යෙදුමෙන් කියවන්න

443. බිල‍්ලඵලියත්‍ථෙරාපදානං

443. බිල‍්ලඵලියත්‍ථෙරාපදානං

443. බිල්ලඵලිය ස්ථවිරාවදානය

4731. චන්‍දභාගානදීතීරෙ අස‍්සමො සුකතො මම, බිල‍්ලරුක‍්ඛෙහි ආකිණ‍්ණො නානාදුමනිසෙවිතො.

4731. මා විසින් චන්‍ද්‍රභාගා නදීතීරයෙහි බෙලිගසින් ගැවසුනු නා නා වෘක්‍ෂයන්ගෙන් සෙව්නා ලද අසපුවක් මනාකොට කරණ ලදි.

4732. සුගන්‍ධං බෙලුවං දිස‍්වා බුද‍්ධසෙට‍්ඨමනුස‍්සරිං, ඛාරිභාරං පූරයිත්‍වා තුට‍්ඨො සංවිග‍්ගමානසො.

4732. සුවඳැති බෙලි පලයක් දැක බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ සිහිපත් කෙළෙමි. සතුටු වූයෙම් (ප්‍රීතියෙන්) ඉපිළැ ගිය සිතැත්තේ කදක් බර පුරවා ගෙණ,

4733. කකුසන්‍ධං උපාගම‍්ම බිල‍්ලපක‍්කමදාසහං, පුඤ‍්ඤක‍්ඛෙත‍්තස‍්ස වීරස‍්ස විප‍්පසන‍්නෙන චෙතසා.

4733. කකුසඳ බුදුරදුන් වෙත එළඹ මම පුණ්‍යක්‍ෂේත්‍ර වූ වීර වූ උන්වහන්සේට පැහැදි සිතින් ඉදුනු බෙලිගෙඩිය දුනුමි.

4734. ඉමස‍්මිං යෙව කප‍්පස‍්මිං යං ඵලං අදදිං තදා, දුග‍්ගතිං නාභිජානාමි ඵලදානස‍්සිදං ඵලං.

4734. මෙම කල්පයෙහි වූ එකල්හි යම් ඵලදානයක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාකයි.

4735. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, නාගොව බන්‍ධනං ඡෙත්‍වා විහරාමි අනාසවො.

4735. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇතිරජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.

4736. ස‍්වාගතං වත මෙ ආසි බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං

4736. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තය හ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

4737. පටිසම‍්භිදා චතස‍්සො ච විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

4737. සිවුපිළිසැඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද, සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

ඉත්‍ථං සුදං ආයස‍්මා බිල‍්ලඵලියත්‍ථෙරො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙසෙයින් ආයුෂ්මත් බිල්ලඵලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

බිල‍්ලඵලියත්‍ථෙරස‍්ස අපදානං තතියං.

බිල්ලඵලිය ස්ථවිරාවදානය තෙවැනියි.