439. අම‍්බපිණ‍්ඩියත්‍ථෙරාපදානං
439. අම‍්බපිණ‍්ඩියත්‍ථෙරාපදානං
439. අම්බපිණ්ඩිය ස්ථවිරාවදානය
4701. හත්‍ථිරාජා තදා ආසිං ඊසාදන‍්තො උරූළ‍්හවා, විචරන‍්තො බ්‍රහාරඤ‍්ඤෙ අද‍්දසං ලොකනායකං.
4701. එකල්හි මම රාජවාහන යෝග්‍ය වූ උඩුකුරුව දික් ව වැඩුනු දළ ඇති ඇත් රජෙක් වීමි. මහ වෙනෙහි ඇවිදින්නෙම් ලෝකනායක වූ බුදුරජුන් දිටිමි.
4702. අම‍්බපිණ‍්ඩිං ගහෙත්‍වාන අදාසිං සත්‍ථුනො අහං, පටිගණ‍්හි මහාවීරො සිද‍්ධත්‍ථො ලොකනායකො.
4702. මම අඹ ගෙඩියක් ගෙණ ශාස්තෲන් වහන්සේට දුනිමි. මහා වීර වූ සිද්ධාර්‍ත්‍ථ බුදුරජානන් වහන්සේ එය පිළිගත් සේක.
4703. මම නිජ‍්ඣායමානස‍්ස පරිභුඤ‍්ජි තදා ජිනො, තත්‍ථ චිත‍්තං පසාදෙත්‍වා තුසිතං උපපජ‍්ජහං.
4703. එකල්හි සර්‍වඥ තෙම මා බලා සිටිය දී එය වැළඳීය. මම විමසුම් නුවණින් එහි සිත පහදවා තුෂිත දිව්‍යලෝකයෙහි උපනිමි.
4704. තතො අහං චවිත්‍වාන චක‍්කවත‍්තී අහොසහං, එතෙනෙව උපායෙන අනුභොත්‍වාන සම‍්පදා.
4704. මම එයින් ච්‍යුත ව සක්විතිරජ වීමි. මේ ක්‍රමයෙන් ම සම්පත් අනුභව කොට,
4705. පධානපහිතත‍්තොහං උපසන‍්තො නිරූපධි, සබ‍්බාසවෙ පරිඤ‍්ඤාය විහරාමි අනාසවො.
4705. වඩනා ලද වීර්‍ය්‍යය ඇති මම උපශාන්ත වූයෙමි. උපධි රහිත වූයෙමි. සියලු ආස්‍රවයන් ප්‍රහාණපරිඥා වශයෙන් දැන ආස්‍රව රහිත ව වෙසෙමි.
4706. චතුනවුතෙ ඉතො කප‍්පෙ යං ඵලං අදදිං තදා, දුග‍්ගතිං නාභිජානාමි ඵලදානස‍්සිදං ඵලං.
4706. මෙයින් සිවුඅනූවන කපෙහි වූ එකල්හි යම් ඵලදානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.
4707. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, නාගො’ව බන්‍ධනං ඡෙත්‍වා විහරාමි අනාසවො.
4707. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.
4708. ස‍්වාගතං වත මෙ ආසි බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං.
4708. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ ද අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4709. පටිසම‍්භිදා චතස‍්සො ච විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.
4709. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
ඉත්‍ථං සුදං ආයස‍්මා අම‍්බපිණ‍්ඩියො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.
මෙසෙයින් ආයුෂ්මත් අම්බපිණ්ඩිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
අම‍්බපිණ‍්ඩියත්‍ථෙරස‍්ස අපදානං නවමං.
අම්බපිණ්ඩිය ස්ථවිරාවදානය නව වැනියි.