යෙදුමෙන් කියවන්න

211. හත්‍ථිදායකත්‍ථෙරාපදානං

සම්පූර්ණ පරිච්ඡේදය

211. හත්‍ථිදායකත්‍ථෙරාපදානං.

211. හත්‍ථිදායක ස්ථවිරාවදානය

2319. සිද‍්ධත්‍ථස‍්ස භගවතො දිපදින්‍දස‍්ස තාදිනො, නාගසෙට‍්ඨො මයා දින‍්නො ඊසාදන‍්තො උරූළ‍්හවා.

2319. තාදී ගුණ ඇති ද්විපදෝත්තම වූ සිද්ධාර්‍ත්‍ථ භාග්‍යවතුන් වහන්සේට රාජවාහනයෝග්‍ය වූ උඩට නැගුනු මහත් දළ ඇති ඇත් රජෙක් මා විසින් පුදන ලදි.

2320. උත‍්තමත්‍ථං අනුභොමි සන‍්තිපදමනුත‍්තරං, අග‍්ගදානං මයා දින‍්නං සබ‍්බලොකහිතෙසිනො.

2320. (ඒ හේතුවෙන්) නිරුත්තර උත්තමාර්‍ත්‍ථය වූ ශාන්තිපදය අනුභව කරමි. සර්‍වලොකහිතෛෂීන් වහන්සේට මා විසින් අග්‍රදානයක් දෙන ලදී.

2321. චතුනවුතෙ ඉතො කප‍්පෙ යං නාගමදදිං තදා, දුග‍්ගතිං නාභිජානාමි නාගදානස‍්සිදං ඵලං.

2321. මෙයින් සිවුඅනූවන කපෙහි වූ එකල්හි යම් හස්තිනාගයකු දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. හස්තිනාගයා දන් දීමෙහි මේ විපාකය යි.

2322. අට‍්ඨසත‍්තතිකප‍්පම‍්භි සොළසා’සිංසු ඛත‍්තියා, සමන‍්තපාසාදිකා නාම චක‍්කවත‍්තී මහබ‍්බලා.

2322. අට සැත්තෑවන කපෙහි මහත් බල ඇති සමන්තපාසාදික නම් සොළොස් සක්විති රජකෙනෙක් වූහ.

2323. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

2323. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා හත්‍ථිදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් හත්‍ථිදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

හත්‍ථිදායකත්‍ථෙරස‍්ස අපදානං පඨමං.

හත්‍ථිදායක ස්ථවිරාවදානය පළමුවැනි යි.

212. පානධිදායකත්‍ථෙරාපදානං

212. පානධිදායක ස්ථවිරාවදානය

2324. ආරඤ‍්ඤකස‍්ස ඉසිනො චිරරත‍්තතපස‍්සිනො, වුද‍්ධස‍්ස භාවිතත‍්තස‍්ස අදාසිං පානධිං අහං.

2324. මම බොහෝ කලක් තපස්කම් කළ වෘද්ධ වූ වඩනාලද සිත් ඇති අරණෙහි වසන ඍෂිවරයකුහට පාවහනක් දුනිමි.

2325. තෙන කම‍්මෙන දිපදින්‍ද ලොකජෙට‍්ඨ නරාසභ, සබ‍්බං යානං අනුභොමි පුබ‍්බකම‍්මස‍්සිදං ඵලං.

2325. ද්විපදෝත්තම වූ ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨයන් වහන්ස, ඒ පුණ්‍යකර්‍ම හේතුවෙන් සියලු යානයන් (ලබා) පරිභෝග කරමි.

2326. චතුනවුතෙ ඉතො කප‍්පෙ යං කම‍්මමකරිං තදා, දුග‍්ගතිං නාභිජානාමි පානධිස‍්ස ඉදං ඵලං.

2326. මෙයින් සිවුඅනූවන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පාවහන් දනෙහි මේ විපාකය යි.

2327. සත‍්තසත‍්තති’තො කප‍්පෙ අට‍්ඨ ආසිංසු ඛත‍්තියා, සුයානා නාම නාමෙන චක‍්කවත‍්තී මහබ‍්බලා.

