218. අක්කන්තසඤ්ඤකත්ථෙරාපදානං
218. අක්කන්තසඤ්ඤකත්ථෙරාපදානං.
218. අක්කන්තසඤ්ඤක ස්ථවිරාවදානය
2355. කුසාටකං ගහෙත්වාන උපජ්ඣායස්ස’හං පුරෙ, මන්තං ච අනුසික්ඛාමි කණ්ඩභෙදස්ස පත්තියා,
2355. මම පෙර උපාධ්‍යායයන්හට දළකඩක් ගෙණ (ගියෙමි.) (එකල මම) හී පහර බිඳී යන සේ (ජල්පනය කරණ) මන්ත්‍රයකුදු ඉගෙණ ගතිමි.
2356. අද්දසං විරජං බුද්ධං ආහුතීනං පටිග්ගහං, උසභං පවරං අග්ගං තිස්සං බුද්ධං ගණුත්තමං.
2356. ලෝකයාගේ පූජාවනට භාජන වූ කෙලෙස් රජස් විරහිත ශ්‍රේෂ්ඨ වූ උතුම් වූ ගණප්‍රධාන වූ තිස්ස නමැති බුදුවරයන් වහන්සේ දිටිමි.
2357. කුසාටක පත්ථරිතං අක්කමන්තං නරුත්තමං, සමුග්ගතං මහාවීරං ලොකජෙට්ඨං නරාසභං.
2357. ලොව පහළ වූ ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ පදවීතිහාරය (සක්මන්) කරන්නා වූ බුදුරජානන් වහන්සේට ඒ වස්ත්‍රය (පියවිළි කොට) අතුරණ ලදී.
2358. දිස්වා තං ලොකපජ්ජොතං විමලං චන්දසන්නිභං, අවන්දිං සත්ථුනො පාදෙ විප්පසන්නෙන චෙතසා.
2358. (ඒ මත වඩනා) ලෝකයට ප්‍රදීපයක් වැනි වූ නිර්මල චන්ද්‍රයා හා සමාන වූ බුදුරජුන් දැක පැහැදි සිතින් ඒ ශාස්තෲන් වහන්සේගේ පා වැන්දෙමි.
2359. චතුනවුතෙ ඉතො කප්පෙ යං අදාසිං කුසාටකං, දුග්ගතිං නාභිජානාමි කුසාටකස්සිදං ඵලං.
2359. මෙයින් සිවුඅනූවන කපෙහි යම් මහලු පිළියක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මහලු පිළියක් දීමෙහි මේ විපාකය යි.
2360. සත්තතිංසෙ ඉතො කප්පෙ එකො ආසිං ජනාධිපො, සුනන්දො නාම නාමෙන චක්කවත්තී මහබ්බලො.
2360. මෙයින් සත්තිස්වනු කපෙහි ජනාධිපති වූ මහත් බල ඇති සුනන්ද නම් සක්විති රජෙක් වීමි.
2361. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
2361. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා අක්කන්තසඤ්ඤකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අක්කන්තසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
අක්කන්තසඤ්ඤකත්ථෙරස්ස අපදානං අට්ඨමං.
අක්කන්තසඤ්ඤක ස්ථවිරාවදානය අටවැනි යි.