458. ජාතිපුප්ඵියත්ථෙරාපදානං
458. ජාතිපුප්ඵියත්ථෙරාපදානං
458. ජාතිපුප්ඵිය ස්ථවිරාවදානය
4845. ජරිනිබ්බුතෙ භගවති පදුමුත්තරෙ මහායසෙ, පුප්ඵවටංසකෙ කත්වා සරීරමභිරොපයිං.
4845. මහත් යශස් ඇති පදුමුත්තර බුදුරජුන් පිරිනිවි කල්හි මම දෑසමන්මලින් මුදුන්මල්කඩක් කොට බුද්ධදේහයට පිදීමි.
4846. තත්ථ චිත්තං පසාදෙත්වා නිම්මාණං අගමාසහං, දෙවලොකගතො සන්තො පුඤ්ඤකම්මං සරාමහං.
4846. මම එහි සිත පහදවා නිර්මාණරතී දෙව්ලොවට ගියෙමි. මම දෙව්ලොවට ගියෙම් ඒ පින්කම සිහිකරමි.
4847. අම්බරා පුප්ඵවස්සො මෙ සබ්බකාලං පවස්සති, සංසරාමි මනුස්සෙ චෙ රාජා හොමි මහායසො.
4847. හැම කල්හි මට අහසින් මල්වැසි වසී. ඉදින් මිනිස් ලොවෙහි සැරිසරම් නම් මහත් යශස් ඇති රජෙක් වෙමි.
4848. තහිං කුසුමවස්සො මෙ අභිවස්සති සබ්බදා, තස්සෙව පුප්ඵපූජාය වාහසා සබ්බදස්සිනො
4848. සර්වදර්ශී වූ බුදුරජුන්හට කරණ ලද එම පුෂ්පපූජාවෙහි ම බලයෙන් එහි (=මිනිස්ලොවෙහි) ද මට මල්වැසි වසී.
4849. අයං පච්ඡිමකො මය්හං චරිමො වත්තතෙ භවො, අජ්ජාපි පුප්ඵවස්සො මෙ අභිවස්සති සබ්බදා.
4849. මේ මාගේ පශ්චිමභවය යි. මේ අන්තිමභවය පවතී. අද ද හැම කල්හි මට මල්වැසි වසී.
4850. සතසහස්සෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිරොපයිං, දුග්ගතිං නාභිජානාමි දෙහපූජායිදං ඵලං.
4850. මෙයින් සියක් දහස්වන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුදුබඳ පිදීමෙහි මේ විපාක යි.
4851. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගොව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
4851. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්රවරහිතව වෙසෙමි.
4852. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
4852. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්රිවිද්යායෝ අනුප්රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4853. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
4853. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
ඉත්ථං සුදං ආයස්මා ජාතිපුප්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙසෙයින් ආයුෂ්මත් ජාතිපුප්ඵියස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ජාතිපුප්ඵියත්ථෙරස්ස අපදානං අට්ඨමං.
ජාතිපුප්ඵියස්ථවිරාවදානය අටවැනි යි.