යෙදුමෙන් කියවන්න

අත්‍ථවසවග‍්ගාදිවණ‍්ණනා අට‍්ඨකථා

අත්‍ථවසවග‍්ගාදිවණ‍්ණනා

අත්ථවසවග්ගාදිවණ්ණනා

ඉදානි යානි තානි තෙසං කම‍්මානං වත්‍ථුභූතානි සික‍්ඛාපදානි, තෙසං පඤ‍්ඤත‍්තියං ආනිසංසං දස‍්සෙතුං “ද‍්වෙ අත්‍ථවසෙ පටිච‍්චා”තිආදි ආරද‍්ධං. තත්‍ථ දිට‍්ඨධම‍්මිකානං වෙරානං සංවරායාති පාණාතිපාතාදීනං පඤ‍්චන‍්නං දිට‍්ඨධම‍්මිකවෙරානං සංවරත්‍ථාය පිදහනත්‍ථාය. සම‍්පරායිකානං වෙරානං පටිඝාතායාති විපාකදුක‍්ඛසඞ‍්ඛාතානං සම‍්පරායිකවෙරානං පටිඝාතත්‍ථාය, සමුච‍්ඡෙදනත්‍ථාය අනුප‍්පජ‍්ජනත්‍ථාය. දිට‍්ඨධම‍්මිකානං වජ‍්ජානං සංවරායාති තෙසංයෙව පඤ‍්චන‍්නං වෙරානං සංවරත්‍ථාය. සම‍්පරායිකානං වජ‍්ජානන‍්ති තෙසංයෙව විපාකදුක‍්ඛානං. විපාකදුක‍්ඛානෙව හි ඉධ වජ‍්ජනීයභාවතො වජ‍්ජානීති වුත‍්තානි. දිට‍්ඨධම‍්මිකානං භයානන‍්ති ගරහා උපවාදො තජ‍්ජනීයාදීනි කම‍්මානි උපොසථපවාරණානං ඨපනං අකිත‍්තිපකාසනීයකම‍්මන‍්ති එතානි දිට‍්ඨධම‍්මිකභයානි නාම, එතෙසං සංවරත්‍ථාය. සම‍්පරායිකභයානි පන විපාකදුක‍්ඛානියෙව , තෙසං පටිඝාතත්‍ථාය. දිට‍්ඨධම‍්මිකානං අකුසලානන‍්ති පඤ‍්චවෙරදසඅකුසලකම‍්මපථප‍්පභෙදානං අකුසලානං සංවරත්‍ථාය. විපාකදුක‍්ඛානෙව පන අක‍්ඛමට‍්ඨෙන සම‍්පරායිකඅකුසලානීති වුච‍්චන‍්ති, තෙසං පටිඝාතත්‍ථාය. ගිහීනං අනුකම‍්පායාති අගාරිකානං සද‍්ධාරක‍්ඛණවසෙන අනුකම‍්පනත්‍ථාය. පාපිච‍්ඡානං පක‍්ඛුපච‍්ඡෙදායාති පාපිච‍්ඡපුග‍්ගලානං ගණබන්‍ධභෙදනත්‍ථාය ගණභොජනසික‍්ඛාපදං පඤ‍්ඤත‍්තං. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙව. යඤ‍්හෙත්‍ථ වත‍්තබ‍්බං සියා, තං සබ‍්බං පඨමපාරාජිකවණ‍්ණනායමෙව වුත‍්තන‍්ති.

