428. සුචින්තිතත්ථෙරාපදානං
428. සුචින්තිතත්ථෙරාපදානං
428. සුචින්තිත ස්ථවිරාවදානය
4567. නගරෙ හංසවතියා අහොසිං කස්සකො තදා, කසිකම්මෙන ජීවාමි තෙන පොසෙමි දාරකෙ.
4567. එකල්හි මම හංසවතී නගරයෙහි ගොවියෙක් වීමි. කෘෂිකර්මයෙන් ජීවත් වෙමි. එයින් අඹුදරුවන් පෝෂණය කරමි.
4568. සුසම්පන්නං තදා ඛෙත්තං ධඤ්ඤං මෙ ඵලිතං අහු, පාකකාලෙ ච සම්පත්තෙ එවං චින්තෙසහං තදා.
4568. එකල්හි කෙත මැනැවින් සමෘද්ධ ය. මාගේ ධාන්‍යය ද ඵල දැරිණි. ශස්‍ය පස්නා දවස් පැමිණි කල්හි මම මෙසේ සිතීමි.
4569. නච්ඡන්නං නප්පතිරූපං ජානන්තස්ස ගුණාගුණං, යො’හං සඞ්ඝෙ අදත්වාන අග්ගං භුඤ්ජෙය්ය චෙ තදා.
4569. “යම් බඳු වූ මම ඉදින් අග්‍රශස්‍යය සඞ්ඝයාට නො දී වළදන්නෙම් නම්, එකල්හි ගුණ-අගුණ දන්නා වූ මා වැනියනට එය නුසුදුසු ය. නො හොබනේ ය.
4570. අයං බුද්ධො අසමසමො ද්වත්තිංසවරලක්ඛණො, තතො පභාවිතො සඞ්ඝො පුඤ්ඤක්ඛෙත්තො අනුත්තරො.
4570. මේ දෙතිස්මහපුරිස්ලකුණෙන් හෙබි අසමසම බුදුරජ තෙමේ ය. නිරුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වූ සඞ්ඝ තෙම එයින් (-එම බුදුරජුන්ගෙන්) ප්‍රභූත වීය.
4571. තත්ථ දස්සාමහං දානං නවසස්සං පුරෙ පුරෙ, එවාහං චින්තයිත්වාන හට්ඨො පීණිතමානසො.
4571. මම පළමු පළමුව එම සඞ්ඝයා කෙරෙහි නවශස්‍යදානය දෙමි. මම මෙසේ සිතා සතුටු වූයෙම් පිනා ගිය සිත් ඇත්තෙම් ද (වීමි).
4572. ඛෙත්තතො ධඤ්ඤමාහත්වා සම්බුද්ධමුපසඞ්කමිං, උපසඞ්කම්ම සමුබුද්ධං ලොකජෙට්ඨං නරාසභං, වන්දිත්වා සත්ථුනො පාදෙ ඉමං වචනමබ්රවිං.
4572. කෙතින් ධාන්‍ය ගෙණවුත් බුදුරජුන් වෙත එළඹියෙමි. නරශ්‍රේෂ්ඨ වූ ලෝකජ්‍යේෂ්ඨ වූ සම්බුදුරජුන් වෙත එළඹ ශාස්තෲන් වහන්සේගේ සිරිපා වැඳ මෙම වචනය කීමි.
4573. නවසස්සං ච සම්පන්නං ආයාගො පි ච ත්වං මුනෙ, අනුකම්පමුපාදාය අධිවාසෙහි චක්ඛුම.
4573. “නවශස්‍යය ද සමෘද්ධ විය. මුනීන්වහන්ස, දක්ෂිණාර්හයන් වහන්සේ ද ඔබ වෙහි ය. පසැස් ඇත්තානන් වහන්ස, අනුකම්පාව උපදවා මෙය ඉවසා වදාළ මැනව.”
4574. පදුමුත්තරො ලොකවිදූ ආහුතීනං පටිග්ගහො, මම සඞ්කප්පමඤ්ඤාය ඉමං වචනමබ්රවි.
4574. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ පදුමුත්තර බුදුරජ තෙමේ මාගේ අදහස දැන මෙම වචනය කීය:
4575. “චත්තාරො ච පටිපන්නා චත්තාරො ච ඵලෙ ඨිතා, එස සඞ්ඝො උජුභූතො පඤ්ඤාසීලසමාහිතො.
4575. ප්‍රතිපන්නයෝ (මාර්ගස්ථ) සිවු දෙනෙකි. (සෝවන් ඈ සිවු) පෙළෙහි සිටියෝ සිවු දෙනෙකි. මේ ප්‍රඥාශීලයෙන් යුත් ඍජු භුත සඞ්ඝයා යි.
4576. යජන්තානං මනුස්සානං පුඤ්ඤපෙක්ඛානපාණිනං, කරොතොපධිකං පුඤ්ඤං සඞ්ඝෙ දින්නං මහප්ඵලං.