2327. මෙයින් සත්සැත්තෑවනු කපෙහි මහත් බල ඇති සුයාන නම් වූ අට සක්විති රජකෙනෙක් වූහ.

2328. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

2328. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා පානධිදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් පානධිදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

පානධිදායකත්‍ථෙරස‍්ස අපදානං දුතියං.

පානධිදායක ස්ථවිරාවදානය දෙවැනි යි.

213. සච‍්චසඤ‍්ඤකත්‍ථෙරාපදානං

213. සච්චසඤ්ඤක ස්ථවිරාවදානය

2329. වෙස‍්සභූ තම‍්හි සමයෙ භික‍්ඛුසඞ‍්ඝපුරක‍්ඛතො, දෙසෙති අරියසච‍්චානි නිබ‍්බාපෙන‍්තො මහාජනං.

2329. එසමයෙහි භික්‍ෂුසඞ්ඝයා විසින් පිරිවරණ ලද වෙස්සභූ බුදුරජ තෙම කෙලෙස් ගිනි නිවමින් මහාජනයාට ආර්‍ය්‍යසත්‍යයන් දේශනා කෙරෙයි.

2330. පරමකාරුඤ‍්ඤපත‍්තොම‍්භි සමිතිං අගමාසහං, සොහං නිසින‍්නකො සන‍්තො ධම‍්මස‍්සොසිං සත්‍ථුනො.

2330. එකල්හි මම අතිශය දුකට පත්වූයෙම් වෙමි. (ඒ බුදුරජුන් දහම් දෙසන) සමාගමයට ගියෙමි. එහි හුන් මම බුදුරජුන්ගේ ධර්‍මය ඇසීමි.

2331. තස‍්සාහං ධම‍්මං සුත්‍වාන දෙවලොකමගච‍්ඡහං, තිංසකප‍්පානි දෙවෙසු අවසිං තත්‍ථහං පුරෙ.

2331. මම උන්වහන්සේගේ ධර්‍මය අසා දෙව්ලොවට (උප්පත්ති වශයෙන්) ගියෙමි. මම පෙර දෙව්ලොවෙහි තිස්කපක් විසීමි.

2332. එකතිංසෙ ඉතො කප‍්පෙ යං සඤ‍්ඤමලභිං තදා, දුග‍්ගතිං නාභිජානාමි සච‍්චසඤ‍්ඤායිදං ඵලං.

2332. මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් ධර්‍මසංඥාවක් ලැබූයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. චතුරාර්‍ය්‍යසත්‍ය සංඥාවෙහි මේ විපාකය යි.

2333. ඡබ‍්බීසම‍්හි ඉතො කප‍්පෙ එකො ආසිං ජනාධිපො, එකඵුසිතනාමෙන චක‍්කවත‍්තී මහබ‍්බලො.

2333. මෙයින් සවිසිවැනි කපෙහි ජනාධිපති වූ මහත් බල ඇති ඒකඵුසිත නම් වූ එක් සක්විති රජෙක් වීමි.

2334. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

2334. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා සච‍්චසඤ‍්ඤකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් සච්චසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

සච‍්චසඤ‍්ඤකත්‍ථෙරස‍්ස අපදානං තතියං.

සච්චසඤ්ඤක ස්ථවිරාවදානය තෙවැනි යි.

214. එකසඤ‍්ඤකත්‍ථෙරාපදානං.

214. ඒකසඤ්ඤක ස්ථවිරාවදානය

2335. දුමග‍්ගෙ පංසුකූලිකං ලග‍්ගං දිස‍්වාන සත්‍ථුනො, අඤ‍්ජලිං පග‍්ගහෙත්‍වාන පංසුකූලං අවන්‍දිහං.

2335. ගසක් මුදුනෙහි එල්ලෙන්නා වූ තථාගතයන් වහන්සේගේ පසුල් සිවුර දැක මම ඇඳිලි බැඳ ඒ පසුල් සිවුර වැන්දෙමි.

2336. එකතිංසෙ ඉතො කප‍්පෙ යං සඤ‍්ඤමලභිං තදා, දුග‍්ගතිං නාභිජානාමි බුද‍්ධපූජායිදං ඵලං.

