459. පටටිපුප්ඵියත්ථෙරාපදානං
459. පටටිපුප්ඵියත්ථෙරාපදානං
459. පටටිපුප්ඵිය ස්ථවිරාවදානය
4854. නීහරන්තෙ සරීරම්හි වජ්ජමානාසු භෙරිසු, පසන්නචිත්තො සුමනො පට්ටිපුප්ඵමපූජයිං,
4854. බෙර වයද්දී ශරීරය (ආදාහනය සඳහා) ගෙණ යන කල්හි මම පහන්සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් රත්ලොත්මල් පිදීමි.
4855. සතසහස්සෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිපූජයිං, දුග්ගතිං නාභිජානාමි දෙහපූජායිදං ඵලං.
4855. මෙයින් සියක් දහස්වන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. දේහපූජාවෙහි මේ විපාක යි.
4856. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගොව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
4856. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්රවරහිතව වෙසෙමි.
4857. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං
4857. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්රිවිද්යායෝ අනුප්රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4858. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
4858. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
ඉත්ථං සුදං ආයස්මා පටටිපුප්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙසෙයින් ආයුෂ්මත් පට්ටිපුප්ඵියස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
පටටිපුප්ඵියත්ථෙරාපදානං නවමං.
පට්ටිපුප්ඵියස්ථවිරාවදානය නවවැනි යි.