4576. පින් කැමැත්තා වූ භවසම්පත් දෙන ඔපධික පුණ්යකර්ම කරන්නා වූ දන් දෙන මිනිසුන්හට සඞ්ඝයා කෙරෙහි දෙන ලද්ද මහත්ඵල වේ.
4577. තස්මිං සඞ්ඝෙ පදාතබ්බං නවසස්සං තථෙතරං, සඞ්ඝතො උද්දිසිත්වාන භික්ඛූ නෙත්වාන සංඝරං, පටියත්තං ඝරෙ යන්තං භික්ඛුසඞ්ඝස්ස දෙහි ත්වං.”
4577. ඒ සඞ්ඝයා කෙරෙහි පිදිය යුතු වූ නවශස්‍ය ද එසේ ම එයින් අධික් තවත් දැය ද සඟුන් උදෙසා භික්ෂූන් සිය ගෙදොරට වැඩමවා (තමන් විසින්) ගෘහයෙහි යමක් පිළියෙළ කරණ ලද නම් එය තෙපි භික්‍ෂුසඞ්ඝයාට දෙව.”
4578. සඞ්ඝතො උද්දිසිත්වාන භික්ඛු නෙත්වානහං ඝරං, යං ඝරෙ පටියත්තං මෙ භික්ඛුසඞ්ඝස්සදාසහං.
4578. මම සඟුන් උදෙසා භික්ෂූන් (සිය) ගෙද්‍රෙරට වැඩමවා මා විසින් ගෘහයෙහි යමක් පිළියෙළ කරණ ලද නම් (එය) භික්ෂු සඞ්ඝයාට දුනිමි.
4579. තෙන කම්මෙන සුකතෙන චෙතනා පණිධීහි ච, ජහිත්වා මානුසං දෙහං තාවතිංසමගච්ඡහං.
4579. මැනැවින් කරණ ලද එම කර්මය හේතුකොට ගෙණ ද, චිත්තප්‍රණිධීන් හේතුකොට ගෙණ ද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.
4580. තත්ථ මෙ සුකතං ව්යම්හං සොවණ්ණං සප්පභස්සරං, සට්ඨියොජනමුබ්බෙධං තිංසයොජනවිත්ථතං.
4580. එහි මැනැවින් කරණ ලද මාගේ විමානය ස්වර්ණවර්ණ ය. ප්‍රභා සහිත ය. සැට යොදුන් උස් ය. තිස්යොදුන් පුළුල් ය.
(එකූනවීසතිමං භාණවාරං.)
(එකුන්විසිවැනි බණවර යි.)
4581. ආකිණ්ණං භවනං මය්හං නාරීගණසමාකුලං, තත්ථ භුත්වා පිවිත්වා ච වසාමි තිදසෙ අහං.
4581. මාගේ භවනය ආකීර්ණ ය. දිව්‍යස්ත්‍රී සමූහයාගෙන් ගැවසී ගත්තේ ය. මම ඒ තිදසෙහි කා-බී වසමි.
4582. සතානං තීණික්ඛත්තුං ච දෙවරජ්ජමකාරයිං, සතානං පඤ්චක්ඛත්තුං ච චක්කවත්තී අහොසහං, පදෙසරජ්ජං විපුලං ගණනාතො අසඞ්ඛියං.
4582. මම තුන්සිය වරක් දිව්‍යරාජ්‍යය කරවීමි. පන්සිය වරක් සක්විතිරජ වීමි. (ලබන ලද) ප්‍රදේශරාජ්‍යය ගණන් වශයෙන් ගිණිය නො හැකි ය.
4583. භවාභවෙ සංසරන්තො ලභාමි අමිතං ධනං, භොගෙ මෙ ඌනතා නත්ථි නවසස්සස්සිදං ඵලං.
4583. කුදුමහත් භවයෙහි සැරිසරන්නෙම් අපමණ ධනය ලබමි. මාගේ භෝගයෙහි අඩු බවෙක් නැත. නවශස්‍යදානයාගේ මේ විපාක යි.
4584. හත්ථියානං අස්සයානං සිවිකං සන්දමානිකං, ලභාමි සබ්බමෙවෙතං නවසස්සස්සිදං ඵලං.
4584. හස්තියාන ය, අශ්වයාන ය, සිවිකා ය, පල්ලැක්කි ය, යන මේ සියල්ල ලබමි. නවශස්‍යදානයාගේ මේ විපාක යි.
4585. නවවත්ථං නවඵලං නවග්ගරසභොජනං, ලභාමි සබ්බමෙවෙතං නවසස්සස්සිදං ඵලං.
4585. අභිනව වස්ත්‍ර ද අභිනව ඵල ද අභිනව වූ අග්‍රරසභෝජන ද යන මේ සියල්ල ලබමි. නවශස්‍යදානයාගේ මේ විපාක යි.
4586. කොසෙය්යකම්බලියානි ඛොමකප්පාසිකානි ච, ලභාමි සබ්බමෙවෙතං නවසස්සස්සිදං ඵලං.
