221. ආලම්බනදායකත්ථෙරාපදානං
221. ආලම්බනදායකත්ථෙරාපදානං.
221. ආලම්බනදායක ස්ථවිරාවදානය
2373. අත්ථදස්සිස්ස භගවතො ලොකජෙට්ඨස්ස තාදිනො, ආලම්බනං මයා දින්නං දිපදින්දස්ස තාදිනො.
2373. (අටලෝ දහම්හි කම්පා නො වන බැවින්) තාදී ගුණ ඇති, ලෝකජ්‍යේෂ්ඨ වූ ද්විපදෝත්තම වූ අත්ථදස්සී බුදුරජුන්හට මා විසින් ආලම්බනඵලකයක් (වැතිරෙන පුවරුවක්) පුදන ලදි.
2374. ධරණිං පටිපජ්ජාමි විපුලං සාගරප්පරං, පාණෙසු ච ඉස්සරියං වත්තෙමි වසුධාය ච.
2374. සයුර කෙළවර කොට ඇති මහත් වූ පෘථිවිය රජයෙමි. ධනය කෙරෙහි ද ප්‍රාණීන් කෙරෙහි ද ආධිපත්‍යය පවත්වමි.
2375. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
2375. මා විසින් කෙලෙස්හු දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ත්‍රිවිද්‍යාවෝ පැමිණෙන ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
2376. ඉතො ද්වෙසට්ඨිකප්පම්භි තයො ආසිංසු ඛත්තියා, එකාපස්සිත නාමා තෙ චක්කවත්තී මහබ්බලා.
2376. මෙයින් දෙසැටවනු කපෙහි මහත් බල ඇති ඒකාපස්සිත නම් ඒ තුන් සක්විති රජකෙනෙක් වූහ.
2377. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
2377. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
ඉත්ථං සුදං ආයස්මා ආලම්බනදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ආලම්බනදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ආලම්බනදායකත්ථෙරස්ස අපදානං පඨමං.
ආලම්බදායක ස්ථවිරාවදානය පළමුවැනි යි.
222. අජිනදායකත්ථෙරාපදානං.
222. අජිනදායක ස්ථවිරාවදානය
2378. එකතිංසෙ ඉතො කප්පෙ ගණසත්ථා අහොසහං, අද්දසං විරජං බුද්ධං ආහුතීනං පටිග්ගහං.
2378. මෙයින් එක්තිස්වන කපෙහි මම ගණාචාර්ය වූයෙම් වෙමි. කෙලෙස් රජස් විරහිත ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ සිඛී බුදුරජුන් දිටිමි.
2379. චම්මඛණ්ඩං මයා දින්නං සිඛිනො ලොකබන්ධුනො, තෙන කම්මෙන දිපදින්දෙ ලොකජෙට්ඨෙ නරාසභෙ.
2379. ලෝකබන්‍ධු වූ සිඛී බුදුරජුන්හට මා විසින් සම්කඩක් දෙන ලදී. ද්විපදෝත්තම වූ ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨයන් වහන්සේ කෙරෙහි කළ ඒ කර්මය කරණ කොට ගෙණ-
2380. සම්පත්තිං අනුභොත්වාන කිලෙසෙ ඣාපයිං අහං, ධාරෙමි අන්තිමං දෙහං සම්මාසම්බුද්ධසාසනෙ.
2380. මම සම්පත් අනුභව කොට කෙලෙස් ද දැවීමි. සම්බුදු සසුනෙහි (මේ) අන්තිම ශරීරය ද දරමි.
2381. එකතිංසෙ ඉතො කප්පෙ අජිනං යමදාස’හං, දුග්ගතිං නාභිජානාමි අජිනස්ස ඉදං ඵලං.
2381. මම මෙයින් එක්තිස්වනු කපෙහි යම් අඳුන් දිවිසමක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. අඳුන් දිවිසම් දනෙහි මේ විපාක යි.
2382. ඉතො පඤ්චමකෙ කප්පෙ රාජා ආසිං සුදායකො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
2382. මෙයින් පස්වනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සුදායක නම් සක්විති රජෙක් වීමි.
2383. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
2383. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
ඉත්ථං සුදං ආයස්මා අජිනදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අජිනදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
අජිනදායකත්ථෙරස්ස අපදානං දුතියං.
අජිනදායක ස්ථවිරාවදානය දෙවැනි යි.