474. සුමනවීජනියත්ථෙරාපදානං
474. සුමනවීජනියත්ථෙරාපදානං
474. සුමනවීජනිය ස්ථවිරාවදානය
4981. විපස්සිනො භගවතො බොධියා පාදපුත්තමෙ, සුමනාවවීජනිං ගය්හ අවීජිං බොධිමුත්තමං.
4981. විපස්සී බුදුරජුන්ගේ උතුම් බෝධිවෘක්ෂය සමීපයෙහි සමන් මල් වීජනියක් ගෙණ මම ඒ උතුම් බෝධියට පවන් සැලිමි.
4982. එකනවුතෙ ඉතො කප්පෙ අවීජිං බොධිමුත්තමං, දුග්ගතිං නාභිජානාමි වීජතාය ඉදං ඵලං.
4982. මෙයින් එක්අනූ වන කපෙහි උතුම් බෝධියට පවන් සැලූයෙම් ද, ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. පවන් සැලීමෙහි මේ විපාකයි.
4983. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
4983. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිතව වෙසෙමි.
4984. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
4984. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තය හ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
4985. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
4985. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා සුමනවීජනියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙසෙයින් ආයුෂ්මත් සුමනවීජනිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සුමනවීජනියත්ථෙරස්ස අපදානං චතුත්ථං.
සුමනවීජනීය ස්ථවිරාවදානය සිවුවැනි යි.
475. කුම්මාසදායකත්ථෙරාපදානං
475. කුම්මාසදායක ස්ථවිරාවදානය
4986. එසනාය චරන්තස්ස විපස්සිස්ස මහෙසිනො, රිත්තකං පත්තං දිස්වාන කුම්මාසං පූරයිං අහං.
4986. පිඬු පිණිස හැසිරෙන්නා වූ විපස්සී බුදුරජුන්ගේ හිස් පාත්‍රය දැක කොමු පිඬු පිරවීමි.
4987. එකනවුතෙ ඉතො කප්පෙ යං භික්ඛමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි කුම්මාසස්ස ඉදං ඵලං.
4987. මෙයින් එක් අනු වන කපෙහි වූ එකල්හි යම් භික්ෂාවක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. කුම්මාසදානයෙහි මේ විපාක යි.
4988. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
4988. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිත ව වෙසෙමි.
4989. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
4989. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තය හ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
4990. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
4990. සිවුපිළිසැඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා කුම්මාසදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙසෙයින් ආයුෂ්මත් කුම්මාසදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
කුම්මාසදායකත්ථෙරස්ස අපදානං පඤ්චමං.
කුම්මාසදායක ස්ථවිරාවදානය පස්වැනි යි.
476. කුසට්ඨදායකකත්ථෙරාපදානං
476. කුසට්ඨදායක ස්ථවිරාවදානය
4991. කස්සපස්ස භගවතො බ්රාහ්මණස්ස වුසීමතො, පසන්නචිත්තො සුමනො කුසට්ඨකමදාසහං.
4991. වැස නිමවන ලද බඹසර ඇති බ්‍රාහ්මණවංශයෙහි වූ කාශ්‍යප බුදුරජුන් හට පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් ලහබත් අටක් දුනිමි.
4992. ඉමස්මිං යෙව කප්පස්මිං කුසට්ඨකමදාසහං, දුග්ගතිං නාභිජානාමි කුසට්ඨකස්සිදං ඵලං.
4992. මේ කල්පයෙහි ම සලාකබත් අටක් දුනිමි. (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ලහබත් අට දීමෙහි මේ විපාක යි.
4993. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
4993. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිත ව වෙසෙමි.
4994. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
4994. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තය හ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
4995. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
4995. සිවුපිළිසැඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා කුසට්ඨදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙසෙයින් ආයුෂ්මත් කුසට්ඨදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේකි.
කුසට්ඨදායකත්ථෙරස්ස අපදානං ඡට්ඨං.
කුසට්ඨදායක ස්ථවිරාවදානය සවැනි යි.
477. ගිරිපුන්නාගියත්ථෙරාපදානං
477. ගිරිපුනනාගිය ස්ථවිරාවදානය
4996. සොභිතො නාම සම්බුද්ධො චිත්තකූටෙ වසී තදා, ගහෙත්වා ගිරිපුන්නාගං සයම්භුම්හිපූජයිං.
4996. එ කල්හි සෝභිත නම් සම්බුදුරජ තෙම චිත්‍රකූට පර්වතයෙහි වැඩ විසී ය. මම ගිරිපුන්නාගපුෂ්පයක් ගෙණ බුදුරජුන් පිදීමි.
4997. චතුනවුතෙ ඉතො කප්පෙ යං බුද්ධම්හිපූජයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
4997. මෙයින් සිවුඅනූ වන කපෙහි බුදුරජුන්හට යම් පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
4998. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
4998. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිත ව වෙසෙමි.
4999. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
4999. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තය හ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
5000. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
5000. සිවුපිළිසැඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා ගිරිපුන්නාගියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙසෙයින් ආයුෂ්මත් ගිරිපුනනාගිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ගිරිපුන්නාගියත්ථෙරස්ස අපදානං සත්තමං.
ගිරිපුන්නාගීයස්ථවිරාවදානය සත්වැනි යි.
478. වල්ලිකාරඵලදායකත්ථෙරාපදානං
478. වල්ලිකාරඵලදායක ස්ථවිරාවදානය
5001. සුමනො නාම සම්බුද්ධො තක්කරායං වසී තදා, වල්ලිකාරඵලං ගය්හ සයම්භුස්ස අදාසහං.
5001. එකල්හි සුමනා නම් සම්බුදුරජ තෙම තක්කරා රාජධානියෙහි වැඩ විසී ය. මම සියල්ල දත් බුදුරජානන් වහන්සේට වල්ලිකාර ඵලයක් ගෙන දුනිමි.
5002. එකතිංසෙ ඉතො කප්පෙ යං ඵලං අදදිං තදා, දුග්ගතිං නාභිජානාමි ඵලදානස්සිදං ඵලං.
5002. මෙයින් එක්තිස් වන කපෙහි වූ එකල්හි යම් ඵලදානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාකය යි.
5003. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
5003. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිතව වෙසෙමි.
5004. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
5004. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තය හ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
5005. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
5005. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා වල්ලිකාරඵලදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙසෙයින් ආයුෂ්මත් වල්ලිකාරඵලදායකස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
වල්ලිකාරඵලදායකත්ථෙරස්ස අපදානං අට්ඨමං.
වල්ලිකාරඵලදායක ස්ථවිරාවදානය අටවැනි යි.