යෙදුමෙන් කියවන්න

444. භල‍්ලාතකදායකත්‍ථෙරාපදානං

444. භල‍්ලාතකදායකත්‍ථෙරාපදානං

444. භල්ලාතදායක ස්ථවිරාදානය

4738. සුවණ‍්ණවණ‍්ණං සම‍්බුද‍්ධං බත‍්තිංසවරලක‍්ඛණං, පවනග‍්ගෙන ගච‍්ඡන‍්තං සාලරාජංව ඵුල‍්ලිතං.

4738. මහ වනහිසින් වඩනා වූ උතුම් වූ දෙතිසමහපුරිස්ලකුණු ඇති පිපුණු සල්රුකක් බඳු ස්වර්‍ණවර්‍ණ වූ (බුදුරජුන් දුටිමි.)

4739. තිණත්‍ථරං පඤ‍්ඤපෙත්‍වා බුද‍්ධසෙට‍්ඨමයාචහං, අනුකම‍්පතු මං බුද‍්ධො භික‍්ඛමිච‍්ඡාමි දාතවෙ.

4739. මම තණඇතිරියක් පනවා බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට අයැදුම් කෙළෙමි: “බුදුරජ තෙම මට අනුකම්පා කෙරේවා. භික්‍ෂාව දෙන්නට කැමැත්තෙමි” යි.

4740. අනුකම‍්පකො කාරුණිකො අත්‍ථදස‍්සී මහායසො, මම සඞ‍්කප‍්පමඤ‍්ඤාය ඔරුහී මම අස‍්සමෙ.

4740. (ලොවට) අනුකම්පා කරන්නා වූ කාරුණික වූ මහත් යශස් ඇති අත්‍ථදස්සී බුදුරජ තෙම මා අදහස දැන මාගේ අසපුවෙහි බැස්සේ ය.

4741. ඔරුහිත්‍වාන සම‍්බුද‍්ධො නිසීදි පණ‍්ණසන්‍ථරෙ, භල‍්ලාතකං ගහෙත්‍වාන බුද‍්ධසෙට‍්ඨස‍්සදාසහං.

4741. බුදුරජ තෙම (අහසින්) බැස පන්ඇතිරියෙහි වැඩහුන්නේ ය. මම බදුළු (ගෙඩි) ගෙණ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට දුනිමි.

4742. මම නිජ‍්ඣායමානස‍්ස පරිභුඤ‍්ජි තදා ජිනො, තත්‍ථ චිත‍්තං පසාදෙත්‍වා අභිවන්‍දිං තදා ජිනං.

4742. එකල්හි මා (වළඳත් දෝ හෝ නො වළඳත් දෝ හෝ යි) සිතමින් සිටිය දී සර්‍වඥ තෙම එය වැළඳී ය. එහි සිත පහදවා එකල බුදුරජුන් වැන්දෙමි.

4743. අට‍්ඨාරසෙ කප‍්පසතෙ යං ඵලං අදදිං තදා, දුග‍්ගතිං නාභිජානාමි ඵලදානස‍්සිදං ඵලං.

4743. එකල්හි අටළොස් සියවන කපෙහි යම් ඵලදානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාකයි.

4744. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, නාගොව බන්‍ධනං ඡෙත්‍වා විහරාමි අනාසවො.

4744. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. හැම භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආනාස්‍රව ව වෙසෙමි.

4745. ස‍්වාගතං වත මෙ ආසි බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං

4745. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තය හ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

4746. පටිසම‍්භිදා චතස‍්සො ච විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

4746. සිවුපිළිසැඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

භල‍්ලාතකදායකත්‍ථෙරස‍්ස අපදානං චතුත්‍ථං.

මෙසෙයින් ආයුෂ්මත් භල්ලාතකදායක ස්ථවිරයන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේකි.

ඉත්‍ථං සුදං ආයස‍්මා භල‍්ලාතකදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

භල්ලාතදායක ස්ථවිරාවදානය සිවුවැනියි.