461. සාලකුසුමියත්ථෙරාපදානං
461. සාලකුසුමියත්ථෙරාපදානං
461. සාලකුසුමිය ස්ථවිරාවදානය
4864. පරිනිබ්බුතෙ භගවති ජලජුත්තමනාමකෙ, ආරොපිතම්හි චිතකෙ සාලපුප්ඵමපූජයිං.
4864. පදුමුත්තර නම් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි කල්හි (උන්වහන්සේගේ දේහය) චිතකයට නැංවූ කල්හි සල්මල් පිදීමි.
4865. සතසහස්සෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිරොපයිං, දුග්ගතිං නාභිජානාමි චිතපූජායිදං ඵලං.
4865. මෙයින් සියක්දහස් වන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. චිතකපූජාවෙහි මේ විපාක යි.
4866. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, සබ්බාසවා පරික්ඛීණා විහරාමි අනාසවො.
4866. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිතව වෙසෙමි.
4867. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
4867. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
4868. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
4868. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
ඉත්ථං සුදං ආයස්මා සාලකුසුමියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙසෙයින් ආයුෂ්මත් සාලකුසුමිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සාලකුසුමියත්ථෙරස්ස අපදානං පඨමං.
සාලකුසුමිය ස්ථවිරාවදානය පළමුවැනි යි.
462. චිතකපූජකත්ථෙරාපදානං
462. චිතකපූජක ස්ථවිරාවදානය
4869. ඣායමානස්ස භගවතො සිඛිනො ලොකබන්ධුනො, අට්ඨචම්පකපුප්ඵානි චිතකං අභිරොපයිං.
4869. ධ්‍යාන වඩන්නා වූ ලෝකබන්‍ධු වූ සිඛී බුදුරජානන් වහන්සේගේ චිතකයට සපුමල් අටක් පිදීමි.
4870. එකතිංසෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිරොපයිං, දුග්ගතිං නාභිජානාමි චිතකපූජායිදං ඵලං.
4870. මෙයින් එක්තිස් වන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. චිතක පූජාවෙහි මේ විපාක යි.
4871. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
4871. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිත ව වෙසෙමි.
4872. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
4872. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4873. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
4873. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
ඉත්ථං සුදං ආයස්මා චිතකපූජකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙසෙයින් ආයුෂ්මත් චිතකපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
චිතකපූජකත්ථෙරස්ස අපදානං දුතියං.
චිතකපූජක ස්ථවිරාවදානය දෙවැනි යී.
463. චිතකනිබ්බාපකත්ථෙරාපදානං
463. චිතකනිබ්බාපක ස්ථවිරාවදානය
4874. දය්හමානෙ සරීරම්හි වෙස්සභුස්ස මහෙසිනො, ගන්ධොදකං ගහෙත්වාන චිතං නිබ්බාපයිං අහං.
4874. වෙස්සභූ බුදුරජුන්ගේ සිරුර දැවෙන කල්හි මම සුවඳ පැන් ගෙණ චිතකය නිවීමි.
4875. එකතිංසෙ ඉතො කප්පෙ චිතං නිබ්බාපයිං අහං, දුග්ගතිං නාභිජානාමි ගන්ධොදකස්සිදං ඵලං.
4875. මම මෙයින් එක්තිස් වන කපෙහි බුදුරජුන්ගේ චිතකය නිවූයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. සුවඳදිය පිදීමෙහි මේ විපාක යි.
4876. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
4876. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිතව වෙසෙමි.
4877. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
4877. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4878. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
4878. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
ඉත්ථං සුදං ආයස්මා චිතකනිබ්බාපකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙසෙයින් ආයුෂ්මත් චිතකනිබ්බාපක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
චිතකනිබ්බාපකත්ථෙරස්ස අපදානං තතියං.
චිතකනිබ්බාපක ස්ථවිරාවදානය තෙවැනි යි.
464. සෙතුදායකත්ථෙරාපදානං
464. සේතුදායක ස්ථවිරාවදානය
4879. විපස්සිනො භගවතො චඞ්කමන්තස්ස සම්මුඛා, පසන්නචිත්තො සුමනො සෙතුං කාරාපයිං අහං.
