යෙදුමෙන් කියවන්න

440. ජම‍්බුඵලියත්‍ථෙරාපදානං

440. ජම‍්බුඵලියත්‍ථෙරාපදානං

440. ජමබුඵලිය ස්ථවිරාවදානය

4710. පදුමුත‍්තරබුද‍්ධස‍්ස ලොකජෙට‍්ඨස‍්ස තාදිනො, පිණ‍්ඩාය විචරන‍්තස‍්ස ධාරෙතො උත‍්තමං යසං.

4710. ලෝකජ්‍යේෂ්ඨ වූ තාදීගුණ ඇති පිඬුපිණිස හැසිරෙන්නා වූ උතුම් යශස්ධර වූ පදුමුත්තර බුදුරජුන් හට,

4711. අග‍්ගඵලං ගහෙත්‍වාන විප‍්පසන‍්නෙන චෙතසා, දක‍්ඛිණෙය්‍යස‍්ස වීරස‍්ස අදාසිං සත්‍ථුනො අහං.

4711. මම අග්‍ර වූ (-පළමුවෙන් හැදුනු) දඹ ඵලයක් ගෙණ පහන් සිතින් දක්‍ෂිණාර්‍හ වූ වීර වූ ශාස්තෲන් වහන්සේට දුනිමි.

4712. තෙන කම‍්මෙන දිපදින්‍ද ලොකජෙට‍්ඨ නරාසභ, පත‍්තොම‍්හි අචලං ඨානං හිත්‍වා ජයපරාජයං.

4712. ලෝකජ්‍යේෂ්ඨ නරශ්‍රේෂ්ඨ ද්විපදෝත්තමයන් වහන්ස, මම ඒ කර්‍මය හේතුකොටගෙන ජය පරාජය හැර අචලස්ථානය වූ නිවනට පැමිණියෙම් වෙමි.

4713. සතසහස‍්සෙ ඉතො කප‍්පෙ යං දානමදදිං තදා, දුග‍්ගතිං නාභිජානාමි අග‍්ගදාදනස‍්සීදං ඵලං.

4713. එකල්හි මෙයින් සියදහස් වන කපෙහි වූ යම් දනක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. අග්‍රඵල දානයාගේ මේ විපාක යි.

4714. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, නාගො ච බන්‍ධනං ඡෙත්‍වා විහරාමි අනාසවො.

4714. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.

4715. ස‍්වාගතං වත මෙ ආසි බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං.

4715. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

4716. පටිසම‍්භිදා චතස‍්සො ච විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

4716. සිවුපිළිසැඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද, සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

ඉත්‍ථං සුදං ආයස‍්මා ජම‍්බුඵලියො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙසෙයින් ආයුෂ්මත් ජමබුඵලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

ජම‍්බුඵලියත්‍ථෙරස‍්ස අපදානං දසමං.

ජමබුඵලිය ස්ථවිරාවදානය දසවැනියි.

උද‍්දානං:

උද්දානය:

ථෙරො එකවිහාරී ච සඞ‍්ඛිකො පාටිහීරකො, ථවිකො උච‍්ඡුඛණ‍්ඩි ච කලම‍්බම‍්බාටකප‍්පදා, හරීතකම‍්බපිණ‍්ඩී ච ජම‍්බුදො දසමො සති. ඡළාසීති ච ගාථායො ගණිතායො විභාවීහි.

ඒකවිහාරී සඞ්ඛිය පාටිහීරක ථවික උච්ඡුඛණ්ඩි කලම්ඛ අම්බාටක ද, හරීතක අම්බපිණ්ඩි ජම්බුද දැයි දසයෙකි. ස අසූගයක් පඬුවන් මෙහි ගිණූ.

එකවිහාරිවග‍්ගො චතුත‍්තාළිසමො.

ඒකවිහාරීවර්‍ගය සූසාළිස් වැනියි.