321. උම්මාපුප්ඵියත්ථෙරාපදානං
321. උම්මාපුප්ඵියත්ථෙරාපදානං
321. උම්මා පුප්ඵීය ස්ථවිරාවදානය
2825. සමාහිතං සමාපන්නං සිද්ධත්ථමපරාජිතං, සමාධිනා උපවිට්ඨං අද්දසාහං නරුත්තමං.
2825. අරමුණෙහි පිහිටු වූ සිතැති සමවතට සමවන් පස්මරුන්ගෙන් නො පැරදුනු සමාධියෙන් හුන් සිදුහත් බුදුරජුන් දිටිමි.
2826. උම්මාපුප්ඵං ගහෙත්වාන බුද්ධස්ස අභිරොපයිං, සබ්බෙ පුප්ඵා එකසීසා උද්ධවණ්ටා අධොමුඛා.
2826. (දැක) දියබෙරලිය මල් ගෙණ බුදුරජුන් පිදීම. හැම මල් සමසිස් උඩුහුරු නටු ඇති ව යටිමිණි ව සිටියේ ය.
2827. සුචිත්තා විය තිට්ඨන්තෙ ආකාසෙ පුප්ඵසන්ථරෙ, තෙන චිත්තප්පසාදෙන තුසිතං උපපජ්ජහං.
2827. ඉතා විසිතුරුව අහසෙහි මල් ඇතිරියක් මෙන් සිටි කල්හි (ඒ පිළිබඳව ඇති වූ) එම චිත්තප්‍රසාදය හේතු කොට ගෙණ මෙම තුසිත දෙව් ලොව උපනිමි.
2828. චතුනවුතෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිපූජයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
2828. මෙයින් සිවුඅනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
2829. පඤ්චපඤ්ඤාසිතො කප්පෙ එකො ආසිං මහීපති, සමන්තච්ඡදනො නාම චක්කවත්තී මහබ්බලො.
2829. මෙයින් පස්පණස්වන කපෙහි පෘථිවීශ්වර වූ මහත් බල ඇති සමන්නච්ඡදන නම් සක්විති රජෙක් වීමි.
2830. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
2830. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
ඉත්ථං සුදං ආයස්මා උම්මාපුප්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මෙ අයුරින් ආයුෂ්මත් උම්මාපූප්ඵීය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
උම්මාපුප්ඵියත්ථෙරස්ස අපදානං පඨමං.
උම්මාපුප්ඵීයස්ථවිරාවදානය පළමුවැනි යි.
322. පුලිනපුජකත්ථෙරාපදානං.
322. පුලිනපූජක ස්ථවිරාවදානය
2831. කකුධං විපසන්තංව නිසභාජානියං යථා, ඔසධිංව විරොචන්තං ඔභාසන්තං නාරාසභං.
2831. බබලන කුඹුක් ගසක් වැනි වූ ද, ශ්‍රේෂ්ඨ ආජානීයයකු බඳු වූ ද, ඕසධී තාරකාව මෙන් දිලියෙන ප්‍රභාශ්වර වූ නරශ්‍රේෂ්ඨ බුදුරජුන් දිටිමි.
2832. අඤ්ජලිං පග්ගහෙත්වාන අවන්දිං සත්ථුනො අහං, සත්ථාරං පරිවණ්ණෙසිං සකකම්මෙන තොසිතො.
2832-2833. (දැක) මම ඇඳිලි බැඳ ශාස්තෲන් වහන්සේ වැන්දෙමි. බුදුරජුන් පැසසීමි. සිය පින්කමින් තුටු වූයෙම් පිරිසිදු වැලි ගෙණ ඔඩොක්කුවෙහි ලා ගෙණ ගොස් විපස්සී බුදුරජුන් වැඩි මගෙහි දැමීමි.
2833. සුසුද්ධං පුලිනං ගය්හ ගතමග්ගෙ සමොකිරිං, උච්ඡඞ්ගෙන ගහෙත්වාන විපස්සිස්ස මහෙසිනො.
2834. තතො උපඩ්ඪපුලිනං විප්පසන්නෙන චෙතසා, දිවාවිහාරෙ ඔසිඤ්චිං දිපදින්දස්ස තාදිනො.
28334. ඉක්බිති වෙසෙසින් පහන් වූ සිතින් ඉන් අඩක් වැලි බුදුරජුන් දහවල් වසන තන්හි තාදීගුණ ඇති තථාගතයන්හට පූජාවක් ලෙස විසුළෙමි.
2835. එකනවුතෙ ඉතො කප්පෙ පුලිනං යමසිඤ්චහං, දුග්ගතිං නාභිජානාමි පුලිනස්ස ඉදං ඵලං.
2835. මෙයින් එක්අනූවන කපෙහි මම යම් වැලි ඉසීමක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. වැලි ඉසීමෙහි මේ විපාක යි.
2836. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
2836. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
ඉත්ථං සුදං ආයස්මා පුලිනපූජකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පුලිනපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
පුලිනපූජකත්ථෙරස්ස අපදානං දුතියං.
පුලිනපූජකස්ථවිරාවදානය දෙවැනි යි.
323. හාසජනකත්ථෙරාපදානං.
323. හාසජනක ස්ථවිරාවදානය
2837. දුමග්ගෙ පංසුකූලකං ලග්ගං දිස්වාන සත්ථුනො, අඤ්ජලිම්පග්ගහෙත්වාන භිය්යො උච්චරිතං මයා.
2837. ශාස්තෲන් වහන්සේගේ පසුල් සිවුර ගස්මුදුනක එල්බෙනු දැක මා විසින් ඇඳිලි බැඳ (එය) වඩාත් ඔසවන ලදී.
2838. දූරතො පතිදිස්වාන හාසො මෙ උදපජ්ජථ, අඤ්ජලිම්පග්ගහෙත්වාන භිය්යො චිත්තං පසාදයිං.
2838. ආපසු හැරී නැවත එය දැක්මෙන් මට සතුට පහළ විය. (ඉක්බිති) මුදුනෙහි ඇඳිලි බැඳ වඩාත් සිත පැහැද වීමි.
2839. එකනවුතෙ ඉතො කප්පෙ යං සඤ්ඤමලභිං තදා, දුග්ගතිං නාභිජානාමි බුද්ධසඤ්ඤායිදං ඵලං.
2839. මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි (බුදුරජුන්ගේ පසුල් සිවුර පිළිබඳ) යම් පහන් හැඟීමක් ලැබූයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධචීවරය පිළිබඳ පහන් හැඟීමෙහි මේ විපාක යි.
2840. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
2840. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
ඉත්ථං සුදං ආයස්මා හාසජනකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් හාසජනක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
හාසජනකත්ථෙරස්ස අපදානං තතියං.
හාසජනකස්ථවිරාවදානය තෙවැනි යි.