434. ඤාණත්ථවිකත්ථෙරාපදානං
434. ඤාණත්ථවිකත්ථෙරාපදානං
434. ඤාණත්‍ථවික ස්ථවිරාවදානය
4664. කණිකාරංව ජලිතං දීපරුක්ඛංව ජොතිතං, කඤ්චනංව විරොචන්තං අද්දසං දිපදුත්තමං.
4664. කිණිහිරි රුකක් මෙන් දිලිසෙන, ප්‍රදීපවෘක්‍ෂයක් මෙන් බබලන ස්වර්ණයක් මෙන් රැස් පතුරුවන ද්විපද්රෙත්තම වූ බුදුරජුන් දුටිමි.
4665. කමණ්ඩලුං ඨපෙත්වාන වාකචීරං ච කුණ්ඩිකං, එකංසං අජිනං කත්වා බුද්ධසෙට්ඨං ථවිං අහං.
4665. මම කමඬලාව ද වැහැරිසිවුර ද කෙණ්ඩිය ද තබා අඳුන් දිවිසම එකස් කොට බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට ස්තුති කෙළෙමි.
4666. තමන්ධකාරං විධමං මොහජාලසමාකුලං, ඤාණාලොකං දස්සයිත්වා නිත්තිණ්ණොසි මහාමුනි.
4666. මහාමුනීන් වහන්ස, (ඔබ) මෝහජාලයෙන් අවුල් වූ ගණඳුර නසමින් ඥානාලෝකයා දක්වා (සසර සයුරින්) එතර වූ සේක.
4667. සමුද්ධරසිමං ලොකං සබ්බාවන්තමනුත්තර, ඤාණෙ තෙ උපමා නත්ථි යාවතා ජගතො ගති.
4667. නිරුත්තර වූ තථාගතයන් වහන්ස, සියලු සත්ත්වයන් සහිත් මේ ලෝකය (සසරින්) ගොඩ ලනු මැනව. ලෝකය යම්තාක් ද ඒතාක් ඔබවහන්සේගේ නුවණ විෂයෙහි උපමාවෙක් නැත.
4668. තෙන ඤාණෙන සබ්බඤ්ඤූ ඉති බුද්ධො පවුච්චති, වන්දාමි තං මහාවීර සබ්බඤ්ඤුතමනාවරං.
4668. ඒ අනුපම ඥානයෙන් සර්වඥ වූ සේක් “බුද්ධ” ය යි කියනු ලැබේ. මහාවීරයන් වහන්ස, ආවරණ රහිත වූ ඒ සර්වඥතාඥානය වඳිමි.
4669. සතසහස්සෙ ඉතො කප්පෙ බුද්ධසෙට්ඨං ථවිං අහං, දුග්ගතිං නාභිජානාමි ඤාණත්ථවායිදං ඵලං.
4669. මම මෙයින් සියදහස් වන කපෙහි බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට ස්තුති කෙළෙමි. (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. සර්වඥතාඥානයට පැසසීමෙහි මේ විපාක යි.
4670. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගොව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
4670. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
4671. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
4671. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4672. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
4672. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
ඉත්ථං සුදං ආයස්මා ඤාණත්ථවිකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙසෙයින් ආයුෂ්මත් ඤාණත්‍ථවික ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ඤාණත්ථවිකත්ථෙරස්ස අපදානං චතුත්ථං.
ඤාණත්‍ථවික ස්ථවිරාවදානය සිවුවැනියි.