432. එකසංඛියත්ථෙරාපදානං
432. එකසංඛියත්ථෙරාපදානං
432. ඒකසඞ්ඛිය ස්ථවිරාවදානය
4642. විපස්සිනො භගවතො මහාබොධිමහො අහු, මහාජනා සමාගම්ම පූජෙන්ති බොධිමුත්තමං.
4642. විපස්සී බුදුරජුන්ගේ මහාබෝධියට පූජාවක් විය. මහජනයා රැස්ව උතුම් බෝධියට පූජා කෙරෙත්.
4643. න හි තං ඔරකං මඤ්ඤෙ බුද්ධසෙට්ඨො භවිස්සති, යස්සායමෙදිසො බොධි පූජනීයො ච සත්ථුනො.
4643. යම් ශාස්තෘවරයකුගේ බෝධිය ද මෙබඳු පූජනීය වස්තුවක් නම්, ඒ උතුමා ලාමක කෙනෙකැයි නො හඟිම්. බුද්ධශ්‍රේෂ්ඨයෙක් වන්නේ ය.
4644. තතො සඞ්ඛං ගහෙත්වාන බොධිරුක්ඛං උපට්ඨහිං, ධමෙන්තො සබ්බදිවසං අවන්දිං බොධිමුත්තමං.
4644. ඉක්බිති සකක් ගෙණ බෝරුක වෙත එළඹියෙමි. මුළු දවසෙහි ම එය පිඹිමින් උතුම් බෝධිය වැන්දෙමි.
4645. ආසන්නකෙ කතං කම්මං දෙවලොකං අපාපයී, කළෙබරං මෙ පතිතං දෙවලොකෙ රමාමහං.
4645. මරණාසන්න කල්හි කරණ ලද පුණ්‍යකර්මය මා දෙව්ලොවට පැමිණවිය. මාගේ සිරුර මැරී වැටිනි. මම දෙව්ලොව සිත් අලවා වසමි.
4646. සට්ඨිතුරියසහස්සානි තුට්ඨහට්ඨා පමොදිතා, සදා මය්හං උපට්ඨන්ති බුද්ධපූජායිදං ඵලං.
4646. තුටුපහටු වූ ප්‍රමුදිත වූ සැටදහසක් තූර්ය්ය (වාදකයෝ) හැම කල්හි මට උවටැන් කෙරෙත්. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
4647. එකසත්තතිමෙ කප්පෙ රාජා ආසිං සුදස්සනො, චාතුරන්තො විජිතාවී ජම්බුසණ්ඩස්ස ඉස්සරො.
4647. එක්සැත්තෑවන කපෙහි සිවුමහ දිවයින් හා සිව්සයුරු කෙළවර කොට ඇති පෘථිවියට අධිපති වූ සතුරු රජුන් ජයගන්නා සුලු වූ ජම්බුද්වීපයට අධිපති වූ සුදස්සන නම් (සක්විති) රජෙක් වීමි.
4648. තතො අඞ්ගසතා තූරා පරිවාරෙන්ති මං සදා, අනුභොමි සකං කම්මං උපට්ඨානස්සිදං ඵලං.
4648. එහි සප්තාඞ්ගික තුර්ය්යයයෝ හැම කල්හි මා පිරිවරත්. ස්වකීය කර්මය අනුභව කරමි. (බෝධි) උපස්ථානයාගේ මේ විපාක යි.
4649. යං යං යොනුපපජ්ජාමි දෙවත්තං අථ මානුසං, මාතුකුච්ඡිගතස්සාපි වජ්ජරෙ භෙරියො සදා.
4649. දිව්‍ය වූ හෝ මනුෂ්‍ය වූ හෝ යම් යම් යෝනියක උපදිම් නම් මවුකුස පිළිසිඳ ගත්තා වූ ද (මට) හැම කල්හි හෙරීහු වයනු ලැබෙත්.
4650. උපට්ඨහිත්වා සම්බුද්ධං අනුභොත්වාන සම්පදා, සිවං සුඛෙමං අමතං පත්තොම්හි අචලං පදං.
4650. සම්බුදුරජුන් වෙත එළඹ, සම්පත් අනුභව කොට අතිශයින් ක්ෂේම වූ ශිව වූ අමෘත වූ අවලපදය වන නිවනට පැමිණියෙම් වෙමි.
4651. එකනවුතෙ ඉතො කප්පෙ යං කම්මමකරිං තදා, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
4651. එකල්හි මෙයින් එක්අනූවන කපෙහි යම් කර්මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
4652. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගොව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
4652. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
4653. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
4653. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ ද අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4654. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
4654. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
ඉත්ථං සුදං ආයස්මා එකසඞ්ඛියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙසෙයින් ආයුෂ්මත් ඒකසඞ්ඛිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
එකසඞ්ඛියත්ථෙරස්ස අපදානං දුතියං.
ඒකසඞ්ඛියස්ථවිරාවදානය දෙවැනියි.