430. සොණ්ණකොන්තරිකත්ථෙරාපදානං
430. සොණ්ණකොන්තරිකත්ථෙරාපදානං
430. සොණ්ණකොන්තරික ස්ථවිරාවදානය
4617. මනොභාවනීයං බුද්ධං අත්තදන්තං සමාහිතං, ඉරීයමානං බ්රහ්මපථෙ චිත්තවූපසමෙ රතං.
4617. සම්භාවනීය වූ, ආත්මය (-සිත) දමනය කළා වූ, සන්හුන් වූ, ශ්‍රේෂ්ඨ ප්රතිපද්රමාර්ගයෙහි ගමන් කරන්නා වූ චිත්තව්යූපශමයෙහි ඇළුනා වූ, සියල්ල අවබෝධ කළා වූ-
4618. නිත්තිණ්ණඔඝං සම්බුද්ධං ඣායිං ඣානරතං මුනිං, උපවිට්ඨං සමාපන්නං ඉන්දීවරදලප්පභං.
4618. තරණය කරණ ලද චතුරෝඝ ඇති ධ්‍යාන කරන්නා වූ, ධ්‍යානයෙහි ඇළුනා වූ, මෝනෙය්‍ය ගුණයන්ගෙන් යුතු වූ, වැඩහුන්නා වූ සමාධියට සමවැදුනා වූ උපුල් පෙති පැහැ ඇති, සම්බුදුරජුන් (දුටිමි.)
4619. අලාබුනොදකං ගය්හ බුද්ධසෙට්ඨමුපාගමිං, බුද්ධස්ස පාදෙ ධොවිත්වා අලාබුකමදාසහං.
4619. දැක ලබුකැටයකින් දිය ගෙණ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත එළඹියෙමි. බුදුරජුන්ගේ සිරිපා දොවා මම ලබුකැටය දුනිමි.
4620. ආණාපෙසි ච සම්බුද්ධො පදුමුත්තරනායකො, ඉමිනා දකමාහත්වා පාදමූලෙ ඨපෙහි මෙ,
4620. පදුමුත්තර බුදු රජ තෙමේ “මෙම ලබුකබලින් දිය ගෙනවුත් මාගේ පාමුල තබව” යි අණ කෙළේය.
4621. සාධූති’හං පටිස්සුත්වා සත්ථුගාරවතාය ච, දකං අලාබුනා’හිත්වා බුද්ධසෙට්ඨමුපානයිං.
4621. මම බුද්ධගෞරවයෙන් “යහපතැ” යි පිළිවදන් දී ලබුකබලින් දිය ගෙනවුත් බුද්ධශ්‍රේෂ්ඨයන් වෙත එළවීමි.
4622. අනුමොදි මහාවීරො චිත්තං නිබ්බාපයං මම, ඉමිනා ලාබුදානෙන සඞ්කප්පො තෙ සමිජ්ඣතු.
4622. මහාවීර වූ බුදුරජ තෙමේ “මේ ලබුකැටය දීමෙන් තාගේ අදහස් සමෘද්ධ වේ වා” යි මාගේ සිත නිවමින් අනුමෝදනා කෙළේ ය.
4623. පණ්ණරසසු කප්පෙසු දෙවලොකෙ රමිං අහං, තිංසතික්ඛත්තුං රාජා ච චක්කවත්තී අහොසහං.
4623. මම පසළොස් කපෙක් හි දෙව්ලොව සිත් අලවා විසීමි. එසේ ම තිස් වරක් සක්විති රජ වීමි.
4624. දිවා වා යදි වා රත්තිං චඞ්කමන්තස්ස තිට්ඨතො, සොවණ්ණකොන්තරං ගය්හ තිට්ඨතෙ පුරතො මම.
4624. දවල්හි හෝ රැයෙහි හෝ සක්මන් කරන්නා වූ ද, සිටිනා වූ ද, මාගේ ඉදිරියෙහි රන්කෙඬියක් ගෙණ (-කිසිවෙක්) සිටි.
4625. බුද්ධස්ස ලාබුං දත්වාන ලභාමි සොණ්ණකොන්තරං, අප්පකම්පි කතං කාරං විපුලං හොති තාදිසු.
4625. බුදුරජුන්හට ලබුකබලක් පුදා රන්කෙඬියක් ලබමි. තාදීගුණ ඇති උතුමන් කෙරෙහි ස්වල්ප වශයෙන් කරණ ලද පින ද මහත්ඵල වේ.
4626. සතසහස්සෙ ඉතො කප්පෙ යං ලාබුමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි අලාබුස්ස ඉදං ඵලං.
4626. එකල්හි මෙයින් සියදහස් වන කපෙහි යම් ලබු දනක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ලබු දනෙහි මේ විපාක යි.
4627. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගොව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
4627. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.
4628. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
4628. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
4629. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
4629. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා සොණ්ණකොන්තරිකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙසෙයින් ආයුෂ්මත් සොණ්ණකොන්තරික ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සොණ්ණකොන්තරිකත්ථෙරස්ස අපදානං දසමං.
සොණ්ණකොන්තරික ස්ථවිරාවදානය දසවැනි යි.
උද්දානං:
උද්දානය:
සකිංසම්මජ්ජකො ථෙරො එකදුස්සී එකාසනී, කදම්බකොරණ්ඩකදා ඝතං සවණිකො පි ච. සුචින්තිතො කිඞ්කණිකො සොණ්ණකොන්තරිකො පි ච, එකං ගාථාසතඤ්චෙව එකසත්තතිමෙව ච.
සකිංසම්මජ්ජක ඒකදුස්සී එකාසනී කදම්බකොරණ්ඩක ද ඝතමණ්ඩ සවණික ද සුචින්තිතකිඞ්කිණික සොණ්ණකොන්තරිකැයි දස එක්සිය එක්සැත්තෑ ගීයෙන් එය කියන ලදි.
සකිංසම්මජ්ජකවග්ගො තෙවත්තාළිසමො.
සකිංසම්මජ්ජක වර්ගය තෙසාළිස් වැනියි.