429. සොණ්ණකිඞ්කණියත්ථෙරාපදානං
429. සොණ්ණකිඞ්කණියත්ථෙරාපදානං
429. සෝවණ්ණකිඞ්කණිය ස්ථවිරාවදානය
4600. සද්ධාය අභිනික්ඛම්ම පබ්බජිං අනගාරියං, වාකචීරධරො ආසිං තපොකම්මමපස්සිතො.
4600. සැදැහැයෙන් (ගිහිගෙන්) නික්ම අනගාර්‍ය්‍ය සඞ්ඛ්‍යාත සසුනෙහි පැවිදි වීමි. තපොකර්මයෙහි අපේක්ෂිත වූයෙම් වැහැරි සිවුරු දරන්නෙම් වීමි.
4601. අත්ථදස්සී තු භගවා ලොකජෙට්ඨො නරාසභො, උප්පජ්ජි තම්හි සමයෙ තාරයන්තො මහාජනං.
4601. එසමයෙහි ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ අත්ථදස්සී භාග්‍යවත් තෙමේ මහාජනයා (සසර සයුරින්) තරණය කරමින් (ලොව) පහළ විය.
4602. බලඤ්ච වත මෙ ඛීණං ව්යාධිනා පරමෙන තු, බුද්ධසෙට්ඨං සරිත්වාන පුලිනෙ ථූපමුත්තමං-
4602. දැඩි ව්‍යාධියකින් මාගේ බලය ද ඒකාන්තයෙන් ක්ෂය වීය. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ සිහි කොට වැලිතෙලෙහි උතුම් සෑයක්-
4603. කරිත්වා හට්ඨචිත්තොහං සහත්ථෙන සමොකිරිං, සොණ්ණකිඞ්කණිපුප්ඵානි උදග්ගමනසො අහං.
4603. කොට මම සතුටු සිත් ඇත්තෙම් ඔද වැඩි සිතැත්තෙම් සියතින් රන් කිකිණි මල් විසිර වීමි. (-පිදීමි.)
4604. සම්මුඛා විය සම්බුද්ධං ඵූපං පරිචරිං අහං, තෙන චෙතොපසාදෙන අත්ථදස්සිස්ස තාදිනො.
4604. මම බුදුරජුන් හමුයෙහි මෙන් සෑයට වතාවක් කෙළෙමි. තාදීගුණ ඇති අත්ථදස්සී බුදුරජුන්හට කරණ ලද එම චිත්තප්‍රසාදය හේතු කොට ගෙණ-
4605. දෙවලොකං ගතො සන්තො ලභාමි විපුලං සුඛං, සුවණ්ණවණ්ණො තත්ථාසිං බුද්ධපූජායිදං ඵලං.
4605. දෙව්ලොව ගියෙම් මහත් වූ සැප ලබමි. එහි ස්වර්ණවර්ණ වූයෙම් වෙමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
4606. අසීතිකොටියො මය්හං නාරියො සමලඞ්කතා, සදා මය්හං උපට්ඨන්ති බුද්ධපූජායිදං ඵලං.
4606. මට මනා අබරණින් සරසන ලද ස්ත්‍රීහු අසූකෝටියකි. ඔහු තුමූ හැම කල්හි මට උවටැන් කෙරෙත්. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
4607. සට්ඨිතුරියසහස්සානි භෙරියො පණවානි ච, සඞ්ඛා ච දෙණ්ඩිමා තත්ථ වග්ගුං නදන්ති දුන්දුභි.
4607. ගැටබෙර (ආදි) සැට දහසක් බෙර ද, සඞ්ඛයෝ ද, පණා බෙර ද යන හෙරීහු මනෝඥ ලෙස නාද කෙරෙත්.
4608. චුල්ලාසීතිසහස්සානි හත්ථිනො සමලඞ්කතා, තිධාපභින්නමාතඞ්ගා කුඤ්ජරා සට්ඨිහායනා -
4608. සැට වයස් වූ ත්‍රිමදගලිත මාතඞ්ග හස්තිකුලයෙහි උපන් ඇත්තු ද මනා කොට සරසන ලද ඇත්තු ද අසූසාර දහසක් -
4609. හෙමජාලාහි සඤ්ඡන්නා උපට්ඨානං කරොන්ති මෙ, බලකායෙ ගජෙ චෙව ඌනතා මෙ නෙ විජ්ජති.
4609. රන්දැලින් මලින් ගැවසී ගත්තාහු මට උවටැන් කෙරෙත්. බලසෙනගෙහි ද ඇතුන්ගේ ද අඩුබවෙක් මට නැත.
4610. සොණ්ණකිඞ්කණිපුප්ඵානං විපාකං අනුභොමහං, අට්ඨපඤ්ඤාසක්ඛත්තුඤ්ච දෙවරජ්ජමකාරයිං.
4610. මම රන්කිකිණි මල් පිදීමෙහි විපාකය විඳිමි. අට පණස් වරක් දිව්‍යරාජ්‍යය කරවීමි.
4611. එකසත්තතික්ඛත්තුඤ්ච චක්කවත්තී අහොසහං, පථව්යාරජ්ජං එකසතං මහියා කාරයිං අහං.
4611. මම එක්සැත්තෑ වරක් සක්විතිරජ වීමි. මම මේ පෘථිවියෙහි එක්සිය වරක් පෘථිවිරාජ්‍යය ද කරවීමි.
4612. සොදානි පත්තො අමතං අසඞ්ඛතං සුදුද්දසං, සංයොජනපරික්ඛීණො නත්ථිදානි පුනබ්භවො.
4612. ඒ (මම) දැන් අසංස්කෘත වූ සුදුද්දය (-දැකීම අතිශයින් දුෂ්කර) වූ නිවනට පැමිණියෙම් වෙමි. සියලු සංයෝජනයන් ක්ෂය කරණ ලදුයෙම් වෙමි. දැන් නැවත ඉපදීමෙක් නැත.
4613. අට්ඨාරසෙ කප්පසතෙ යං පුප්ඵමභිරොපයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
4613. මෙයින් අටළොස්සියවන කපින් පෙර යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
4614. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගොව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
4614. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.
4615. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
4615. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4616. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
4616. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
ඉත්ථං සුදං ආයස්මා සොවණ්ණකිඞ්කණියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙසෙයින් ආයුෂ්මත් සෝවණ්ණකිඞ්කණිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සොවණ්ණකිඞ්කණියත්ථෙරස්ස අපදානං නවමං.
සෝවණ්ණකිඞ්කණිය ස්ථවිරාවදානය නවවැනි යි.