යෙදුමෙන් කියවන්න

419. පත්‍ථොදනදායකත්‍ථෙපාපදානං

419. පත්‍ථොදනදායකත්‍ථෙපාපදානං

419. පත්‍ථොදනදායක ස්ථවිරාවදානය

4435. වනචාරී පුරෙ ආසිං සතතං වනකම‍්මිකො, පත්‍ථොදනං ගහෙත්‍වාන කම‍්මන‍්තං ආගමාසහං.

4435. පෙර මම නිතර වනකම් කරණ වනයෙහි හැසිරෙන්නෙක් වීමි. (සහල්) පතක බතක් ගෙන කර්‍මාන්තයට ගියෙමි.

4436. තත්‍ථද‍්දසාසිං සම‍්බුද‍්ධං සයම‍්භූං අපරාජිතං, වනා පිණ‍්ඩාය නික‍්ඛන‍්තං දිස‍්වා චිත‍්තං පසාදයිං.

4436. එහි දී සියල්ල තෙමේ ම අවබෝධ කළා වූ පස්මරුන් දිනූ සම්බුදු රජුන් දිටිමි. වනයෙන් පිඬු පිණිස නික්මෙන්නා වූ (උන්වහන්සේ) දැක සිත පැහැදැවීමි.

4437. පරකම‍්මායනෙ යුත‍්තො පුඤ‍්ඤඤ‍්ච මෙ න විජ‍්ජති, අයං පත්‍ථොදනො අත්‍ථි භොජයිස‍්සාමිමං මුනිං.

4437. අනුන්ගේ බැළමෙහෙ කිරීමෙහි යෙදුනා වූ මට පිනක් ද නැත. මේ බත්පතක් ඇත. මෙය මම බුදුරජුන් වළඳවන්නෙමි.

4438. පත්‍ථොදනං ගහෙත්‍වාන සයම‍්භුස‍්ස අදාසහං, මම නිජ‍්ඣායමානස‍්ස පරිභුඤ‍්ජි තදා මුනි.

4438. එකල්හි මම බත්පත ගෙණ බුදුරජුන්හට දුනිමි. මා සිතමින් බලා සිටියදී ම තථාගතයන් වහන්සේ වැළඳු සේක.

4439. තෙන කම‍්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච, ජහිත්‍වා මානුසං දෙහං තාවතිංසං අගච‍්ඡහං.

4439. මම මැනවින් කරණ ලද එම කර්‍මය හා චිත්තප්‍රණිධීන් කරණ කොට ගෙණ මිනිස්සිරුර හැර තව්තිසා දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.

4440. ඡත‍්තිංසක‍්ඛත‍්තුං දෙවින්‍දො දෙවෙරජ‍්ජමකාරයිං, තෙත‍්තිංසක‍්ඛත‍්තුං රාජා ච චක‍්කවත‍්තී අහොසහං.

4440. සතිස්වරක් ශක්‍රදේවේන්‍ද්‍ර වූයෙම් දිව්‍යරාජ්‍යය කරවීමි. තෙතිස් වරක් සක්විති රජ වීමි.

4441. පදෙසරජ‍්ජං විපුලං ගණනාතො අසඞ‍්ඛියං, සුඛිතො යසවා හොමි පත්‍ථොදනස‍්සිදං ඵලං.

4441. (ලබන ලද) මහත් වූ ප්‍රදේශ රාජ්‍යය ගණනින් ගිණිය නො හෙයි. සුව ඇත්තෙම් යශස් ඇත්තෙම් ද වෙමි. පතක් පමණ බත් දන් දීමෙහි මේ විපාක යි.

4442. භවාභවෙ සංසරන‍්තො ලභාමි අමිතං ධනං, භොගෙ මෙ ඌනතා නත්‍ථි පත්‍ථොදනස‍්සිදං ඵලං.

4442. කුදුමහත් භවයෙහි සැරිසරමින් අපමණ ධනය ලබමි. මාගේ භෝගසම්පත්තියෙහි අඩුබවෙක් නැත. බත්පතක් දීමෙහි මේ විපාක යි.

4443. නදීසොතපටිභාගා භොගා නිබ‍්බත‍්තරෙ මම, පරිමෙතුං න සක‍්කොමි පත්‍ථොදනස‍්සිදං ඵලං.

4443. මට ගඟදියදහර මෙන් භෝගසම්පත්තීහු නිපැදෙත්. පමණ කළ නො හැක්කෙමි. බත්පතක් දීමෙහි මේ විපාක යි.

4444. ඉමං ඛාද ඉමං භුඤ‍්ජ ඉමම‍්හි සයනෙ සය, තෙනාහං සුඛිතො හොමි පත්‍ථොදනස‍්සිදං ඵලං.

4444. ‘මෙය කව, මෙය වළඳව, මේ යහන්හි හොව’ යි ඒ පැවරීමෙන් මම සුඛිත වෙමි. බත්පතක් දීමෙහි මේ විපාක යි.

4445. චතුනවුතෙ ඉතො කප‍්පෙ යං දානමදදිං තදා, දුග‍්ගතිං නාභිජානාමි පත්‍ථොදනස‍්සිදං ඵලං.

4445. එකල්හි මෙයින් සිවුඅනූවන කප්හි යම් දනක් දුනිම් ද එයින් දුගතියක් නො දනිමි. බත්පතක් දීමෙහි මේ විපාක යි.

4446. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, නාගො’ව බන්‍ධනං ඡෙත්‍වා විහරාමි අනාසවො.

4446. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.

4447. ස‍්වාගතං වත මෙ ආසි බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං.

4447. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

4448. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

4448. සිවුපිළිසැඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

ඉත්‍ථං සුදං ආයස‍්මා පත්‍ථොදනදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාතී.

මෙසෙයින් ආයුෂ්මත් පත්‍ථොදනදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේකි.

පත්‍ථොදනදායකත්‍ථෙරස‍්ස අපදානං නවමං.

පත්‍ථොදනදායක ස්ථවිරාවදානය නවවැනි යි.