යෙදුමෙන් කියවන්න

420. මඤ‍්චදායකත්‍ථෙරාපදානං

420. මඤ‍්චදායකත්‍ථෙරාපදානං

420. මඤ්චදායක ස්ථවිරාවදානය

4449. පරිනිබ‍්බුතෙ කාරුණිකෙ සිද‍්ධත්‍ථෙ ලොකනායකෙ, විත්‍ථාරිතෙ පාවචනෙ දෙවමානුසසක‍්කතෙ.

4449. කාරුණික වූ සිද්ධාර්‍ත්‍ථ බුදුරජුන් පිරිනිවි කල්හි දෙවිමිනිසුන් විසින් සත්කාර කරණ ලද (උන්වහන්සේගේ) සසුන පැතිරී යන කල්හි,

4450. චණ‍්ඩාලො ආසහං තත්‍ථ ආසන්‍දිපීඨකාරකො, තෙන කම‍්මෙන ජීවාමි තෙන පොසෙමි දාරකෙ.

4450. මම එහි දික්සඟලාපුටු තනන්නා වූ සැඩොලෙක් වීමි. එම කර්‍මාන්තයෙන් ජීවත් වෙමි. එයින් අඹුදරු පෝෂණය කරමි.

4451. ආසන්‍දිං සුකතං කත්‍වා පසන‍්නො සෙහි පාණිහි, සයමෙවුපගන‍්ත්‍වාන භික‍්ඛුසඞ‍්ඝස‍්ස’දාසහං.

4451. මම පහන් වූයෙම් සියතින් ම දික්හඟලා පුටුවක් මැනවින් කොට තමන් ම ගොස් භික්‍ෂුසඞ්ඝයාට දිනිමි.

4452. තෙන කම‍්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච, ජහිත්‍වා මානුසං දෙහං තාවතිංසමගච‍්ඡහං.

4452. මැනවින් කරණ ලද කර්‍මය ද චිත්තප්‍රණිධීන් ද කරණකොට ගෙණ මම මිනිස්සිරුර හැර තව්තිසා දෙව්ලොවට උත්පත්ති වශයෙන් ගියෙමි.

4453. දෙවලොකගතො සන‍්තො මොදාමි තිදසඞ‍්ගණෙ, සයනානි මහග‍්ඝානි නිබ‍්බත‍්තන‍්ති යදිච‍්ඡකං.

4453. දෙව්ලොව ගියෙම් තිදස්දෙව්ගණයෙහි සතුටු වෙමි. රිසි සේ මාහැඟි සයනයෝ නිපැයෙත්.

4454. පඤ‍්ඤාසක‍්ඛත‍්තුං දෙවින්‍දො දෙවරජ‍්ජමකාරයිං, අසීතික‍්ඛත‍්තුං රාජා ච චක‍්කවත‍්තී අහොසහං.

4454. පණස් වරක් දේවේන්‍ද්‍ර වූයෙම් දිව්‍ය රාජ්‍යය කරවීමි. අසූවරක් සක්විති රජ වීමි.

4455. පදෙසරජ‍්ජං විපුලං ගණනාතො අසඞ‍්ඛියං, සුඛිතො යසවා හොමි මඤ‍්චදානිස‍්සිදං ඵලං.

4455. (ලබන ලද) මහත් වූ ප්‍රදේශරාජ්‍යය ගණනින් ගිණිය නො හෙයි. සුඛිත වූයෙම් යශස් ඇත්තෙම් ද වෙමි. මඤ්චදානයාගේ මේ විපාක යි.

4456. දෙවලොකා චවිත්‍වාන එමි චෙ මානුසං භවං, මහාරහා සුසයනා සයමෙව භවන‍්ති මෙ.

4456. ඉදින් දෙව්ලොවින් ච්‍යුතව මිනිස් ලොවට එම් නම් මට මාහැඟි සයනයෝ තුමූ ම පහළ වෙත්.

4457. අයං පච‍්ඡිමකො මය‍්හං චරිමො වත‍්තතෙ භවො, අජ‍්ජාපි සයනෙ කාලෙ සයනං උපතිට‍්ඨති.

4457. මේ මාගේ පශ්චිම වූ අන්තිම භවය පවතී. අදත් හෝනා කල්හි සයනයක් එළඹ සිටී.

4458. චතුනවුතෙ ඉතො කප‍්පෙ යං දානමදදිං තදා, දුග‍්ගතිං නාභිජානාමි මඤ‍්චදානස‍්සිදං ඵලං.

4458. එකල්හි මෙයින් සිවු අනූවන කපෙහි යම් දනක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මඤ්චදානයාගේ මේ විපාක යි.

4459. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, නාගො’ව බන්‍ධනං ඡෙත්‍වා විහරාමි අනාසවො.

4459. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.

4460. ස‍්වාගතං වත මෙ ආසි බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං.

4460. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

4461. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

4461. සිවුපිළිසැඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

ඉත්‍ථං සුදං ආයස‍්මා මඤ‍්චදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙසෙයින් ආයුෂ්මත් මඤ්චදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි

මඤ‍්චදායකත්‍ථෙරස‍්ස අපදානං දසමං.

මඤ්චදායක ස්ථවිරාවදානය දසවැනියි.

උද‍්දානං:

උද්දානය:

භද‍්දාලී එකඡත‍්තො ච තිණසූලො ච මංසදො, නාගපල‍්ලවිකො දීපී උච‍්ඡඞ‍්ගී යාගුදායකො. පත්‍ථොදනී මඤ‍්චදදො ගාථායො ගණිතා චිහ, ද‍්වෙසතානි ච ගාථානං ගාථා චෙකා තදුත‍්තරිං.

භද්දාලි ඒකඡත්ත තිණසූල ද මංස ද නාගපල්ලවික දීපී උච්ඡඞ්ගී යාගුදායක පත්‍ථොදනී මඤ්චදද දසවත් ය මෙහි දැක් වූ දෙසිය එක් ගයකින් එය ගිණූයේ.

භද‍්දාලිවග‍්ගො ද‍්වාචත‍්තාළිසතිමො.

භද්දාලිවර්‍ගය දෙසාළිස් වැනි යි.