210. වාතාතපනිවාරියත්ථෙරාපදානං
210. වාතාතපනිවාරියත්ථෙරාපදානං
210. වාතාතපනිවාරිය ස්ථවිරාවදානය
2313. තිස්සස්ස තු භගවතො දෙවදෙවස්ස තාදිනො, එකච්ඡත්තං මයා දින්නං විප්පසන්නෙන චෙතසා.
2313. දෙවියනට දෙවි වූ තාදී ගුණ ඇති තිස්ස බුදුරජුන්හට පැහැදුනු සිතින් එක් ඡත්රයක් මා විසින් පුදන ලදී.
2314. නිවුතං හොතී මෙ පාපං කුසලස්සු’පසම්පදා, ආකාසෙ ඡත්තං ධාරෙන්ති පුබ්බකම්මස්සිදං ඵලං.
2314. ඒ හේතුවෙන් මාගේ පව් වැළැක්කේ විය. (තමා වෙත) කුශලයන්ගේ පැමිණීම විය. අහසෙහි ඡත්ර දරත්. පූර්ව (ඡත්රදානමය ) කර්මයාගේ මේ විපාකය යි.
2315. චරිමං වත්තතෙ මය්හං භවා සබ්බෙ සමූහතා, ධාරෙමි අන්තිමං දෙහං සම්මාසම්බුද්ධසාසනෙ.
2315. (මා විසින්) සියලු භවයෝ නසන ලදහ. මෙය මාගේ අන්තිම භවයයි. සම්බුදු සසුනෙහි අන්තිම ශරීරය ද දරමි.
2316. ද්වෙනවුතෙ ඉතො කප්පෙ යං ඡත්තමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි ඡත්තදානස්සිදං ඵලං.
2316. මෙයින් දෙයානූවන කපෙහි වූ එකල්හි යම් ඡත්රදානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඡත්රදානයාගේ මේ විපාකය යි.
2317. ද්වෙසත්තතිම්හිතො කප්පෙ අට්ඨාසිංසු ජනාධිපා, මහානිදානනාමෙන රාජානො චක්කවත්තිනො.
2317. මෙයින් දෙසැත්තෑවන කපෙහි ජනාධිපති වූ මහානිදාන නම් අට සක්විති රජකෙනෙක් වූහ.
2318. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
2318. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා වාතාතපනිවාරියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් වාතාතපනිවාරිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
වාතාපනිවාරියත්ථෙරස්ස අපදානං දසමං.
වාතාතපනිවාරිය ස්ථවිරාවදානය දසවැනි යි.
උද්දානං:
උද්දානය:
කණිකාරො මිනෙලඤ්ච කිඞ්කිණී තරණෙන ච නිග්ගුණ්ඩිපුප්ඵි දකදො සලලො ච කුරණ්ඩකො ආධාරකොතපවාරී අට්ඨතාළීස ගාථකා.
කණිකාර මිනෙලි - කිඞ්කිණි සහ තරණ ද තිග්ගුණ්ඩිපුප්ඵි උදකද - සලලකුරණ්ඩක ද ආධාරක ආතපවාරි යයි දස - අටසාළිස් ගයින් බැඳී.
කණිකාරපුප්ඵියවග්ගො එකවීසතිමො.
කණිකාරපුප්ඵියවර්ගය එක්විසිවැනි යි.