දැන් ඒ කර්‍මයන්ට වස්තු වූ යම් ඒ ශික්‍ෂාපදයෝ වෙත්ද, ඔවුන්ගේ ප්‍රඥප්තියෙහි අනුසස් දක්වන්නට “ද්වෙ අත්‍ථවසෙ පටිච්ච” යනාදිය පටන්ගන්නා ලදය. එහි “දිට්ඨධම්මිකානං වෙරානං සංවරාය” පාණාති පාතාදීවූ පඤ්චවිධ දෘෂ්ට ධාර්මික පාපයන්ගේ සංවරය පිණිස වැසීම පිණිස. “සම්පරායිකානං වෙරානං පටිඝාතාය” වෛරොත්පත්ති විපාක දුඃඛසඞ්ඛ්‍යාත සාම්පරායික වෛරයන්ගේ ඝාතනය පිණිස, සිඳීම පිණිස, අනුත්පාදය පිණිස, “දිට්ඨධම්මිකානං වජ්ජානං සංවරාය” ඒ පස්වැදෑරුම් වූ වෛරයන්ගේ සංවරය පිණිස “සම්පරායිකානං වජ්ජානං” ඒ විපාකදුඃඛයන්ගේම විපාකදුඃඛයෝම මෙහි වර්‍ජනය කළයුතු බැවින් වජ්ජයි කියනලදහ. “දිට්ඨධම්මිකානං භයානං” ගර්‍හා-උපවාද තර්‍ජනීයාදිකර්‍ම උපොසථ පවාරණයන්ගේ තැබීම, අකිත්තිපකාසනීය කර්‍මද යන මොවුහු දෘෂ්ටධාර්මික භය නම. මොවුන්ගේ සංවරය පිණිස. සාම්පරායිකභය වනාහි විපාකදුඃඛයෝය. ඔවුන්ගේ නැසීම පිණිස. “දිට්ඨධම්මිකානං අකුසලානං” පඤ්චවෛරදශ අකුශල කර්‍මපථ ප්‍රභෙදවූ අකුශලයන්ගේ සංවරය පිණිස. විපාකදුඃඛයෝම අක්‍ෂෙමාර්‍ත්‍ථයෙන් පරෙලොවදී වින්දයුතු අකුශලයෝයි කියනු ලැබෙත්. ඔවුන්ගේ නැසීම පිණිස. “ගිහීනං අනුකම්පාය” ගිහින්ගේ ශ්‍රද්ධාව රැකීම් වසයෙන් අනුකම්පනය පිණිස. “පාපිච්ඡානං පක්‍ඛුපච්ඡෙදාය” ලාමක අදහස් ඇති පුද්ගලයන්ගේ ගණබන්‍ධනය බිඳීම පිණිස. ගණභොජන ශික්‍ෂාපදයෙහි පණවන ලද්දේය. හැමතන්හි සෙස්ස ප්‍රකටමය. මෙහි යමක් කියයුතු වන්නේද, ඒ සියල්ල ප්‍රථම පාරාජික වර්‍ණනාවෙහිම කියනලද්දේය.

සික‍්ඛාපදෙසු අත්‍ථවසෙන වණ‍්ණනා නිට‍්ඨිතා.

ශික්‍ෂාපදයන්හි අර්‍ත්‍ථ වශයෙන් වර්‍ණනාව නිමි.

පාතිමොක‍්ඛාදීසු පාතිමොක‍්ඛුද‍්දෙසොති භික‍්ඛූනං පඤ‍්චවිධො භික‍්ඛුනීනං චතුබ‍්බිධො. පරිවාසදානාදීසු ඔසාරණීයං පඤ‍්ඤත‍්තන‍්ති අට‍්ඨාරසසු වා තෙචත‍්තාලීසාය වා වත‍්තෙසු වත‍්තමානස‍්ස ඔසාරණීයං පඤ‍්ඤත‍්තං. යෙන කම‍්මෙන ඔසාරීයති, තං කම‍්මං පඤ‍්ඤත‍්තන‍්ති අත්‍ථො. නිස‍්සාරණීයං පඤ‍්ඤත‍්තන‍්ති භණ‍්ඩනකාරකාදයො යෙන කම‍්මෙන නිස‍්සාරීයන‍්ති, තං කම‍්මං පඤ‍්ඤත‍්තන‍්ති අත්‍ථො.

ප්‍රාතිමොක්‍ෂාදීන් අතුරෙහි “පාතිමොක්‍ඛුද්දෙසො” ප්‍රාතිමොක්‍ෂොද්දෙශය භික්‍ෂූන්ට පස්වැදෑරුම්ය. භික්‍ෂුණීන්ට සිවුවැදෑරුම්ය. පරිවාසදානාදීන් අතුරෙහි “ඔසාරණීයං පඤ්ඤත්තං” අටළොස් වැදෑරුම් වූ හෝ තෙසාළිස් වැදෑරුම් වූ හෝ වත්හි පවත්නාවූ මහණහුට ඔසාරණීය කර්‍මය පණවන ලද්දේය. යම් කර්‍මයකින් කැඳවනු ලැබේ, ඒ කර්‍මය පණවන ලදය, යන අර්‍ත්‍ථයි. “නිස්සාරණීයං පඤ්ඤත්තං” භණ්ඩන කාරකාදීහු යම් කර්‍මයකින් බැහැර කරණු ලැබෙත්ද, ඒ කර්‍මය පණවන ලදය, යන අර්‍ත්‍ථයි.

අපඤ‍්ඤත‍්තෙතිආදීසු අපඤ‍්ඤත‍්තෙ පඤ‍්ඤත‍්තන‍්ති සත‍්තාපත‍්තික‍්ඛන්‍ධා කකුසන්‍ධඤ‍්ච සම‍්මාසම‍්බුද‍්ධං කොණාගමනඤ‍්ච කස‍්සපඤ‍්ච සම‍්මාසම‍්බුද‍්ධං ඨපෙත්‍වා අන‍්තරා කෙනචි අපඤ‍්ඤත‍්තෙ සික‍්ඛාපදෙ පඤ‍්ඤත‍්තං නාම. මක‍්කටිවත්‍ථුආදිවිනීතකථා සික‍්ඛාපදෙ පඤ‍්ඤත‍්තෙ අනුපඤ‍්ඤත‍්තං නාම. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙවාති.

