451. ජගතිදායකත්ථෙරාපදානං
451. ජගතිදායකත්ථෙරාපදානං
451. ජගතිදායක ස්ථවිරාවදානය
4797. ධම්මදස්සිස්ස මුනිනො බොධියා පාදපුත්තමෙ, පසන්නචිත්තො සුමනො ජගතිං කාරයිං අහං.
4797. මම පහන්සිත් ඇත්තෙම්, සොම්නස් වූයෙම්, ධම්මදස්සී බුදුරජුන්ගේ උතුම් බෝධිවෘක්ෂය (පිහිටි තන්හි) බිම කරවීමි.
4798. දරිතො පබ්බතාතො වා රුක්ඛතො පතිතො අහං, චුතො පතිට්ඨං වින්දාමි ජගතියා ඉදං ඵලං.
4798. මම පර්වත විවරයකින් වේවයි පර්වතයකින් වේවයි ගසකින් වේවයි වැටුනෙම් පිහිටක් ලබමි. බිම් සකස් කොට දීමෙහි මේ විපාක යි.
4799. න මෙ චොරා පසහන්ති නාතිමඤ්ඤෙති ඛත්තියො, සබ්බාමිත්තෙ’තික්කමාමි ජගතියා ඉදං ඵලං.
4799. සොරු මාගේ (වස්තුව) පැහැර නො ගණිත්. රජ තෙම (මට) අවමන් නො කෙරේ. සියලු පසමිතුරන් ඉක්මවමි. බිම් සකස් කොට දීමෙහි මේ විපාක යි.
4800. යං යං යොනුපපජ්ජාමි දෙවත්තං අථ මානුසං, සබ්බත්ථ පූජිතො හොමි ජගතියා ඉදං ඵලං.
4800. දිව්‍ය වේවයි මනුෂ්‍ය වේවයි යම් යම් යෝනියක උපදිම් ද ඒ සියලු තන්හි පුදන ලදුයෙම් වෙමි. බිම් සකස් කොට දීමෙහි මේ විපාක යි.
4801. අට්ඨාරසෙ කප්පසතෙ ජගතිං කාරයිං අහං, දුග්ගතිං නාභිජානාමි ජගතිදානස්සිදං ඵලං.
4801. මම අටළොස්සියවන කපෙහි පොළෝ (සකස්) කෙළෙම් ද, ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. බිම් සකස් කොට දීමෙහි මේ විපාක යි.
4802. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගොව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
4802. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
4803. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
4803. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4804. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
4804. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
ඉත්ථං සුදං ආයස්මා ජගතිදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙසෙයින් ජගතිදායකස්ථවීරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ජගතිදායකත්ථෙරස්ස අපදානං පඨමං.
ජගතිදායක ස්ථවිරාවදානය පළමුවැනියි.