4586. කෝසෙය්‍ය ය, කම්බල ය, ඛොම (කොමු) ය, කප්පාසික (-කපු) ය, යන මේ සියලු වස්ත්‍රවිශේෂ ලබමි. නවශස්‍යදානයාගේ මේ විපාක යි.
4587. දාසීගණං දාසගණං නාරියො ච අලඞ්කතා, ලභාමි සබ්බමෙවෙතං නවසස්සස්සිදං ඵලං.
4587. ද්‍රසී සමූහයා ද, ද්‍රසසමූහයා ද, අබරණින් සරසන ලද ස්ත්‍රීහු ද යන මේ සියල්ල ලබමි. නවශස්‍යදානයාගේ මේ විපාක යි.
4588. න මං සීතං වා උණ්හං වා පරිළාහො න විජ්ජති, අථො චෙතසිකං දුක්ඛං හදයෙ මෙ න විජ්ජති.
4588. මට ශීතය හෝ උෂ්ණය හෝ දැවීමක් හෝ නැත. යලි මාගේ හෘදයයෙහි චෛතසික දුකකුදු නැත.
4589. ඉමං ඛාද ඉමං භුඤ්ජ ඉමම්හි සයනෙ සය, ලභාමි සබ්බමෙවෙතං නවසස්සස්සිදං ඵලං.
4589. “මෙය කව, මෙය අනුභව කරව, මෙම සයනයෙහි සැතපෙව” යන මේ (මිහිරි වචන) සියල්ල ම ලබමි. නවශස්‍යදානයාගේ මේ විපාක යි.
4590. අයං පච්ඡිමකොදානි චරිමො වත්තතෙ භවො, අජ්ජාපි දෙය්යධම්මො මෙ ඵලං තොසෙති සබ්බදා.
4590. මේ මාගේ (භවයෙහි) අවසානය යි. දැන් අන්තිම භවය පවතී. අද පවා මාගේ දේයධර්මයෙහි ඵලය හැම කල් මා සතුටු කරයි.
4591. නවසස්සං දදිත්වාන සඞ්ඝෙ ගණවරුත්තමෙ, අට්ඨානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.
4591. අති උතුම් සඞ්ඝසමූහයා කෙරෙහි නවශස්‍ය දී මාගේ ඒ කර්මයට සුදුසු වූ අනුසස් අටක් විඳිමි.
4592. වණ්ණවා යසවා හොමි මහාභොගො අනීතිකො, මහෙසක්ඛො සදා හොමි අභෙජ්ජපරිසො සදා.
4592. මහත් භෝගසම්පත් ඇත්තෙම්, යශස් ඇත්තෙම්, වර්ණවත් වූයෙම් වෙමි. හැම කල්හි මහත් වූ පිරිවර ඇත්තෙම් ද, නො බිඳිය හැකි පිරිස් ඇත්තෙම් ද වෙමි.
4593. සබ්බෙ මං අපචායන්ති යෙ කෙචි පඨවිස්සිතා, දෙය්යධම්මා ච යෙ කෙචි පුරෙ පුරෙ ලභාමහං.
4593. පෘථිවිය ඇසුරු කළා වූ යමෙක් වෙත් නම් ඒ සියල්ලෝ මට ගරු බුහුමන් කෙරෙත්. යම්කිසි දෙය්යධර්මකෙනෙක් වෙත් නම් එය ද මම පළමු පළමු ලබමි.
4594. භික්ඛුසඞ්ඝස්ස වා මජ්ඣෙ බුද්ධසෙට්ඨස්ස සම්මුඛා, සබ්බෙපි සමතික්කම්ම දෙන්ති මය්හෙව දායකා.
4594. බික්සඟන මැද හෝ බුදුරජුන් හමුවෙහි හෝ දායකයෝ සියල්ලන් ඉක්මවා මට ම දෙති.
4595. පඨමං නවසස්සං හි දත්වා සඞ්ඝෙ ගණුත්තමෙ, ඉමානිසංසෙ අනුභොමි නවසස්සස්සිදං ඵලං.
4595. උතුම් සඞ්ඝසමූහයා කෙරෙහි පළමු කොට නවශස්‍ය දී මෙම අනුසස් ලබමි. නවශස්‍යදානයාගේ මේ විපාක යි.
4596. සතසහස්සෙ ඉතො කප්පෙ යං දානමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි නවසස්සස්සිදං ඵලං.
4596. එකල්හි මෙයින් සියදහස් වන කපෙහි වූ යම් දනක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. නවශස්‍ය දානයාගේ මේ විපාක යි.
4597. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගොව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
4597. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.
4598. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
4598. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4599. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
4599. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
ඉත්ථං සුදං ආයස්මා සුචින්තිතො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙසෙයින් ආයුෂ්මත් සුචින්තිත ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සුචින්තිතත්ථෙරස්ස අපදානං අට්ඨමං.
සුචින්තිතස්ථවිරාවදානය අටවැනි යි.