යෙදුමෙන් කියවන්න

471. නළමාලියත්‍ථෙරාපදානං

471. නළමාලියත්‍ථෙරාපදානං

471. නළමාලිය ස්ථවිරාවදානය

4936. සුවණ‍්ණවණ‍්ණං සම‍්බුද‍්ධං ආහුතීනං පටිග‍්ගහං, පවනග‍්ගෙන ගච‍්ඡන‍්තං අද‍්දසං ලොකනායකං.

4936. ලෝකයාගේ පූජාවට යෝග්‍ය වූ වනය මතුයෙහි (අහසින්) ගමන් කරන්නා වු ලෝකනායක වූ ස්වර්‍ණවර්‍ණ වූ සම්බුදුරජුන් දිටිමි.

4937. නළමාලං ගහෙත්‍වාන නික‍්ඛමන‍්තොව තාවදෙ, තත්‍ථද‍්දසාසිං සම‍්බුද‍්ධං ඔඝතිණ‍්ණමනාසවං.

4937. එකෙණෙහි මම නළ (බට) මලක් ගෙණ නික්මෙන්නෙම් චතුරෝඝයන් තරණය කළා වූ ආස්‍රවරහිත වූ සම්බුදුරජුන් එහි දී දිටිමි.

4938. පසන‍්නචිත‍්තො සුමනො නළමාලං අපූජයිං, දක‍්ඛිණෙය්‍යං මහාවීරං සබ‍්බලොකානුකම‍්පකං.

4938. පහන් සිත් ඇති සොම්නස් වූ මම දක්‍ෂිණාර්‍හ වූ මහාවීර වූ සියලු ලොවට අනුකම්පා කරන්නා වූ බුදුරජුන්හට එ ම නළමල පිදීමි.

4939. එකතිංසෙ ඉතො කප‍්පෙ යං පුප‍්ඵමභිරොපයිං, දුග‍්ගතිං නාභිජානාමි බුද‍්ධපූජායිදං ඵලං.

4939. මෙයින් එක්තිස් වන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම් ද, එයින් දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.

4940. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, නාගො’ව බන්‍ධනං ඡෙත්‍වා විහරාමි අනාසවො.

4940. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිතව වෙසෙමි.

4941. ස‍්වාගතං වත මෙ ආසි බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං.

4941. බුදුරජාණන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තය හ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

4942. පටිසම‍්භිදා චතස‍්සො ච විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

4942. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

ඉත්‍ථං සුදං ආයස‍්මා නළමාලියො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙසෙයින් ආයුෂ්මත් නළමාලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

නළමාලියත්‍ථෙරස‍්ස අපදානං පඨමං.

නළමාලිය ස්ථවිරාවදානය පළමුවැනි යි.