යෙදුමෙන් කියවන්න

473. උක‍්කාසතිකත්‍ථෙරාපදානං

473. උක‍්කාසතිකත්‍ථෙරාපදානං

473. උක්කාසතික ස්ථවිරාවදානය

4965. කොසිකො නාම භගවා චිත‍්තකූටෙ වසී තදා, ඣායී ඣානරතො බුද‍්ධො විවෙකාභිරතො මුනි.

4965. එකල්හි මුනිගුණ යුතු වූ ධ්‍යාන කරන්නා වූ ධ්‍යානයෙහි ඇළුනා වූ භාග්‍යවත් වූ කෝසික නම් (පසේ) බුදුරජ තෙමේ විවෙක සුවයෙහි ඇළුනේ චිත්‍රකූට පර්‍වතයෙහි වැඩ විසි ය.

4966. අජ‍්ඣොගහෙත්‍වා හිමවන‍්තං නාරීගණපුරක‍්ඛතො, අද‍්දසං කොසිකං බුද‍්ධං පුණ‍්ණමාසෙව චන්‍දිමං.

4966. ස්ත්‍රීසමූහයා විසින් පිරිවරණ ලදුව හිමවතට පිවිස පුරපසළොස්වක් දිනයෙහි සඳු වැනි වූ කෝසික බුදුරජුන් දිටිමි.

4967. උක‍්කාසතෙ ගහෙත්‍වාන පරිවාරෙසහං තදා, සත‍්තරත‍්තින්‍දිවං ඨත්‍වා අට‍්ඨමෙන අගච‍්ඡහං.

4967. එකල්හි මම උල්කා (විලක්කු) සීයක් ගෙණ (උන්වහන්සේ) පිරිවැරීමි. මම රෑ දාවල් සතක් (එහි) සිට අටවෙනි දිනයෙහි ගියෙමි.

4968. වුට‍්ඨිතං කොසිකං බුද‍්ධං සයම‍්භුං අපරාජිතං, පසන‍්නචිත‍්තො වන්‍දිත්‍වා එකං භික‍්ඛං අදාසහං.

4968. සමාධියෙන් නැඟී සිටියා වූ පස්මරුන් දිනූ සියල්ල තෙමේ ම අවබෝධ කරගත් කෝසික බුදුරජුන් වැඳ පහන්සිත් ඇත්තෙම් මම එක් භික්‍ෂාවක් දුනිමි.

4969. තෙන කම‍්මෙන දිපදින්‍ද ලොකජෙට‍්ඨ නරාසභ, උප‍්පජ‍්ජිං තුසිතෙ කායෙ එකභික‍්ඛායිදං ඵලං.

4969. ද්විපදෝත්තමයාණන් වහන්ස, ලෝකජ්‍යේෂ්ඨයාණන් වහන්ස, නරශ්‍රෙෂ්ඨයානන් වහන්ස, එ ම කර්‍ම හේතුකොට ගෙණ තුෂිත දෙව් ලොවැ උපනිමි. එක් භික්‍ෂාදානයෙහි මෙ විපාක යි.

4970. දිවසඤ‍්චෙව රත‍්තිඤ‍්ච ආලොකො හොති මෙ සදා, සමන‍්තා යොජනසතං ඔභාසෙන ඵරාමහං.

4970. දිවාකල්හි ද රාත්‍රියෙහි ද හැම කල්හි මාගේ අලෝකය වෙයි. මම හාත්පස සියක්යොදුනක් ආලොකය විහිදුවමි.

4971. පඤ‍්චපඤ‍්ඤාසකප‍්පම‍්හි චක‍්කවත‍්තී අහොසහං, චාතුරන‍්තො විජිතාවී ජම‍්බුසණ‍්ඩස‍්ස ඉස‍්සරො,

4971. මම පස්පණස් කපක් සිවුමහසයුරු හා සිවුමහදිවයින් කෙළවර කොට ඇති පෘථිවියට අධිපති වූ සතුරු රජුන් ජයගන්නා සුලු වූ (දඹදිව රාජධානි කොට ඇති බැවින් හෝ වෙසෙසින් එයට ඉසුරු බැවින් හෝ) ජම්බුද්වීපයට අධිපති වූ සක්විති රජ වීමි.

4972. තදා මෙ නගරං ආසි ඉද‍්ධං ඵීතං සුනිම‍්මිතං, තිංසයොජනමායාමං විත්‍ථාරෙන ච වීසති.

4972. එකල්හි මට සමෘද්ධ වූ සම්පත්තියෙන් පිරුණා වූ මැනැවින් නිමවන ලද තිස් යොදුන් දිගු විසි යොදුන් පුළුල් නගරයෙක් විය.

4973. සොභනං නාම නගරං විස‍්සකම‍්මෙන මාපිතං, දසසද‍්දාවිචිත‍්තන‍්තං සම‍්මතාළසමාහිත.

4973. ඒ සෝභන නම් නුවර විශ්වකර්‍මයා විසින් මවන ලද්දේ විය. (එව-කව බොව) යනාදි දශවිධ ශබ්දයෙන් තොර නො විය. කයිතාලම් (ආදි තූර්‍ය්‍ය) නාදයෙන් ද යුක්ත විය.

4974. න තස‍්මිං නගරෙ අත්‍ථි වල‍්ලි කට‍්ඨං ච මත‍්තිකා, සබ‍්බසොණ‍්ණමයං යෙව ජොතතෙ නිච‍්චකාලිකං.

4974. ඒ නගරයෙහි වැල් දර ද මැටි ද නැති. සියල්ල ස්වර්‍ණමය වූයේ ම හැම කල්හි බබල යි.

4975. චතුපාකාරපරික‍්ඛිත‍්තං තයො ආසුං මණිමයා, වෙමජ‍්ඣෙ තාලපන‍්තී ච විස‍්සකම‍්මෙන මාපිතා,

4975. ප්‍රාකාර සතරෙකින් වට කරණ ලද්දේ විය. ඒ පවුරුහු මිණිමුවා වූහ. මැද පෙදෙසෙහි තාලපඞ්ක්තීහු ද විශ්වකර්‍මයා විසින් මවන ලදහ.

4976. දසසහස‍්සා පොක‍්ඛරඤ‍්ඤො පදුමුප‍්පලඡාදිතා, පුණ‍්ඩරීකෙහි සඤ‍්ඡන‍්නා නානාගන්‍ධසමෙරිතා.

4976. පියුම්උපුලෙන් වැසුනු පඬෙරින් ගැවසී ගත් නොයෙක් සුවඳ වහනය වන්නා වූ පොකුණු දසදහසෙක් වූහ.

4977. චතුනවුතෙ ඉතො කප‍්පෙ යං උක‍්කං ධාරයිං අහං, දුග‍්ගතිං නාභිජානාමි උක‍්කාධාරස‍්සිදං ඵලං.

4977. මම මෙයින් අනූ වන කපෙහි (බුදුනට) යම් උල්කාවක් දැරූයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. උල්කාධාරණයෙහි මේ විපාක යි.

4978. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, නාගො’ව බන්‍ධනං ඡෙත්‍වා විහරාමි අනාසවො.

4978. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිතව වෙසෙමි.

4979. ස‍්වාගතං වත මෙ ආසි බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං.

4979. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තය හ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

4980. පටිසම‍්භිදා චතස‍්සො ච විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

4980. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා උක‍්කාසතිකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙසෙයින් ආයුෂ්මත් උක්කාසතික ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

උක‍්කාසතිකත්‍ථෙරස‍්ස අපදානං තතියං.

උක්කාසතික ස්ථවිරාවදානය තෙවැනි යි.