යෙදුමෙන් කියවන්න

479. පානධිදායකත්‍ථෙරාපදානං

479. පානධිදායකත්‍ථෙරාපදානං

479. පානධිදායක ස්ථවිරාවදානය

5006. අනොමදස‍්සී භගවා ලොකජෙට‍්ඨො නරාසභො, දිවාවිහාරා නික‍්ඛම‍්ම පථමාරුහි චක‍්ඛුමා.

5006. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ පසැස් ඇති අනෝමදස්සී බුදුරජ තෙමේ දිවාවිහරණයෙන් නික්ම මාර්‍ගයට පිළිපන්නේ ය.

5007. පානධිං සුකතං ගය‍්හ අද‍්ධානං පටිපජ‍්ජහං, තත්‍ථද‍්දසාසිං සම‍්බුද‍්ධං පත‍්තිකං චාරුදස‍්සනං.

5007. මම මැනවින් කරණ ලද පාවහන් (යුවලක්) ගෙන මාර්‍ගයට පිළිපන්නෙමි. එහිදී මනෝඥවූ දර්‍ශන ඇති පාගමනින් වඩින්නා වූ සම්බුදු රජුන් දුටුයෙමි.

5008. සකං චිත‍්තං පසාදෙත්‍වා නීහරිත්‍වාන පානධිං, පාදමූලෙ ඨපෙත්‍වාන ඉදං වචනමබ්‍රවිං.

5008. සිය සිත පහදවා පාවහන් (යුවල) බැහැරට ගෙන (බුදුරජුන්ගේ) පාමුල තබා මේ වචනය කීමි:

5009. අභිරූහ මහාවීර සුගතින්‍ද විනායක, ඉතො ඵලං ලභිස‍්සාමි යො මෙ අත්‍ථො සමිජ‍්ඣතු.

5009. විනායකයාණන් වහන්ස, සුගතෙන්‍ද්‍රයාණන් වහන්ස, මහාවීරයාණන් වහන්ස, (මේ පාවහන්යුවලට) නැංග මැනැව. මෙයින් යම් විපාකයක් ලබන්නෙම් ද, (ඉන්) මාගේ යම් අභිමතාර්‍ත්‍ථයෙක් වේ නම් එය සමෘද්ධ වේ වා.

5010. අනොමදස‍්සී භගවා ලොකජෙට‍්ඨො නරාසභො, පානධිං අභිරූහිත්‍වා ඉදං වචනමබ්‍රවී:

5010. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ අනෝමදස්සී බුදුරජ තෙම වහන්සඟළෙහි නැඟ සිට මේ වචනය වදාළේ ය.

5011. “යො පානධිං මෙ අදදා පසන‍්නො සෙහි පාණිහි, තමහං කිත‍්තයිස‍්සාමි, සුණොථ මම භාසතො.”

5011. “යමෙක් තෙම පහන් සිත් ඇත්තේ මට සියතින් ම වහන් සඟලක් දුන්නේ ද, ඔහු පිළිබඳ වූ ඒ විපාකය මම කියන්නෙමි. (එසේ) කියන්නා වූ මාගේ වචනය අසවු.“

5012. බුද‍්ධස‍්ස ගිරමඤ‍්ඤාය සබ‍්බෙ දෙවා සමාගතා, උදග‍්ගචිත‍්තා සුමනා වෙදජාතා කතඤ‍්ජලී.

5012. බුදුරජානන් වහන්සේ ගේ හඬ අසා ඔද වැඩි සිත් ඇති සොම්නස් වූ ප්‍රීතිමත් වූ බඳැදිලි ඇති සියලු දෙවිවරු රැස් වූහ.

5013. “පානධීනං පදානෙන සුඛිතොයං භවිස‍්සති, පඤ‍්චපඤ‍්ඤාසක‍්ඛත‍්තුඤ‍්ච දෙවරජ‍්ජං කරිස‍්සති.

5013. “මේ තෙමේ වහන්සඟළ පිදීම හේතුකොට ගෙන සුව ඇත්තෙක් වන්නේ ය. පස්පනස් වරක් දිව්‍යරාජ්‍යය කරන්නේ ය.

5014. සහස‍්සක‍්ඛත‍්තුං රාජා ච චක‍්කවත‍්තී භවිස‍්සති, පදෙසරජ‍්ජං විපුලං ගණනාතො අසඞ‍්ඛියං.

