452. මොරහත්ථියත්ථෙරාපදානං
452. මොරහත්ථියත්ථෙරාපදානං
452. මොරහත්ථිය ස්ථවිරාවදානය
4805. මොරහත්ථං ගහෙත්වාන උපෙසිං ලොකනායකං, පසන්නචිත්තො සුමනො මොරහත්ථමදාසහං.
4805. මම මොණරපිල්වැටියක් ගෙණ පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් ලෝකනායක වූ බුදුරජුන් වෙත එළඹියෙමි. එළඹ මොණරපිල්වැටිය පිදීමි.
4806. ඉමිනා මොරහත්ථෙන චෙතනා පණිධීහි ච, නිබ්බායිංසු තයො අග්ගී ලභාමි විපුලං සුඛං.
4806. මෙම මොණරපිල්වැටී දන හේතුකොටගෙන ද, චිත්තප්‍රණිධීන් හේතුකොට ගෙන ද ත්‍රිවිධාග්නීහු (රාග - ද්වේෂ - මෝහ) නිවී ගියහ. මහත් වූ සැප ද ලබමි.
4807. අහො බුද්ධා අහො ධම්මා අහො නො සත්ථුසම්පදා, දත්වානහං මොරහත්ථං ලභාමි විපුලං සුඛං.
4807. බුදුවරයෝ ආශ්චර්‍ය්‍යයහ. (නෛර්‍ය්‍යාණික) ධර්මයෝ ද ආශ්චර්‍ය්‍යයහ. අපගේ ශාස්තෘසම්පත්තිය ද ආශ්චර්‍ය්‍යයෙකි. මම මොණර පිල්වැටියක් දී මහත් සුව ලබමි.
4808. තියග්ගී නිබ්බුතා මය්හං භවා සබ්බෙ සමූහතා, සබ්බාසවා පරික්ඛීණා නත්ථි’දානි පුනබ්භවො.
4808. මාගේ ත්‍රිවිධාග්නීහු නිවී ගියහ. සියලු භවයෝ නසන ලදහ. ආස්‍රවයෝ ක්ෂය කරණ ලදහ. දැන් නැවත ඉපදීමෙක් නැත.
4809. එකතිංසෙ ඉතො කප්පෙ යං දානමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි මොරහත්ථස්සිදං ඵලං.
4809. එකල්හි මෙයින් එක්තිස් වන කපෙහි යම් දනක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මොණරපිල්වැටි දනෙහි මේ විපාකයි.
4810. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගොව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
4810. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිතව වෙසෙමි.
4811. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
4811. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන්වහන්සේගේ සසුන කරණ ලදි.
4812. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
4812. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදි.
ඉත්ථං සුදං ආයස්මා මොරහත්ථියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙසෙයින් ආයුෂ්මත් මොරහත්ථියස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
මොරහත්ථියත්ථෙරස්ස අපදානං දුතියං.
මොරහත්ථිය ස්ථවිරාවදානය දෙවැනි යි.