447. සීහාසනිකත්ථෙරාපදානං
447. සීහාසනිකත්ථෙරාපදානං
447. සීහාසනික ස්ථවිරාවදානය
4758. පදුමුත්තරස්ස භගවතො සබ්බභූතහිතෙසිනො, පසන්නචිත්තො සුමනො සීහාසනමදාසහං.
4758. මම සවුසත්නට හිත කැමැත්තා වූ පදුමුත්තර බුදුරජුන්හට පහන්සිත් ඇත්තෙම්, සොම්නස් වූයෙම්, සිහසුනක් දුනිමි.
4759. දෙවලොකෙ මනුස්සෙ වා යත්ථ යත්ථ වසාමහං, ලභාමි විපුලං ව්යම්හං සීහාසනස්සිදං ඵලං.
4759. මම දෙව් ලොවැ වේවයි මිනිස්ලොවැ වේවයි යම් යම් තැනක වෙසෙම් නම් මහත් වූ විමනක් ලබමි. සිහසුන් දනෙහි මේ විපාකයි.
4760. සොණ්ණමයා රූපිමයා ලොහිතඞ්කමයා බහූ, මණිමයා ච පල්ලඞ්කා නිබ්බත්තන්ති මමං සදා.
4760. ස්වර්ණමය වූ ද, රජතමය වූ ද, පද්මරාගමාණික්යමය වූ ද, මණිමයවූ ද බොහෝ පර්‍ය්‍යඞ්කයෝ මට හැම කල්හි පහළ වෙත්.
4761. බොධියා ආසනං කත්වා ජලජුත්තමනාමිනො, උච්චෙ කුලෙ පජායාමි අහො ධම්මසුධම්මතා.
4761. පදුමුත්තර නම් බුදුරජුන්ගේ බෝධියට අසුනක් කොට උසස් කුලයෙහි උපදිමි. ධර්මයාගේ යහපත් බව ආශ්චර්‍ය්‍යයෙකි.
4762. සතසහස්සෙ ඉතො කප්පෙ සීහාසනමකාසහං, දුග්ගතිං නාභිජානාමි සීහාසනස්සිදං ඵලං.
4762. මම මෙයින් සියක් දහස්වන කපෙහි සිහසුනක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. සිහසුන් දනෙහි මේ විපාකයි.
4763. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගොව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
4763. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
4764. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
4764. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4765. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
4765. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
ඉත්ථං සුදං ආයස්මා සීහාසනිකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙසෙයින් ආයුෂ්මත් සීහාසනික ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සීහාසනිකත්ථෙරස්ස අපදානං සත්තමං.
සීහාසනික ස්ථවිරාවදානය සත්වැනියි.