431. එකවිහාරියත්ථෙරාපදානං
431. එකවිහාරියත්ථෙරාපදානං
431. ඒකවිහාරිය ස්ථවිරාවදානය
4630. ඉමම්හි භද්දකෙ කප්පෙ බ්රහ්මබන්ධු මහායසො, කස්සපො නාම ගොත්තෙන උප්පජ්ජි වදතං වරො.
4630. මේ මහාහද්ර කල්පයෙහි බ්‍රාහ්මණ කුලයෙහි උපන් මහා යශස් ඇති, (ඇපි බුදු වම්හයි) කියනුවන් අතුරෙහි ශ්‍රේෂ්ඨ වූ ගෝත්‍රයෙන් කාශ්‍යප නම් වූ බුදුහු ලොවැ පහළ වූහ.
4631. නිප්පපඤ්චො නිරාලම්බො ආකාසසමමානසො, සුඤ්ඤතාබහුලො තාදී අනිමිත්තරතො වසී.
4631. (තෘෂ්ණාදි) ප්‍රපඤ්ච රහිත වූ ආලම්බන රහිත වූ ආකාශසම (නොගැටෙන) සිත් ඇති ශුන්‍යතා බහුල කොට ඇති (ලාභාලාභාදියෙහි) තාදීගුණ ඇති අනිමිත්තලක්ෂණ නිවනෙහි ඇලුනු වසඟකළ ඉඳුරන් ඇති-
4632. අසඞ්ගචිත්තො නික්ලෙසො අසංසට්ඨො කුලෙ ගණෙ, මහාකාරුණිකො වීරො විනයොපායකොවිදො.
4632. (රාගාදි විසින්) නො ඇලුනු සිත් ඇති කෙලෙස් රහිත වූ කුලයා කෙරෙහි ගණයා කෙරෙහි නො ඇලුනු මහත් කරුණා ඇති වීර වූ (සත්ත්වයන්) හික්මවන උපායෙහි නිපුණ වූ-
4633. උය්යුත්තො පරකිච්චෙසු විනයන්තො සදෙවකෙ, නිබ්බානගමනං මග්ගං ගතිපඞ්කවිසොසනං.
4633-4634. පරවැඩෙහි උත්සුක වූ දෙවියන් සහිත ලෝකයා හික්මවන ලෝකයා සසරින් එතෙර කරවන යම් බුදු කෙනෙක් මහ පිරිස් මැද වැඩ හුන්නාහු නිවන් ගමනට මාර්ගවූ පස්ගති නමැති කලල් වියලවන පරමාස්වාද වූ ජරාමරණ වළහන අමෘතය දැක්වූ සේක් ද,
4634. අමතං පරමස්සාදං ජරාමච්චුනිවාරණං, මහාපරිසමජ්ඣෙ සො නිසින්නො ලොකතාරණො.
4635. කරවීකරුතො නාථො බ්රහ්මඝොසො තථාගතො, උද්ධරන්තො මහාදුග්ගා විපන්නද්ධෙ අනායකෙ,
4635. කොවුලන්ට බඳු නාද ඇති ලෝකනාථ වූ බ්‍රහ්ම ඝෝෂ ඇති තථාගත වූ ඒ බුදුහු (මාර්ගදේශක) නායකයෙකු නැති (එහෙයින්ම) නට මාර්ග ඇති සත්ත්වයන් සංසාර මහාදුර්ගයෙන් නගාලමින්-
4636. දෙසෙන්තො විරජං ධම්මං දිට්ඨො මෙ ලොකනායකො, තස්ස ධම්මං සුණිත්වාන පබ්බජිං අනගාරියං.
4636. මාර්ග ධර්මය දෙසන ලෝකනායක වූ බුදුහු මා විසින් දක්නා ලදහ. ඔබගේ දහම් අසා (මම) ශාසනයෙහි පැවිදි වීමි.
4637. පබ්බජිත්වා තදා චාහං චින්තෙන්තො ජිනසාසනං, එකකොව වනෙ රම්මෙ වසිං සංසග්ගපීළිතො.
4637. එකල්හි දු මම පැවිදිව ගණ සසගින් පෙළුනෙම් බුදුසසුන් සිතමින් එකලාව ම සිත්කලු වෙනෙහි වාසය කෙළෙමි.
4638. සකායවුපකස්සො මෙ හෙතුභුතො මහාභවි, මනසො වූපකස්සස්ස සංසග්ගභයදස්සිනො.
4638. ගණසංසර්ගයෙහි බිය දක්නා සුලු වූ මාගේ ස්වකීය කාය විවේකය චිත්තයාගේ විවේකයට මහත් හේතු වූයේ වී.
4639. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගොව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
4639. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකුමෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
4640. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
4640. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4641. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
4641. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
ඉත්ථං සුදං ආයස්මා එකවිහාරියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙසෙයින් ආයුෂ්මත් ඒකවිහාරිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
එකවිහාරියත්ථෙරස්ස අපදානං පඨමං.
ඒකවිහාරියස්ථවිරාවදානය පළමුවැනියි.