4879. සක්මන් කරන්නා වූ විපස්සී බුදුරජුන් හමුවෙහි මම පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් හෙයක් කරවීමි.
4880. එකනවුතෙ ඉතො කප්පෙ යං සෙතුං කාරයිං අහං, දුග්ගතිං නාභිජානාමි සෙතුදානස්සිදං ඵලං.
4880. මෙයින් එක්අනූ වන කපෙහි මම යම් හෙයක් කරවූයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. සේතු දානයාගේ මේ විපාක යි.
4881. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
4881. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිත ව වෙසෙමි.
4882. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
4882. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4883. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
4883. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
ඉත්ථං සුදං ආයස්මා සෙතුදායකත්ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙසෙයින් ආයුෂ්මත් සේතුදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සෙතුදායකත්ථෙරස්ස අපදානං චතුත්ථං.
සේතුදායකස්ථවිරාවදානය සිවුවැනි යි.
465. සුමනතාලවණ්ටියත්ථෙරාපදානං
465. සුමනතාලවණ්ටිය ස්ථවිරාවදානය
4884. සිද්ධත්ථස්ස භගවතො තාලවණ්ටමදාසහං, සුමනෙහි පටිච්ඡන්නං ධාරයාමි මහායසං.
4884. මම සිද්ධාර්ත්ථ බුදුරජානන් වහන්සේට සමන්මලින් වසන ලද තල්වැටක් දුනිමි. (එහෙයින්) මහත් යශස් දරමි.
4885. චතුනවුතෙ ඉතො කප්පෙ තාලවණ්ටමදාසහං: දුග්ගතිං නාභිජානාමි තාලවණ්ටස්සිදං ඵලං.
4885. මම මෙයින් සිවුඅනූ වන කපෙහි යම් තල්වැටක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. තල්වැට (වටාපත්) දීමෙහි මේ විපාක යි.
4886. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
4886. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිත ව වෙසෙමි.
4887. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
4887. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4888. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
4888. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ.
ඉත්ථං සුදං ආයස්මා සුමනතාලවණ්ටියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙසෙයින් ආයුෂ්මත් සුමනතාලවණ්ටිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සුමනතාලවණ්ටියත්ථෙරස්ස අපදානං පඤ්චමං.
සුමනතාලවණ්ටියස්ථවිරාවදානය පස්වැනි යි.
466. අවණ්ටඵලියත්ථෙරාපදානං
466. අවණ්ටඵලිය ස්ථවිරාවදානය
4889. සතරංසි නාම භගවා සයම්භූ අපරාජිතො, විවෙකකාමො සම්බුද්ධො ගොචරායාභිනික්ඛමි.
4889. සියල්ල තෙමේ ම අවබෝධ කළා වූ පස්මරුන් දිනූ ඒකී භාවය කැමැති සතරංසී නම් (පසේ) බුදු භාග්‍යවතුන් වහන්සේ පිඬු පිණිස නික්මුණු සේක.
4890. ඵලහත්ථො අහං දිස්වා උපගච්ඡිං නරාසභං, පසන්නචිත්තො සුමනො අවණ්ටං අදදිං ඵලං.
4890. අතින් ගත් ඵල ඇති මම බුදුරජුන් දැක වෙත එළඹියෙමි. පහන්සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් එ ම අවණ්ටඵලය උන්වහන්සේට දුනිමි.
4891. චතුනවුතෙ ඉතො කප්පෙ යං ඵලමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි ඵලදානස්සිදං ඵලං.
4891. එකල්හි මෙයින් සිවුඅනූ වන කපෙහි යම් ඵලදානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.
4892. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
4892. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිතව වෙසෙමි.
4893. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
4893. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4894. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
4894. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
ඉත්ථං සුදං ආයස්මා අවණ්ටඵලියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙසෙයින් ආයුෂ්මත් අවණ්ටඵලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
අවණ්ටඵලියත්ථෙරාපදානං ඡට්ඨං.
අවණ්ටඵලිය ස්ථවිරාවදානය සවැනි යි.