“අපඤ්ඤත්තෙ” යනාදි තන්හි “අපඤ්ඤතෙන පඤ්ඤත්තං” යනු සප්තාපත්ති ස්කන්‍ධයෝ කකුසඳ සම්මාසම්බුදුහු කොනාගමන සම්මා සම්බුදුහු කසුප් සම්මාසම්බුදුහු හැර මේ කල්පයෙහි මුලපටන් අප භාග්‍යවතුන් වහන්සේගේ සම්‍යක්සම්බොධි තෙක් අතර කාලයෙහි කිසිවකු විසින් ශික්‍ෂාපද නොපණවනලද කල්හි පණවන ලද්දේ නම. මක්කටීවත්‍ථු ආදී විනීතකථාවෝ ශික්‍ෂාපද පණවනලද කල්හි අනුප්‍රඥප්ති ශික්‍ෂාපදය හැමතන්හි. සෙස්ස ප්‍රකටමය.

ආනිසංසවග‍්ගවණ‍්ණනා නිට‍්ඨිතා.

ආනිසංස වර්‍ණනාව නිමි.

ඉදානි සබ‍්බසික‍්ඛාපදානං එකෙකෙන ආකාරෙන නවධා සඞ‍්ගහං දස‍්සෙතුං “නව සඞ‍්ගහා”තිආදිමාහ. තත්‍ථ වත්‍ථුසඞ‍්ගහොති වත්‍ථුනා සඞ‍්ගහො. එවං සෙසෙසුපි පදත්‍ථො වෙදිතබ‍්බො. අයං පනෙත්‍ථ අත්‍ථයොජනා – යස‍්මා හි එකසික‍්ඛාපදම‍්පි අවත්‍ථුස‍්මිං පඤ‍්ඤත‍්තං නත්‍ථි, තස‍්මා සබ‍්බානි වත්‍ථුනා සඞ‍්ගහිතානීති එවං තාව වත්‍ථුසඞ‍්ගහො වෙදිතබ‍්බො.

දැන් සියලු ශික්‍ෂාපදයන්ගේ එක් එක් අයුරෙන් නවාකාරයකින් සඞ්ග්‍රහය දක්වන්නට “නව සඞ්ගහා” යනාදිය කීහ. එහි “වත්‍ථුසඞ්ගාහො” යනු වස්තුව හා සඞ්ග්‍රහය. සෙසුතැන්හිද පදාර්‍ත්‍ථය මෙසේ දතයුතුය. මේ වනාහි මෙහි අර්‍ත්‍ථයෝජනාය. යම් හෙයකින් එක් ශික්‍ෂාපදයකුදු අවස්තුවෙහි පණවන ලද්දේ නැත්තේද, එහෙයින් සියලු ශික්‍ෂාපදයෝ වස්තුව හා සඞ්ග්‍රහ කරණලදහ’යි මෙසේ වනාහි වස්තුසඞ්ග්‍රහය දතයුතුය.

යස‍්මා පන ද‍්වෙ ආපත‍්තික‍්ඛන්‍ධා සීලවිපත‍්තියා සඞ‍්ගහිතා, පඤ‍්චාපත‍්තික‍්ඛන්‍ධා ආචාරවිපත‍්තියා, ඡ සික‍්ඛාපදානි ආජීවවිපත‍්තියා සඞ‍්ගහිතානි, තස‍්මා සබ‍්බානිපි විපත‍්තියා සඞ‍්ගහිතානීති එවං විපත‍්තිසඞ‍්ගහො වෙදිතබ‍්බො.

යම්හෙයකින් වනාහි පාරාජික-සඞ්ඝාදිසෙස යන ආපත්තිස්කන්‍ධදෙක සීලවිපත්ති යන වචනයෙන් සඞ්ග්‍රහ කරණලදද, සෙසු පඤ්චාපත්ති ස්කන්‍ධය ආචාරවිපත්ති යන වචනයෙන් සඞ්ග්‍රහ කරණ ලදද, ෂඩ් ශික්‍ෂාපද කෙනෙක් ආජීවවිපත්තියා යන වචනයෙන් සඞ්ග්‍රහ කරණලදද, එහෙයින් සියලුම ශික්‍ෂාපදයෝ විපත්තියා යන වචනයෙන් සඞ්ග්‍රහ කරණලදහ’යි මෙසේ විපත්තිසඞ්ග්‍රහය දතයුතුය.

