ආවාසිකා භික‍්ඛූ ඤාපෙතබ‍්බා – “සුණන‍්තු මෙ, ආයස‍්මන‍්තා ආවාසිකා. යදායස‍්මන‍්තානං පත‍්තකල‍්ලං, ඉදානි උපොසථං කරෙය්‍යාම, පාතිමොක‍්ඛං උද‍්දිසෙය්‍යාම, ආගමෙ ජුණ‍්හෙ පවාරෙය්‍යාමා”ති එවං කතා පවාරණාපච‍්චුක‍්කඩ‍්ඪනා පච‍්චුක‍්කඩ‍්ඪනා නාම.

“සුණන්තු මෙ ආයස්මන්තා ආවාසිකා, යදායස්මන්තානං පත්තකල්ලං, ඉදානි උපොසථං කරෙය්‍යාම. පාතිමොක්‍ඛං උද්දිසෙය්‍යාම. ආගමෙ කාලෙ පවාරෙය්‍යාමති, තෙ ච භික්‍ඛවෙ භික්‍ඛු භණ්ඩනකාරකා කලහකාරකා විවාදකාරකා සඞ්ඝෙ අධිකරණකාරකා, තං කාලං අනුවදෙය්‍යුං, ආවාසිකෙන භික්‍ඛුනා බ්‍යත්තෙන පටිබලෙන ආවාසිකා භික්‍ඛූ ඤපෙතබ්බා සුණන්තු මෙ ආයස්මන්තා ආවාසිකා යදා යදා යස්මන්තානං පත්තකල්ලං, ඉදානි උපොසථං කරෙය්‍යාම. පාතිමොක්‍ඛං උද්දිසෙය්‍යාම, ආගමෙ ජුණ්හෙ පවාරෙය්‍යාම”යි මෙසේ කළ පවාරණයාගේ පසුඇදීම පච්චුකඩ්ඪනා නම.

සබ‍්බෙහෙව එකජ‍්ඣං සන‍්නිපතිතබ‍්බං, සන‍්නිපතිත්‍වා බ්‍යත‍්තෙන භික‍්ඛුනා පටිබලෙන සඞ‍්ඝො ඤාපෙතබ‍්බො – “සුණාතු මෙ, භන‍්තෙ, සඞ‍්ඝො අම‍්හාකං භණ‍්ඩනජාතානං කලහජාතානං විවාදාපන‍්නානං විහරතං බහුං අස‍්සාමණකං අජ‍්ඣාචිණ‍්ණං භාසිතපරික‍්කන‍්තං. සචෙ මයං ඉමාහි ආපත‍්තීහි අඤ‍්ඤමඤ‍්ඤං කාරෙස‍්සාම, සියාපි තං අධිකරණං කක‍්ඛළත‍්තාය වාළත‍්තාය භෙදාය සංවත‍්තෙය්‍ය. යදි සඞ‍්ඝස‍්ස පත‍්තකල‍්ලං, සඞ‍්ඝො ඉමං අධිකරණං තිණවත්‍ථාරකෙන වූපසමෙය්‍ය ඨපෙත්‍වා ථුල‍්ලවජ‍්ජං, ඨපෙත්‍වා ගිහිපටිසයුත‍්ත”න‍්ති එවං තිණවත්‍ථාරකසමථෙන කත්‍වා සබ‍්බපඨමා සබ‍්බසඞ‍්ගාහිකඤත‍්ති කම‍්මලක‍්ඛණං නාම.

සියල්ලන් විසින්ම එක් තැනකට රැස්විය යුතුය. රැස්වී ව්‍යක්ත ප්‍රතිබල භික්‍ෂුනමක් විසින් සඞ්ඝතෙමේ දැන්විය යුතුය. “සුණාතු මෙ භන්තෙ සඞ්ඝො: අම්හාකං භණ්ඩනජාතානං කලහජාතානං විවාදාපන්නානං විහරතං බහු අස්සාමණකං අජ්ඣාචිණ්ණං භාසිතපරිකන්තං සචෙ මයං ඉමාහි ආපත්තීහි අඤ්ඤමඤ්ඤං කාරෙස්සාම, සියාපි තං අධිකරණං කක්‍ඛලත්තාය වාළත්තාය භෙදාය සංවත්තෙය්‍ය, යදිසඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො ඉමං අධිකරණං තිණවත්‍ථාරකෙන වූපසමෙය්‍ය, ඨපෙත්‍වා ථුල්ලවජ්ජං ඨපෙත්‍වා ගිහීපටිසංයුත්තං”යි මෙසේ තිණවත්‍ථාරක සමථයෙන්කොට සියල්ලට ප්‍රථම වූ සර්‍වසඞ්ග්‍රාහික ඤත්තිතොමෝ කම්මලක්‍ඛණ නම.

