219. සප්පිදායකත්ථෙරාපදානං
219. සප්පිදායකත්ථෙරාපදානං.
219. සප්පිදායක ස්ථවිරාවදානය
2362. නිසින්නො පාසාදවරෙ නාරීගණපුරක්ඛතො, ව්යාධිතං සමණං දිස්වා අභිනාමෙසහං ඝරං.
2362-2363. මම ස්ත්‍රීසමූහයා විසින් පිරිවරණ ලදුයෙම් උතුම් ප්‍රාසාදයෙහි හුන්නෙම් රෝගී මහණකු දැක ස්වකීය ගෘහයට පමුණුවා ගතිමි. මහාවීර වූ දෙවියනට දෙවි වූ නරශ්‍රේෂ්ඨ වූ වැඩහුන්නා වූ ඒ සිද්ධාර්ත්ථ බුදුරජුන්හට මා විසින් ගිතෙල් දෙන ලදී.
2363. උපවිට්ඨං මහාවීරං දෙවදෙවං නරාසභං, සප්පිතෙලං මයා දින්නං සිද්ධත්ථස්ස මහෙසිනො.
2364. පස්සද්ධදරථං දිස්වා විප්පසන්නමුඛින්ද්රියං, වන්දිත්වා සත්ථුනො පාදෙ අනුසංසාවයිං පුරෙ.
2364. පැහැදි මුහුණු හා ඉඳුරන් ඇති සංසිඳුනු කාය - චිත්ත දරථ ඇති උන්වහන්සේ දැක ඒ ශාස්තෲන් වහන්සේගේ පා වැඳ ඉදිරියෙහි සිටගෙණ ප්‍රශංසා කෙළෙමි.
2365. දිස්වා මං සුප්පසන්නත්තං ඉද්ධියා පාරමිඞ්ගතො, නභං අබ්භුග්ගමී ධීරො හංසරාජාව අම්බරෙ.
2365. අතිශයින් පහන් බැව් ඇති ඍද්ධියෙහි කෙළපැමිණි ප්‍රාඥ වූ ඒ සර්වඥතෙම අහසෙහි (යන) හස් රජකු මෙන් අහසට නැංගේය.
2366. චතුන තෙ ඉතො කප්පෙ යං දානමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි සප්පිතෙලස්සිදං ඵලං.
2366. මෙයින් සිවුඅනූවන කපෙහි වූ එකල්හි යම් (ගිතෙල්) දනක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ගිතෙල් දනෙහි මේ විපාකය යි.
2367. ඉතො සත්තරසෙ කප්පෙ ජුතිදෙව සනාමකො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
2367. මෙයින් සත්ළොස්වනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති ජුතිදේව නම් සක්විති රජෙක් වීමි.
2368. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
2368. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා සප්පිදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සප්පිදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
සප්පිදායකත්ථෙරස්ස අපදානං නවමං.
සප්පිදායක ස්ථවිරාවදානය නවවැනි යි.