යස‍්මා පන සත‍්තහාපත‍්තීහි මුත‍්තං එකසික‍්ඛාපදම‍්පි නත්‍ථි, තස‍්මා සබ‍්බානි ආපත‍්තියා සඞ‍්ගහිතානීති එවං ආපත‍්තිසඞ‍්ගහො වෙදිතබ‍්බො.

යම්හෙයකින් ඇවැත් සතින් මිදුනු එක් ශික්‍ෂාපදයෙකුදු නැත්තේද, එහෙයින් සියලු ශික්‍ෂාපදයෝ ආපත්තියා යන වචනයෙන් සඞ්ග්‍රහ කරණලදහ’යි මෙසේ ආපත්තිසඞ්ග්‍රහය දතයුතුය.

සබ‍්බානි ච සත‍්තසු නගරෙසු පඤ‍්ඤත‍්තානීති නිදානෙන සඞ‍්ගහිතානීති එවං නිදානසඞ‍්ගහො වෙදිතබ‍්බො.

සියලු ශික්‍ෂාපදයෝ නගර සතෙක්හිදී පණවන ලදහ, එහෙයින් නිදාන යන වචනයෙන් සඞ්ග්‍රහ කරණලදහ’යි මෙසේ නිදානසඞ්ග්‍රහය දතයුතුය.

යස‍්මා පන එකසික‍්ඛාපදම‍්පි අජ‍්ඣාචාරිකපුග‍්ගලෙ අසති පඤ‍්ඤත‍්තං නත්‍ථි, තස‍්මා සබ‍්බානි පුග‍්ගලෙන සඞ‍්ගහිතානීති එවං පුග‍්ගලසඞ‍්ගහො වෙදිතබ‍්බො.

යම්හෙයකින් වනාහි ශික්‍ෂාපද ව්‍යතික්‍රමණය කරන පුද්ගලයකු නැති කල්හි, එක් ශික්‍ෂාපදයෙකුදු පණවන ලද්දේ නැත්තේද, එහෙයින් සියලු ශික්‍ෂාපදයෝ පුග්ගල යන වචනයෙන් සඞ්ග්‍රහ කරණලදහ’යි මෙසේ පුග්ගල සඞ්ග්‍රහය දතයුතුය.

සබ‍්බානි පන පඤ‍්චහි චෙව සත‍්තහි ච ආපත‍්තික‍්ඛන්‍ධෙහි සඞ‍්ගහිතානි, සබ‍්බානි න විනා ඡහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨන‍්තීති සමුට‍්ඨානෙන සඞ‍්ගහිතානි. සබ‍්බානි ච චතූසු අධිකරණෙසු ආපත‍්තාධිකරණෙන සඞ‍්ගහිතානි. සබ‍්බානි සත‍්තහි සමථෙහි සමථං ගච‍්ඡන‍්තීති සමථෙහි සඞ‍්ගහිතානි. එවමෙත්‍ථ ඛන්‍ධසමුට‍්ඨානඅධිකරණසමථසඞ‍්ගහාපි වෙදිතබ‍්බා. සෙසං පුබ‍්බෙ වුත‍්තනයමෙවාති.

යම්හෙයකින් වනාහි ශික්‍ෂාපද ව්‍යතික්‍රමණය කරන පුද්ගලයකු නැතිකල්හි ශික්‍ෂාපදයෙකුදු පණවන ලද්දේ නැත්තේද, එහෙයින් සියලු ශික්‍ෂාපදයෝ පුග්ගල යන වචනයෙන් සඞ්ග්‍රහ කරණලදහ. සියලු ශික්‍ෂාපදයෝ චතුර්විධ අධිකරණයන් අතුරෙහි ආපත්තාධිකරණ යන වචනයෙන් සඞ්ග්‍රහ කරණලදහ. සියලු ශික්‍ෂාපදයෝ සප්තවිධ සමථයෙන් සමථයට යෙත්ය’යි සමථ යන වචනයෙන් සඞ්ග්‍රහ කරණ ලදහ. මෙසේ ඛන්‍ධ - අධිකරණ - සමුට්ඨාන සමථ සඞ්ග්‍රහයෝද දතයුත්තාහ. සෙස්ස පෙර කියූනය ඇත්තේමය.

සමන‍්තපාසාදිකාය විනයසංවණ‍්ණනාය නවසඞ‍්ගහිතවග‍්ගවණ‍්ණනා නිට‍්ඨිතා.

සිංහලසමන්තපාසාදිකාවෙහි නවසඞ්ගහිතවර්‍ග වර්‍ණනාව නිමි

නිට‍්ඨිතා ච පරිවාරස‍්ස අනුත‍්තානත්‍ථපදවණ‍්ණනාති.

පරිවාරයාගේ අනුත්තානාර්‍ත්‍ථ වර්‍ණනාවද නිමි.