යෙදුමෙන් කියවන්න

445. උත‍්තලිපුප‍්ඵියත්‍ථෙරාපදානං

සම්පූර්ණ පරිච්ඡේදය

445. උත‍්තලිපුප‍්ඵියත්‍ථෙරාපදානං

445. උත්තලිපුප්ඵිය ස්ථවිරාවදානය

4747. නිග්‍රොධෙ හරිතොහාසෙ සංවිරූළ‍්හම‍්හි පාදපෙ, උත‍්තලිමාලං පග‍්ගය‍්හ බොධියා අභිරොපයිං.

4747. මැනවින් වැඩුනු නිල්පැහැ ඇති නාගබෝධිවෘක්‍ෂයෙහි උත්තලි පුෂ්පදාමයක් ගෙණ පිදීමි.

4748. ඉමස‍්මිං යෙව කප‍්පම‍්හි යං පුප‍්ඵමභිරොපයිං, දුග‍්ගතිං නාභිජානාමි බොධිපූජායිදං ඵලං.

4748. මෙම කල්පයෙහි ම යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකයි.

4749. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, නාගොව බන්‍ධනං ඡෙත්‍වා විහරාමි අනාසවො.

4749. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකුමෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.

4750. ස‍්වාගතං වත මෙ ආසි බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං

4750. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තය හ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

4751. පටිසම‍්භිදා චතස‍්සො ච විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

4751. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

ඉත්‍ථං සුදං ආයස‍්මා උත‍්තලිපුප‍්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙසෙයින් ආයුෂ්මත් උත්තලිපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

උත‍්තලිපුප‍්ඵියත්‍ථෙරස‍්ස අපදානං පඤ‍්චමං.

උත්තලිපුප්ඵිය ස්ථවිරාවදානය පස්වැනියි.

446. අම‍්බාටකියත්‍ථෙරාපදානං

446. අම්බාටකිය ස්ථවිරාවදානය

4752. සුපුප‍්ඵිතං සාලවනං ඔගය‍්හ වෙස‍්සභූ මුනි, නිසීදි ගිරිදුග‍්ගෙසු අභිජාතොව කෙසරී.

4752. වෙස්සභූ බුදුරජ තෙම මැනවින් පිපී ගිය සල්වනයකට පිවිස ගිරිදුර්‍ගයන් හි විශිෂ්ටජන්ම ඇති සිංහරාජයකු මෙන් වැඩහුන්නේ ය.

4753. පසන‍්නචිත‍්තො සුමනො අම‍්බාටකමපූජයිං, පුඤ‍්ඤක‍්ඛෙත‍්තං මහාවීරං පසන‍්නො සෙහි පාණිහි.

4753. පුණ්‍යක්‍ෂේත්‍ර වූ මහාවීර (උන්වහන්සේ දැක) පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් සියතින් ඇඹරැල්ල පිදීමි.

4754. එකතිංසෙ ඉතො කප‍්පෙ යං පුප‍්ඵමභිරොපයිං, දුග‍්ගතිං නාභිජානාමි බුද‍්ධපූජායිදං ඵලං.

4754. මෙයින් එක්තිස්වන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකයි.

4755. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, සබ‍්බාසවා පරික‍්ඛීණා විහරාමි අනාසවො.

4755. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.

4756. ස‍්වාගතං වත මෙ ආසි බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං

4756. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තය හ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

4757. පටිසම‍්භිදා චතස‍්සො ච විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

4757. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

ඉත්‍ථං සුදං ආයස‍්මා අම‍්බාටකියො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙසෙයින් ආයුෂ්මත් අම්බාටකිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

අම‍්බාටකියකත්‍ථෙරස‍්ස අපදානං ඡට‍්ඨං.

අම්බාටකියස්ථවිරාවදානය සවැනියි.