2336. මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් පාංශුකූල චීවර සංඥාවක් ලැබූයෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.

2337. පඤ‍්චවීසෙ ඉතො කප‍්පෙ එකො ආසිං ජනාධිපො, අමිතාභොති නාමෙන චක‍්කවත‍්තී මහබ‍්බලො.

2337. මෙයින් පස්විසිවෙනි කපෙහි ජනාධිපති වූ මහත් බල ඇති අමිතාභ නම් සක්විති රජෙක් වීමි.

2338. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

2338. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා එකසඤ‍්ඤකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඒකසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

එකසඤ‍්ඤකත්‍ථෙරස‍්ස අපදානං චතුත්‍ථං.

ඒකසඤ්ඤක ස්ථවිරාවදානය සිවුවැනි යි.

215. රංසිසඤ‍්ඤකත්‍ථෙරාපදානං.

215. රංසිසඤ්ඤක ස්ථවිරාවදානය

2339. උදෙන‍්තං සතරංසිංව සිතරංසිංව භානුමං, ව්‍යග‍්ඝූසභංව පවරං සුජාතං පබ‍්බතන‍්තරෙ.

2339. උදාවන්නා වූ හිරු මෙන් ද එසේ ම (උදාවී) පැතිරීගිය රැස් ඇති හිරු මෙන් ද, යහපත් ජන්ම ඇති උතුම් ව්‍යාඝ්‍රරාජයකු මෙන් ද කඳු අතුරෙහි (වැඩහුන් බුදුරජුන් දිටිමි.)

2340. බුද‍්ධස‍්ස ආනුභාවො සො ජලතෙ පබ‍්බතන‍්තරෙ, රංසෙ චිත‍්තං පසාදෙත්‍වා කප‍්පං සග‍්ගම‍්හි මොදහං.

2340. කඳු අතුරෙහි ඒ බුද්ධානුභාවය බබලයි. මම බුද්ධරශ්මියෙහි සිත පහදවා කල්පයක් ස්වර්‍ගයෙහි සතුටු වීමි.

2341. අවසෙසෙසු කප‍්පෙසු කුසලං සුකතං මයා, තෙන චිත‍්තප‍්පසාදෙන බුද‍්ධානුස‍්සතියා පි ච.

2341. සෙසු කල්පයන්හි මා විසින් මැනවින් කුසල් කරණ ලදී. ඒ චිත්තප්‍රසාදයෙන් ද බුද්ධානුස්සතිභාවනාවෙන් ද,

2342. තිංසකප‍්පසහස‍්සෙතො යං සඤ‍්ඤමලභිං තදා, දුග‍්ගතිං නාභිජානාමි බුද‍්ධසඤ‍්ඤායිදං ඵලං.

2342. මෙයින් තිස්දහස්වනු කපෙහි එදා යම් සංඥාවක් ලැබූයෙම් ද ඒ හේතුවෙන් දුගතියක් නොම දනිමි. බුද්ධසඤ්ඤාවෙහි මේ විපාකය යි.

2343. සත‍්තපඤ‍්ඤාසකප‍්පම‍්හි එකො ආසිං ජනාධිපො, සුජාතො නාම නාමෙන චක‍්කවත‍්ති මහබ‍්බලො.

2343. සත්පණස්වන කපෙහි ජනාධිපති වූ නමින් සුජාත නම් මහත් බල ඇති සක්විතිරජෙක් වීමි.

2344. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

2344. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා රංසිසඤ‍්ඤකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් රංසිසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

රංසිසඤ‍්ඤකත්‍ථෙරස‍්ස අපදානං පඤ‍්චමං.

රංසිසඤ්ඤක ස්ථවිරාවදානය පස්වැනි යි.

216. සණ‍්ඨිතත්‍ථෙරාපදානං.

216. සණ්ඨිත ස්ථවිරාවදානය

2345. අස‍්සත්‍ථෙ හරිතොභාසෙ සංවිරූළ‍්හම‍්හි පාදපෙ, එකං බුද‍්ධගතං සඤ‍්ඤං අලභිස‍්ස පතිස‍්සතො.

