යෙදුමෙන් කියවන්න

453. සීහාසනවීජකත්‍ථෙරාපදානං

සම්පූර්ණ පරිච්ඡේදය

453. සීහාසනවීජකත්‍ථෙරාපදානං

453. සීහාසනවීජක ස්ථවිරාවදානය

4813. තිස‍්සස‍්සාහං භගවතො බොධිරුක‍්ඛමවන්‍දිසං, පග‍්ගය‍්හං වීජනිං තත්‍ථ සීහාසනමවීජයිං.

4813. මම තිස්ස බුදුරජුන්ගේ බෝධීවෘක්‍ෂයට වැන්දෙමි. විජිනිපතක් ගෙන එහි සිහසුනට පවන් සැලීමි.

4814. ද‍්වෙනවුතෙ ඉතො කප‍්පෙ සීහාසනමවීජහං, දුග‍්ගතිං නාභිජානාමි වීජනාය ඉදං ඵලං.

4814. මම මෙයින් දෙයානූවන කපෙහි සිහසුනට පවන් සැලූයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පවන්සැලීමෙහි මේ විපාක යි.

4815. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, නාගොව බන්‍ධනං ඡෙත්‍වා විහරාමි අනාසවො.

4815. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.

4816. ස‍්වාගතං වත මෙ ආසි බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං

4816. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

4817. පටිසම‍්භිදා චතස‍්සො ච විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

4817. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා සීහාසනවීජකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙසෙයින් සීහාසනවීජකස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

සීහාසනවීජකත්‍ථෙරස‍්ස අපදානං තතියං.

සීහාසනවීජක ස්ථවිරාවදානය තෙවැනි යි.

454. තිඋක‍්කාධාරකත්‍ථෙරාපදානං

454. තිඋක්කාධාරක ස්ථවිරාවදානය

4818. පදුමුත‍්තරබුද‍්ධස‍්ස බොධියා පාදපුත‍්තමෙ, පසන‍්නචිත‍්තො සුමනො තයො උක‍්කා අධාරයිං.

4818. පදුමුත්තර බුදුරජුන්ගේ උතුම් බෝධිවෘක්‍ෂයෙහි (ආලෝකය පිණිස) පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් උල්කා (විලක්කු) තුනක් දැරීමි.

4819. සතසහස‍්සෙ ඉතො කප‍්පෙ සොහං උක‍්කමධාරයිං, දුග‍්ගතිං නාභිජානාමි උක‍්කාදානස‍්සිදං ඵලං.

4819. ඒ මම මෙයින් සියක් දහස් වන කපෙහි උල්කා දැරුයෙම් ද, ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. උල්කා දනෙහි මේ විපාක යි.

4820. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, නාගොව බන්‍ධනං ඡෙත්‍වා විහරාමි අනාසවො.

4820. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිතව වෙසෙමි.

4821. ස‍්වාගතං වත මෙ ආසි බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං

4821. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

4822. පටිසම‍්භිදා චතස‍්සො ච විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

4822. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

ඉත්‍ථං සුදං ආයස‍්මා තිඋක‍්කාධාරකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙසෙයින් ආයුෂ්මත් තිඋක්කාධාරකස්ථවිරයන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේකි.

තිඋක‍්කාධාරකත්‍ථෙරස‍්ස අපදානං චතුත්‍ථං.

තිඋක්කාධාරකස්ථවිරාවදානය සිවුවැනි යි.

455. අක‍්කමනදායකත්‍ථෙරාපදානං

455. අක්කමනදායක ස්ථවිරාවදානය

4823. කකුසන්‍ධස‍්ස මුනිනො බ්‍රාහ‍්මණස‍්ස වුසීමතො, දිවාවිහාරං වජතො අක‍්කමනමදාසහං.

4823. වැස නිමවන ලද බඹසර ඇති බ්‍රාහ්මණවංශයෙහි වූ දිවා විහරණයෙහි හැසිරෙන්නා වූ කකුසඳ බුදුරජුන්හට මම ආක්‍රමනයක් (පාපුවරුවක්) දුනිමි.

4824. ඉමස‍්මිං යෙව කප‍්පස‍්මිං යං දානමදදිං තදා, දුග‍්ගතිං නාභිජානාමි අක‍්කමනස‍්සිදං ඵලං.

4824. මෙම කල්පයෙහි ම වූ එකල්හි යම් දනක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පාපුවරු දනෙහි මේ විපාක යි.

4825. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, නාගොව බන්‍ධනං ඡෙත්‍වා විහරාමි අනාසවො.

4825. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රරහිතව වෙසෙමි.

4826. ස‍්වාගතං වත මෙ ආසි බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං.

4826. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

4827. පටිසම‍්භිදා චතස‍්සො ච විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

4827. සිවුපිළිසැඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

ඉත්‍ථං සුදං ආයස‍්මා අක‍්කමනදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙසෙයින් ආයුෂ්මත් අක්කමනදායකස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

අක‍්කමනදායකත්‍ථෙරස‍්ස අපදානං පඤ‍්චමං.

අක්කමනදායකස්ථවිරාවදානය පස්වැනි යි.

456. වනකොරණ‍්ඩියත්‍ථෙරාපදානං

456. වනකොරණ්ඩිය ස්ථවිරාවදානය

4828. සිද‍්ධත්‍ථස‍්ස භගවතො ලොකජෙට‍්ඨස‍්ස තාදිනො, වනකොරණ‍්ඩමාදාය බුද‍්ධස‍්ස අභිරොපයිං.

4828. ලෝකජ්‍යේෂ්ඨ වූ තාදීගුණ ඇති සිද්ධාර්‍ත්‍ව බුදුරජානන් වහන්සේට වනකරඬු (මලක්) ගෙණ පිදීමි.

4829. චතුනවුතෙ ඉතො කප‍්පෙ යං පුප‍්ඵමභිරොපයිං, දුග‍්ගතිං නාභිජානාමි බුද‍්ධපූජායිදං ඵලං.

4829. මෙයින් සිවුඅනූ වන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.

4830. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, නාගොව බන්‍ධනං ඡෙත්‍වා විහරාමි අනාසවො.

4830. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රරහිතව වෙසෙමි.

4831. ස‍්වාගතං වත මෙ ආසි බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං

4831. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

4832. පටිසම‍්භිදා චතස‍්සො ච විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

4832. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

ඉත්‍ථං සුදං ආයස‍්මා වනකොරණ‍්ඩියො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙසෙයින් ආයුෂ්මත් වනකොරණ්ඩියස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

වනකොරණ‍්ඩියත්‍ථෙරස‍්ස අපදානං ඡට‍්ඨිං.

වනකොරණ්ඩියස්ථවිරාවදානය සවැනි යි.

වීසතිමං භාණවාරං.

විසිවැනි බණවර යි.