441. විභීටකමිඤ්ජියත්ථෙරාපදානං
441. විභීටකමිඤ්ජියත්ථෙරාපදානං
441. විභීටකමිඤ්ජය ස්ථවිරාවදානය
4717. කකුසන්ධො මහාවීරො සබ්බධම්මානපාරගූ, ගණම්හා වූපකට්ඨො සො අගමාසි වනන්තරං.
4717. සියලු ධර්මයන්ගේ පරතෙරට ගිය ඒ කකුසඳ බුදුරජ තෙමේ සමූහයා කෙරෙන් වෙන් වූයේ වනයට වැඩියේ ය.
4718. බීජමිඤ්ජං ගහෙත්වාන ලතාය ආවුණිං අහං, භගවා තම්හි සමයෙ ඣායතෙ පබ්බතන්තරෙ.
4718. මම (බුළු) ඇට මද ගෙණ වැලක ඇවිනීමි. භාග්‍යවත් තෙම එසමයෙහි කඳු අතුරෙහි ධ්‍යාන කෙරෙයි.
4719. දිස්වානහං දෙවදෙවං විප්පසන්නෙන චෙතසා, දක්ඛිණෙය්යස්ස වීරස්ස බීජමිඤ්ජමදාසහං
4719. මම බුදුරජුන් දැක පැහැදි සිතින් වීර වූ දක්ෂිණාර්හ වූ බුදුරජුන් හට බුළු ඇට මද දුනිමි.
4720. ඉමස්මිඤ්ඤෙව කප්පස්මිං යං ඵලං අදදිං තදා, දුග්ගතිං නාභිජානාමි බීජමිඤ්ජස්සිදං ඵලං.
4720. මෙම කපෙහි වූ එකල්හි යම් ඵල දනක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුළු ඇට මද දීමෙහි මේ විපාකයි.
4721. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගොව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
4721. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
4722. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
4722. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4723. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
4723. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
ඉත්ථං සුදං ආයස්මා විභීටකමිඤ්ජියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙසෙයින් ආයුෂ්මත් විහීටකමිඤ්ජිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
විභීටකමිඤ්ජියත්ථෙරස්ස අපදානං පඨමං.
විහීටකමිඤ්ජිය ස්ථවිරාවදානය පළමුවැනියි.