448. පාදපීඨියත්ථෙරාපදානං
448. පාදපීඨියත්ථෙරාපදානං
448. පාදපීඨිය ස්ථවිරාවදානය
4766. සුමෙධො නාම සම්බුද්ධො අග්ගො කාරුණිකො මුනි, තාරයිත්වා බහූ සත්තෙ නිබ්බුතො සො මහායසො.
4766. අග්‍ර වූ කාරුණික වූ මෝනෙය්‍යගුණ ඇති මහත් යශස් ඇති ඒ සුමේධ නම් සර්වඥ තෙම බොහෝ සත්ත්වයන් (සසරසයුරින්) එතෙර කරවා පිරිනිවන් පෑය.
4767. සීහාසනස්ස සාමන්තා සුමෙධස්ස මහෙසිනො, පසන්නචිත්තො සුමනො පාදපීඨමකාරයිං.
4767. සුමේධ බුදුරජුන්ගේ සිහසුන් සමීපයෙහි පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් පාපුටුවක් කෙළෙමි.
4768. කත්වාන කුසලං කම්මං සුඛපාකං සුඛුද්රයං, පුඤ්ඤකම්මෙන සංයුත්තො තාවතිංසමගච්ඡහං.
4768. සැපවිපාක ඇති සුව ගෙණ දෙන්නා වූ කුශලකර්මය කොට මම ඒ කුශලකර්මය හා යෙදුනෙම් තවිතිසා දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.
4769. තත්ථ මෙ වසමානස්ස පුඤ්ඤකම්මසමඞ්ගිනො, පදානි උද්ධරන්තස්ස සොණ්ණපීඨා භවන්ති මෙ.
4769. පුණ්යකර්මයෙන් සමන්වාගත එහි වසන්නා වූ මට පියවර ඔසවත් ම ස්වර්ණමය (පාද) පීඨයෝ පහළ වෙත්.
4770. ලාභා තෙසං සුලද්ධං වො යෙ ලභන්ති උපස්සුතිං, නිබ්බුතෙ කාරං කත්වාන ලභන්ති විපුලං සුඛං.
4770. යමෙක් බුදුරජුන්ගේ හමුයෙහි සිට දහම් ඇසීම ලබත් නම් ඔවුන්හට එය ලාභයෙකි. පිරිනිවි කල්හි ද (උන්වහන්සේ කෙරෙහි) සත්කාර කොට මහත් වූ සැප ලබත්.
4771. මයාපි සුකතං කම්මං වාණිජ්ජං සුප්පයොජිතං, පාදපීඨං කරිත්වාන සොණ්ණපීඨං ලභාමහං.
4771. මා විසිනුදු (උන්වහන්සේ කෙරෙහි) මැනවින් යොදන ලද වෙළඳාමක් බඳු පුණ්‍යකර්මයක් මොනොවට කරණ ලදී. මම පාපුටුවක් පූජා කොට රන්පුටුවක් ලබමි.
4772. යං යං දිසං පක්කමාමි කෙනචි පච්චයෙනහං, සොණ්ණපීඨෙ අක්කමාමි පුඤ්ඤකම්මස්සිදං ඵලං.
4772. කිසියම් හේතුවකින් මම යම් යම් දිශාවකට යෙම් නම්, රන්පුටුයෙහි ම පා තබමි. පුණ්යකර්මයාගේ මේ විපාකයි.
4773. තිංසකප්පසහස්සම්හි යං කම්මමකරිං තදා, දුග්ගතිං නාභිජානාමි පාදපීඨස්සිදං ඵලං.
4773. එකල්හි තිස්දහස්කපකින් පෙර යම් කර්මයක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පාදපීඨදානයාගේ මේ විපාකයි.
4774. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගොව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
4774. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.
4775. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
4775. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තය හ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4776. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
4776. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
ඉත්ථං සුදං ආයස්මා පාදපීඨියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙසෙයින් ආයුෂ්මත් පාදපීඨිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
පාදපීඨීයත්ථෙරස්ස අපදානං අට්ඨමං.
පාදපීඨිය ස්ථවිරාවදානය අටවැනියි.