තථා තතො පරා එකෙකස‍්මිං පක‍්ඛෙ එකෙකං කත්‍වා ද‍්වෙ ඤත‍්තියො ඉති යථාවුත‍්තප‍්පභෙදං ඔසාරණං නිස‍්සාරණං…පෙ… කම‍්මලක‍්ඛණඤ‍්ඤෙව නවමන‍්ති ඤත‍්තිකම‍්මං ඉමානි නව ඨානානි ගච‍්ඡති.

එසේ නයින් අන්‍යවූ එක් එක් පක්‍ෂයෙහි එක එක කොට ඤත්ති දෙකෙකැයි මෙසේ යථොක්ත ප්‍රභෙදවූ ඔසාරණ-නිස්සාරණ -පෙ- කර්‍මලක්‍ෂණයම නවවැනි කොට ඇත්තේයයි ඤත්තිකර්‍මය මෙසේ නව තැනට පැමිණේ.

ඤත‍්තිදුතියකම‍්මට‍්ඨානභෙදෙ පන වඩ‍්ඪස‍්ස ලිච‍්ඡවිනො පත‍්තනික‍්කුජ‍්ජනවසෙන ඛන්‍ධකෙ වුත‍්තා නිස‍්සාරණා. තස‍්සෙව පත‍්තුක‍්කුජ‍්ජනවසෙන වුත‍්තා ඔසාරණා ච වෙදිතබ‍්බා.

ඤත්තිද්විතීය කර්‍මයාගේ ස්ථානභෙදයෙහි වනාහි වඩ්ඪ නම් ලිච්ඡවීහට පත්තනික්කුජ්ජන වසයෙන් ඛන්‍ධකයෙහි වදාළ නිස්සාරණයද, ඒ වඩ්ඪලිච්ඡවීහටම පත්තුක්කුජ්ජන වසයෙන් වදාළ ඔසාරණයද දතයුතුය.

සීමාසම‍්මුති තිචීවරෙන අවිප‍්පවාසසම‍්මුති, සන්‍ථතසම‍්මුති, භත‍්තුද‍්දෙසක-සෙනාසනග‍්ගාහාපක-භණ‍්ඩාගාරික-චීවරපටිග‍්ගාහක-චීවරභාජක-යාගුභාජකඵලභාජක-ඛජ‍්ජභාජක-අප‍්පමත‍්තකවිස‍්සජ‍්ජක-සාටියග‍්ගාහාපක-පත‍්තග‍්ගාහාපක-ආරාමිකපෙසකසාමණෙරපෙසකසම‍්මුතීති එතාසං සම‍්මුතීනං වසෙන සම‍්මුති වෙදිතබ‍්බා. කථිනචීවරදානමතකචීවරදානවසෙන දානං වෙදිතබ‍්බං.

සීමාසම්මුති - තිචීවරෙන අවිප්පවාසසම්මුත්ති - සත්‍ථතසම්මුති - භත්තුද්දෙසක - සෙනාසනග්ගාහාපක භාණ්ඩාගාරිය - චීවරපටිග්ගාහක - චීවරභාජක - යාගුභාජක - ඵලභාජක - ඛජ්ජභාජක - අප්පමත්තකවිස්සජ්ජක - සාටියග්ගාහාපක - පත්තග්ගාහාපක - ආරාමිකපෙසක - සාමණෙරපෙසකසම්මුති යන මේ සම්මුතීන්ගේ වසයෙන් සම්මුති දතයුතුය. කඨිනචීවරදාන - මතකචීවරදාන වසයෙන් දානය දතයුතුය.

කථිනුද‍්ධාරවසෙන උද‍්ධාරො වෙදිතබ‍්බො. කුටිවත්‍ථුවිහාරවත්‍ථුදෙසනාවසෙන දෙසනා වෙදිතබ‍්බා. යා පන තිණවත්‍ථාරකසමථෙ සබ‍්බසඞ‍්ගාහිකඤත‍්තිඤ‍්ච එකෙකස‍්මිං පක‍්ඛෙ එකෙකං ඤත‍්තිඤ‍්චාති තිස‍්සො ඤත‍්තියො ඨපෙත්‍වා පුන එකස‍්මිං පක‍්ඛෙ එකා, එකස‍්මිං පක‍්ඛෙ එකාති ද‍්වෙ ඤත‍්තිදුතියකම‍්මවාචා වුත‍්තා, තාසං වසෙන කම‍්මලක‍්ඛණං වෙදිතබ‍්බං . ඉති ඤත‍්තිදුතියකම‍්මං ඉමානි සත‍්ත ඨානානි ගච‍්ඡති.

