යෙදුමෙන් කියවන්න

470. නිමිත‍්තව්‍යාකරණියත්‍ථෙරාපදානං

470. නිමිත‍්තව්‍යාකරණියත්‍ථෙරාපදානං

470. නිමිත්තව්‍යාකරණිය ස්ථවිරාවදානය

4922. අජ‍්ඣොගහෙත්‍වා හිමවං මන‍්තෙ වාචෙමහං තදා, චතුපඤ‍්ඤාසසහස‍්සානි සිස‍්සා මය‍්හං උපට‍්ඨහුං.

4922. මම එකල්හි හිමවතට පිවිස මන්ත්‍ර කියවමි. සූපණස් දහසක් ශිෂ්‍යයෝ මට උවටැන් කළාහු ය.

4923. අධීතා වෙදගූ සබ‍්බෙ ඡළඞ‍්ගෙ පාරමිඞ‍්ගතා, සකවිජ‍්ජාහුපත්‍ථද‍්ධා හිමවන‍්තෙ වසන‍්ති තෙ.

4923. ඔහු සියලු දෙන වේද හදාළාහු වේදය දත්තාහු ෂඩඞ්ගවේදයෙහි පරතෙරට ගියාහු ස්වකීය විද්‍යාවන්ගෙන් ස්ථිර බවට පැමිණියාහු හිමවතෙහි වෙසෙත්.

4924. චවිත්‍වා තුසිතා කායා දෙවපුත‍්තො මහායසො, උප‍්පජ‍්ජි මාතුකුච‍්ඡිස‍්මිං සම‍්පජානො පතිස‍්සතො.

4924. මහායශස් ඇති (බෝධිසත්ත්‍ව) දිව්‍යපුත්‍ර තෙම තුෂිත දෙව්ලොවින් ච්‍යුතව මනානුවණැත්තේ සිහියෙන් යුතු වූයේ මවුකුසෙහි උපන්නේ ය.

4925. සම‍්බුද‍්ධෙ උපපජ‍්ජන‍්තෙ දසසහස‍්සී පකම‍්පථ, අන්‍ධා චක‍්ඛුං අලභිංසු උප‍්පජ‍්ජන‍්තම‍්හි නායකෙ.

4925. සම්බුදුරජුන් උපදනා කල්හි දසසහස්‍රීලෝකධාතුව කම්පා විය. ලෝකනායකයන් වහන්සේ උපදනා කල්හි අන්‍ධයෝ ඇස් ලැබූහ.

4926. සබ‍්බාකාරං පකම‍්පිත්‍ථ කෙවලා වසුධා අයං, නිග‍්ඝොසසද‍්දං සුත්‍වාන උබ‍්බිජ‍්ජිංසු මහාජනා.

4926. මේ සම්පූර්‍ණ පෘථිවිය හැම අයුරින් ම කම්පා විය. ඒ මහහඬ අසා මහජනයෝ නොසන්සුන් වූහ.

4927. සබ‍්බෙ ජනා සමාගම‍්ම ආගච‍්ඡුං මම සන‍්තිකං, වසුධා’යං පකම‍්පිත්‍ථ කිංවිපාකො භවිස‍්සති.

4927. සියලු දෙන එකතුව මාගේ සමීපයට පැමිණියාහු ය. “මේ පොළොව කම්පා විය. කවර විපාකයෙක් වන්නේ දැ” යි විචාළහ.

4928. අවවාසිං තදා තෙසං ‘මා භෙථ නත්‍ථි වො භයං, විස‍්සත්‍ථා හොථ සබ‍්බෙපි උප‍්පාදොයං සුවත්‍ථිකො.

4928. එකල්හි ඔවුනට මෙසේ කීමි: “බිය නො වවු. තොපට (මෙයින්) බියෙක් නැත. සියල්ලෝ සැක නැත්තෝ වවු. මෙය සැප ඇති උපතෙකි.

4929. අට‍්ඨහෙතූහි සම‍්ඵුස‍්ස වසුධායං පකම‍්පති, තථා නිමිත‍්තා දිස‍්සන‍්ති ඔභාසො විපුලො මහා.

4929. හේතු අටෙකින් ගැටුනු මේ පොළොව කම්පා වෙයි. එබඳු නිමිතීහු පැණෙති. මේ අතිමහත් ආලෝකයෙකි.

4930. අසංසයං බුද‍්ධසෙට‍්ඨො උප‍්පජ‍්ජිස‍්සති චක‍්ඛුමා, සඤ‍්ඤාපෙත්‍වාන ජනතං පඤ‍්චසීලෙ කථෙසහං.

4930. පසැස් ඇති බුදුරජ තෙම නිසැකව ම උපදින්නේ ය යි ජනසමූහයාට දන්වා මම ඔවුනට පන්සිල් කීමි.

4931. සුත්‍වාන පඤ‍්චසීලානි බුද‍්ධප‍්පාදඤ‍්ච දුල‍්ලභං, උබ‍්බෙගජාතා සුමනා තුට‍්ඨහට‍්ඨා අහංසු තෙ.

4931. පඤ්චසීලය ද, දුර්‍ලභ වු බුද්ධෝත්පාදය ද අසා ඔහු සොම්නස් වූවාහු තුටුපහටු වූවාහු හටගත් උද්වේග ඇත්තෝ ද වූහ.

4932. ද‍්වෙනවුතෙ ඉතො කප‍්පෙ යං නිමිත‍්තං වියාකරිං, දුග‍්ගතිං නාභිජානාමි ව්‍යාකරණස‍්සිදං ඵලං.

4932. මෙයින් දෙයානූ වන කපෙහි (බුදුරජ උපදින්නේ ය යි) යම් නිමිත්තක් පැවැසූයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. නිමිති පැවැසීමෙහි මේ විපාක යි.

4933. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, නාගො’ව බන්‍ධනං ඡෙත්‍වා විහරාමි අනාසවො.

4933. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිතව වෙසෙමි.

4934. ස‍්වාගතං වත මෙ ආසි බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං.

4934. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

4935. පටිසම‍්භිදා චතස‍්සො ච විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

4935. සිවුපිළිසැඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

ඉත්‍ථං සුදං ආයස‍්මා නිමිත‍්තව්‍යාකරණියො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙසෙයින් ආයුෂ්මත් නිමිත්තව්‍යාකරණිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේකි.

නිමිත‍්තව්‍යාකරණියත්‍ථෙරාපදානං දසමං.

නිමිත්තව්‍යාකරණියස්ථවිරාවදානය දසවැනි යි.

සාලකුසුමියවග‍්ගො සත‍්තචත‍්තාළීසමො.

සාලකුසුමියවර්‍ගය සත්සාළිස් වැනි යි.

උද‍්දානං:

උද්දානය:

සාලකුසුමියො ථෙරො පූජානිබ‍්බාපකො පිච සෙතුදො තාලවණ‍්ටී ච අවණ‍්ට ලබුජප‍්පදො පිලක‍්ඛපටිභාණි ච වෙය්‍යාකරණියො දිජො ද‍්වෙසත‍්තති ගාථායො ගණිතායො විභාවිහි

සාලකුසුමිය චිතකපූජක - නිබ්බාපක සේතුද ද තාලවණ්ටී - අවණ්ට ලබුජ පිලක්ඛ පටිභාණ වෙය්‍යාකරණීය බමුණු දැයි - පඬුවන් ගිණු ගී දෙසැත්තෑවකි.