යෙදුමෙන් කියවන්න

220. පාපනිවාරියත්‍ථෙරාපදානං

220. පාපනිවාරියත්‍ථෙරාපදානං.

220. පාපනිවාරිය ස්ථවිරාවදානය

2369. පියදස‍්සිස‍්ස භගවතො චඞ‍්කමං සොධිතං මයා, නළකෙහි පටිච‍්ඡන‍්නං වාතාතපනිවාරණං.

2369. බටපඳුරින් වැසීගිය අව්සුලං වළහන සක්මනක් මා විසින් පියදස්සී බුදුරජුන් සඳහා පිරිසිදු කරණ ලදී.

2370. පාපං විවජ‍්ජනත්‍ථාය කුසලස‍්සුපසම‍්පදා, කිලෙසානං පහානාය පදහිං සත්‍ථුසාසනෙ.

2370. පව් වළහනු පිණිස ද කුසල් රැස් කිරීම පිණිස ද කෙලෙස් දුරුකිරීම පිණිස ද බුදුසසුනෙහි වීර්‍ය්‍ය වැඩීමි.

2371. ඉතො එකාදසෙ කප‍්පෙ යං අග‍්ගිදෙවොති විස‍්සුතො, සත‍්තරතනසම‍්පන‍්නො චක‍්කවත‍්තී මහබ‍්බලො.

2371. මෙයින් එකොළොස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති අග්ගිදේව යයි ප්‍රසිද්ධ සක්විති රජෙක් වීමි.

2372. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

2372. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා පාපනිවාරියො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් පාපනිවාරිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.

පාපනිවාරියත්‍ථෙරස‍්ස අපදානං දසමං.

පාපනිවාරිය ස්ථවිරාවදානය දසවැනි යි.

උද‍්දානං:

උද්දානය:

හත්‍ථි පානධි සච‍්චඤ‍්ච එකසඤ‍්ඤී ච රංසියො සණ‍්ඨිතො තාලවණ‍්ටී ච තථා අක‍්කන‍්තසඤ‍්ඤකො සප‍්පි පාපනිචාරී ච චතුපඤ‍්ඤාස ගාථකාති.

හත්‍ථි පානධි සච්ච - ඒකසඤ්ඤිය රංසිය සණ්ඨිතය තාලවණටිය - අක්කන්ත සඤ්ඤක ද සප්පි පාපනිවාරිය දැයි - සිවුපණස් ගයින් බැඳියේ.

හත්‍ථිවග‍්ගො බාවීසතිමො.

හස්තිවර්‍ගය දෙ විසි වැනි යි.