433 පාටිහීරසඤ්ඤකත්ථෙරාපදානං
433 පාටිහීරසඤ්ඤකත්ථෙරාපදානං
433. පාටිහීරසඤ්ඤක ස්ථවිරාවදානය
4655. පදුමුත්තරො නාම ජිනො ආහුතීනං පටිග්ගහො, වසීසතසහස්සෙහි නගරං පාවිසී තදා.
4655. එකල්හි ලෝකයාගේ පූජාවන් පිළිගැණීමට යෝග්‍ය වූ පදුමුත්තර නම් බුදුරජ තෙමේ රහතුන් ලක්ෂයක් සමග නුවරට පිවිසියේ ය.
4656. නගරං පවිසන්තස්ස උපසන්තස්ස තාදිනො, රතනානි පජ්ජොතිංසු නිග්ඝොසො ආසි තාවදෙ.
4656. තාදීගුණ ඇති උපශාන්ත වූ (උන්වහන්සේ) නගරයට පිවිසෙන කල්හි රත්නයෝ (තුමූ ම) බැබලුනාහු ය. එකෙණෙහි මහත් ඝෝෂාවක් ද විය.
4657. බුද්ධස්ස අනුභාවෙන භෙරී වජ්ජුමඝට්ටිතා, සයං වීණා පවජ්ජන්ති බුද්ධස්ස විසතො පුරං.
4657. නගරයට පිවිසෙන්නා වූ බුදුරජුන් ඉදිරියෙහි බුද්ධානුභාවයෙන් නො ගටන ලද භේරීහු (තුමූ ම) ශබ්ද වූවාහු ය. වීණාවෝ තුමූ ම වැයෙත්.
4658. බුද්ධසෙට්ඨං න පස්සාමි පදුමුත්තරං මහාමුනිං, පාටිහීරං ච පස්සිත්වා තත්ථ චිත්තං පසාදයිං.
4658. මහාමුනි වූ පදුමුත්තර නම් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ නො දකිමි. ප්‍රාතිහාර්‍ය්‍යය දැක එහි සිත පැහැද වීමි.
4659. අහො බුද්ධො අහො ධම්මො අහො නො සත්ථූසම්පදා. අචෙතනාපි තුරියා සයමෙව පවජ්ජරෙ.
4659. “බුදුරජ තෙම ආශ්චර්‍ය්‍ය ය. ධර්මය ආශ්චර්‍ය්‍ය ය. අපගේ ශාස්තෘසම්පත්තිය ද ආශ්චර්‍ය්‍ය ය. අචේතන වූ තූර්‍ය්‍යයෝ පවා තුමූ ම වැයෙත්.
4660. සතසහස්සෙ ඉතො කප්පෙ යං සඤ්ඤමලභිං තදා, දුග්ගතිං නාභිජානාමි බුද්ධසඤ්ඤායිදං ඵලං.
4660. එකල්හි මෙයින් සියදහස් වන කපෙහි යම් බුද්ධසංඥාවක් ලදුයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධසංඥාවෙහි මේ විපාක යි.
4661. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගොව බන්ධනං ඡෙත්වා විහාරාමි අනාසවො.
4661. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත් රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
4662. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
4662. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4663. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛොපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
4663. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
ඉත්ථං සුදං ආයස්මා පාටිහීරසඤ්ඤකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙසෙයින් ආයුෂ්මත් පාටිහීරසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේකි.
පාටිහීරසඤ්ඤකත්ථෙරස්ස අපදානං තතියං.
පාටිහීරසඤ්ඤක ස්ථවිරාවදානය තෙවැනියි.