යෙදුමෙන් කියවන්න

460. ගන්‍ධපූජකත්‍ථෙරාපදානං

460. ගන්‍ධපූජකත්‍ථෙරාපදානං

460. ගන්‍ධපූජක ස්ථවිරාවදානය

4859. චිතෙසු කයිරමානෙසු නානාගන්‍ධෙ සමාහටෙ පසන‍්නචිත‍්තො සුමනො ගන්‍ධමුට‍්ඨිමපූජයිං.

4859. (ආදාහනය සඳහා) චිතකය කරණ කල්හි නානාසුගන්‍ධයන් රැස් කරණ කල්හි මම පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් සුවඳ මිටක් පිදීමි.

4860. සතසහස‍්සෙ ඉතො කප‍්පෙ චිතකං යමපූජයිං, දුග‍්ගතිං නාභිජානාමි චිතපූජායිදං ඵලං.

4860. මෙයින් සියක්දහස් වන කපෙහි යම් චිතකපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. චිතකපූජාවෙහි මේ විපාක යි.

4861. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, නාගො’ව බන්‍ධනං ඡෙත්‍වා විහරාමි අනාසවො.

4861. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිතව වෙසෙමි.

4862. ස‍්වාගතං වත මෙ ආසි බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං.

4862. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

4863. පටිසම‍්භිදා චතස‍්සො ච විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

4863. සිවුපිළිසැඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

ඉත්‍ථං සුදං ආයස‍්මා ගන්‍ධපූජකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙසෙයින් ආයුෂ්මත් ගන්‍ධපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

ගන්‍ධපූජකත්‍ථෙරස‍්ස අපදානං දසමං.

ගන්‍ධපූජකස්ථවිරාවදානය දසවැනි යි.

උද‍්දානං:

උද්දානය:

ජගතී මොරහත්‍ථී ච ආසනී උක‍්කධාරකො, අක‍්කමී වනකොරණ‍්ඩි ඡත‍්තදො ජාතිපූජකො. පට‍්ටිපුප‍්ඵී ච යො ථෙරො දසමො ගන්‍ධපූජකො, සත‍්තසට‍්ඨි ච ගාථායො ගණිතායො විභාවිහි.

ජගති මොරහත්‍ථි ආසනී උක්කධාරක අක්කමී වනකොරණ්ඩී ඡත්තද ජාතිපූජක පට්ටිපුප්ඵිගන්‍ධපූජක දසවත්ය මෙවගෙහි ආ ගීසත්සැටෙකින් එය මෙහි කියන ලද්දේ.

ජගතිදායකවග‍්ගො ඡචත‍්තාළීසමො,

ජගතිදායකවර්‍ගය සසාළිස් වැනි යි.