435. උච්ඡුඛණ්ඩිකත්ථෙරාපදානං
435. උච්ඡුඛණ්ඩිකත්ථෙරාපදානං
435. උච්ඡුඛණ්ඩික ස්ථවිරාවදානය
4673. නගරෙ බන්ධුමතියා ද්වාරපාලො අහොසහං, අද්දසං විරජං බුද්ධං සබ්බධම්මාන පාරගුං.
4673. මම බන්ධුමතී නගරයෙහි ද්වාරපාලක වීමි. (එකල්හි) නිර්මල වූ සියලු ධර්මයන්ගේ පරතෙරට ගියා වූ බුදුරජුන් දිටිමි.
4674. උච්ඡුඛණ්ඩකමාදාය බුද්ධසෙට්ඨස්සදාසහං, පසන්නචිත්තො සුමනො විපස්සිස්ස මහෙසිනො.
4674. මම පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් මහර්ෂි වූ විපස්සී නම් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේහට උක් කඩක් ගෙන දුනිමි.
4675. එකනවුතෙ ඉතො කප්පෙ යං උච්ඡුමදදිං තදා, දුග්ගතිං නාභාජානාමි උච්ඡුඛණ්ඩස්සිදං ඵලං.
4675. එකල්හි මෙයින් එක් අනූවන කපෙහි යම් උක් දනක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. උක්කඩක් දීමේ මේ විපාක යි.
4676. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
4676. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
4677. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
4677. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ ද අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4678. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
4678. සිවුපිළිසැඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද, සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
ඉත්ථං සුදං ආයස්මා උච්ඡුකණ්ඩිකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙසෙයින් ආයුෂ්මත් උච්ජුඛණ්ඩික ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
උච්ඡුඛණ්ඩිකත්ථෙරස්ස අපදානං පඤ්චමං.
උච්ඡුඛණ්ඩිකස්ථවිරාවදානය පස්වැනි යි.
436 කලම්බදායකත්ථෙරාපදානං
436. කලම්බදායක ස්ථවිරාවදානය
4679. රොමසො නාම සම්බුද්ධො වසතී පබ්බතන්තරෙ, කලම්බං තස්ස පාදාසිං පසන්නො සෙහි පාණිහි
4679. රෝමස නම් (පසේ) බුදුන් වහන්සේ කඳු අතරෙහි වැඩ වසන සේක. පහන් වූයෙම් (මම) උන්වහන්සේට සියතින් විලපලා දුනිමි.
4680. චතුනවුතෙ ඉතො කප්පෙ යං දානමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි කලම්බස්ස ඉදං ඵලං.
4680. එකල්හි මෙයින් සිවුඅනූවන කපෙහි යම් දනක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. විලපලා දනෙහි මේ විපාක යි.
4681. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
4681. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
4682. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
4682. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ ද අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4683. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
4683. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ට විමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
ඉත්ථං සුදං ආයස්මා කලම්බදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙසෙයින් ආයුෂ්මත් කලම්බදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
කලම්බකත්ථෙරස්ස අපදානං ඡට්ඨං.
කලම්බදායකස්ථවිරාවදානය සවැනියි.
437. අම්බාටකදායකත්ථෙරාපදානං
437. අම්බාටකදායක ස්ථවිරාවදානය
4684. විපිනෙ බුද්ධං දිස්වාන සයම්භුං අපරාජිතං, අම්බාටකං ගහෙත්වාන සයම්භුස්ස අදාසහං.
4684. මහවනයෙහි දී සියල්ල තෙමේ ම දත් පස් මරුන් දිනූ බුදුරජුන් දැක මම ඇඹරැල්ල (ගෙඩියක්) ගෙණ එම බුදුරජුන් හට දුනිමි.
4685. එකතිංසෙ ඉතො කප්පෙ යං ඵලං අදදිං තදා, දුග්ගතිං නාභිජානාමි ඵලදානස්සිදං ඵලං.
4685. මෙයින් එක්තිස් වන කපෙහි වූ එකල්හි යම් ඵල දානයක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.
4686. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
4686. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත් රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
4687. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
4687. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4688. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
4688. සිවුපිළිසැඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද, සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
ඉත්ථං සුදං ආයස්මා අම්බාටකදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙසෙයින් ආයුෂ්මත් අම්බාටක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
අම්බාටකදායකත්ථෙරස්ස අපදානං සත්තමං.
අම්බාටක ස්ථවිරාවදානය සත්වැනියි.