5014. දහස්වරක් සක්විතිරජ වන්නේ ය. ලබන්නා වූ මහත් වූ ප්‍රදේශරාජ්‍යය ගණන් වශයෙන් මෙතෙකැ යි ගිණිය නො හැකි ය.

5015. අපරිමෙය්‍යෙ ඉතො කප‍්පෙ ඔක‍්කාකකුලසම‍්භවො, ගොතමො නාම නාමෙන සත්‍ථා ලොකෙ භවිස‍්සති.

5015. මෙයින් අපරිමෙය්‍ය වූ කල්පයෙහි ඔක්කාක කුලයෙහි උපදින්නා වූ නමින් ගෞතම නම් වූ ශාස්තෘතෙමේ ලොව පහළවන්නේ ය.

5016. තස‍්ස ධම‍්මෙසු දායාදො ඔරසො ධම‍්මනිම‍්මිතො, සබ‍්බාසවෙ පරිඤ‍්ඤාය නිබ‍්බායිස‍්සතනාසවො.

5016. උන්වහන්සේගේ ධර්‍මය දායාදකොට ගත් ධර්‍මයෙන් නිර්මිත කළාක් වැනි වූ ඖරස බුද්ධපුත්‍ර වූ (මෙ තෙමේ) සියලු ආස්‍රවයන් (ප්‍රහාණපරිඥාවශයෙන්) දැන ආස්‍රව රහිත ව පිරිනිවන් පාන්නේ ය.

5017. දෙවලොකෙ මනුස‍්සෙ වා නිබ‍්බත‍්තිස‍්සති පුඤ‍්ඤවා, දෙවයානපටිභාගං යානං පටිලභිස‍්සති”.

5017. පින්වත් වූ (මෙ තෙමේ) දෙව්ලොව හෝ මිනිස් ලොව හෝ උපදින්නේ නම් දිව්‍යයානයක් වැනි යානයක් ලබන්නේ ය.“

5018. පාසාදා සිවිකා මය‍්හං හත්‍ථිනො සමලඞ‍්කතා, රථා චාජඤ‍්ඤසංයුත‍්තා සදා පාතුභවන‍්ති මෙ.

5018. මාගේ ප්‍රාසාදයෝ ද සිවිකාවෝ ද මැනැවින් සැරසූ ඇත්තු ද ආජානේය අශ්වයන් යෙදූ රථ ද හැමකල්හි මට පහළ වෙත්.

5019. අගාරා නික‍්ඛමන‍්තොපි රථෙන නික‍්ඛමිං අහං, කෙසෙසු ඡිජ‍්ජමානෙසු අරහත‍්තමපාපුණිං.

5019. මම ගිහිගෙන් නික්මෙන්නෙම් ද රථයෙන් නික්මුනෙමි. කෙස් සිඳින (හිසකේ බාන) කල්හි රහත් බවට පැමිණියෙමි.

5020. ලාභා මය‍්හං සුලද‍්ධං මෙ වාණිජ‍්ජං සුප‍්පයොජිතං, දත්‍වාන පානධිං එකං පත‍්තොම‍්හි අචලං පදං.

5020. මට ලාභයෝ ය. මවිසින් මොනොවට ලද ලාභය. මැනැවින් යෙදූ වෙළඳාමක් වැනි ය. එක වහන්සඟළක් දී අචලපදය වූ නිවනට පැමිණියෙම් වෙමි.

5021. අපරිමෙය්‍යෙ ඉතො කප‍්පෙ යං පානධිමදාසහං, දුග‍්ගතිං නාභිජානාමි පානධිස‍්ස ඉදං ඵලං.

5021. මම මෙයින් අපරිමෙය්‍ය වූ කල්පයෙහි යම් වහන්සඟළක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පානධිදානයාගේ මේ විපාකයි.

5022. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, නාගොව බන්‍ධනං ඡෙත්‍වා විහරාමි අනාසවො.

5022. මා විසින් ක්ලේශයෝ දවන ලදහ, සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.

5023. ස‍්වාගතං වත මෙ ආසි බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං.

5023. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තය හ. බුදුරජානන් වහන්සේගේ සසුන කරන ලදි.

5024. පටිසම‍්භිදා චතස‍්සො ච විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

5024. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා පානධිදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙසෙයින් ආයුෂ්මත් පානධිදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

පානධිදායකත්‍ථෙරස‍්ස අපදානං නවමං.

පානධිදායකස්ථවිරාවදානය නවවැනි යි.