යෙදුමෙන් කියවන්න

421. සකිංසම‍්මජ‍්ජකත්‍ථෙරාපදානං

421. සකිංසම‍්මජ‍්ජකත්‍ථෙරාපදානං.

421. සකිංසම්මජ්ජක ස්ථවිරාවදානය

4462. විපස‍්සිනො භගවතො පාටලිං බොධිමුත‍්තමං, දිස‍්වාව තං පාදපග‍්ගං තත්‍ථ චිත‍්තං පසාදයිං.

4462. විපස්සී බුදුරජුන්ගේ උතුම් වූ පාටලී (=පළොල්) බෝධි වෘක්‍ෂරාජයා දැක එහි සිත පැහැද වීමි.

4463. සම‍්මජ‍්ජනිං ගහෙත්‍වාන බොධිං සම‍්මජ‍්ජි තාවදෙ, සම‍්මජ‍්ජිත්‍වාන තං බොධිං අවන්‍දිං පාටලිං අහං.

4463. එකෙණෙහි මම මුස්න ගෙණ බෝ (මළුව) හැමැද්දෙමි. හැමැද ඒ පාටලී බෝධියට වැන්දෙමි.

4464. තත්‍ථ චිත‍්තං පසාදෙත්‍වා සිරෙ කත්‍වාන අඤ‍්ජලිං, නමස‍්සමානො තං බොධිං ගච‍්ඡිං පටිකූටී අහං.

4464. මම එහි සිත පහදවා හිසෙහි ඇඳිලි බැඳ ඒ බෝධියට (ගෞරවයෙන්) නැමුනෙම් (ඉවත්ව) ගියෙමි.

4465. චාරිමග‍්ගෙන ගච‍්ඡාමි සරන‍්තො බොධිමුත‍්තමං, අජගරො මං පීළෙසි ඝොරරූපො මහාබලො.

4465. (මම) උතුම් බෝධිය සිහිකෙරෙමින් අඩිපාරකින් යමි. (එහි දී) මහත් බල ඇති ඝෝර රූප වූ පිඹුරෙක් මා පෙළී ය.

4466. ආසන‍්නෙ මෙ කතං කම‍්මං ඵලෙන තොසයී මමං, කළෙබරං මෙ ගිලති දෙවලොකෙ රමාමහං

4466. මරණාසන්නයෙහි මා විසින් කරණ ලද (බෝධිපූජා) කර්‍මය විපාකයෙන් මා සතුටු කරවී ය. (පිඹුරා) මාගේ ශරීරය ගිලියි. මම දෙව්ලොව සිත් අලවා වසමි.

4467. අනාවිලං මම චිත‍්තං විසුද‍්ධං පණ‍්ඩරං සදා, සොකසල‍්ලං න ජානාමි චිත‍්තසන‍්තාපනං මම.

4467. මාගේ සිත හැමකල්හි නිශ්චල ය. පිරිසිදු ය. නිර්‍මල ය. ශෝකශූලයක් හෙවත් ශෝකයෙන් ඇතිවන පීඩාවක් නො දනිමි. මාගේ චිත්තසන්තාපයක් ද නො දනිමි.

4468. කුට‍්ඨං ගණ‍්ඩො කිලාසො ච අපමාරො විතච‍්ඡිකා, දද‍්දු කණ‍්ඩු ච මෙ නත්‍ථි ඵලං සම‍්මජ‍්ජනෙ ඉදං.

4468. කුෂ්ට ය, ගණ්ඩ (=ගෙඩි) ය, කිලාස (=කැසිලි) ය. අපස්මාර (=මීමැස්මොර) ය, විතච්ඡිකා (සම ගැල්වී යන කුෂ්ට) ය, දද්දු (=දද) ය, කණ්ඩු (=කැසුම්) ය යන මේ රෝගයෝ මට නැත. මේ හැමදීමේ විපාක යි.

4469. සොකො ච පරිදෙවො ච හදයෙ මෙ න විජ‍්ජති, අභන‍්තං උජුකං චිත‍්තං ඵලං සම‍්මජ‍්ජනෙ ඉදං.

4469. ශෝකය ද, පරිදේව (=වැලපීම) ද මාගේ හෘදයෙහි (සිතෙහි) නැත. සිත භ්‍රාන්ත නො වූයේ (=තැති නො ගත්තේ) ඍජු ය. මෙය හැමදීමෙහි විපාක යි.

4470. සමාධීසු න සජ‍්ජාමි විසදං හොති මානසං, යං යං සමාධිමිච‍්ඡාමි සො සො සම‍්පජ‍්ජතෙ මම.

4470. සමාධීන්හි නො ලැගෙමි. සිත ප්‍රකට (=පැහැදිලි) ය. යම් යම් සමාධියක් කැමැත්තෙම් නම් ඒ ඒ සමාධිය මට සමෘද්ධ වේ.

4471. රජනීයෙ න රජ‍්ජාමි අථො දොසනියෙසු ච, මොහනීයෙ න මුය‍්හාමි ඵලං සම‍්මජ‍්ජනෙ ඉදං.

4471. ඇලිය යුතු දැයෙහි නො ඇලෙමි. යලි ද්වේෂ කටයුතු දැයෙහි (ද්වේෂ නො කරමි). මුළා විය යුතු දැයෙහි මුළා නො වෙමි. මෙය හැමදීමෙහි විපාක යි.

4472. එකනවුතෙ ඉතො කප‍්පෙ යං කම‍්මමකරිං තදා, දුග‍්ගතිං නාභිජානාමි ඵලං සම‍්මජ‍්ජනෙ ඉදං.

4472. එකල්හි, මෙයින් එක් අනූවන කපෙහි යම් කර්‍මයක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. හැමදීමෙහි මේ විපාක යි.

4473. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, නාගො’ච බන්‍ධනං ඡෙත්‍වා විහරාමි අනාසවො.

4473. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකුමෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.

4474. ස‍්වාගතං වත මෙ ආසි බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං.

4474. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ ද, අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

4475. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛා පි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

4475. සිවුපිළිසැඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද, සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

ඉත්‍ථං සුදං ආයස‍්මා සකිංසම‍්මජ‍්ජකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙසෙයින් ආයුෂ්මත් සකිංසම්මජ්ජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

සකිංසම‍්මජ‍්ජකත්‍ථෙරස‍්ස අපදානං පඨමං.

සකිංසම්මජ්ජක ස්ථවිරාවදානය පළමුවැනි යි.