යෙදුමෙන් කියවන්න

442 කොලදායකත්‍ථෙරාපදානං

442 කොලදායකත්‍ථෙරාපදානං

442. කෝලදායක ස්ථවිරාවදානය

4724. අජිනෙන නිවත්‍ථොහං වාකචීරධරො තදා, ඛාරිභාරං හරිත්‍වාන කොලමාහරිමස‍්සමං.

4724. එකල්හි අඳුන් දිවිසම් හැඳි මම වැහැරි සිවුරු දැරූයෙම් පිරිකර කද ගෙණ අසපුවට ඩෙබර ගෙණාවෙමී.

4725. තම‍්හි කාලෙ සිඛී බුද‍්ධො එකො අදුතියො අහු, මමස‍්සමමුපාගඤ‍්ඡි ජානන‍්තො සබ‍්බකාලිකං.

4725. එසමයෙහි ශ්‍රේෂ්ඨපුද්ගල වූ අසහාය පුද්ගල වු සිඛී බුදුරජ තෙම ලොව පහළ විය. හැම කල්හි වූ දෑ දන්නා වූ (සර්‍වඥ තෙම) මාගේ අසපුවට එළඹියේ ය.

4726. සකං චිත‍්තං පසාදෙත්‍වා වන්‍දිත්‍වාන ච සුබ‍්බතං, උභො හත්‍ථෙහි පග‍්ගය‍්හ කොලං බුද‍්ධස‍්සදාසහං.

4726. මම බුදුරජුන් හට වැඳ සිය සිත පහදවා දොහොතින් ඩෙබර (ඵලයක්) ගෙණ දුනිමි.

4727. එකතිංසෙ ඉතො කප‍්පෙ යං ඵලං අදදිං තදා, දුග‍්ගතිං නාභිජානාමි කොලදානස‍්සිදං ඵලං.

4727. මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් (ඩෙබර) ඵල දානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඩෙබරපල දනෙහි මේ විපාකයි.

4728. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, නාගොව බන්‍ධනං ඡෙත්‍වා විහරාමි අනාසවො.

4728. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.

4729. ස‍්වාගතං වත මෙ ආසි බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං

4729. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

4730. පටිසම‍්භිදා චතස‍්සො ච විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

4730. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

ඉත්‍ථං සුදං ආයස‍්මා කොලදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙසෙයින් ආයුෂ්මත් කෝලදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

කොලදායකත්‍ථෙරස‍්ස අපදානං දුතියං.

කෝලදායකස්ථවිරාවදානය දෙවැනියි.