යෙදුමෙන් කියවන්න

438. හරීතකදායකත්‍ථෙරාපදානං

438. හරීතකදායකත්‍ථෙරාපදානං

438. හරීතකදායක ස්ථවිරාවදානය

4689. හරීතකං ආමලකං අම‍්බජම‍්බු විභීතකං, කොලං භල‍්ලාතකං බිල‍්ලං සයමෙවාහරාමහං.

4689. අරළු ද, නෙල්ලි ද, අඹ ද, ජම්බු ද, බුළු ද, ඩෙබර ද, බදුළු ද, බෙලි ද, මම තෙමේ ම රැස් කෙරෙමි.

4690. දිස‍්වාන පබ‍්භාරගතං ඣායිං ඣානරතං මුනිං, ආබාධෙන පපීළෙන‍්තං අදුතියං මහාමුනිං.

4690. කඳු බෑවුමක වැඩ හුන් ධ්‍යාන කරන්නා වූ ධ්‍යානයෙහි ඇලුනා වූ ආබාධයකින් පෙළෙන්නා වූ (සමාන කොට තැකීමට) දෙවැන්නකු නැත්තා වූ බුදුරජුන් දැක,

4691. හරීතකං ගහෙත්‍වාන සයම‍්භුස‍්ස අදාසහං, කතමත‍්තම‍්හි භෙසජ‍්ජෙ ව්‍යාධි පස‍්සම‍්හි තාවදෙ.

4691. මම අරළු ගෙණ බුදුරජුන් හට දුනිමි. බෙහෙත් කළ කෙණෙහි රෝගය සන්සිඳුනේ ය.

4692. පහීනදරථො බුද‍්ධො අනුමොදනියං අකා, භෙසජ‍්ජදානෙනිමිනා ව්‍යාධිවූපසමෙන ච.

4692. සන්සිඳුනා වූ (කාය) දරථය (ක්ලාන්තය) ඇති බුදුරජ තෙම අනුමෝදනාවක් කළේය: “මෙම බෙහෙත් දන හේතු කොට ගෙණ ද, රෝගව්‍යුපශමය හේතුකොට ගෙණ ද,

4693. දෙවභූතො මනුස‍්සො වා ජාතො වා අඤ‍්ඤජාතියා, සබ‍්බත්‍ථ සුඛිතො හොහි මා ච තෙ ව්‍යාධි ආගමා.

4693. දෙවි වූයේ හෝ මිනිස් වූයේ හෝ අන් ජාතියක උපන්නේ හෝ ඒ සියලු තන්හි සුව ඇත්තෙක් වෙව. තොපට ව්‍යාධියක් නො පැමිණේවා”.

4694. ඉදං වත්‍වාන සම‍්බුද‍්ධො සයම‍්භූ අපරාජිතො, නභං අබ‍්භුග‍්ගමි ධීරො හංසරාජාව අම‍්බරෙ.

4694. සියල්ල තෙමේ ම අවබෝධ කළා වූ පස්මරුන් දිනූ සම්බුදුන් වහන්සේ මේ වචන කියා අහසෙහි යන හස්රජකු මෙන් අහසට නැංගේය.

4695. යතො හරීටකමදං සයම‍්භුස‍්ස මහෙසිනො, ඉමං ජාතිමුපාදාය ව්‍යාධි මෙ නුපපජ‍්ජථ.

4695. යම් තැනක පටන් සියල්ල තෙමේ ම දත් බුදුරජ හට අරළු දුනිම් ද, (එතැන් පටන්) මේ ජාතිය දක්වා මට ව්‍යාධියෙක් හට නො ගත්තේ ය.

4696. අයං පච‍්ඡිමකො මය‍්හං චරිමො වත‍්තතෙ භවො. තිස‍්සො විජ‍්ජා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

4696. මේ මාගේ (සසරෙහි) අවසානය යි. දැන් අන්තිම භවය පවතී. ත්‍රිවිද්‍යාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

4697. චතුනවුතෙ ඉතො කප‍්පෙ භෙසජ‍්ජමදදිං තදා, දුග‍්ගතිං නාභිජානාමි භෙසජ‍්ජස‍්ස ඉදං ඵලං.

4697. මෙයින් අනූවන කපෙහි වූ එකල්හි යම් බෙහෙසත් දනක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බෙහෙත් දනෙහි මේ විපාක යි.

4698. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, නාගො’ව බන්‍ධනං ඡෙත්‍වා විහරාමි අනාසවො.

4698. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.

4699. ස‍්වාගතං වත මෙ ආසි බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං.

4699. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

4700. පටිසම‍්භිදා චතස‍්සො ච විමොක‍්ඛා’පි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

4700. සිවුපිළිසැඹියාවෝ ද, අෂ්ට විමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා හරීතකදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙසෙයින් ආයුෂ්මත් හරීතකද්‍රයක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

හරීතකදායකත්‍ථෙරස‍්ස අපදානං අට‍්ඨමං.

හරීතකදායක ස්ථවිරාවදානය අටවැනියි.