යෙදුමෙන් කියවන්න

472. මණිපූජකත්‍ථෙරාපදානං

472. මණිපූජකත්‍ථෙරාපදානං

472. මණිපූජක ස්ථවිරාවදානය

4943. පදුමුත‍්තරො නාම ජිනො සබ‍්බධම‍්මාන පාරගු, විවෙකකාමො සම‍්බුද‍්ධො ගච‍්ඡතෙ අනිලඤ‍්ජසෙ.

4943. පදුමුත්තර නම් වූ සියලු ධර්‍මයන්හි පරතෙරට ගිය පස්මරුන් ජයගත් විවේක සැප කැමැති බුදුරජ තෙම අහස්මඟෙහි වඩියි.

4944. අවිදූරෙ හිමවතො මහාජාතස‍්සරො අහු, තත්‍ථ මෙ භවනං ආසි පුඤ‍්ඤකම‍්මෙන සංයුතං.

4944. හිමවතට නුදුරෙහි මහත් වූ ස්වයංජාත විලෙක් විය. එහි පුණ්‍යකර්‍මයෙන් යෙදුනු හෙවත් පිණින් පහළ වූ මාගේ භවනය විය.

4945. භවනා අභිනික‍්ඛම‍්ම අද‍්දසං ලොකනායකං, ඉන්‍දීවරංව ජලිතං ආදිත‍්තංව හුතාසනං.

4945. භවනයෙන් නික්ම නිලුපුල් මෙන් දිලිසෙන ඇවිලගත් ගින්නක් වැනි ලෝකනායක වූ බුදුරජුන් දිටිමි.

4946. විචිනං නාද‍්දසං පුප‍්ඵං පූජයිස‍්සන‍්ති නායකං, සකං චිත‍්තං පසාදෙත්‍වා අවන්‍දිං සත්‍ථුනො අහං.

4946. බුදුරජුන්හට පුදන්නෙමැ යි සොයන්නෙම් මලක් නො දිටිමි. මම සිය සිත පහදවා ශාස්තෲන් වහන්සේට වැන්දෙමි.

4947. මම සීසෙ මණිං ගය‍්හ පූජයිං ලොකනායකං, ඉමාය මණිපූජාය විපාකො හොතු භද‍්දකො.

4947. මාගේ හිසෙහි වූ මැණික ගෙණ “මේ මිණි පිදීමෙහි විපාකය යහපත් වේවා“යි ලෝකානායක වූ බුදුරජුන්හට පිදීමි.

4948. පදුමුත‍්තරො ලොකවිදූ ආහුතීනං පටිග‍්ගහො, අන‍්තළික‍්ඛෙ ඨිතො සත්‍ථා ඉමං ගාථං අභාසථ.

4948. ලෝකයාගේ පූජාවන් පිළිගැණීමට යෝග්‍ය වූ ලෝකවිද් පදුමුත්තර ශාස්තෲන් වහන්සේ අහසෙහි සිටිසේක් මේ ගාථාව වදාළහ:

4949. සො තෙ ඉජ‍්ඣතු සඞ‍්කප‍්පො ලභස‍්සු විපුලං සුඛං, ඉමාය මණිපූජාය අනුභොහි මහායසං.

4949. “තාගේ ඒ අදහස සමෘද්ධ වේවා. මහත් වූ සැප ලබනෙහි වා. මෙ ම මැණික්පූජාවෙන් මහත් යශස් අනුභව කරව” යි කියා යි.

4950. ඉදං වත්‍වාන භගවා ජලජුත‍්තමනාමකො, අගමාසි බුද‍්ධසෙට‍්ඨො යත්‍ථ චිත‍්තං පණීහිතං.

4950. භාග්‍යවත් වූ පදුමුත්තර නම් වූ බුද්ධශ්‍රේෂ්ඨ තෙමේ මේ වචනය වදාරා වැඩියේ ය. යම් (ප්‍රාර්‍ත්‍ථනාවෙක) සිත පිහිටුවන ලද ද,

4951. සට‍්ඨිකප‍්පානි දෙවින්‍දො දෙවරජ‍්ජමකාරයිං, අනෙකසතක‍්ඛත‍්තුඤ‍්ච චක‍්කවත‍්තී අහොසහං.

4951. (ඒ හේතුවෙන්) කල්පසැටක් දේවේන්‍ද්‍රව දිව්‍යරාජ්‍යය කරවීමි. නේසියක්වර සක්විතිරජ වීමි.

4952. පුබ‍්බකම‍්මං සරන‍්තස‍්ස දෙවභූතස‍්ස මෙ සතො, මණි නිබ‍්බත‍්තතෙ මය‍්හං ආලොකකරණො මමං.

4952. දෙවි වූ පූර්‍වකර්‍මය සිහි කරන්නා වූ මට මා ආලෝක කරන්නා වූ මාගේ ම මැණික් පහළ වේ.

