449. වෙදිකාරකත්ථෙරාපදානං
449. වෙදිකාරකත්ථෙරාපදානං
449. වේදිකාරක ස්ථවිරාවදානය
4777. පදුමුත්තරබුද්ධස්ස බොධියා පාදපුත්තමෙ, වෙදිකං සුකතං කත්වා සකං චිත්තං පසාදයිං.
4777. පදුමුත්තර බුදුරජුන්ගේ ශ්‍රේෂ්ඨ වෘක්ෂරාජයා වූ බෝධියෙහි වේදිකාවක් මැනැවින් කොට සිය සිත පැහැද වීමි.
4778. අතොළාරානි භණ්ඩානි කතානි අකතානි ච, අන්තළික්ඛා පවස්සන්ති වෙදිකාය ඉදං ඵලං.
4778. එහෙයින් කළා වූ ද නො කළා වූ ද භාණ්ඩයෝ අහසින් වැටෙත්. වේදිකාදානයෙහි මේ විපාකයි.
4779. උභතො ව්යුළ්හසඞ්ගාමෙ පක්ඛන්දන්තො භයානකෙ, භයභෙරවං න පස්සාමි වෙදිකාය ඉදං ඵලං.
4779. දෙපසින් නැගසිටි භයානක යුදෙහි දී ද (ඉදිරියට) පනින්නෙම් නමුදු භයජනක අරමුණක් නො දනිමි. වේදිකා දනෙහි මේ විපාකයි.
4780. මම සඞ්කප්පමඤ්ඤාය ව්යම්භං නිබ්බත්තතෙ සුභං, සයනානි මහග්ඝානි වෙදිකාය ඉදං ඵලං.
4780. මාගේ අදහස දැන ශුභ වූ විමනක් නිපදේ. මාහැඟි සයනයෝ ද වෙත් වේදිකා දානයෙහි මේ විපාකයි.
4781. සතසහස්සෙ ඉතො කප්පෙ යං වෙදිකමකාරයිං, දුග්ගතිං නාභිජානාමි වෙදිකාය ඉදං ඵලං.
4781. මෙයින් සියදහස්වන කපෙහි මම යම් වේදිකාවක් කරවූයෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. වේදිකා දානයෙහි මේ විපාකයි.
4782. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගොව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
4782. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
4783. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං
4783. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4784. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
4784. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
ඉත්ථං සුදං ආයස්මා වෙදිකාරකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙසෙයින් ආයුෂ්මත් වේදිකාරක ස්ථවිරයන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේකි.
වෙදිකාරකත්ථෙරස්ස අපදානං නවමං.
වේදිකාරක ස්ථවිරාවදානය නවවැනියි.