යෙදුමෙන් කියවන්න

457. එකඡත‍්තියත්‍ථෙරාපදානං

457. එකඡත‍්තියත්‍ථෙරාපදානං

457. ඒකඡත්තිය ස්ථවිරාවදානය

4833. අඞ‍්ගාරජාතා පඨවී කුක‍්කුලානුගතා මහී, පදුමුත‍්තරො භගවා අබ‍්භොකාසම‍්හි චඞ‍්කමි.

4833. පෘථිවී තොමෝ අඟුරු වී ය. මහී තොමෝ උණුඅළු සහිත වී ය. පදුමුත්තර බුදුරජ තෙමේ එළිමහනෙහි සක්මන් කළේ ය.

4834. පණ‍්ඩරං ඡත‍්තමාදාය අද‍්ධාන පටිපජ‍්ජහං, තත්‍ථ දිස‍්වාන සම‍්බුද‍්ධං විත‍්ති මෙ උපපජ‍්ජථ.

4834. මම සේසත ගෙණ මඟට පිළිපන්නෙමි. එහි සම්බුදුරජුන් දැක මට ප්‍රීතිය ඇති විය.

4835. මරීචියොත්‍ථටා භූමි අඞ‍්ගාරව මහී අයං, උපවායන‍්ති මහාවාතා සරීරස‍්සාසුඛෙපනා.

4835. භූමිතොමෝ මිරිඟුවෙන් වැසුනී ය. මේ පෘථිවිය (දිලිසෙන) අඟුරු මෙනි. සිරුරෙහි පණ නසන්නා වූ මහාවාතයෝ ද හමත්.

4836. සීතං උණ‍්හං විහනන‍්තං වාතාතපනිවාරණං, පටිගණ‍්හ ඉමං ඡත‍්තං ඵස‍්සයිස‍්සාමි නිබ‍්බුතිං.

4836. ශීතය හා උෂ්ණය නසන්නා වූ වාතය හා අව්ව වළහන්නා වූ මේ ඡත්‍රය පිළිගනු මැනව. මම ඒ හේතුවෙන් නිවන් ලබන්නෙමි“යි ඡත්‍රය පිළිගැන්වී ය.

4837. අනුකම‍්පකො කාරුණිකො පදුමුත‍්තරො මහාඉසි, මමසඞ‍්කප‍්පමඤ‍්ඤාය පටිගණ‍්හි තදා ජිනො.

4837. එකල්හි (ලෝකයා කෙරෙහි) අනුකම්පා ඇති කාරුණික වු මහර්ෂී වූ පදුමුත්තර බුදුරජතෙමේ මාගේ අදහස දැන එය පිළිගත්තේ ය.

4838. තිංසකප‍්පානි දෙවින්‍දො දෙවරජ‍්ජමකාරයිං, සතානං පඤ‍්චක‍්ඛත‍්තුඤ‍්ච චක‍්කවත‍්ති අහොසහං.

4838. තිස්කපක් මුළුල්ලෙහි දේවේන්‍ද්‍රව දිව්‍යරාජ්‍යය කරවීමි. පන්සියවරක් සක්විතිරජ වීමි.

4839. පදෙසරජ‍්ජං විපුලං ගණනාතො අසඞ‍්ඛියං, අනුභොමි සකං කම‍්මං පුබ‍්බෙ සුකතමත‍්තනො.

4839. (ලබන ලද) මහත් වූ ප්‍රදේශරාජ්‍යය ගණන් වශයෙන් ගිණිය නො හැකි ය. පෙර තමා විසින් මැනවින් කළ ස්වකීය පුණ්‍යකර්‍මය (විපාකය) අනුභව කරමි.

4840. අයං මෙ පච‍්ඡිමා ජාති චරිමො වත‍්තතෙ භවො, අජ‍්ජාපි සෙතච‍්ඡත‍්තං මෙ සබ‍්බකාලං ධරීයති.

4840. මාගේ මේ පශ්චිමආත්මය යි. මේ අන්තිමභවය පවති. අදත් මට හැමකල්හි සේසතක් දැරෙයි.

4841. සතසහස‍්සෙ ඉතො කප‍්පෙ යං ඡත‍්තමදදිං තදා, දුග‍්ගතිං නාභිජානාමි ඡත‍්තදානස‍්සිදං ඵලං.

4841. එකල්හි මෙයින් සියක්දහස් වන කපෙහි යම් ඡත්‍රදානයක් දුනිම් ද, ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. ඡත්‍රදානයාගේ මේ විපාකය යි.

4842. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, නාගොව බන්‍ධනං ඡෙත්‍වා විහරාමි අනාසවො.

4842. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත් රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිතව වෙසෙමි.

4843. ස‍්වාගතං වත මෙ ආසි බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං.

4843. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

4844. පටිසම‍්භිදා චතස‍්සො ච විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

4844. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

ඉත්‍ථං සුදං ආයස‍්මා එකඡත‍්තියො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙසෙයින් ආයුෂ්මත් ඒකඡත්තිය ස්ථවිරයන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේකි.

එකඡත‍්තියත්‍ථෙරස‍්ස අපදානං සත‍්තමං.

ඒකඡත්තියස්ථවිරාවදානය සත්වැනි යි.