4953. ඡළාසීතිසහස‍්සානි නාරියො මෙ පරිග‍්ගහා, විචිත‍්තවත්‍ථාභරණා ආමුත‍්තමණිකුණ‍්ඩලා

4953-4954. මාගේ පිරිවර වූ සයාසුදහසක් ස්ත්‍රීහු විසිතුරු වස්ත්‍රාභරණ ඇත්තාහු, පළඳින ලද මිණිකොඬොල් ඇත්තාහු, දිග ඇසිපිය ඇත්තාහු, සිනා සහිත වූවාහු, මනා තන ඇත්තාහු, සිහින් කටීප්‍රදේශ ඇත්තාහු, නිතර මා පිරිවරත්. මණිපූජාවෙහි මේ විපාක යි.

4954. අළාරපම‍්හා හසුලා සුත්‍ථනා තනුමජ‍්ඣිමා, පරිවාරෙන‍්ති මං නිච‍්චං මණිපූජායිදං ඵලං.

4955. සොණ‍්ණමයා මණිමයා ලොහිතඞ‍්කමයා තථා, භණ‍්ඩා මෙ සුකතා හොන‍්ති යදිච‍්ඡාය පිළන්‍ධනා.

4955. රුවන්මුවා වූ ද මිණිමුවා වූ ද එසේ ම පියුම්රාමිණිමුවා වූ ද මාගේ භාණ්ඩයෝ මැනැවින් කරණ ලද්දාහු වෙත්. පළඳනාවෝ කැමැති පරිදි වෙත්.

4956. කූටාගාරා ගුහා රම‍්මා සයනඤ‍්ච මහාරහං, මම සඞ‍්කප‍්පමඤ‍්ඤාය නිබ‍්බත‍්තන‍්ති යදිච‍්ඡකං.

4956. රම්‍ය වූ කූටාගාර ගුහාවෝ ද මාහැඟි සයනාසන ද මාගේ අදහස් දැන කැමැති තාක් පහළ වෙත්.

4957. ලාභා තෙසං සුලද‍්ධං ච යෙ ලභන‍්ති උපස‍්සුතිං, පුඤ‍්ඤක‍්ඛෙත‍්තං මනුස‍්සානං ඔසධං සබ‍්බපාණිනං.

4957. යමෙක් මිනිසුනට පින්කෙත් වූ සව්සත්නට බෙහෙදක් වූ ධර්‍මශ්‍රවණය ලබත් නම් එය ඔවුනට ලාභයෙකි. මැනැවින් ලැබූ ලාභයෙකි.

4958. මය‍්හම‍්පි සුකතං කම‍්මං යොහං අද‍්දක‍්ඛි නායකං, විනිපාතා පමුත‍්තොම‍්හි පත‍්තොම‍්හි අචලං පදං.

4958. යම්බඳු වූ මම බුදුරජුන් දිටිම් ද, මා විසිනුදු මනා වූ කර්‍මයක් කරණ ලදි. එයින් දුගතියෙන් මිදුනෙම් වෙමි. අචලපදය වූ නිවනට ද පැමිණියෙම් වෙමි.

4959. යං යං යොනුපපජ‍්ජාමි දෙවත‍්තං අථ මානුසං, සමන‍්තා සත‍්තරතනා ආලොකො හොති මෙ සදා.

4959. දෙවි වූ හෝ මිනිස් වූ හෝ යම් යම් යෝනියෙක උපදිම් ද, (ඒ) හැමකල්හි හාත්පස සත්රියනක් මාගේ ආලොකය වේ.

4960. තායෙව මණිපූජාය අනුභොත්‍වාන සම‍්පදා, ඤාණාලොකො මයා දිට‍්ඨො පත‍්තොම‍්හි අචලං පදං.

4960. එ ම මැණික් පූජාවෙන් සම්පත් අනුභව කොට මා විසින් ඥානාලෝකය දක්නා ලදි. අචල වූ ශාන්තිපදයට පැමිණියෙම් වෙමි.

4961. සතසහස‍්සෙ ඉතො කප‍්පෙ යං මණිං අභිපූජයිං, දුග‍්ගතිං නාභිජානාමි මණිපූජයිදං ඵලං.

4961. මෙයින් සියක්දහස් වන කපෙහි යම් මැණික්පූජාවක් කෙළෙම් ද, එයින් දුගතියක් නො දනිමි. මණිපූජාවෙහි මේ විපාක යි.

4962. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, නාගො’ව බන්‍ධනං ඡෙත්‍වා විහරාමි අනාසවො.

4962. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිතව වෙසෙමි.

4963. ස‍්වාගතං වත මෙ ආසි බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං.

4963. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තය හ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

4964. පටිසම‍්භිදා චතස‍්සො ච විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

4964. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

ඉත්‍ථං සුදං ආයස‍්මා මණිපූජකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙසෙයින් ආයුෂ්මත් මණිපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

මණිපූජකත්‍ථෙරස‍්ස අපදානං දුතියං.

මණිපූජක ස්ථවිරාවදානය දෙවැනි යි.