යෙදුමෙන් කියවන්න

450. බොධිඝරියත්‍ථෙරාපදානං

450. බොධිඝරියත්‍ථෙරාපදානං

450. බෝධිඝරිය ස්ථවිරාවදානය

4785. සිද‍්ධත්‍ථස‍්ස භගවතො දිපදින්‍දස‍්ස තාදිනො, පසන‍්නචිත‍්තො සුමනො බොධිඝරමකාරයිං.

4785. ද්විපදෝත්තම වූ තාදීගුණ ඇති සිද්ධාර්‍ත්‍ථ බුදුරජුන්හට පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් බෝධිගෘහයක් කරවීමි.

4786. තුසිතං උපපන‍්නොම‍්හි වසාමි රතනෙ ඝරෙ, න මෙ සීතං වා උණ‍්හං වා වාතො ගත‍්තෙ න සමඵුසෙ.

4786. (ඒ හේතුවෙන්) තුසිතයෙහි උපන්නෙම් වෙමි. රතනගෘහයෙහි වසමි. මාගේ සිරුරෙහි ශීතය හෝ උෂ්ණය හෝ වාතය හෝ නො පහස්නේ ය.

4787. පඤ‍්චසට‍්ඨිම‍්හිතො කප‍්පෙ චක‍්කවත‍්තී අහොසහං, කායිකං නාම නගරං විස‍්සකම‍්මෙන මාපිතං.

4787. මම මෙයින් පන්සැටවන කපෙහි සක්විතිරජ වීමි. මට විශ්වකර්‍මයා විසින් මවන ලද කාසික නම් නුවරක් විය.

4788. දසයොජනආයාමං අට‍්ඨයොජනවිත්‍ථතං, න තම‍්හි නගරෙ අත්‍ථි කට‍්ඨං වල‍්ලී ච මත‍්තිකා.

4788. දසයොදුනක් දිග අටයොදුනක් පුළුල් ඒ නගරයෙහි දඬු හෝ වැල් හෝ මැටි (මෙයින් කළ දැයක්) නැත.

4789. තිරියං යොජනං ආසි අඩ‍්ඪයොජනචිත්‍ථතො, මඞ‍්ගලො නාම පාසාදො විස‍්සකම‍්මෙන මාපිතො.

4789. (එහි) විශ්වකර්‍මයා විසින් මවන ලද මඞ්ගල නම් ප්‍රාසාදය යොදුනක් දිග ය. අටයොදුනක් පුළුල් ය.

4790. චුල‍්ලාසීතිසහස‍්සානි ථම‍්හා සොණ‍්ණමයා අහුං, මණිමයා ච නිය්‍යුහා ඡදනං රූපියං අහු.

4790. (එහි) සුවාසූ දහසක් රන්මුවා ටැම් විය. මුදුන්ගෙවල් මිණිමුවා වූහ. සෙවෙනිය (=පියසි) රිදීමුවා විය.

4791. සබ‍්බසොණ‍්ණමයං ඝරං විස‍්සකම‍්මෙන මාපිතං, අජ‍්ඣාවුත්‍ථං මයා එතං ඝරදානස‍්සිදං ඵලං.

4791. සර්‍වස්වර්‍ණමය ගෘහයක් විශ්වකර්‍මයා විසින් මවන ලදී. තෙල මවිසින් වසන ලදී. ගෘහදානයාගේ මේ විපාකයි.

4792. තෙ සබ‍්බෙ අනුභොත්‍වාන දෙවමානුසකෙ භවෙ, අජ‍්ජ පත‍්තොම‍්හි නිබ‍්බානං සන‍්තිපදමනුත‍්තරං.

4792. දෙවි මිනිස් බෙවෙහි එ හැම සමිපත් අනුභව කොට අද නිරුත්තර ශාන්තිපදය වූ නිවනට පැමිණියෙම් වෙමි.

4793. චතුනවුතෙ ඉතො කප‍්පෙ බොධිඝරමකාරයිං, දුග‍්ගතිං නාභිජානාමි ඝරදානස‍්සිදං ඵලං.

4793. මෙයින් සිවුඅනූවන කපෙහි යම් බෝධිගෘහයක් කරවූයෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ගෘහදානයාගේ මේ විපාකයි.

4794. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, නාගොව බන්‍ධනං ඡෙත්‍වා විහරාමි අනාසවො.

4794. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.

4795. ස‍්වාගතං වත මෙ ආසි බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං.

4795. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

4796. පටිසම‍්භිදා චතස‍්සො ච විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

4796. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

ඉත්‍ථං සුදං ආයස‍්මා බොධිඝරියො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙසෙයින් ආයුෂ්මත් බෝධිඝරිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

බොධිඝරියත්‍ථෙරස‍්ස අපදානං දසමං.

බෝධිඝරිය ස්ථවිරාවදානය දසවැනියි.

විභීටකවග‍්ගො පඤ‍්චචත‍්තාළීසමො.

විභීටකවර්‍ගය පන්සාළිස්වැනියි.

උද‍්දානං:

උද්දානය:

විටභීකී කොලඵලී බිල‍්ල භල‍්ලාතකප‍්පදා උත‍්තලම‍්බාටකී චෙව ආසනී පාදපීඨකො, වෙදිකො බොධිඝරිකො ගාථායො ගණිතා චිහ, එකූනාසීතිකා සබ‍්බා අස‍්මිං වග‍්ගෙ සකිත‍්තිතා.

විහිටකී කෝලඵලී බිල්ලභල්ලාත උත්තලී අම්ඛාට සීහාසන ද පාදපීඨක වේදිකාරක බෝධිඝරිය යී දස වත් වේය මෙම වගෙහී එකුන් අසූ ගයකින් එය මෙහි කියන ලදුයේ.