කඨිනොද්ධාර වසයෙන් උද්ධාරය දතයුතුය. කුටිවත්‍ථු - විහාරවත්‍ථු දෙසනා වසයෙන් දෙසනා දතයුතුය. තිණවත්‍ථාරක සමථයෙහි සර්‍වසඞ්ග්‍රාහික ඤත්තියද එක් එක් පක්‍ෂයෙක්හි එක් එක් ඤත්තියදැයි යම් ඤත්ති තුනක් තබා නැවත එක් පක්‍ෂයෙක එකෙක, එක් පක්‍ෂයෙක එකෙකැයි ඤත්තිද්විතීය කර්‍මවාක්‍ය දෙකක් වදාරණ ලදද, ඔවුන්ගේ වසයෙන් කර්‍මලක්‍ෂණය දතයුතුය. මෙසේ ඤත්තිද්විතීය කර්‍මය මේ සත් තැනට යයි.

ඤත‍්තිචතුත්‍ථකම‍්මට‍්ඨානභෙදෙ පන තජ‍්ජනීයකම‍්මාදීනං සත‍්තන‍්නං කම‍්මානං වසෙන නිස‍්සාරණා, තෙසංයෙව ච කම‍්මානං පටිප‍්පස‍්සම‍්භනවසෙන ඔසාරණා වෙදිතබ‍්බා. භික‍්ඛුනොවාදකසම‍්මුතිවසෙන සම‍්මුති වෙදිතබ‍්බා. පරිවාසදානමානත‍්තදානවසෙන දානං වෙදිතබ‍්බං. මූලායපටිකස‍්සනකම‍්මවසෙන නිග‍්ගහො වෙදිතබ‍්බො. “උක‍්ඛිත‍්තානුවත‍්තිකා අට‍්ඨ, යාවතතියකා අරිට‍්ඨො චණ‍්ඩකාළී ච ඉමෙ තෙ යාවතතියකා”ති ඉමාසං එකාදසන‍්නං සමනුභාසනානං වසෙන සමනුභාසනා වෙදිතබ‍්බා. උපසම‍්පදාකම‍්මඅබ‍්භානකම‍්මවසෙන පන කම‍්මලක‍්ඛණං වෙදිතබ‍්බං. ඉති ඤත‍්තිචතුත්‍ථකම‍්මං ඉමානි සත‍්ත ඨානානි ගච‍්ඡති.

ඤත්ති චතුර්‍ත්‍ථ කර්‍මයාගේ ස්ථානභෙදයෙහි වනාහි තර්‍ජනීයාදීවූ සප්තවිධ කර්‍මයන්ගේ වසයෙන් නිස්සාරණාච, එම කර්‍මයන්ගේ සන්සිඳීම් වසයෙන් ඔසාරණාව දතයුතුය. භික්‍ඛුනොවාදකසම්මුති වාසයෙන් සම්මුතිය දතයුතුය. පරිවාසදාන - මානත්ත දාන වසයෙන් දානය දතයුතුය. මූලාය පටිකස්සන කර්‍මවශයෙන් නිග්‍රහය දතයුතුය. උක්‍ඛිත්තානුවත්තිකා - අට්ඨයාවතතියකා - අරිට්ඨ හා චණ්ඩකාළීද යන ඒ මොවුහු යාවතතියකහ’යි මේ එකොළොස් සමනුභාසනයන්ගේ වසයෙන් සමනුභාසනාව දතයුත්තීය. උපසම්පදාකර්‍ම අබ්හාන කර්‍මයන්ගේ වසයෙන් කර්‍මලක්‍ෂණය දතයුතුය. මෙසේ ඤත්තිචතුර්‍ත්‍ථකර්‍මය මේ සත්තැනට යයි.

ඉති කම‍්මානි ච කම‍්මවිපත‍්තිඤ‍්ච විපත‍්තිවිරහිතානං කම‍්මානං ඨානපභෙදගමනඤ‍්ච දස‍්සෙත්‍වා ඉදානි තෙසං කම‍්මානං කාරකස‍්ස සඞ‍්ඝස‍්ස පරිච‍්ඡෙදං දස‍්සෙන‍්තො පුන “චතුවග‍්ගකරණෙ කම‍්මෙ”තිආදිමාහ. තස‍්සත්‍ථො පරිසතො කම‍්මවිපත‍්තිවණ‍්ණනායං වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බොති.

මෙසේ කර්‍මයන්ද කර්‍ම විපත්තියද විපත්තිරහිත කර්‍මයන්ගේ ස්ථානප්‍රභෙදගමනද දක්වා දැන් ඒ කර්‍මකාරක සඞ්ඝයාගේ පරිච්ඡෙදය දක්වනසේක්. නැවැත “චතුවග්ගකරණේ කම්මෙ” යනාදිය වදාළ සේක. ඒ පිළිබඳ අර්‍ත්‍ථය පිරිසෙන් වන කර්‍මවිපත්ති වර්‍ණනාවෙහි කියනලදනයින්ම දතයුතුය.

කම‍්මවග‍්ගවණ‍්ණනා නිට‍්ඨිතා.

කර්‍මවර්‍ග වර්‍ණනාව නිමි.