2345. මනාව වැඩුනු ඇසතු බෝරුක්හි හරිද්වර්‍ණ (=කොළපාට) රශ්මියෙහි සිහියෙන් යුතුව හුන්නෙම් එකම (බුද්ධානුස්සති සංඥාව) ලැබීමි.

2346. එකතිංසෙ ඉතො කප‍්පෙ යං සඤ‍්ඤමලභිං තදා, තස‍්සා සඤ‍්ඤාය වාහසා පත‍්තො මෙ ආසවක‍්ඛයො.

2346. මෙයින් එක්තිස්වනු කපෙහි වූ එකල්හි යම් (බුද්ධානුස්සති) සංඥාවක් ලැබූයෙම් ද, ඒ බුද්ධානුස්මෘතිසංඥා බලයෙන් මාගේ ආස්‍රවක්‍ෂය විය. (රහත් වීමි.)

2347. ඉතො තෙරසකප‍්පම‍්හි ධනිට‍්ඨො නාම ඛත‍්තියො, සත‍්තරතනසම‍්පන‍්නො චක‍්කවත‍්තී මහබ‍්බලො.

2347. මෙයින් තෙළෙස්වනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති ධනිට්ඨ නම් ක්‍ෂත්‍රියෙක් වීමි.

2348. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

2348. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

ඉත්‍ථං සුදං ආයස‍්මා සණ‍්ඨිතො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් සණ්ඨිත ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

සණ‍්ඨිතත්‍ථෙරස‍්ස අපදානං ඡට‍්ඨං.

සණ්ඨිත ස්ථවිරාවදානය සවැනි යි.

217. තාලවණ‍්ටදායකත්‍ථෙරාපදානං

217. තාලවණටදායක ස්ථවිරාවදානය

2349. තාලවණ‍්ටං මයා දින‍්නං තිස‍්සස‍්සා’ දිච‍්චබන්‍ධුනො, ගිම‍්හනිබ‍්බාපනත්‍ථාය පරිළාහොපසන‍්තියා.

2349. ග්‍රීෂ්මය නිවීම පිණිස ද දැවීම සන්සිඳෙනු පිණිස ද මා විසින් තිස්ස බුදුරජුන්හට තල්වැටක් (විජිනිපතක්) පුදන ලදී.

2350. සන‍්නිබ‍්බාපෙමි රාගග‍්ගිං දොසග‍්ගිඤ‍්ච තදුත‍්තරිං, නිබ‍්බාපෙමි ච මොහග‍්ගිං තාලවණ‍්ටස‍්සිදං ඵලං.

2350. රාගාග්නිය නිවමි. එයින් අධික වූ ද්වේෂාග්නිය ද නිවමි. එසේ ම මොහාග්නිය ද නිවමි. විජිනිපත් දනෙහි මේ විපාකය යි.

2351. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, ධාරෙමි අන‍්තිමං දෙහං සම‍්මාසම‍්බුද‍්ධසාසනං.

2351. මාගේ කෙලෙස් දවන ලදී. සියලු භවයෝ නසන ලදහ. (දැන්) සම්බුදුසසුනෙහි අන්තිම ශරීරය දරමි.

2352. ද‍්වෙ නවුතෙ ඉතො කප‍්පෙ යං කම‍්මමකරිං තදා, දුග‍්ගතිං නාභිජානාමි බුද‍්ධපූජායිදං ඵලං.

2352. මෙයින් දෙයානූවන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.

2353. තොසට‍්ඨිම‍්හි ඉතො කප‍්පෙ මහානාම සනාමකො, සත‍්තරතනසම‍්පන‍්නො චක‍්කවත‍්තී මහබ‍්බලො.

2353. මෙයින් තෙසැටවනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති මහානාම නම් සක්විති රජෙක් වීමි.

2354. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

2354. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා තාලවණ‍්ටදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් තාලවණ්ටදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

තාලවණ‍්ටදායකත්‍ථෙරස‍්ස අපදානං සත‍්තමං.

තාලවණ්ටදායක ස්ථවිරාවදානය සත්වැනි යි.